පොඩි පර්යේෂණයක් (research)

blue_in_rio

Well-known member
  • පොඩි පර්යේෂණයක් (research)

    මචන්, මම පොඩි පර්යේෂණයක් (research) කරන්න යන්නේ.කට්ටියගේ අවංක අත්දැකීම්ම දානවා නම් වටිනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1708898

    ඔය උඩින් දාලා තියෙන ත්‍රෙඩ් එක බලලම ඉන්න.කාලෙකට පස්සේ එළකිරියේ දැකපු හොඳ ලස්සන, වැදගත් කරුණු තියෙන ත්‍රෙඩ් එකක්.ඒක දැකලාමයි මට ගොඩ දවසක් තිස්සේ කියන්න කියලා හිතන් හිටපු දෙයක් කියන්න හිතුනේ.ඇත්තටම මෙච්චර දවසක් නොදැම්මෙත්, මෙහෙම එකක් දැම්මම උබලා කියනවනේ මූට මානසික ලෙඩක්, අරවා මේවා.කොහොම උනත් මේක මට මතක ඇති කාලේ ඉඳන්ම වෙන දෙයක්.උබලට කියන්නේ, උබලටත් එහෙම වෙනවද, මේක සාමාන්‍යය දෙයක්ද කියලා දැනගන්න.අසාමාන්‍යය නම් ඉතිං මොකක් හරි ප්‍රථිකාරයක්වත් ගන්න එපැයි.

    මේකයි සීන් එක.මට සාමාන්‍යයෙන් හීන පේනවා.සමහර ඒවා එදිනෙදා ජීවිතයෙදි සිද්දවෙච්චි සිදුවීම් වලට සම්බන්දයි.ඒ වගේම, උඩවල් වලින් වැටෙන, සත්තු සර්පයෝ කන සීන් වගේ බය හිතෙන ඒවත් තියෙනවා.හැබැයි, පන්සිල් අරන් එහෙම නිදාගත්තම ගොඩක් වෙලාවට එහෙම වෙනවා අඩුයි.කෙල්ලොන්ගේ සීන් එහෙමත් පේනවා, ඒවා මෙතෙන්ට අදාල නැහැ.මම කියපු දේ වෙන්නේ, උදේ පාන්දර, ගොඩක් වෙලාවට නැගිටින්න කිට්ටුව පේන හීනවල.සාමාන්‍යයෙන් එහෙම හීනයක් පෙනුනට පස්සේ ඇහැරිලා වෙලාව බැලුවොත් පාන්දර හතර පහුවෙලා තියෙනවා බොහෝදුරට.

    මේවයේ තියෙන විශේෂත්වය තමයි, එහෙම පෙනුනු ගොඩක් දේවල් වලට, පොඩ්ඩක් හරි සම්බන්ධ සිදුවීමක්, එදා දවස ඇතුළත අත්දකින්න ලැබෙන එක.ආසන්නතම උදාහරණයක් විදියට, පෙරේදා රෑ (ඊයේ උදේ කිව්වොත් හරි ) දැක්කා බස් එකක වලියක් යන සීන් එකක්.ඊයේ එලකිරියට ආවම, එකෙක් කෝච්චියේ යන ඇන්ටි කෙනෙක් කාටද බනින වීඩියෝ එකක් දාලා.සියයට සීයක් ගැලපෙන්නේ නැතුවට, පොඩි හරි සම්බන්දයක් තියෙනවා.තව දවසක් දැක්කා, අපේ ඔපිස් එකට අලුතෙන් කෙනෙක් වැඩට ගන්න සීන් එකක්.පහුවදා, එහා පැත්තේ ඔපීස් එකට අලුතෙන් කෙල්ලෙක් ඇවිත්.ඔය වගේ නා නාප්‍රකාර, සීන් තියෙනවා, අර දැකපු හීනෙට පොඩ්ඩක් හරි ලඟින් යන.
    එච්චරයි ඉතිං.කට්ටියගේ අදහස් බලාගන්න දැම්මේ.අර ත්‍රෙඩ් එකත් බලලා ඇවිත්, වෙලාවක් තිබුනොත් මේකෙත් මොනවහරි කොටලා පලයන්කෝ,මේ වගේ සීන් ගැන උබලගේ තියෙන අත්දැකීම්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo: ලගින් යන ඒවානම් තියෙනවා.
    ගොඩක් වෙලාවට හීනෙන් බය වෙනවා බන් මමනම්.. :baffled:
     
