Meter Taxi ගාස්තු - පෙට්‍රල් නැති දාට
මචං, මම ගිය බදාදා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට meter taxi එකක ආවා හවස 4ට විතර. මග එද්දී තමයි තේරුනේ meter එකේ ගාන තප්පරයක් යන්නත් කලින් ඉක්මනට වැඩි වෙවී යනවා කියල. කෝකටත් කියල Google Maps වලින් බැලුවා MC එකේ ඉඳල අලුත් AIA building එක ලඟට තියෙන දුර. 2.7 km. මම ඒ වෙනකොට liberty එක ළඟටවත් ඇවිල්ල තිබ්බේ නෑ. ඒ උනාට meter එකේ දුර සඳහන් වෙලා තිබ්බේ 6.8 km කියල. Fare එකත් 300 ගානක්. මම ත්‍රී විලර් එක එලවන ඩයල් එකගෙන් ඇහුවා meter එක වැරදිද කියල. ඌ කියපි "නෑ වැරදී නෑ. පෙට්‍රල් නැති හින්ද ගාන ඩබල් කරලා තියෙන්නේ" කියල. මේක යකූ ඩබල් කිරිල්ලක්ද? මුළු ගමනේ හරි දුර 2.7 km. තාම ගමන ඉවර වෙලත් නෑ. 6.8 km meter reading එක. මම කිව්වා එහෙම වෙනස් කමක් කරලා තියෙනවා නම් වාහනේට මම නගින්න කලින් ඒක මට කියන්න තිබ්බ නෙ කියලා. එතකොට ඒ මනුස්සය කියපි "ඒවා ඉතින් අපි දන්නේ නෑ. meter කම්පැනි එකෙන්ම තමයි ගාන වෙනස් කරලා තියෙන්නේ" කියල. මං දන්න තරමින් මචං meter සෙටිංස් වෙනස් කරන්න පුළුවන් end user ට. ඒ කියන්නේ ත්‍රීරෝද රථ රියදුරාට. දන්නේ නැතුව කට ගහගෙන යන්න හොඳ නෑ කියල හිතුන හින්ද AIA එක ළඟින් බැහැල ඌට රුපියල් 400කට ළඟ ගානක් පූජා කරලා ආවා. මගේ ප්‍රශ්න මේව මචං.
1). මෙයාකාරයෙන් ත්‍රීරෝද රථ මගීන්ට සිදු වෙන අපහසුතා සහ රැවටීම් ගැන පැමිණිලි කරන්න පුළුවන් කොහෙටද? පොලිසිය? පාරිභෝගික සේවා අධිකාරිය? ප්‍රවාහන අමාත්‍යාංශය? වෙනත් තැනක්?
2). මේ වගේ දේවල් නොවෙන්න නම් නියාමනයක් තිබිය යුතුයි. උදාහරණයක් වශයෙන් ගාස්තු පාලනයක් ඇතුව පවත්වාගෙන යාම. මෙහෙම නියාමනයක් නැතිද ලංකාවේ?
3). මීට කලින් මගේ යාලුවෙක්ට ඔහොම දෙයක් වෙලා පොලිසියේ පැමිණිල්ලක් කරන්න ගියා. පොලිසියෙන් පැමිණිල්ල භාර ගත්තේ නෑ. හේතුව විදියට කිව්වේ තමුන් කැමති ගානක් අය කරන්න ත්‍රීරෝද රථ රියදුරාටත්, තමන් කැමති වාහනයක ගමන යන්න, එහෙම යන්න අකමැති නම් ඒ වාහනේ නොයා ඉන්න මගියටත් අයිතිය තියෙනවා කියල. ඒ කියන්නේ මේවට විරුද්ධව නීති රෙගුලාසි ලංකාවේ නීති සංග්‍රහයේ නැත්ද?
මේ වගේ දේවල් සම්බන්ධව මගේ දැනුම අඩු නිසයි මේක ඇහුවේ. දන්න කියන කට්ටිය පුළුවන් නම් කියල දෙන්න.

Last edited: