පෙරොන්දම්

DemonAkalanka

Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    316643_313478022098282_669728864_n.jpg

    දෙදෙනකු විවාහවීමේදී කේන්දර සසඳා බැලීම අපේ සමාජය තුළ තවමත් සිදුවේ. නමූත් කේන්දරය මත පදනම් වී සියලු තීරණ ගැනීම මා කිසිසේත් අනූමත නොකරයි. විවාහයේදී කේන්දර සසඳා බැල
    ීමේදී පොරොන්දම් ගැළපීමක් අප සිදුකරයි.
    පෙරොන්දම් පිළිබඳව විවිධ මත විවිධ අදහස් පැ
    තිර තිබේ. පොරොන්දම් යන වචනය පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් විදියේ අර්ථ දැක්වීම් ඉදිරිපත් කර තිබේ.

    මෙම ලිපියෙන් අප බලාපෙරාත්තු වන්නේ අපේ රටෙ
    ජනතාව තුළ පවතින පොරොන්දම


    ්වල අර්ථය දැන ගැනීමේ ආශාව ඉෂ්ට කිරීමයි.
    පොරොන්දම් පිළිබඳ පරීකෂණය තුළදී සිදු කරන්නේ විසි පොරොන්දම, දස පොරොන්දම, අෂ්ටකූටය, පාපාංශක භෞමී දෝෂ පිළිබඳව සලකා බැලීමයි. ඒ කරුණූ අනූව විවාහ දිවියේ පැවැත්ම, සාමය, සැප සම්පත්, කායික මානසික ගැළපීම්, වාසනා බලය, දරු සම්පත්, ලිංගික ජීවිතය, රුධිර ගැළපීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පූළුවන් වේ.
    01-නැකැත් පොරොන්දම..
    ප්‍රථමයෙන් දෙදෙනෙක් නැකැත් දෙකෙහි ගැළපීම සලකා බැලේ. මේ ගැළපීම මත ධනය, බලය, සැපය සහ සාමය පැහැදිලි වේ.
    02-ගණ පොරොන්දම.
    දේව ගණ, මනූෂ්‍ය ගණ, රාක්ෂ ගණ වශයෙන් ගණ වර්ග තුනකි. දෙදෙනාම සම ගණ වීම සූබයි. දේවගණ මනූෂ්‍ය ගණ මධ්‍යමයි. දේව ගණ රාක්ෂ ගණ නොගැළපේ. රුධිර ගැළපූම, පැවැත්ම සහ ධනය මෙයින් පැහැදිලි වේ.
    03-මහේන්ද්‍ර පොරොන්දම.
    මෙම පොරොන්දමෙන් සලකා බලනූයේ නැකතට යටත් භූත සංඛ්‍යාවයි. ආයූෂ සහ දරු සම්පත් කෙරෙහි මෙම පොරොන්දම බලපායි.
    04-ස්ත්‍රී දීර්ඝ පොරොන්දම.
    අඹූඃසැමියන් වශයෙන් ජීවත්වීමේදී කාමාශාව සහ තෘප්තිය පැහැදිලි කර ගැනීමට උපකාරි වේ.
    05-යෝනි පොරොන්දම.
    මෙය සලකා බලන්නේ විවාහ වෙන දෙදෙනාගේ ලිංග භේදය පිළිබඳවයි. ඒ ඒ ලිංග සංකේතවත් කිරීමට සත්ත්ව නම් භාවිත කෙරේ. එකම වර්ගයකට අයත් සතකුගේ පූරුෂ යෝනිය පූරුෂායටත්, ස්ත්‍රි යෝනි ස්ත්‍රියටත් පිහිටා තිබීම හොඳ ගැළපීමක් ලෙස සැලකේ.
    06-රාශි රාශ්‍යාධිපති පොරොන්දම.
    රාශි රාශ්‍යාධිපති පොරොන්දම් දෙකෙන් ස්ත්‍රි පූරුෂ දෙදෙනාගේ ජන්ම පත්‍රවලට අයත් ප්‍රභේද සලකා බලයි. එහිදී ලග්න රාශි මෙන්ම චන්ද්‍ර රාශිද ගළපයි. ඇතැම් සෘෂිවරු ද පඬිවරුද මේ පොරොන්දම් දෙක ඉතා වැදගත් යැයි සඳහන් කර ඇත. රාශිවලින් බාහිර සිතුම් පැතුම් රුචි අරුචිකම් හෙළිවෙයි. රාශ්‍යාධිපති යටතේ ඔවූනොවූන්ගේ අභ්‍යන්තරික සිතුම් පැතුම් සහ රුචි අරුචිකම් පැහැදිලි වෙයි.
    දෙදෙනාගේම බාහිර ජීවිතය සහ අභ්‍යන්තර ජීවිතය ගැන අවබෝධයක් ලබාගැනීමට මෙම පොරොන්දම් ගැළපීමෙන් පිළිවන.
    07-වෛශ්‍ය පොරොන්දම.
    විවාහයට සම්බන්ධ වන දෙදෙනා අතර සමගියටහරස්වන හේතූන් සහ වෙන්වීම් පිළිබඳව හේතූන් සොයා දැන ගැනීමට මෙම පොරොන්දමින් හැකියාව ලැබේ.
    08-රජ්ජූ පොරොන්දම.
    ස්ත්‍රී, පූරුෂ දෙදෙනාගේ කායික සම්බන්ධතාවන් ඇතිවන ප්‍රජනන ශක්තියේ සාර්ථකභාවය මෙයින් සලකා බලයි. විවාහයෙන් බලාපොරොත්තු වන උසස් ප්‍රතිඵල මෙය නොගැළපීමෙන් අහිමිවෙයි.
