පොඩි පර්යේෂණයක් (research)
මචන්, මම පොඩි පර්යේෂණයක් (research) කරන්න යන්නේ.කට්ටියගේ අවංක අත්දැකීම්ම දානවා නම් වටිනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1708898
ඔය උඩින් දාලා තියෙන ත්‍රෙඩ් එක බලලම ඉන්න.කාලෙකට පස්සේ එළකිරියේ දැකපු හොඳ ලස්සන, වැදගත් කරුණු තියෙන ත්‍රෙඩ් එකක්.ඒක දැකලාමයි මට ගොඩ දවසක් තිස්සේ කියන්න කියලා හිතන් හිටපු දෙයක් කියන්න හිතුනේ.ඇත්තටම මෙච්චර දවසක් නොදැම්මෙත්, මෙහෙම එකක් දැම්මම උබලා කියනවනේ මූට මානසික ලෙඩක්, අරවා මේවා.කොහොම උනත් මේක මට මතක ඇති කාලේ ඉඳන්ම වෙන දෙයක්.උබලට කියන්නේ, උබලටත් එහෙම වෙනවද, මේක සාමාන්‍යය දෙයක්ද කියලා දැනගන්න.අසාමාන්‍යය නම් ඉතිං මොකක් හරි ප්‍රථිකාරයක්වත් ගන්න එපැයි.
මේකයි සීන් එක.මට සාමාන්‍යයෙන් හීන පේනවා.සමහර ඒවා එදිනෙදා ජීවිතයෙදි සිද්දවෙච්චි සිදුවීම් වලට සම්බන්දයි.ඒ වගේම, උඩවල් වලින් වැටෙන, සත්තු සර්පයෝ කන සීන් වගේ බය හිතෙන ඒවත් තියෙනවා.හැබැයි, පන්සිල් අරන් එහෙම නිදාගත්තම ගොඩක් වෙලාවට එහෙම වෙනවා අඩුයි.කෙල්ලොන්ගේ සීන් එහෙමත් පේනවා, ඒවා මෙතෙන්ට අදාල නැහැ.මම කියපු දේ වෙන්නේ, උදේ පාන්දර, ගොඩක් වෙලාවට නැගිටින්න කිට්ටුව පේන හීනවල.සාමාන්‍යයෙන් එහෙම හීනයක් පෙනුනට පස්සේ ඇහැරිලා වෙලාව බැලුවොත් පාන්දර හතර පහුවෙලා තියෙනවා බොහෝදුරට.
මේවයේ තියෙන විශේෂත්වය තමයි, එහෙම පෙනුනු ගොඩක් දේවල් වලට, පොඩ්ඩක් හරි සම්බන්ධ සිදුවීමක්, එදා දවස ඇතුළත අත්දකින්න ලැබෙන එක.ආසන්නතම උදාහරණයක් විදියට, පෙරේදා රෑ (ඊයේ උදේ කිව්වොත් හරි ) දැක්කා බස් එකක වලියක් යන සීන් එකක්.ඊයේ එලකිරියට ආවම, එකෙක් කෝච්චියේ යන ඇන්ටි කෙනෙක් කාටද බනින වීඩියෝ එකක් දාලා.සියයට සීයක් ගැලපෙන්නේ නැතුවට, පොඩි හරි සම්බන්දයක් තියෙනවා.තව දවසක් දැක්කා, අපේ ඔපිස් එකට අලුතෙන් කෙනෙක් වැඩට ගන්න සීන් එකක්.පහුවදා, එහා පැත්තේ ඔපීස් එකට අලුතෙන් කෙල්ලෙක් ඇවිත්.ඔය වගේ නා නාප්‍රකාර, සීන් තියෙනවා, අර දැකපු හීනෙට පොඩ්ඩක් හරි ලඟින් යන.
එච්චරයි ඉතිං.කට්ටියගේ අදහස් බලාගන්න දැම්මේ.අර ත්‍රෙඩ් එකත් බලලා ඇවිත්, වෙලාවක් තිබුනොත් මේකෙත් මොනවහරි කොටලා පලයන්කෝ,මේ වගේ සීන් ගැන උබලගේ තියෙන අත්දැකීම්.

ලගින් යන ඒවානම් තියෙනවා.