    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    Hina gana vadia hithanna epa machan..........
    minihek wage jivithayata muhuna diyan......
    ubata one tharam hina valata galapum hadaganna puluvan one nam......
    mama kiyanne wadiya hithanna yanna epa....
    BUMP................
     
    blue_in_rio

    Well-known member
  • :oo: ලගින් යන ඒවානම් තියෙනවා.
    ගොඩක් වෙලාවට හීනෙන් බය වෙනවා බන් මමනම්.. :baffled:

    :eek::eek::sorry::sorry:

    Hina gana vadia hithanna epa machan..........
    minihek wage jivithayata muhuna diyan......
    ubata one tharam hina valata galapum hadaganna puluvan one nam......
    mama kiyanne wadiya hithanna yanna epa....
    BUMP................

    නෑ නෑ බන්, එහෙම වැඩිය හිතන සීන් එකක් නෙමෙයි.ඒකනේ කිව්වේ පොඩි පර්යේෂණයක් කියලා.අනිත් උන්ගේ අත්දැකීම් ගැන දැනගන්න දැම්මේ. :):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    thread eka nan beluwe ne machan man passe balannan.mata terena widiyata oya okoma mind eke result ekak.hina kiyala kiyanneth ube mind eke store wela tiyena but ewa gena conscious nethuwa inna ewa eka eka widiyata life eke situation ekka match wela pena illusion ekak.

    mind eka kiyanne intelligence and memory wala ekathuwak.ubata hina walin penne ipditcha dawase idan ada wenakan collect karapu data.sensation,feelings kiyana ewath mind ekema result ekak.e kiyanne mae mulu life ekama ubata terenne ube aga athule wena widiyata witarai.

    ube ahata alokaya paravarthanaya wela ena widiyata tamai picture eka mawenne.ubata athin alluwama danena sensation anuwa tamai mokak hari rawumda,kotuda,mahatada kiyala terenne.life eka kiyanne tamange mind ekema hadena experience ekak picture ekak eka reality eka newe.
    oya mind ekata real nethi wunath e feeling e widiyatama artificial create karanna puluwan.

    uba hitanne hinen wetcha ewa passe dawasaka wenawa kiyala.but attatama wenne ube mind eka e hinen dekapu ewata adalawa life situation eka match karala mawala pennawa real wage.mind ekata ube life experience eka ehen pitinma wenas karanna puluwan.eka ubata terenne future eke wena ekak hinen dekka wage.

    blue_in_rio

    Well-known member
  • thread eka nan beluwe ne machan man passe balannan.mata terena widiyata oya okoma mind eke result ekak.hina kiyala kiyanneth ube mind eke store wela tiyena but ewa gena conscious nethuwa inna ewa eka eka widiyata life eke situation ekka match wela pena illusion ekak.

    mind eka kiyanne intelligence and memory wala ekathuwak.ubata hina walin penne ipditcha dawase idan ada wenakan collect karapu data.sensation,feelings kiyana ewath mind ekema result ekak.e kiyanne mae mulu life ekama ubata terenne ube aga athule wena widiyata witarai.

    ube ahata alokaya paravarthanaya wela ena widiyata tamai picture eka mawenne.ubata athin alluwama danena sensation anuwa tamai mokak hari rawumda,kotuda,mahatada kiyala terenne.life eka kiyanne tamange mind ekema hadena experience ekak picture ekak eka reality eka newe.
    oya mind ekata real nethi wunath e feeling e widiyatama artificial create karanna puluwan.

    uba hitanne hinen wetcha ewa passe dawasaka wenawa kiyala.but attatama wenne ube mind eka e hinen dekapu ewata adalawa life situation eka match karala mawala pennawa real wage.mind ekata ube life experience eka ehen pitinma wenas karanna puluwan.eka ubata terenne future eke wena ekak hinen dekka wage.

    අන්න මචන් උබ නියම තැනකට ආවා.එතකොට මචන්, පොඩ්ඩක්වත් හිතේ නැති දෙයක්, හීනෙන් පෙනිලා, ඒකට සම්බන්ධයක් තියෙන දෙයක් ඇත්තටම වෙන්නේ කොහොමද ? ඒ කියන්නේ බන්, සාමාන්‍යයෙන් සිදු නොවෙන, ඉතාම දුර්ලභ සිදුවීමක් වෙන දවසක, ඒ සිදුවීමට යම් තරමකින් හරි සම්බන්ධ දෙයක්, ඊට කලින් දකින්නේ කොහොමද ? තව ටිකක් පැහැදිලි කරපන්කෝ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විහිලුවට ගන්න එපා බන්, අත්දැකීම් බෙදාගමු. :oo::oo:

    :(:(

    මට නම් එහෙම ඉස්සරහට වෙන්න තියෙන දේවල් පෙනිලා නැහැ බන්..මට කාලයක් සර්පයෝ පෙනුන..එක දවසක පෙනුන තඩි රත්තරන් පාට පිබුරෙක් ව...තව දවසක පොඩි සර්පයෙක්...

    ඊට පස්සේ මම ඒ ගැන ගූගල් කරලා බැලුව හීන වල තේරුම් තියෙන සයිට් තියෙනවා...ඒ එකක තිබ්බ එහෙම පෙන්නේ රැකියාව වගේ දෙයක් වෙනස් වුනාම ඇති වෙන ටෙන්ෂන් එකට වගේ කියල...

    එක හරියටම හරි...එක පෙනුනේ මම අලුත් ජොබ් එකට ගිහින් දවස් දෙකක් තුනක් වගේ කාලේදී..මට එතන පට්ටම ස්ට්‍රෙස් උනා ගිය දවස් වල...

    ඊට පස්සේ දවසක් දැක්ක දතක් ගැලවෙන සීන් එකක්..එතකොට මට මතක විදිහට එකේ තිබ්බේ කා එක්ක හරි රණ්ඩු වුනාම එහෙම පේනවා කියල..එකත් හරි...මම කෙල්ල එක්ක රණ්ඩු වුනු දවසක එක දැක්කේ...

    ඉතින් ඒ වගේ අපේ දවස තුල සිද්ද වෙච්ච දේවල් අනුව හරි, අපේ වටපිටාව, මානසික තත්ත්වය අනුව විවිද හීන පෙන්න පුළුවන්..එහෙම නැතුව අනාගතේ වෙන දෙයක් පේනවා කියල නම් මම හිතන්නේ නැහැ...

    ඔය හීනයි, තේරුම් ගොඩක් කාලෙකට කලින් දැකපුව නිසා හරියට මතක නැහැ මචන් ඒ තේරුම් එහෙම..දැන්නම් ඕව පස්සේ පන්නන් යන්නේ නැහැ..උදේට නැගිටිනකොට මොකුත් මතක නැහැ..:(:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අන්න මචන් උබ නියම තැනකට ආවා.එතකොට මචන්, පොඩ්ඩක්වත් හිතේ නැති දෙයක්, හීනෙන් පෙනිලා, ඒකට සම්බන්ධයක් තියෙන දෙයක් ඇත්තටම වෙන්නේ කොහොමද ? ඒ කියන්නේ බන්, සාමාන්‍යයෙන් සිදු නොවෙන, ඉතාම දුර්ලභ සිදුවීමක් වෙන දවසක, ඒ සිදුවීමට යම් තරමකින් හරි සම්බන්ධ දෙයක්, ඊට කලින් දකින්නේ කොහොමද ? තව ටිකක් පැහැදිලි කරපන්කෝ.

    එහෙම කොහොමද බන් උබ හීනෙන් දැකපු දෙයක් අනුව උබේ වටපිටාව වෙන දේවල් වෙනස් වෙන්නේ...ඔකේ අනිත් පැත්ත තමයි සිද්ද වෙන්නේ...උබේ වටපිටාවේ සිද්ද වෙන දේවල් අනුව තමයි උබට හීන පෙන්නේ...

    උබට එහෙම දෙක තුනක් වුනාට ටිකක් හොදට කල්පනා කරලා බලපන් උබට කලින් දවසේ ත් ඒ වගේ දෙයක් වෙලා ඇති..

    මම හීන ගැන විශේෂඥයෙක් නෙමෙයි..දන්නා දේ කිව්වේ :no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අන්න මචන් උබ නියම තැනකට ආවා.එතකොට මචන්, පොඩ්ඩක්වත් හිතේ නැති දෙයක්, හීනෙන් පෙනිලා, ඒකට සම්බන්ධයක් තියෙන දෙයක් ඇත්තටම වෙන්නේ කොහොමද ? ඒ කියන්නේ බන්, සාමාන්‍යයෙන් සිදු නොවෙන, ඉතාම දුර්ලභ සිදුවීමක් වෙන දවසක, ඒ සිදුවීමට යම් තරමකින් හරි සම්බන්ධ දෙයක්, ඊට කලින් දකින්නේ කොහොමද ? තව ටිකක් පැහැදිලි කරපන්කෝ.

    mchn mehema side ekak tiyenawa uba dhayana(cultivation of mental states) wadawala nan e kiyanne uba mind eke deep levels walata gihilla ube sensation expand karanna puluwannan e kiyanne ube sensation ube body ekata witarak limit karanne nethuwa godak expand karaganna puluwannan ubata uba wate tiyena data walin yam thak durata predication ekak karanna puluwan future eke wena dewal gena.

    extraordinary perception nattan vishesha gyan kiyala kiyanawa yoga wala.e kiyanne ube 5 senses walata puluwan tiyena limitation walata wada diyunu wela ita ehahin tiyena ewa receive karaganna.ehema cultivated mind ekak tiyenawanan ubata dan tiyena data use karan future eka predict karanna puluwan.
    samaharawita ube sansara purudda wenna puluwan,uba godak meditate karapu kenek wenna puluwa previous birth wala.
     
    blue_in_rio

    Well-known member
  • :(:(

    මට නම් එහෙම ඉස්සරහට වෙන්න තියෙන දේවල් පෙනිලා නැහැ බන්..මට කාලයක් සර්පයෝ පෙනුන..එක දවසක පෙනුන තඩි රත්තරන් පාට පිබුරෙක් ව...තව දවසක පොඩි සර්පයෙක්...

    ඊට පස්සේ මම ඒ ගැන ගූගල් කරලා බැලුව හීන වල තේරුම් තියෙන සයිට් තියෙනවා...ඒ එකක තිබ්බ එහෙම පෙන්නේ රැකියාව වගේ දෙයක් වෙනස් වුනාම ඇති වෙන ටෙන්ෂන් එකට වගේ කියල...

    එක හරියටම හරි...එක පෙනුනේ මම අලුත් ජොබ් එකට ගිහින් දවස් දෙකක් තුනක් වගේ කාලේදී..මට එතන පට්ටම ස්ට්‍රෙස් උනා ගිය දවස් වල...

    ඊට පස්සේ දවසක් දැක්ක දතක් ගැලවෙන සීන් එකක්..එතකොට මට මතක විදිහට එකේ තිබ්බේ කා එක්ක හරි රණ්ඩු වුනාම එහෙම පේනවා කියල..එකත් හරි...මම කෙල්ල එක්ක රණ්ඩු වුනු දවසක එක දැක්කේ...

    ඉතින් ඒ වගේ අපේ දවස තුල සිද්ද වෙච්ච දේවල් අනුව හරි, අපේ වටපිටාව, මානසික තත්ත්වය අනුව විවිද හීන පෙන්න පුළුවන්..එහෙම නැතුව අනාගතේ වෙන දෙයක් පේනවා කියල නම් මම හිතන්නේ නැහැ...

    ඔය හීනයි, තේරුම් ගොඩක් කාලෙකට කලින් දැකපුව නිසා හරියට මතක නැහැ මචන් ඒ තේරුම් එහෙම..දැන්නම් ඕව පස්සේ පන්නන් යන්නේ නැහැ..උදේට නැගිටිනකොට මොකුත් මතක නැහැ..:(:dull:

    එහෙම කොහොමද බන් උබ හීනෙන් දැකපු දෙයක් අනුව උබේ වටපිටාව වෙන දේවල් වෙනස් වෙන්නේ...ඔකේ අනිත් පැත්ත තමයි සිද්ද වෙන්නේ...උබේ වටපිටාවේ සිද්ද වෙන දේවල් අනුව තමයි උබට හීන පෙන්නේ...

    උබට එහෙම දෙක තුනක් වුනාට ටිකක් හොදට කල්පනා කරලා බලපන් උබට කලින් දවසේ ත් ඒ වගේ දෙයක් වෙලා ඇති..

    මම හීන ගැන විශේෂඥයෙක් නෙමෙයි..දන්නා දේ කිව්වේ :no:

    ස්තූතියි බන් උබේ අදහස් දැක්වීමට.මට මේක අනිත් කට්ටියගේ අත්දැකීමුත් උපයෝගී කරගෙන පැහැදිලි කරගන්නයි බන් ඕනා උනේ. :):)
     
    blue_in_rio

    Well-known member
  • mchn mehema side ekak tiyenawa uba dhayana(cultivation of mental states) wadawala nan e kiyanne uba mind eke deep levels walata gihilla ube sensation expand karanna puluwannan e kiyanne ube sensation ube body ekata witarak limit karanne nethuwa godak expand karaganna puluwannan ubata uba wate tiyena data walin yam thak durata predication ekak karanna puluwan future eke wena dewal gena.

    extraordinary perception nattan vishesha gyan kiyala kiyanawa yoga wala.e kiyanne ube 5 senses walata puluwan tiyena limitation walata wada diyunu wela ita ehahin tiyena ewa receive karaganna.ehema cultivated mind ekak tiyenawanan ubata dan tiyena data use karan future eka predict karanna puluwan.
    samaharawita ube sansara purudda wenna puluwan,uba godak meditate karapu kenek wenna puluwa previous birth wala.

    මට මේක තේරුම්ගන්න බැරි නිසා අනිත් අයගේ අත්දැකීම් එක්ක සංසන්දනය කරලා බලන්න බන් හැදුවේ.උබට හොඳ දැනීමක් තියෙනවා.ගොඩක් ස්තූතියි මචන් දෙයක් කියලා දෙනවට.ඒත් මෙච්චර දුරදිග හිතන්න තාම කල් වැඩියි. :):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට මේක තේරුම්ගන්න බැරි නිසා අනිත් අයගේ අත්දැකීම් එක්ක සංසන්දනය කරලා බලන්න බන් හැදුවේ.උබට හොඳ දැනීමක් තියෙනවා.ගොඩක් ස්තූතියි මචන් දෙයක් කියලා දෙනවට.ඒත් මෙච්චර දුරදිග හිතන්න තාම කල් වැඩියි. :):)

    ela machan.mae link eka balala terum ganna balanna.

    http://www.ishafoundation.org/blog/yoga-meditation/demystifying-yoga/the-significance-of-dreams/
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං අර ත්‍රෙඩ් එක නං කියෙව්වේ නෑ තාම ..

    මං මගේ ක්‍රමය කියන්නං ...
    ඇත්තම කිව්වොත් මට පේන හීන මට මතක හිටින්නේ නෑ ... :baffled:
    මතක හිටින්නේ නෑ කියනවටත් වඩා මට පේන හීන මං නං අමතක කරලා දානවා ..
    ඕව ගැන වැඩිය හිතන්න යන්නේ නෑ ..
    මොකද එහෙම හිතල වැඩක් නෑ ..

    මං එහෙම කිව්වේ මොකද දන්නවද ... අපි ජීවිතේ විශ්වාස කරන දේවල් සහ අවිශ්වාස කරන දේවල් අනුව අපේ ජීවිත සීමාවකට කොටු වෙනවා ..

    උදාහරණයක් විදිහට ..

    ලකී නම්බර් 7
    මගේ වාසනවත්න දවස
    මගේ වාසනාවන්ත පාට
    මගේ වාසනාවත ඇඳුම
    මගේ වාසනාවන්ත ජොකා

    කියල වගේ මිනිස්සු එක එක විශ්වාස හදාගෙන ඉන්නවනේ .. ඉතින් හිතල බලන්න ඒ මිනිහෙක්ට තමන්ගේ වාසනාවන්ත ජෝකා අදින්නන බැරි අනික් හැම දවසෙම අවාසනාවන්තයි කියල තමා ඌ හිතන්නේ ..

    ඉතින් ඒ වගේ අපි අපිටම සීමා පනව ගන්න අවශ්‍ය නෑ ... මොකද හැම ජෝකෙක්ම වාසනාවන්තයි කියල හිතුවොත් අපේ හැම දවසකදිම වාසනාව අපිට ලැබෙනවා.. ;)

    ඉතින් ඔය වගේම තමා හීනත්. මම හීන විශ්වාස කිරීමෙන් සිද්දවෙන්නේ මගේ ජීවිතේ සීමා කරගැනීමක් / රාමුවකට හිර කර ගැනීමක් ..
    ඉතින් මං හීන (නින්දේදී දකින හීන ගැන මං මේ කියන්නේ) විශ්වාස කරන්නේ නෑ .

    *****************************************

    ඊළඟට ඔය කියල තියෙන දකින හීන හැබෑ වෙන්න හේතුව මං කියන්නද .. මට පුළුවන් විදිහට ?
    මෙන්න මේ පහල තියෙන එකේ රතු කල්ල තියෙන කොටස බලන්න

    වයේ තියෙන විශේෂත්වය තමයි, එහෙම පෙනුනු ගොඩක් දේවල් වලට, පොඩ්ඩක් හරි සම්බන්ධ සිදුවීමක්, එදා දවස ඇතුළත අත්දකින්න ලැබෙන එක.ආසන්නතම උදාහරණයක් විදියට, පෙරේදා රෑ (ඊයේ උදේ කිව්වොත් හරි ) දැක්කා බස් එකක වලියක් යන සීන් එකක්.ඊයේ එලකිරියට ආවම, එකෙක් කෝච්චියේ යන ඇන්ටි කෙනෙක් කාටද බනින වීඩියෝ එකක් දාලා.සියයට සීයක් ගැලපෙන්නේ නැතුවට, පොඩි හරි සම්බන්දයක් තියෙනවා.තව දවසක් දැක්කා, අපේ ඔපිස් එකට අලුතෙන් කෙනෙක් වැඩට ගන්න සීන් එකක්.පහුවදා, එහා පැත්තේ ඔපීස් එකට අලුතෙන් කෙල්ලෙක් ඇවිත්.ඔය වගේ නා නාප්‍රකාර, සීන් තියෙනවා, අර දැකපු හීනෙට පොඩ්ඩක් හරි ලඟින් යන.

    ඔන්න ඔය රතු කරපු කොටසින් පෙන්නන්නේ උබේ හිතේ තියෙන විශ්වාසයක් ..
    ඒ විශ්වාසයේ තමයි ගැටලුව තියෙන්නේ ..
    ඉතින් ඔය විශ්වාසය අමතක කරපු/ නැති වෙච්ච දවසට ඔය හීන හැබෑ වෙන එකත් එහෙම්මම නැති වෙලා යයි ..
    හැමදේම හොඳ හිතින් හිතන්න පුරුදු වෙච්ච දවසට හොඳක්ම වෙයි .

    "මිනිසා යනු , දවස පුරා ඔහු සිතන දේ පමණක්මය" ;)

    :)
     
    blue_in_rio

    Well-known member

  • ඔන්න ඔය රතු කරපු කොටසින් පෙන්නන්නේ උබේ හිතේ තියෙන විශ්වාසයක් ..
    ඒ විශ්වාසයේ තමයි ගැටලුව තියෙන්නේ ..
    ඉතින් ඔය විශ්වාසය අමතක කරපු/ නැති වෙච්ච දවසට ඔය හීන හැබෑ වෙන එකත් එහෙම්මම නැති වෙලා යයි ..
    හැමදේම හොඳ හිතින් හිතන්න පුරුදු වෙච්ච දවසට හොඳක්ම වෙයි .

    "මිනිසා යනු , දවස පුරා ඔහු සිතන දේ පමණක්මය" ;)

    :)

    නියමයි බන්.උබ මම හිතන් හිටපු එකා නෙමෙයි.
    11.gif
    11.gif

    ඇත්ත කතාව.අපි දෙයක් ගැන ඕනාවට වඩා විශ්වාස කරන්න ගියාම, අන්තිමට ඒකම තමයි ඇත්ත කියලා හිතන්න පුරුදු වෙනවා.කොහොම උනත්, මම මේ ගැන තව ටිකක් හොයලා බලන්න ඕනා. :cool::cool: