දිගට එහම නිදි මරන එක මොලේට පට්ටම කේස්, මමත් කාලයක් පැහ 4ක් විතර නිදාගෙන වැඩ කරා, ටික කාලයක් කරද්දි තේරෙනවා ගොඩක් වෙලා ඇහැරන් හිටියට කලින් තරම් කන්සනරේට් කරන්න එහෙම බැහැ, එක දිගට පොතක් එහෙම කියවන්න බැහැ කියලා.
නිකමට සතියක් කරලා බලපන් කන්සනරේශන් එහෙම කෙල වෙලාම යනවා, දවල්ට සැරින් සැරේ නිදි මත එනවා එක දිගිට වැඩක් කරන්න බැහැ
ඕනවට වඩා නිදි මරලා මොලේ සයිල වලට එහෙම ඩැමේජ් එකක් උනොත් ඒක පර්මනන්ට්, කවදාවත් ඒව හැදෙන්නෙ නැහැ
සමහර වෙලාවට ඩිප්රෙශන් එහෙම එන්න එක හේතුවක් තමයි ඕනවට වඩා නිදිමරන එක
නිදාගන්න එක පට්ටම විදියට mental health එකට බලපානවා
සමහර අයට පට්ට විදියට ඉෆෙක්ටිවු විදියට වැඩ කරන්න පුලුවන් නිදාගන්න ටයිම් එහෙම වෙනස් කරලා
මම දන්න එකෙක් ඉන්නවා හවස 7.30ට විතර නිදාගෙන 1 ට විතර ආපහු ඇහැරිලා පහ විතර වෙනකන් වැඩ කරලා ආයෙ නිදාගෙන 8ට විතර ඇහැරෙන්නෙ, ඌ කියන්න ඒක නිසා ඌ පට්ටම වැඩ ගොඩක් කරගන්නවා කියලා, ගෙදර ටීවී දාගෙන කලබල වැඩිම වෙලාව 7.30-9.30 විතර නිසා ඒ වෙලාවෙ කොහොමත් වැඩකට ඇති දෙයක් කෙරෙන්නෙ නැති නිසා කලින්ම කාල නිදාගන්නවා කිවුවා. එහෙම නිදාගෙන රෑට ඇහැරුනාම පට්ට මෝටිවේශන් එකක් තියනවා කිවුවා වැඩ කරන්න. මම ට්රයි කරා මට ඒක සෙට් උනේ නෑ
මට සෙට් උනේ 10ට විතර නිදාගෙන 4ට ඇහැරෙන එක, 4 ඉදන් 8 විතර වෙනකන් කිසිම ඩිස්ට්රෑක්ශන් එකක් නැතුව වැඩ ටිකක් කරන්න පුලුවන්.