පුංචිම කාලේ ගෙදර බිත්ති පාට කරපු හැටි මට තාම මතකයි
දවසින් දවස ටිකෙන් ටික මුළු බිත්තියම පිරෙනකන්
අපි අකුරු ලිව්වා හිතට නැගෙන දකින දේවල් සිත්තම් කරා
නිතර ඒවා බල බල අපි ගොඩක් කල් සතුටු උනා
ඒවා කරාට අපේ දෙමව්පියෝ
අපිට බැන්නේ නැහැ, බිත්ති හෙදුවෙත් නැහැ
හරිම සුන්දර මතකයන්.....
එක අතකට අපි හරිම වාසනාවන්තයි කියල හිතෙනවා
දැන් කාලේ පොඩි උන්ට ඒවා නැහැ..
බිත්ති වලට අත තියන්නවත් නිදහස නැහැ
උන් ඉස්සෙල්ලම අත තියන්නේ මවුස් එකට
උන් මුලින්ම දකින්නේ අමුතුම ව්‍යාජ ලෝකයක්
වෙනස් වෙන ලෝකය හරිම අමුතුයි.
උදේම අවදි උනාට පස්සේ හිතට ආපු පුංචිම සංකල්පනාවක් එහෙන්මම ලියල දැම්ම...ඔයාලටත් පුංචිම හරි අදහසක් තියෙනවනම් සටහන් කරලා යන්න

.