පොඩි කතා ටිකක්

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    පොඩි කතා ටිකක්

    පිස්සන් කොටුවෙ පිස්සො කීප දෙනෙක්ව නිදහස් කරන්න කියලා තීරණයක් අරගෙන තිබුනලු එතන බාරව ඉන්න දොස්තර මහත්තය.විභාග කිහිපයකින්ම පස්සේ අන්තිමට ඉතුරු උනේ පිස්සො තුන්දෙනෙක් විතරයි.ඔන්න ඉතින් අන්තිම විභාගෙට මේ තුන්දෙනාව ගත්ත.විභාගයක් කිව්වට මේක සම්මුඛ පරික්‍ෂනයක්.
    ඔන්න පටන්ගත්ත.

    7*7 කීයද ? විනාඩි දෙකහමාරකට පස්සේ පළවෙනි පිස්සගෙන් උත්තරය ලැබුනා.සර් 19,501 යි.
    මෙයාට තාම හොඳ මදි යවන්න බැහැ.ඊළඟ

    7*7 කීයද ? විනාඩි 5 කට විතර පස්සේ දෙවෙනි පිස්සගේ උත්තරය ලැබුනා.සර් 5031
    මේ මිනිහටත් හොඳ මදිනේ යවන්න බැහැ.ඊළඟ

    7*7 කීයද ?විනාඩියක්වත් ගියෙ නැහැ 49 යි සර්.හරියට හරි තමුසෙට යන්න පුළුවන්.ඒ උනාට අපිට කියනවකෝ තමුසේ මේ උත්තරය ගත්ත විදිහ පොඩ්ඩක්.
    අයියෝ සර්ලා ඕකවත් දන්නේ නැද්ද.මම කලේ මේකයි සර්,අර 19,501 ක 5031 න් බෙදල සෙනසුරාදායින් වැඩි කලා එච්චරයි.

    තෝත් පල ඇතුලට…..:growl:

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඔන්න සිල්වා මහත්තයගේ නෝනා වාහනේකට හැප්පුනා කියන ආරංචියට පෙරේරා මහත්තය සිල්වා මහත්තයව බලන්න ගියා.

    හරි වැඩේ නේද මහත්තය.නෝනා වාහනෙකට හැප්පුනාලු නේද ?

    ඔව් අනේ ඊයේ පාන් ගේන්න කියල යද්දි තමයි හැප්පුනේ

    ඉතින් මහත්තය මොකද කලේ.

    මොනව කරන්නනද අනේ මම නූඩ්ල්ස් එකක් හදාගෙන කෑවා.
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඔන්න ඉතින් මෑන් කෙනෙක් ගඟක් ගාව කන්නාඩියක් තියාගෙන ඒකෙන් ඉර එළිය ගඟට පරාවර්තනය කරගෙන ඉන්නවලු.මේක දැකපු මහත්තයෙක් මෙතනට ඇවිත්

    ඒයි මල්ලී මොකද කරන්නේ ඔතන ඔය කන්නාඩි කෑල්ලකුත් අල්ලාගෙන.
    මම මේ මාළු බානව මහත්තය.
    කොහොමද මල්ලී කන්නාඩියෙන් මාළු බාන්නේ.
    මෙහෙමයි මහත්තයා ඔය ඉර එළිය මාළුවට පරාවර්තනය කරන්න ඕන.එතකොට මාළුවව අල්ල ගන්න පුළුවන්.

    එහෙම කොහොමද ඕයි මාළු අල්ලන්නේ මහත්තයත් ෆුල් අස්පට් පිට අහපි,
    ඒව නිකන් කියන්න බැහැ මහත්තය රු 150 ක් වත් ඕන.

    මහත්තයත් මේක දැන ගන්න තියෙනආසවට රු 150 දුන්න.

    දැන් මෙහෙමයි කරන්නේ.ඔය ඉර එළිය වතුරෙ ඉන්න මාළුවගේ ඇස් වලටම හරියට එල්ල කරන් ඕන.එතකොට මාළුවට කොහෙටවත් යන්න බැහැ.හිමිහිට අත දාල අල්ල ගන්න පුළුවන්.

    දැන් තමුසෙ මේ වෙන කොට මාළු කීදෙනෙක් බෑවද ?

    මහත්තයත් එක්ක පස් දෙනයි..

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ඔන්න ඉතින් මහරගමට යන ලං.ග.ම බස් එකකට මහත්තයෙක් නැග්ගා.සෙනග ටිකක් වැඩි හින්දා ඉතුරුවෙලා තිබ්බ තනි සීට් එකක වාඩි උනා.කොන්දොස්තර මහත්තය එනව.

    මට මහරගමට ටිකට් එකක් දෙන්න..කියලා මහත්තය සල්ලි දීලා ටිකට් එක අරගෙන කලිසමේ වම් සාක්කුවට දාගත්ත.
    විනාඩි 10 ක් යන කොට මට මහරගමට ටිකට් එකක් දෙන්න කියලා තව ටිකට් එකක් අරගෙන කලිසමේ දකුණු සාක්කුවට දාගත්තා.

    ලඟ හිටපු මෑන්ස්ට ෆුල් අප්සෙට්. තව විනාඩි 10 යද්දි මට මහරගමට එකක් දෙන්න කියලා තව ටිකට් එකක් අරගෙන අතේ තියාගත්ත.දැන්නම් ලඟ ඉන්න මෑන්නට පිස්සු වගේ .ඇයි යකෝ මහරගමටම ටිකට් 3ක් ගත්තනේ මේ තනි මිනිහා.

    මහත්තය ඇයි මහත්තය මහරගමට ටිකට් තුනක් ගත්තේ ?
    ආ මල්ලි හදිස්සියෙ චෙකර්ලා පැන්න,මගේ අතේ තියෙන ටිකට් එක නැති උනොත් දෙන්න තමයි දකුනු සාක්කුවෙ ටිකට් එකක් තියෙන්නේ.
    ඉතින් මහත්තයා මහත්තයගේ වම් සාක්කුවෙත් එකක් තියෙනවනේ.ඔව් ඔව් අතේ තියෙන ටිකට් එකයි දකුණු සාක්කුවේ එකයි දෙකම නැති උනොත් දෙන්න තමයි වම් සාක්කුවට එකක් දාගත්තේ.

    හොඳයි මහත්තයා චෙකර්ලා පනින වෙලාවකදී අතේ තියෙන එකයි කලිසම් සාක්කුවල තියෙන ටිකට් දෙකයි බැරි වෙලාවත් නැති උනෝත් මහත්තය අහුවෙනවානේ කියලා පොඩි කෝචෝක් හිනාවක් දැම්මලු.

    මහත්තයත් හිනා වෙලාම එහෙම උනොත් දෙන්න තමයි මගේ කමිසේ උඩ සාක්කුවේ සීසන් එක තියාගෙන ඉන්නේ.

    • Like
    Reactions: Harsh7046

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    :lol::lol: Meeka nam patta...... :D