මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..
රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව නාඩු සහල් මෙට‍්‍රික් ටොන් 65,000ක තොගයක් ආනයනය කෙරෙනු ඇත.
රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර පැවැත්වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරි මහ කන්නේ වී අස්වෙන්න ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීමට ඉන්දියාවෙන් නාඩු සහල් ආනයනය කිරීමටයි.
කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල කාන්ත මහතා ද සඳහන් කළේ සහල් අර්බුදය උත්සන්න වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බවයි.
කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුලේ තිබෙන බවත් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.