හවස අදියර දෙක සඳහා ගබඩා කල ඒවා
කීරි සම්බා ස්ටොක් කරලා ගත්ත ලාබෙන් @Janatha Jhon ගෙනාපුවා
මේ පුන්‍යකර්මයෙන් එතුමා පතන ස්වර්ගරාජ්‍යයේ VIP අසුනක් ලැබේවා!
“මෙම නියෝගය පිළිබඳ පුවත අප වෙත ලැබෙන විට අපි කණ්ඩායමක් අබු තල්හා (ධනවත් ව්‍යාපාරිකයෙක්)ගේ නිවස තුළ සාදයකට සහභාගී වෙමින් සිටියෙමු. මේ පණිවුඩය එතුමාණන්ගේ කණ වැකුණු විගස ‘මෙහි තිබෙන සියලුම මත්පැන් ඉවතට ගෙන ගොස් කානුවලට වත් කරන්න’ යනුවෙන් අබු තල්හා මගෙන් ඉල්ලා සිටියේය. මා සියලුම භාජන එළියට ගෙන ගොස් සමහර භාජන කඩා බිඳ දමන ලද අතර තවත් සමහර භාජන හිස් කොට සෝදන ලදී. කොතරම් මත්පැන් හළා ඉවත් කරන ලද්දේ ද යත් ඉන්පසු කාලයක් ගතවන තුරුම මදීනා නුවරදි වැසි දවස්වල මත් පැන් සුවඳ හා වර්ණය සැම තැනම දක්නට තිබුණි.”
“මත්පැන් මගින් ඔබලා අතර ක්‍රෝධය හා වෛරය වපුරනු ලබන්නේ ය. දෙවියන් වහන්සේ සිහිපත් කරදීමෙන් ද නියෝග හා පනත් අනුගමනය කිරීමෙන්ද ඔබ වළක්වාලයි. සොම්නසේ මාර්ගයෙන් ඔබ ඉවත්කොට සීමා ඉක්මවීම හා ගර්හාවට ඇද දමන්නේය.”
මේ ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය එදා පහල වූයේ මධ්‍යසාරය තුල ගිලී මත්ව පැවති සමාජයක් මධ්‍යයේ ය. එය කොතරම් ද යයි පවසනවා නම් අල්ලාහ් (දෙවියන්) විසින් ශුද්ධ වූ කුර්ආනය මඟින් මෙම මධ්‍යසාරය එකවර තහනම් නොකොට එය පියවරින් පියවර ඉතා සූක්ෂම ආකාරයට සිදුකරන්නට තරම් එම සමාජය මත්පැන් හි ගිලී ජීවත් වුණි. පලමු පියවර වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 4-43 වාක්‍යය මඟින් “වැදුම් පිදුම් කරන මොහොතේ මත්පැන් භාවිතයෙන් වලකින්න” ලෙස පැවසූ අල්ලාහ් (දෙවියන්) ඊට පසු දෙවන පියවර වශයෙන් ශුද්ධ වූ කුර්ආනයේ 2-219 වාක්‍යය මඟින් “මෙයින් වැලකී සිටීම යහපත් යැයි” පවසන ලදී. මෙසේ අදියරෙන් අදියරට පැවසූ අල්ලාහ් (දෙවියන්) අවසානයේ 5-90 හා 91 වාක්‍යය මඟින් සම්පූර්ණයෙන් එම සමාජය මත් උවදුරින් මුදවා ගන්නා ලදී.
------ Post added on Jul 28, 2025 at 1:00 AM
Last edited:
