තාත්තට පිලිකාවක් හැදුනා කියලා දැනගත්තේ අවුරුදු 05 ට කලින්. එයා විස්වාස කලෙත් නෑ. ලෝක බොරු කිය කිය, මම එයාව එක්කන් ගියා බෙහෙත් ගන්න. ඒ තරම් මගේ තාත්තා අහිංසකයි. මම එයාව හොදට බලාගත්තා, කන්න අරන් දුන්නා. සතුටින් තිබ්බද කියන එක ප්‍රශ්නයක්. මම දැන් ගොඩක් වයසයි. තාත්තාට සලකන්න ගිහින් මම බදින්නැතුව හිටියා. එයා මැරෙන මොහොතෙදිත් බලාපොරොත්තු වුනේ මම බදින එක. ඉතින් හරි පාලුයි. තාත්තා නැති වුනාම. ගෙදර හැම බරක්ම මට තමයි වැටුනේ. තාත්තා අසනිප වෙලා එකතැන් වුනාම හිතට දැනුනු වේදනාව කියන්න බැරි තරම්. තාත්තා නැති වෙලා ගෙවුනු මාස කීපය, මාව හොදටම වැටුනා. ඩිප්‍රෙස් වුනා. එලකිරි එකේ ඩයල් එකක් කිව්වා ජිම් එකකට යන්න කියලා. අදටත් මම මාර සතුටින්. ඒ නිසා. ඒත් මගේ හදවතේ ජිවත්වෙන හොදම මනුස්සයා තාත්තා !!!