පොඩි එඋන්ට නිවුස් පෙන්නන්න එපා...

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවෙ TV චැනල් නම් බලු වටින්නෙ නෑ..පුදුම විනාසයක් කරන්නෙ මුළු සමාජෙටම..අර හොර පැණියකින් රටම අන්ඳපු හැටි මතකයිනේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,651
    113
    හොද වැඩක්.
    නිව්ස් ඇත්තටම වැදගත් නන් හෙට උදේ වෙන්න කලින් ඒක උබට දැනගන්න ලැබෙනව ටීවී බැලුවත් නැත්තත් ඒ නිසා අනවශ්‍ය කරදර ඔළුවට දාගන්නෙ නැතුව ඉන්න එක හොදා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ TV චැනල් නම් බලු වටින්නෙ නෑ..පුදුම විනාසයක් කරන්නෙ මුළු සමාජෙටම..අර හොර පැණියකින් රටම අන්ඳපු හැටි මතකයිනේ..
    බලපන් FB එකේ ලංකාවෙ උන් හැසිරෙන විදිය.
    උන්ට ගැලපෙන විදියට තමයි නිව්ස් දෙන්නෙ. නැත්තන් බලන්නෑනෙ.
    සිංහලු ප්‍රවෘත්ති බලන්න වාඩිවෙන්නෙම ඔය බෙල්ල කපපු එක බලන්න. ඒකෙ විස්තර වැඩියෙන් කියන එක තමයි ඊළග දවසෙ ඉදන් බලන්නෙ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කියලා වැඩක් නෑ බන් දැන් මීඩියා ගැන, TV,FM,SM ඔක්කොම එකයි. මාත් මේ නූලක් දාන්න හැදුවේ, ඒ ටිකත් මෙතනම දාන්නම්. අරුන් මැරුණු කෙනා විකුණං කනවා, මෙතන Community section එක පොඩ්ඩක් බලපං, O/L අය ගොඩක් ඉන්නේ.
    https://www.youtube.com/c/SLIdea/community
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    අනිවා හොඳ වැඩක්..පාට,පක්ෂ අමතක කරලා අනාගත පරපුර වෙනුවෙන් මේ වගේ දේවල් හැමෝම ඵකමුතුව කරමු..නැත්නම් අපිට වුන දේමයි උන්ටත් වෙන්නේ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මම ගෙදර මිනිස්සුන්ට දැන් මාස ගානක ඉඳල කියල තියෙන්නේ නිව්ස් බලන්න එපා කියලා. මේක කලාම ලොකු වෙනසක් දැක්කා.
    තොරතුරු කියන්නෙත් කෑමක් වගේ තමයි. ඒවා අපේ ඔලුවලට feed කරනවා.
    ලංකාවේ හැම දෙයක්ම ජරාව. ඒ නිසා පොඩි අයට වඩා ලොකු අය නිව්ස් බලන එක හොඳ නැහැ. productivity nil ඉතින්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    බලපන් FB එකේ ලංකාවෙ උන් හැසිරෙන විදිය.
    උන්ට ගැලපෙන විදියට තමයි නිව්ස් දෙන්නෙ. නැත්තන් බලන්නෑනෙ.
    සිංහලු ප්‍රවෘත්ති බලන්න වාඩිවෙන්නෙම ඔය බෙල්ල කපපු එක බලන්න. ඒකෙ විස්තර වැඩියෙන් කියන එක තමයි ඊළග දවසෙ ඉදන් බලන්නෙ
    Good point
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..
    Very good decision machan.
    ape gedara TV balanawa nam Podi un athe thiyaganna ba
    kelinma ganiwa gahala elawanne