මෙහෙමයි .. මේ ලෝකේ නොපෙනෙන දේවල් නං කොච්චර ඇද්ද .. දෙවියෝ යක්කු ප්‍රේතයෝ භූතයෝ ඉන්නවා ඇති .. මම නෑ කියන්නේ නෑ .. එහෙම හිටියට , මම හැමදාම කියන්නේ මේකයි ..
මිනිසා කියන්නේ යන්ත්‍රයක් , ඒ යන්තරේට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා .. ඒ සීමාවට අහුවෙන දේවල් එක්ක විතරයි ඒ යන්තරේට ගනුදෙනු කරන්න පුළුවන් .. මිනිහ කියන යන්තරේට ඇස , කන , නාසය , දිව , ශරීරයෙන් ලැබෙන data ටික විතරයි ඔය මොන මගුල කරන්නත් තියෙන්නේ .. ඉතින් මිනිහට වැදගත් වෙන්නේ ලැබෙන data නෙවෙයි .. ඒ data ටික අපේ මනසින් ප්‍රෝසෙස් කරගන්න විදිහ ..
මගේ අදහස නේ ඇහුවේ , මිනිහ , එහෙම නැත්තන් මිනිස් මොලය කියන කොටස පාවිච්චි කරන සත්වයාට හොල්මන් , ප්‍රේතයෝ , භූතයෝ එක්ක ගණුදෙනු කරන්න බෑ , ඒකට මාර්ගයක් නෑ .. එහෙම සම්බන්ධයක් ඇති වෙන්නෙත් නෑ

කාට හරි එකෙක්ට හොල්මනක් වැහුනා කියල මට අහන්න ලැබුනොත් මට ගොඩක් වෙලාවට ඒ වැහිච්ච එකාගේ පසුබිම් කතාව අහපු ගමන් ම දන්නා දැනුමත් එක්ක හිතල බැලුවම මට තේරෙනවා මුට තියෙන්නේ මානසික රෝගයක් .. එහෙම නැත්තන් වෙනත් ප්‍රශ්නයක් කියල .. ඉතින් ඇත්තටම මමත් හරි අසාවෙන් ඉන්නේ භූතයෙක් හොල්මනක් දැකගන්න , තාම හම්බුනේ නං නෑ

අනික මං දන්නවා කවදාවත් මට හම්බවෙන්නෙත් නෑ ..
P.S : සිත දියුණු කරලා ආධ්‍යාත්මික ශක්තිය උපකරණයක් හැටියට පාවිච්චි කරන කෙනෙක්ගේ තත්වය මට වඩා වෙනස් වෙන්න පුළුවන් .. එත් එහෙම එකෙක් හොයා ගන්න එක තමා අමාරු