පුදුම රස්නයක් නේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පුදුම රස්නයක් නේ

    අනේ මන්ද මේක මට විතරක් තියෙන සීන් එකක්ද මන්ද පාරක බැහැලා යන්න බෑ පුදුම රස්නයක් නේ .එත් නෙට් එකෙන් temperature එක බැලුවාම 33c-34 වගේ තියෙන්නේ Humidity: 60-70% විතර :oo: උබලටත් එහෙමද දැනෙන්නේ බන් අනේ මන්ද දැන් ලංකාවේ කාලගුනයත් වෙනස් වෙලා
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අනේ මන්ද මේක මට විතරක් තියෙන සීන් එකක්ද මන්ද පාරක බැහැලා යන්න බෑ පුදුම රස්නයක් නේ .එත් නෙට් එකෙන් temperature එක බැලුවාම 33c-34 වගේ තියෙන්නේ Humidity: 60-70% විතර :oo: උබලටත් එහෙමද දැනෙන්නේ බන් අනේ මන්ද දැන් ලංකාවේ කාලගුනයත් වෙනස් වෙලා

    උඹට විතරක් නෙවෙයි මටත් එහෙමයි. ඇස් දෙකත් නිලංකාර වෙනව සමහර වෙලාවට
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බං දවල්ට පට්ට රස්නෙයි
    උදේට පට්ට සීතලයි

    :oo::oo:අනේ මන්ද බන් සිතල නම් කමක් නෑ දවල්ට පාරක යන්න බෑ ඔලුව ගිනි ගන්නව වගේ ඉස්සර මෙහෙම නෑ බන් :no::no:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹට විතරක් නෙවෙයි මටත් එහෙමයි. ඇස් දෙකත් නිලංකාර වෙනව සමහර වෙලාවට

    ඔව් බං ඒක ඇත්ත
    දැන් අවුව පට්ටම සැරයි:baffled:

    මම හිතුවේ මේක මට විතරක් තියෙන සීන් එකක් කියලා බන් කොලඔ පාරක අඩි 10ක් ගියත් කලාන්තේ දානවා .බන් පාරේ වෙලදාම් කරන උන් දැක්කම පුදුම හිතෙනවා කොහොම ඉන්නවද කියලා .ඉස්සර 2 ට ඉස්කොලේ ඇරිලා පයින්ම ‍ගෙදර ඇවිල්ලා බෝල ගහන්නත් යනවා දැන් එහෙම ඔය සෙල්ලම් දාන්න ගියොත් වාෂ්ප වෙනවා සුවර්.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඔව් බන්
    පාරවල් හදන මිනිස්සු අව්වේ වැඩ කරන මිනිස්සුන්ට එහෙම තමා මේක කැරි කරුමයක් වෙන්නේ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඔවු බං.. බොස්ට පින්සිද්ධ වෙන්න A/C එක දාගෙන ඉන්නවා.. අපේ අතින් යනවෑ..:rofl:
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    දහවල් කාලයේ අහස වලාකුළු රහිත වීම හේතුවෙන් හිරුඑළිය සෘජුවම පොළොවට පතිත වන බවත්, ඒ අනුව පොළොව රත්වීමෙන් ජල වාෂ්ප ඉහළට ඇදී ගොස්‌ හවස්‌ කාලය වන විට අහසේ වැහි වලාකුළු නිර්මාණයවීමත් මේ දිනවල සාමාන්‍ය කාලගුණික ක්‍රියාවලිය බව කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසනවා.

    හිරුඑළිය සෘජුවම පොළොවට පතිතවීමත්, පොළොව රත්වීමත්, වාතයේ වැඩි වශයෙන් ජල වාෂ්ප රැඳීමත්, සුළං හැමීම ඉතා අඩුවෙන් සිදුවීමත්, තාපය මගින් ජලය ඉහළට ඇදගෙන යැමත් නිසා මිනිසුන්ට හා සතුන්ට දැඩි ලෙස රස්‌නය දැනෙන අතර ගහකොළ පොළව වියළී යන බවත් දහවල් කාලයේ දැකගත හැකි බව ඒ මහත්මිය පවසනවා.

    දහවල් කාලයේදී මුහුද අධිකව රත්වීමත්, ඒ නිසා රාත්‍රියේදී මුහුදේ සිට ගොඩබිම දෙසට හමා එන සුළඟ උණුසුම් බවකින් යුක්‌තවීමත් නිසා රාත්‍රි කාලයේදී ද රස්‌නය දැනෙන බව ඇය සඳහන් කළා.

    http://www.hotandfastnews.com/2013/03/blog-post_8523.html