    09-වේධ පොරොන්දම.
    විවාහයට සම්බන්ධවන දෙදෙනා අතර සමගියට හරස්වන හේතූන් සහ වෙන්වීම් පිළිබඳ හේතූන් සොයා දැන ගැනීමට හැකිවේ.
    10-නාඩි පොරොන්දම.
    රුධිර ගැළපූම, නහර ශක්තිය, ජාන සම්බන්ධතාවන් මෙයින් සලකා බලයි. ලේවල පිත්, සෙම සමතාව තුළින් නාඩි ගළපනූ ලබයි. අෂ්ඨකූට පරීකෂාවේදී වැඩිම සංඛ්‍යාව වන අට හිමිවන්නේ මෙයටයි.
    11-වර්ණ පොරොන්දම.
    මෙම පොරොන්දමෙන් ජාතියේ වර්ණ තෝරා බේරා දීම සිදුවෙයි. ස්ත්‍රී පූරුෂ දෙදෙනාම එකම වර්ණයක වීම වැදගත්ය.
    12-ආයූෂ පොරොන්දම.
    මෙහි ශේෂ දෙකින් වැඩි ශේෂය ඇති අය වැඩිකල් ජීවත්වන බව ද අඩූ ශේෂය ඇති අය අඩූකල් ජීවත්වන බව ද කියැවෙයි. මෙය මෙලෙසින් ප්‍රත්‍යක්ෂ වී ඇත. නැකැත් රාශි, රාශ්‍යාධිපති නාඩි ග්‍රහ ගැළපීමඇති තැන්වලදී මේ මතය බිඳ වැටී ඇත.
    13-ආයවර්ග පොරොන්දම.
    මෙයද යෝනි අංශයටම සම්බන්ධ වේ. ස්ත්‍රී, පූරුෂ දෙදෙනාගේම යෝනි එකම කොටසට අයත් වූවහොත් අශුභ වෙයි. එමනිසා ලිංගික ජීවිතයේ සතුට සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවේ.
    පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයන්ගේ බලය සෑම ප්‍රාණියකුටම බලපායි. ස්ත්‍රී, පූරුෂයන් අතර මෙහි එකඟතාව ගැළපීම නොවූවහොත් සිදුවන්නේ අවූලකි. ආපෝ සහ තේජෝ විරුද්ධ වේ. එකම ධාතු සූබයි. අනෙක් ධාතු සමඵල ගෙනදෙයි.
    14-ගෝත්‍ර පොරොන්දම.
    මෙය වඩාත් වැදගත් නොවේ. පැරණි බමූණන්ගේ මතයක් වේ. එකම ගෝත්‍රයක අය විවාහවීමට සූබ යැයි පැවසේ.
    15-ලිංග පොරොන්දම.
    වඩාත් වැදගත් පොරොන්දමක් ලෙස සැලකේ. පූරුෂ ලිංග පූරුෂයාටත්, ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පිහිටීම සූදුසූ වේ.
    16-වෘෂ්ෂ පොරොන්දම.
    දෙදෙනාගේ කායික ශක්තිය දරුඵල පිළිබඳ බල දුබලතා මෙයින් හෙළිවෙයි. පූරුෂයාට හර වෘක්ෂයක් ද ස්ත්‍රියට කිරි වෘක්ෂයක්ද වීම ඉතාම සූබයි. දරුඵල ලබයි. දෙදෙනාම කිරි වෘක්ෂ වූවද දරුඵලවලට යහපත් වේ.
    17-ග්‍රහ පොරොන්දම.
    ස්ත්‍රී කේන්දරයේ ලග්නයෙන් ද, චන්ද්‍රයාගෙන් සිකුරුගෙන් සත්වැන්නේ සහ අටවැන්නේ ද බලරහිත ග්‍රහයන් විශේෂයෙන් කුජ, රාහූ, ශනි වැනි පාපයන් සිටීමේදී ලග්නයේ බලරහිත පාප ග්‍රහයන් සිටීමද චන්ද්‍ර සිකුරු දෙදෙනා පාපග්‍රහයන් සමග සිටීම ද යන කරුණූ ස්ත්‍රී කේන්දරයේ තිබේ නම් පූරුෂයාට විවිධ කරදර මාරක බාධක දෝෂ පූරුෂ වියෝව ද ඇති කළ හැකියි.
    මෙවැනිම තත්ත්වයක් පූරුෂ කේන්දරයේ යෙදේ නම් දෙපැත්ත සමබරවෙයි. දෙපැත්තටමමෙම කාරණාව පොදු වන අතර භාවස්ථූට, ග්‍රන්සථූට සහිත භාව කේන්ද්‍ර ක්‍රමයෙන් බැහැරව විනිශ්චය නොගත යූතුය.
    අෂ්ඨකූටයට මූල්තැනදී ඒවා සූදුසූකම් අනෙක් පොරොන්දම් සමබරව තිබේ නම් ප්‍රමාණවත්ය.


    BUMP PLEASE
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    15-ලිංග පොරොන්දම. meka galapen na ne , awlak weida.. :sorry::eek:
    :D:D
    ලිඳේ ගැඹුරට පනිට්ටුව හරිද කියලනේ බලන්නෙ.. :lol:
    ඔය මගුල් ගැන බල බල ඉන්න ගියොත් කසාඳ බඳින්න වෙන්නෙ නෑ මේ ආත්මෙ..
    ලොකුවට ඕවා ගැන හිතන්න යන්න එපා බං..
    පොරොන්දම් නොගැලපෙන එවුන් කසාඳ බැදලා ඔය යහතින් ඉන්නෙ තාම..