තරගයකට සහභාගී වූ සියලු තරුණයන් පරදවා ජයගත් හැටපස් හැවිරිදි තැනැත්තකු වෙත ළංවූ රූපවාහිනී නිවේදකයකු මෙසේ විමසීය.
’වයස අවුරුදු හැට පහේදි මේ වගෙ තරගයකින් ප්රථම ස්ථානය දිනීම සුවිශේෂී ජයග්රහණයක් නේද?

මහල්ලා නිවේදකයා දෙස සෝපාහාසී සිනාවක් පා මෙසේ කීය.
’ඕක මොකක්ද? අපේ තාත්තාට අවුරුදු අසූවක් වෙනවා. එයත් එක්ක දුවලා දිනන්ඩ මේ පළාතේ කිසිම ධාවන ශූරයෙකුට බැරිවුණා.’

”හරිම පුදුමයි! මේ වගේ වෙලාවක ඔබේ පියාත් මෙතන හිටියානං කොයිතරම් හොඳද?’ නිවේදකයා කීවේය.

’අද නම් එයාට එන්න විදියක් නැහැ. මොකද අපේ සීයා අද කසාද බඳිනවා..’ යනුවෙන් මහල්ලා පැවසූ විට නිවේදකයා පුදුමයට පත්වී මෙසේ කීවේය.

’හරි පුදුම පවුලක්නෙ. ඔබ අවුරුදු හැටපහේදි පිහිනුම් තරගයේ පළමුවැනියා වෙනවා. තාත්තා අසූවෙදි දුවලා දිනනවා. සීයා අද කසාද බඳිනවා..’
’වරදවලා තේරුම් ගන්න එපා. සීයගෙ ඕනෑකමටම නෙමෙයි එයා බඳින්නේ. එයාට බඳින්න වෙලා..’ මුණුපුරා ලැජ්ජාවෙන් පිළිතුරු දුන්නේය.

තේරුනද මංදා