පෙරේරා මහත්මයා......
පෙරේරා මහත්මයා
දවසක් එයාගෙ නෝනත් එක්ක රෑ කෑමකට එළියට ගියාළු.හොඳ රෙස්ටොරන්ට් එකකින් රෑ කෑම අරගෙන දෙන්නත් එක්ක නගරයේ පාරක් දිගේ ඇවිදගෙන එනවලු කාපුව ටිකක් බහින්නත් එක්ක.මෙහෙම එද්දි දෙන්නට හමුවෙනවලු නයිට් ක්ලබ් එකක්. පෙරේරා නෝන කියනවලු, 'මේ ඒයි අපි දෙන්න මේක ඇතුළට ගිහින් බලමුද? කියල. පෙරේරා මහත්මයා ගත් කටටම කිව්වලු 'හපෝ මම නම් ඔය වගේ තැන් වලට යන්නෙ නෑ' කියලා. නෝන ඇහුවලු 'ඒ මොකද?' කියල. පෙරේරා කිව්වලු 'ඕව මේ මිනිස්සු ඇවිල්ල බීල බීල බාල් නටන තැන්. අපේ පරම්පරාවෙ වත් කිසිම කෙනෙක් ඔය වගේ තැන් වලට ගිහිල්ල නෑ..මට නම් හොහෙත්ම යන්න බෑ' කියලා.
එතකොට නෝනා කිව්වලු 'කමක් නෑ අනේ.අපි හැමදාම යන්නෙ නෑනෙ.අද විතරක් නිකන් ඇතුළෙ මොකද වෙන්නෙ කියල බලන්නනේ යන්නේ' කියල පෙරේරා වත් බලෙන්ම ඇදෙගෙන ඇතුළට ගියාළු. යනකොටම ඩෝර්මන් කිව්වලු 'හා පෙරේර මහත්තයා...කාලෙකින් දැක්කෙ' කියලා...නෝනා ඇහුවලු 'ඔයා කොහොමද උන්දැව අඳුරන්නෙ' කියලා. පෙරේරත් 'ඔය මනුස්සයා මම වැඩට යනකොට මුණගැහෙනවා පාරෙදි' කියල ශේප් වෙලා ඇතුළට ගියාලු.
ඇතුළෙදි තව ගෑණු කෙනෙක් ළඟට ඇවිත් 'හා පෙරේරා කොහොමද? කාලෙකින් දැක්කේ' කියල කිව්වලු. ඔරවලා බලපු පෙරේරා නෝන දිහා අහිංසකව බලපු පෙරේරා කිව්වලු 'ඒ අපේ ඔෆිස් එකට නිතර යන එන කෙනෙක් කියල'. ඊළඟට තව ගෑණු කෙනෙක් ළඟට ඇවිත් පෙරේරගේ කරවටේ අත් දෙක දාල 'හායි පෙරේරා..ටික දවසකින් මේ පැත්තේ ආවෙත් නෑ නේද? මොකද උනේ?' කියල කම්මුලට හාද්දකුත් දීල ගියාලු..එතකොට අසූ හාරදාහට නැගපු පෙරේර නෝන පෙරේරට ශුද්ධ වචනයෙන් ආමන්ත්රණය කරලා පුටුවෙන් නැගිටලා දොරත් ඇරගෙන එළියට ගියාලු.
නෝනගෙ පස්සෙන්ම දුවගෙන එළියට ආපු පෙරේරා නෝනා ළඟටම ගිහිල්ලා ළඟම ආපු ටැක්සි එකට අත දැම්මලු.ටැක්සියේ දොර ඇරගෙන පෙරේරා නෝනා ගොඩ වෙනවාත් එක්කම පෙරේරත් පිටිපස්සෙ දොරෙන්ම ටැක්සියට ගොඩ උනාලු.
පෙරේරව අඳුරගත්තු ටැක්සි ඩ්රයිවර් කිව්වලු මෙහෙම. 'හා පෙරේරා මහත්තයා..අද මරු බඩුවක්නෙ උස්සල තියෙන්නෙ? කොහෙදට යන්නෙ වෙනද යන ගෙස්ට් හව්ස් එකටමද ?'
ඉතිරි ටික ඔයාල හිතාගන්න...
from fb...