පොඩි ඇඩ්වයිස් එකක් ඕනා
මචන් මට උබලගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ඕනා.දන්න හැම විදියටම ට්රයි කරලත් හරි ගියේ නැති නිසයි උබලගෙන් අදහසක් ගන්න බැලුවේ.කෙටියෙන් කිව්වොත් ඉතින් මේ දවස්වල ඔලුවට ලව් සික් එකක් ගහලා තියෙන්නේ.එයා ගැන කියනවා නම්,අපේ ගෙවල් පැත්තේමයි ඉන්නේ.ඒක දන්නෙත් උදේට මම නගින බස් හෝල්ට් එකෙන්ම බස් එකට ගොඩවෙන හින්දා.ගෙවල් කොහෙද කියලා හරියටම දන්නේ නෑ.මමත් ඉතින් දැන් මාසෙක විතර ඉඳන් පස්සෙන් යනවා.බස් එකේදි එයා කිට්ටුවෙන්ම ඉන්නවා.කවදාවත් මගේ දිහා බලන් නෑ බන්.එක දවසක් මට හම්බුන සීට් එකක, මම එයාට ඉඳගන්න දුන්නා.හිනාවක්වත් නොවී ඉඳගෙන ගියා, මාව ගනන් ගත්තේවත් නෑ.තව දවසක් මම ඉඳගෙන හිටපු වෙලාවක එයා හිටන් හිටියේ.මම බලෙන්ම වගේ එයාගේ බෑග් එක ඉල්ලගත්තා.එවෙලේ නම් හිනාවෙලා බැග් එක දුන්නා.බහින කොටත් හිනාවෙලා, තෑන්ක් යූ කියලා කට පුරා කිව්වා.ඒත් ආපහු අනිත් දවසේ මාව දන්නෙවත් නෑ වගේ ඉන්නේ.වැරදිලාවත් මගේ දිහා බලන් නෑ.එදා බෑග් එක ඉල්ලගත්තු වෙලාවේ මගේ අතට දැනුනා, එකේ තිබුනේ පොත් වගයකුයි, වතුර බෝතලෙයි,කුඩෙයි.කැම්පස් යනවද දන් නෑ.හැබැයි ඉතින් එහෙම නම් කොල්ලෙකුත් ඇති කියලා හිතෙනවා.මට ඇඩ්වයිස් එකක් ඕන්න කිව්වේ, මම කොහොමද මෙයාගේ හිතේ මාව හයිලයිට් වෙන විදියට යමක් කරන්නේ ? මෝඩ වැඩක් කරලා කාඩ් එක කුඩු කරගන්නත් බෑ.මන් ගැන හොඳ ප්රතිරූපයක් එයා ඉදිරියේ ගොඩ නගන්න ඕනා.ඒකට මට පොඩි ඇඩ්වයිස් එකක් දීපල්ලා.ගොඩක් පින් !!

mama nan kiyanne ubawa care karanne naththan ubath care nokara indapan.wena honda kellek set karaganin.

bag eka gatte nattan onna oka amataka karala dapan ban.ubatath poddak attraction ekak tiyena kellekwa hoyaganin.samhaarwita baya kellek wenna ati nattan oluwa loku kellek..