පොඩි කාමරයක් AC කරන්න කරන්ට් බිල කීයද

Squirrel

Member
Mar 26, 2017
402
31
0
පොඩි කාමරයක් AC කරන්න කරන්ට් බිල කීයද

ප්‍රශ්නෙ සිම්පල්. අඩි 14×12 කාමරයක් AC කරන්න මාසෙට කොච්චර කරන්ට් බිල add වෙයිද? AC Unit එකේ BTU කීයද ඕන? තැන්කූ.
 
Last edited:

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ප්‍රශ්නෙ සිම්පල්. අඩි 14×12 කාමරයක් AC කරන්න මාසෙට කොච්චර කරන්ට් බිල add වෙයිද? AC Unit එකේ BTU කීයද ඕන? තැන්කූ.


    gannin Air cooler ekak, podi room ekata hodatama ethi
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    AC එකකට ඔය කියල තියෙන තරම් යන්නෑලු බන්. දැන් දවස් ටිකකට කලින් ත්‍රෙඩ් එකක් උඩට ආව කලින් දාපු ඒකෙ තිබ්බ විස්තරේ උට 2000කින් විතරලුවැඩි වුනේ පැය විසිහතරම දාලත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,357
    1
    61,952
    113
    Mother Earth
    AC එකකට ඔය කියල තියෙන තරම් යන්නෑලු බන්. දැන් දවස් ටිකකට කලින් ත්‍රෙඩ් එකක් උඩට ආව කලින් දාපු ඒකෙ තිබ්බ විස්තරේ උට 2000කින් විතරලුවැඩි වුනේ පැය විසිහතරම දාලත්

    inverter දැම්මොත් යන්නෙ නෑ. ඒත් ඒකත් ලෝබ කමට off කර කර දැම්මොත් කරන්ට් එක යනව වැඩියි. :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ප්‍රශ්නෙ සිම්පල්. අඩි 14×12 කාමරයක් AC කරන්න මාසෙට කොච්චර කරන්ට් බිල add වෙයිද? AC Unit එකේ BTU කීයද ඕන? තැන්කූ.

    search karala balanna google eke BTU calculate karana site thiyenava:yes:
    adi ganen witharak kiyanna be, eke inna minissu gana neththam electric items ehema ona , heat generate karana eva
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    AC එකකට ඔය කියල තියෙන තරම් යන්නෑලු බන්. දැන් දවස් ටිකකට කලින් ත්‍රෙඩ් එකක් උඩට ආව කලින් දාපු ඒකෙ තිබ්බ විස්තරේ උට 2000කින් විතරලුවැඩි වුනේ පැය විසිහතරම දාලත්

    Peya 24ma dala Rs2000/- :rofl:
    Yako fan ekak peya 24ma demmath oya gana ei :P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    inverter එකක් දාන්න ..මේ තියෙන්නේ විස්තරේ


    ඔන්න මම කළින් කට්ටියට කිව්ව වගේම ඒ.සී එකට ගිය කරන්ට් බිල ගැන ත්‍රෙඩ් එක ගෙනාව,

    මුලින්ම කියන්නම් ඒ.සී එක ගැන, මේක ගත්තෙ SINGER එකෙන්, Brand එකත් SINGERම තමයි, මම ගන්න බලාගෙන ගියේ 9000BTU එකක්, එතැන 9000BTU ඒ.සී තිබ්බ හැබැයි ඒ එකක්වත් ඉන්වර්ටර් නෙමෙයි, එතැන ඉන්න කෙනානම් කිව්වෙ 9000BTU ඉන්වර්ටර් ලංකාවෙ කොහෙවත් නෑ කියල, ඉන්වර්ටර් එකක් ගන්න තිබ්බ ඕනකම නිසාම 12000BTU වලින් ගත්ත, මිල 110,000.00 ක් කියල තිබ්බෙ, අත්පිට මුදලට ගන්නව නම් 90,000කට දෙන්නම් කිව්ව, රුපියල් 20,000කම වෙනසක් තියෙන නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න එකත් තේරුමක් නැති නිසා එහා පැත්තෙ බැංකුව තිබ්බ ඒකට ගිහිල්ල එවෙලෙම ලෝන් එකක් දාලා ඒ.සී එක ගත්ත 90,000කටම. එතැනින් ඒ වැඩේ ඉවරයි,

    උන් කිව්ව සර්විස් 3ක් ෆ්‍රී දෙන්නම් කියල, හැබැයි අපි මතක ඇතුව මාස 3කින් උන්ට කතා කරල සර්විස් ටික කරගන්න ඕන ඒකත් අවුරුද්දක් ඇතුලත, ඊට පස්සෙ Service Agreement එකක් ගහන්න ඕන කිව්ව සර්විස් ටික කරන්න, ඒ ගැන නම් තාම මට ලොකු අවබෝධයක් නෑ, වොරන්ටි හම්බවුණා මුලු මැෂින් එකටම අවුරුද්දක්, කම්ප්‍රෙසර් එකට අවුරුදු 10ක්.
    ඊට පස්සෙ දවසෙම එහෙන් දෙන්නෙක් ඇවිල්ල ඒ.සී එක කාමරේ හයිකරල ගියා, උන්ගෙ සර්විස් නම් හොඳයි වගේ කියල හිතෙනව.

