පුලුවන් නම් සමාවෙයන්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුලුවන් නම් සමාවෙයන්...

    හීන මැවූ සොදුරු ලොවෙන්..
    පෑල දොරින් නික්ම ඇවිත්...
    ඒ හිනය බිඳී යද්දි...
    නෙතු කඳුලැලි ඉතුරු කරන්...
    වැලපෙන නුඹ හිත ඇතුලට..

    නුඹටත් රහසේ ඇවිදින්...
    හුස්මක් දුරකිං හිඳින්න..
    මටත් ටිකක් ඉඩක් දියන්....

    චාටු කතා හීන මැදින්....

    දෙවොලට නුඹ බැනපු තරම්..
    ඒ මැසිවිලි දෙවියන් ලග
    නුඹට කමා කරපු තරම්...
    සාප වෙමින් ආදරයේ
    වැරදුන තැන් කියපු ගමන්...
    හිත හදන්න ලගින් ඉන්න
    මට පොඩ්ඩක් ඉඩක් දියන්...


    මැටි බිඳ බිඳ අරං ඇවිත්...
    සිත් විමනක් තැනුව තරම්...
    ඒ විමනම අසුරු සැනින්
    එක වචනෙන් බිඳුන ගමන්...
    වාවගන්න බෑ දැන් මට
    මං කල මහ පවක තරම්...
    රත්තරනේ මෙහෙ බලපන්...
    පුලුවන් නම් සමාවෙයන්...:sorry:

    images

    images
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔබ ගැන නිති සිතමින් මන්
    වාතලයට හෙලූ සුසුම්...
    දවසක මා ලඟ ඇවිදින්
    දැවටෙයි ඔබ, මැවෙන සිතුම්...
    පෙර සසරක බැඳුණු බැමින්
    වූවත් එක විලක පියුම්...
    බොරදිය සැඩ පහර සැනෙන්
    වෙන්කල සැටි අපේ බැඳුම්....

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ ගැන නිති සිතමින් මන්
    වාතලයට හෙලූ සුසුම්...
    දවසක මා ලඟ ඇවිදින්
    දැවටෙයි ඔබ, මැවෙන සිතුම්...
    පෙර සසරක බැඳුණු බැමින්
    වූවත් එක විලක පියුම්...
    බොරදිය සැඩ පහර සැනෙන්
    වෙන්කල සැටි අපේ බැඳුම්....


    20+:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ ගැන නිති සිතමින් මන්
    වාතලයට හෙලූ සුසුම්...
    දවසක මා ලඟ ඇවිදින්
    දැවටෙයි ඔබ, මැවෙන සිතුම්...
    පෙර සසරක බැඳුණු බැමින්
    වූවත් එක විලක පියුම්...
    බොරදිය සැඩ පහර සැනෙන්
    වෙන්කල සැටි අපේ බැඳුම්....

    මේ මං ලියපු එකේ තේරුම කියන්න බලන්න :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මං ලියපු එකේ තේරුම කියන්න බලන්න :rolleyes:
    ගෑණු ළමයව දෙමව්පියන්ට හොරෙන් පන්නගෙන ඇවිල්ලා. දැන් කෙල්ල කොල්ලා අතර ප්‍රශ්න
    :baffled:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Anunge geaniyek
    Dan jeewithe prashna
    Eawa sanassanna kaviya liyapu kena kellata lan wenawa
    Ea hithe yati aramunak athuwa
    Podda podda geamata enter wenawa
    Kaviya liyapu kena kiyapu deakin kellata eaka therenawa
    Kella tharaha wenawa

    Anunge geaniyek ussan enna hadaou asarthaka prayathnayak :rofl::lol:
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa