පොකුණක් ගැන විලකින් විග්‍රහයක්

Ekthara_Sahodarayek

Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    පොකුණක් ගැන විලකින් විග්‍රහයක්

    +++
    පොකුණක් ගැන විලකින් විග්‍රහයක්
    +++

    සිංහල සිනමාව එකම රැල්ලක ගසාගෙන යද්දි ඒ ගැන අමුතුවෙන් කතා කිරීමට ඉඩක් වෙන් කරන්නට කොපමණ උත්සාහ කරත් මගෙ මනස එයට ඉඩ නොදුණි.. රජ කතා සහ දෙමළ කොපි වලින් සිංහල සිනමා ප්‍රේක්ෂකයා හෙම්බත් වී සිටින්නෙ ඊට ප්‍රථම යුද චිත්‍රපට රැල්ලකින් මනස විලෝමය වූ පශ්චාත් කාල පරාසයකය..

    එවන් යුගයක සර්ව කාලීන, සර්ව භෞමික ඕනෑම කාලයකට ගැලපෙන නැවත නැවත රසවිඳිය හැකි චිත්‍රපටයක් ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් දැයට දායාද කිරීම රටක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයකි.. ටයිටස් තොටවත්තයන්ගෙ " හඳයා" ගෙන් පසුව එසේ කතා කළහැකි පන්නයේ අගනා සිනමා වෘත්තාන්තයක් වේ නම් ඒ " හෝ ගානා පොකුණ " චිත්‍රපටයයි :yes:

    හෝ ගාණා පොකුණ චිත්‍රපටය ආරම්භ වන්නෙ මුහුදෙ රැළි වල ශබ්දය සමඟිනි.. චිත්‍රපටය අවසන් වන්නේද මුහුද ළඟිනි.. චිත්‍රපටය පුරාවට මවන ලද සියුම් මානුශීය ප්‍රකාශන මා හට තදින්ම දැනුනේ එවැනි හදවතට ආමන්ත්‍රණය කරන සිංහල සිනමා නිර්මාණ වල අහේනියකින් පෙළෙන යුගයක වීම විශේෂයකි :rolleyes:

    කොළඹ සිට දුෂ්කර ප්‍රදේශයක සේවයට යන උමා නම් තරුණ ගුරුවරිය සාම්ප්‍රදායික තරුණ සුකුමාල ගුරුවරියකගෙ චරිතයෙන් එහාට ගිය යකඩ ගැහැණියකි.. උමා පාසලට ආ විට අන්ධ දැරිය උක්කුංගෙන් අසන්නෙ අලුත් ටීචර් සුදුද කලුද කියාය.. ඇය කළු බව දැනගත් පසුව අන්ධ දැරිය කියන්නෙ ඇය කළු නිසා ඔවුන් සමඟ දිගටම ඉදිවී යනුවෙනි..

    ඒ ප්‍රකාශය මගෙ මනසට පිහියෙන් අනින්නාක් මෙන් විය.. අප ජීවත් වන සමාජය තුළ පවතින මානසික දෘෂ්ටිකෝණයන් මොනවට පැහැදිලි කරන ප්‍රකාශන වලින් හෝ ගානා පොකුණ ස්වයංපෝෂිතය :cool:

    කුඩා දරුවන්ගෙ ලෝකය වෙලාවට ඉමක් නොමැති අවකාශයකට දිවයයි.. ඔවුන්ගෙ ලෝකය තුළ දෙමව්පියන්ට පසුව වීරයන් වන්නෙ පාසල් ගුරුවරයන්ය.. නමුත් වර්තමානය වනවිට කුඩා දරුවන්ගෙ විරයන් වී ඇත්තේ ෆැන්ටසි ලෝක තුළ සාමාන්‍ය මිනිසුන්ට වඩා අධි මානසික බලයක් හිමි සුපර්මෑන්, ස්පයිඩර්මෑන්, බැට්මෑන්ලා සහ බෙන් ටෙන් වැනි චරිතයි.. මේ කතාව තුළ උමා ටීචර්ව :love: සාම්ප්‍රදායික ගුරුවරයගෙ රාමුවෙන් හුඟාක් ඈතට ගෙන වීර චරිතයක් ලෙස ළමා මනසට කාවැද්දවීමට අධ්‍යක්ෂකවරයා උත්සාහයක් ගෙන ඇත :yes:

    ජස්ටින් අංකල් ලයිසොම ගන්නට කන කට්ට :D ඉතාම මැනවින් චිත්‍රපටය තුළ නිරූපණය කෙරෙයි. එහෙත් මෙතෙක් කල් තමා නොදුටු මහ මුහුද බලන්නට පෙරුම් පුරලා පුරලා ඇඟිලි ගැන ගැන ඇඳුම් අලුතින්ම මහලා ගමේම හීනයක් හැබෑ වෙන්නට ගියපු දවසෙ බසය පණ ගන්වන්න ජස්ටින් අංකල් එන්නෙ නෑ.. ලයිසොම ලැබුණු සන්තෝසයට කරටි කැඩෙන්න ගහලා වමනෙ දදා :D හොවලා ඉන්නවා කියලා ආරංචි වුනාම පොඩි පැංචන්ගෙ ඉරියව් චිත්‍රපටය තුළ මාව අතරමං කරපු එක් තැනක් වුනා..

    අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපටය අවසානය තෙක්ම ප්‍රේක්ෂකයාව පුදුම කරවපු විදිය විශේෂයි.. මුහුද වස්තු බීජය වුනු චිත්‍රපටයක මුල් දර්ශනය පටන් ගන්නෙ මුහුදු රැලි වල හඩ එක්ක. ඒත් මුහුද නොපෙන්වා ඉන්න ඔහු වග බලා ගන්නවා.. ජස්ටින් අංකල් එක්ක මුහුද බලන්න ඉන්න ප්‍රේක්ෂකයව හොල්මන් කරමින් මෙන්න උමා ටීචර් රියදුරු ආසනයේ ඉදගන්නවා.. " එන්න මාව විශ්වාස කරන්න" ඒ වචන පෙළ එක්ක ප්‍රේක්ෂකයාගෙ රෝමකූප උද්දීපනය වෙලා " උමා ඔයා නම් මාරයි " කියන හැඟීම දනවන්න තරම් උමාට පණ පොවපු අනසූයා සුබසිංහ තාත්විකව ඇයගෙ රංගනය ඉදිරිපත් කරනවා..

    අන්තිමට ළමයි මුහුද දකිනවා. සෙල්ලම් කරනවා.. මේක ඔවුන්ගෙ හීනයක්:eek: උමා ටීචර් බංකුවක් මත හිඳ ගෙන අඩනවා.. ඒක හුදෙක් පෞද්ගලික ඇඩීමක් නෙමෙයි කියලයි මට දැනුනෙ.. යකඩ ගැහැණියගෙ ඇස් වලින් කඳුළු වැටෙයි කියන බලාපොරොත්තුව මං තුළ තිබුණෙත් නෑ.. පිරිමියෙක් වගෙ ශක්තිමක් ගැහැණිය තුළ හිටපු සංවේදි ගැහැණියව අන්තිම මොහොතේ ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න අධ්‍යක්ෂකවරයා තීරණය කරලා :rolleyes:

    ඉන්දික ඔබ හඳයාව ප්‍රතිනිර්මාණය කරා නොවෙයි..
    ඔබ හෝ ගාණා පොකුණ අලුතින්ම හැඳුවා..
    ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර වෙන්න සුදුසුම චිත්‍රපටයක් ඔබ නිර්මාණය කරලා තිබුණා..

    අවසානයේ මට මෙහෙම හිතුණා..
    උමා වගෙ ශක්තිමක් කාන්තාවකගෙ අත ගන්න වරම් ලැබෙන පිරිමියා මොන තරම් වාසනාවන්තයෙක්ද?
    ඒක ආදරයට එහා ගිය හැඟීමක් උමා ටීචර් :love:
     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෝ ගානා පොකුණ ලස්සන ෆිල්ම් එකක් තමා. අනං මනං කෝලන් මොනවත් නෑ බාගෙට ඇඳගත්ත ගෑනුත් නෑ හැබැයි කිසිම අඩුවක් නෑ :yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    +++
    පොකුණක් ගැන විලකින් විග්‍රහයක්
    +++

    ඉන්දික ඔබ හඳයාව ප්‍රතිනිර්මාණය කරා නොවෙයි..
    ඔබ හෝ ගාණා පොකුණ අලුතින්ම හැඳුවා..
    ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර වෙන්න සුදුසුම චිත්‍රපටයක් ඔබ නිර්මාණය කරලා තිබුණා..

    අවසානයේ මට මෙහෙම හිතුණා..
    උමා වගෙ ශක්තිමක් කාන්තාවකගෙ අත ගන්න වරම් ලැබෙන පිරිමියා මොන තරම් වාසනාවන්තයෙක්ද?
    ඒක ආදරයට එහා ගිය හැඟීමක් උමා ටීචර් :love:

    මට අනුවනම් මේක ඔයකියන තරම් විසිස්ට ළමා සිනමාපටයක් නෙමේ , හදයගේ අහලකින්වත් තියන්න බෑ....මේකේ ඉන්න ගුරුතුමීගේ චරිතය රගපාන නිළිය අධිරංගනයක මුලසිටම යෙදෙනවා ! එක එතරම් සාර්ථක චරිත නිරුපනයක් නෙවෙයි ! ග්‍රාමසේවකත් එහෙමයි :confused:, ළමයින්ගේ රංගනය උනත් එතරම්ම විශිෂ්ට නෑ !! මම මෑතකදී විශිෂ්ට ළමා රංගනයක් දැකපු අවස්ථාවක් තමයි Lion (2016) හි සරෝ (saroo):D

    නියම ළමා චිත්‍රපටි බලන්න ඕනෙනම්: පුංචි ඉත්තෑවා, Lost in London (1985), The Penknife වගේ නිර්මාණ බලන්න :yes::yes::yes:
     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    එක එක්කෙනාගේ විග්‍රහ වෙනස් වෙන්න පුළුවන් ඒත්මෑතකාලීනව හදපු මම බලපු film වලින් හොදම එක හෝ ගානා පොකුණ තමයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මට අනුවනම් මේක ඔයකියන තරම් විසිස්ට ළමා සිනමාපටයක් නෙමේ , හදයගේ අහලකින්වත් තියන්න බෑ....මේකේ ඉන්න ගුරුතුමීගේ චරිතය රගපාන නිළිය අධිරංගනයක මුලසිටම යෙදෙනවා ! එක එතරම් සාර්ථක චරිත නිරුපනයක් නෙවෙයි ! ග්‍රාමසේවකත් එහෙමයි :confused:, ළමයින්ගේ රංගනය උනත් එතරම්ම විශිෂ්ට නෑ !! මම මෑතකදී විශිෂ්ට ළමා රංගනයක් දැකපු අවස්ථාවක් තමයි Lion (2016) හි සරෝ (saroo):D

    නියම ළමා චිත්‍රපටි බලන්න ඕනෙනම්: පුංචි ඉත්තෑවා, Lost in London (1985), The Penknife වගේ නිර්මාණ බලන්න :yes::yes::yes:

    මමත් රස විඳපු චිත්‍රපටියක්!.. හැබැයි ඉතින් ලෝක ප්‍රසිද්ද ඒවා එක්ක සංසන්දනය කරන්න බෑ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    7160033.gif
    7160033.gif
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113

    මට අනුවනම් මේක ඔයකියන තරම් විසිස්ට ළමා සිනමාපටයක් නෙමේ , හදයගේ අහලකින්වත් තියන්න බෑ....මේකේ ඉන්න ගුරුතුමීගේ චරිතය රගපාන නිළිය අධිරංගනයක මුලසිටම යෙදෙනවා ! එක එතරම් සාර්ථක චරිත නිරුපනයක් නෙවෙයි ! ග්‍රාමසේවකත් එහෙමයි :confused:, ළමයින්ගේ රංගනය උනත් එතරම්ම විශිෂ්ට නෑ !! මම මෑතකදී විශිෂ්ට ළමා රංගනයක් දැකපු අවස්ථාවක් තමයි Lion (2016) හි සරෝ (saroo):D

    නියම ළමා චිත්‍රපටි බලන්න ඕනෙනම්: පුංචි ඉත්තෑවා, Lost in London (1985), The Penknife වගේ නිර්මාණ බලන්න :yes::yes::yes:
    punchi iththava :love::love:
    damn, childhood memories :sorry::sorry: