පොඩි එඋන්ට නිවුස් පෙන්නන්න එපා...

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    පොඩි උන්ට විතරක් නෙමේ ලොකු එකෙක්ට උනත් නිවුස් ඕනේ නෑ. නිවුස් වල මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් කියන්නේ නෑ නේ කොහොමත්. එක්කෝ ලොක්කන්ගේ රෙදි හෝදනවා, නැත්තන් මේ වගේ වයිරල් දෙයක් පෙන්නනවා නැත්තන් ජාති වාදේ. ඔය ටික නැත්තන් news නෑ. මොළ කුරුවල් වෙලා negative thoughts එන ටික විතරයි.මට කියපන්කො නිවුස් වල ගන්ඩ දෙයක් තියේද කියල
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලංකාවෙ TV චැනල් නම් බලු වටින්නෙ නෑ..පුදුම විනාසයක් කරන්නෙ මුළු සමාජෙටම..අර හොර පැණියකින් රටම අන්ඳපු හැටි මතකයිනේ..

    ow bn meloma rahak na TV channels tikanm
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,744
    113
    Colombo
    මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..

    පොඩි උන්ගේ විතරක් නෙවෙයි.අපෙත් ඔලුව අව්ල් වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    podi unge vitharak neme ban..apeth oluwa bikara wenawa news balapuwama....kisima positive deyaka na..marapuwayi,maruna ewayi,happuna ewayi thama godak thiyenne....mama news papers kiyawana ekath nawathuwa...mul pitiwama kiyapuwama thiyenne mehe maruawa.mecharak horakn kara,mecharak miya giya kiyala headline....
     
    • Like
    Reactions: Solo Rider

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    හොද වෙලාවට අර hutti ගෙ FB scene eka TV eke ගියේ neththe. Ubage පොඩි එකා මොනවා කියයිද දන්නේ නැහැ 🤣🤣
    මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    ත්‍රෙඩ් වල මන් ඔනි තරම් කොටලා ඇති .ලංකාවෙ හුට්ටවල් බලන්නම එපා .
    ඉන්ටර්නෙට් එකෙ පවා .යු ටියුබ් ෆේස්බුක් හැම එකම මන් කිව්වෙ .

    මාත් එළකිරියෙ එන්නෙ නැතුව හිටියා ගේ හදන දවස් ටිකෙ මාස එකහමාරක් විතර .
    පොඩ්ඩක් මෙ ටිකෙ නවත්තලා තියෙන නිසා මන් මෙ එළකිරි එකෙත් කරක් ගැහව්වෙත් .
    තව ටික දවසකින් මන් ඒකත් නවත්තලාම දානවා .

    මන් උඹලාට දෙයක් කියන්නම් .
    මන් කාලයක් හිටියා ඉංග්‍රිසි විතරක්ම අහන බලන සීන් එකෙ (ඉංග්‍රිසි හදාගන්නත් එක්කලා )
    ගොඩාක් උන් මගෙත් එක්ක තරහත් උනා .
    පස්සෙ මන් ලංකාවෙ නිව්ස් ,ටිවි චැනල්ස් ටිකක් බලන්න ගත්තා මෙ කොවිඩ් සීන් එකෙ .
    මට හිතුණ දෙයක් තමා අපි එව්වා බැළුවාම අපි නොදැනීම අපි අර ලංකාවෙ ඔව්වා බලන මෝඩ පහෙ මිනිස්සුන්ගෙ ලෙවල් එකටම මනස නිර්මාණය උනා .
    ඒ වගෙම ඒ මොඩපහෙ මිනිස්සු බලනවා ඔය මාධ්‍ය වලින් පෙන්වන දෙවල් හරහා අපිව උන්ගෙ ලෙවල් එකටම දාගන්න .

    අපෙ රටෙ අපි පොඩි කාලෙ රූපවාහිනිය තිබුණා හොඳ නාට්ටි ගියා .
    ඒත් ඒ කාලෙ රූපවාහිනියට වඩ මිනිස්සු වැලඳ ගත්තෙ ස්වර්ණවාහිනිය සහ සිරස.

    අද ඒ තැනට දෙරණ සහ හිරු පත් වෙලා තියෙනවා.
    දැන් සිරස බලන්නෙම නැති තරම් .
    ස්වර්ණවාහිනිය තියෙනවද දන්නෙ නැහැ .

    දෙරණෙන් කරන්නෙ දේශියත්වය නාමෙන් අර බලිතොවිල් ,කට්ටඩි ,ගුරුකම් ,භූත බන්ධන වගෙ ගොන් ආතල් ප්‍රමොට් කරනවා .
    හිරු එක තනිකරම ඒ කාලෙ සිරසෙම දිගුවක් වෙලා .
    ඉන්දියාවෙ කුණු චැනල් වල ප්‍රොග්‍රැම් ෆොමැට් එක එහෙම්මම කොපි කරලා .
    ඔව්වායෙන් තමා අද පොඩි උන්ගෙ ඔළු හැදෙන්නෙ .

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    නිවුස් විතරක් නෙමෙයි ලංකාවේ ටීවී චැනල් එකක්වත් ළමයින්ට පෙන්නන්න එපා. අධ්‍යාපනික වශයෙන් වැදගත් වන දේවල්, උසස් රසවින්දනයක් ඇති ළමා වැඩසටහන් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරලා පෙන් එකක දාලා ටීවී එකේ පෙන්නපං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දේශපාලන කෙස් නැති උනාම චැනල් කාරයෝ ඉතින් ඕන මගුලක් විකුණන් කනවා.
    හොද තීරණයක්
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මේ දැන් උන සිද්දියක් නිසා මේ පෝස්ට් එක දාන්නේ,,,නිවුස් වල බෙල්ල කපපු එක රහ කර කර විස්තර කරනව..මගෙ පොඩි එකා එක වසරෙ(අලුත් වාරේ)..මම හිටියෙ කාමරේ..පලවෙනි නිවුස් එක බෙල්ල කපපු එක...පොඩි එකා නිවුස් යනකොට අහනව වයිෆ් ගෙන් ඒ ගැන..මූ ටීච එවපු ගෙදර වැඩ වගයක් කර කර හිටියෙ...මම කතා කරා මූට ..මොකක් ගැනද බබා ඔයා අහුවෙ කියල මුගෙන් අහපුවවහම මූ සිද්දිය මුල ඉදන් අගට කියුව..බෙල්ල කපල බෑග් එකේ දාගෙන බස් එකේ ගෙනියවුව කියල...කලින් දවසේ මූ හොදට ඒක ඔලුවට දාගෙන...ඊට පස්සේ මම කිඋව මූට ඕව බොරු නිවුස් කියලා..ඊට පස්සේ මූ අහන්ව බබෙක්ට ගහපු එක බොරුද කියල..තාත්ත සල්ලි දුන් නෑ කියලලු බබාට ගැහුවෙ එකත් බොරුද කියල...මචන් හෙට ඉදන් ආයෙ අපේ ගෙදර නිවුස් තහනම්....එච්චරයිඔ මට කරන්න පුලුවන්..නිවුස් වලින් ගන්න දෙයකුත් නෑ...ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලුව මොන තරම් විකුර්ති වෙන්වද මේ දේවල් වලින්..
    Pons lanamaiwa smajen hangala hadala unta eeta passe samaje wena dewal danne nah. Umbe podi eka awul giyoth e genes wala waradda. Nathuwa news neme. Nikan ponna wada karanne nathuwa hitapan. Umbala wage gode dial thamai lamainta internet uth thahanam karanne
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Pons lanamaiwa smajen hangala hadala unta eeta passe samaje wena dewal danne nah. Umbe podi eka awul giyoth e genes wala waradda. Nathuwa news neme. Nikan ponna wada karanne nathuwa hitapan. Umbala wage gode dial thamai lamainta internet uth thahanam karanne
    උබ ඔය කියන විදියට පෝර්න් උනත් ප්‍රශ්නයක් නෑ නේද ලමයින්ට? හැම දේටම වයසක් තියෙනව..ඒක තේරුම් ගනින්...මට හිතෙන්නේ තවම උබ පොඩි එකෙක්..තාත්ත කෙනෙක් උන ද්වසට උබට මේව තේරෙයි...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මහ මිනිස්සුන්ගෙ ප්‍රෝග්‍රැම්ස් ගෙදර කොල්ලයි බල්ලයි ඔක්කොම එක්ක බලන මෝඩ සංස්කෘතියක් අපේ තියෙන්නෙ. නිව්ස්, ටෙලි ඩ්‍රාම පොඩි උන් එක්ක බලන්න අවශ්‍යම නෑ. ඇරත් දෙරණ හිරු ස්වර්ණවාහිනී වල ස්ලොපි නිව්ස් වට වෙලා අහනවනම් මහ මිනිස්සුන්ටත් රටේ වෙන දේවල් ගැන අමුතුම රියැලිටියක් හැදෙනව, පොඩි උන් ගැන මොන කතාද.

    ළමයින්ට සැර කරන එක ප්‍රමෝට් කරන්නෙ නෑ, ඒත් අපේ අම්මල තාත්තල කලා වගේ කාපු ගමන් ඇඳට යවන නීති තියෙන්න ඕනෙ පොඩි උන්ට.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and fallend