සමහරවිට මේක ඇත්ත එකක් වෙන්න පුලුවන්, හැබැයි යූටියුබ් වල දැනට තියන ට්‍රෙන්ඩ් එකේ විදියට මොකක් හරි දෙයක් යූටියුබ් එකෙන් දැක්කම විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතනවා
පේටන්ට් එකක් තිබ්බ පලියටම ඒක ඇත්ත කියන්න බැහැ, පේටන්ට් එක දෙන්නෙ කන්සෙප්ට් එකකට, ඒක වැඩ කරන්න ඕනෙත් නැහැ පේටන්ට් එකක් ගන්න. උදාහරනයක් විදියට වතුරෙන් දුවන වාහන වලට ලංකාවෙ පේටන්ට් අරන් තියනවා (වතුර විද්‍යුත් විච්චේදනය කරලා එන හයිඩ්රජන් වලින් වාහන දුවන්න), මේක කන්සෙප්ට් එකක් විදියට හරි උනාට එක දිගට වැඩ කරන්න බැහැනේ.
ගොඩක් fb සහ yt බලල ඕක ගැන කියවන්නේ බහුතරයක් ගේ බුද්ධි මට්ටම අඩුයි. අර හෙලිකොප්ටරේ හදපු එක වීඩියෝ කරපු එකත් ඒ වගේද කොහෙද එකේ කාර් දශ්බොර්ඩ් එකයි ඔටෝ ගියර් ලිවර් එකයි දැකලවත් උ තේරුම් ගන්නේ නෑ හෙලිකොප්ටරයක් ඕවගෙන් කන්ට්‍රෝල් කරන්න / ස්ටට්ස් බලන්න පුළුවන් කියල ස්පීඩ් මිටරෙයි rpm මිටරෙනුයි.
මං හිතන්නේ මෙහෙමයි ඕක බොරුවක් නෙමේ සාමාන්‍ය ටර්බයින් ජෙනරේටර් වලට වඩා ඉෆිෂන්සි වැඩි ඇති. ස්ටෝර් කරපු ටැංකියකින් වගේ ටර්බයින් ක්‍රමය වතුර නාස්ති වෙනව (ටර්බයින් ඒක හිර වෙලා නැවතුනා කියමු එත් වතුර ටික ගලාගෙන යනව) මේකේ පිස්ටන් නිසා වතුරෙන් එන බලය අහක යනව අඩුයි.
මට තීන ගැටලුව තමයි ඔය ටැංකියට (සාමන්‍ය වතුර ටැංකියක් උනත්) වතුර පොම්ප කරන්න ඔය ජෙනරේටරෙන් එන බලයම (ප්‍රක්ටිකලි ඊට වඩා) යනව. පොර ගැන කලින් වීඩියෝ එකක තිබ්බේ ජෙනියෙන් එන පවර් එකෙන් අපහු ටැංකියට වතුරත් පොම්ප කරලා ගෙදර වැඩටත් කරන්ට් ඒක ගන්නව කියල. අන්න ඒක නං පොරගේ බින්නයක් හෝ ආර්ටිකල් ඒක කරපු එකාගේ බේගලයක්.
ඔය කන්සෙප්ට් එක නං හරි. ප්‍රක්ටිකලි කොයි තරම් සාර්ථකද කියන ඒක සුවර් නෑ මෙගා වොට් ගානක ජෙනරේටර් එකකට ලොකු පිස්ටන් දාන්න වෙයි නැව් එංජින් වල වගේ එතකොට බර වැඩි වෙනව

)

ඒත්
එච්චර අමාරුවකින් දුක් විඳලා 1900 දි වත් කරන්ට් එක හැදුවේ නැහැනේ...