    දැන් ඒ.සී එක ගැන කතාන්දරෙ ඉවරයි, දැන් බහිමු කරන්ට් බිල ගැන,

    මේකෙ ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ කට්ටිය කරන්ට් බිල ගැන අහල ඒත් කවුරුවත් හරියට උත්තරයක් දීල තිබ්බෙ නෑ, ඇත්තටම මමත් මේ ඒ.සී එක ගන්න කළින් මේකෙ ත්‍රෙඩ් පීර පීර හෙව්ව කරන්ට් බිල ගැන කවුරුවත් හරියට කියල තියේද කියලා, සමහරු කියනව 15,000ක් විතර යයිලු, තවත් සමහරු කියනව 2,000ක් යයිලු, එක එක දේවල්, ඒ නිසා මම මේක අරගෙන හැමදාම ඔන් එකේ තියලම බැලුව, මාසයක් හොඳ අවදානයෙන් හිටිය බිල ගැන, මමත් ෆ්‍රීලාන්ස් කරන නිසා ගෙදරටම වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට, ඒ නිසා මේක පැය 24ම වගේ ඔන් එකේ තමයි තියෙන්නෙ, මට මේ බිල ආව මාසෙම වැඩිම වුණොත් පැය 8ක් වගේ ඒ.සී එක ඔෆ් එකේ තියෙන්න ඇති(හිතාගන්න පුලුවන්නෙ පාවිච්චිය ගැන). ඒ නිසා මේ බිල් එකෙන් හොඳ අදහසක් ඔය කට්ටියට ගන්න පුලුවන් මොකද ඒ.සී එක මාසෙම වගේ දාලා තිබ්බ නිසා,

    බිල් එකට බහින්න කළින් කියන්න ඕන මගේ කාමරෙ සයිස් එකයි තියෙන බඩු මුට්ටු ගැනයි, නැතුව තව කෙනෙක්ට අදහසක් ගන්න අමාරුයිනෙ,

    කාමරෙ නම් ටිකක් පොඩි එකක්, පළල අඩි 8යි, දිග අඩි 11.3
    ලැප්ටොප් දෙකක් තියෙනව, තව ඇඳක් තියෙනව, මේස දෙකක් තියෙනව, ඔන්න ඔච්චරයි කාමරෙ තියෙන්නෙ.
    තව ඒ.සී එක නිසාම ඇලුමිනියම් දොරක් හදවල ගැහුව Door Closer එකක් එක්කම,
    Heat generate කරන Device එකකට තියෙන්නෙ ලැප් දෙක විතරයි, බල්බ් එකත් LED ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං,

    ඒ.සී එක අරගෙන දවස් 2ක් ගියාම මට බිල් එක ආව, ඒ නිසා ඊළඟට එන බිල ඒ.සී එක නිසාම තමයි වැඩි වෙන්නෙ ;) මම කළින් මාසෙ බිලයි මේ මාසෙ බිලයි දෙකම දාන්නම්,

    කළින් මාසෙ බිල 2,178.00ක් ඇවිල්ල තියෙනව(හැබැයි බිල ලියන එකා ඇවිත් තියෙන්නෙ දවස් 24කින් ඒ මාසෙ) - යුනිට් 109ක් පාවිච්චි කරල තියෙනව(දින ගාණ අඩු නිසා මේක ටිකක් කචල් හරිනම් මීට වඩා වැඩි වෙන්න ඕන, සාමාන්‍යයෙන් 160කට කිට්ටු ගාණක් එනව),
    මේ මාසෙ බිල ආව(ඒ.සී එක දැම්මයින් පස්සෙ) ගාණ 5,253.00(හැබැයි බිල ලියන එකා ඇවිත් තියෙන්නෙ ගොඩක් පරක්කු වෙලා, දවස් 36කින්) යුනිට් 220ක් තියෙනව.

    කොහොමහරි බිල රුපියල් 3000කින් වගේ වැඩි වෙලා, හැබැයි කළින් මාසෙ බිල හරි විදියට ආවනම් රුපියල් 3000ක් අනිව කලින් මාසෙ එනව, එහෙම වුණා නම් රුපියල් 2000කින් වගේ තමයි යන්නෙ,

    කොහොමහරි සමස්ථයක් විදියට බැලුවොත් ඒ.සී එකට මාසෙටම යුනිට් 50-80ත් අතර වගේ යනව,

    දැන් කියන්නම් මගේ පාවිච්චිය ගැන,

    මම කිව්ව වගේ පැය 24ම දාල තියෙන්නෙ(බිල් එක ආව මාසෙත්), සතියටම උපරිම වුණොත් පැය4ක් වගේ ඔෆ් කරල තියන්න ඇති, මේකෙ ECO Mode එකක් තියෙනව, ඒක දැම්මම Outdoor Unit එක ටිකක් වෙලාවක් ගිහිල්ල තමයි ඔන් වෙන්නෙ, හැබැයි කාමරෙත් පොඩ්ඩක් රත් වුණාම ඔන් වෙන්නෙ(ඒක එච්චරටම දැනෙන්නෙත් නෑ හැබැයි ;) ) ගොඩක් රස්නෙ දවසක්නම් ECO Mode එක අයින් කරනව, මම දාගෙන ඉන්නෙම 26ට, රෑට නිදාගනිද්දි අනිවා ECO Mode අයින් කරල 26ට දාල තමයි නිදාගන්නෙ, හිටපු ගමන් 25ටත් දාගෙන ඉන්නව හැබැයි ගොඩක් වෙලා ඉන්න බෑ සීතල වැඩියි,
    මේක කාමරේට ගොඩක් ලොකු ඒ.සී එකක් නිසා මුලු කාමරේම හොඳටම සීතල වෙන්න යන්නෙ විනාඩි 3යි වගේ(මටත් හිතාගන්න බෑ, මාර ඉක්මණට කූල් වෙනව)


    කොහොමහරි දළ වශයෙන් අපේ ගෙදර කළින් ආව 2500ක වගේ බිල දැන් මේක නිසා 5000කට කිට්ටු ගාණක් එනව, කළින් යුනිට් 130-160ත් අතර වගේ ආව බිල දැන් 210-230ක් වගේ එනව,
    හැබැයි මේ විදියට එන්නෙ ඒ.සී එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන, මාසෙම කූල් එකේ ඉඳල ;) අනිත් එක මේක 12,000BTU එකක්, එයිට අඩු එකක් නම් තව කරන්ට් එක අඩුවෙන් යයි,

    මම හිතනව කට්ටියම හොඳ අදහසක් ගන්න ඇති කියල, ප්‍රශ්න තියේනම් අහපං මේ ගැන,

    පල්ලෙහායින් බිල් එකේ ෆොටෝ එකයි, ඒසී එකයි, ඒකෙ රිමෝට් එකයි දාන්නම්, බිල් එකේ කළින් මාසෙ බිල ආව විදියත් ඇති,




    මේක තමයි භාණ්ඩෙ,
    AC.jpg
    AC.jpg

    AC.jpg
    AC.jpg




    බිල් එක-කළින් මාසෙ එකත් ඕකෙම තියෙනව,
    Current_Bill.jpg
    Current_Bill.jpg
    Current_Bill.jpg



    රිමෝට් එක ;)
    View attachment 72841


    අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න ;) ,

    එලකිරි!


    http://www.elakiri.com/forum/showthread.php?t=1860937
     
    Last edited:

    moda_kolla

    Member
    Mar 24, 2019
    21
    1
    0
    මචන් උබේ කාමරය වර්ග අඩි 168. මේකට හරියන්නේ 12000BTU එකක් Inverter type එකක් නම් තවත් හොදයි
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    138
    43
    mn gaththa offer ekakata Panasonic 10000 BTU Premium Inverter AC ekak masa dekakata kalin. Raata and weekend eke witharay use karanne. Temprage eka 27c ta use karanne. Current bill eke danena wenasak une naa :)
    normally full bill ekata unit 75k wage monthly yanne. AC eka dammata passe 93y awe.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මගේ office එක AC එක දවසට පැය 10-12 ක් වැඩ. දවස් 28 යි මාසෙට. PC එකක් දවසම වැඩ. LED ලයිට්ස් 4 ක් තියෙනවා. copier එකක් තියෙනවා. සමහර මාස වල යුනිට් 155 සිට 190 වගේ. සමහර මාස වල 240 ගිය අවස්ථාත් තියෙනවා (outside hot දවස් වල) . Ac එක Panasonic 18BTU Inverter. 140000/- කට ගත්තේ අවුරුදු 04 කට ඉස්සර. කිසිම අවුලක් නෑ වැඩ. යුනිට් 243 යි ගිය මාසෙ. බිල රු. 4600 යි. Ac එකක් ගන්නව නම් Panasonic ඉන්වර්ටර් එකක් ගනින්.