පොදු දේපල පනත කියන්නේ මොකක්ද ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රනිල් ඇතුලේ කියන්නේ සෙල්ලම් නෑ...🥵

    දන්නා එකෙක් කියල දීපියවූ .... යකෝ නීතිය නොදැන සිටීම නිදහට කාරණාවක් නෙවෙයි කියල විතරයි දන්නේ ......

    ඕකෙන් නේද මහින්දානන්ද අතුල්ලට ගියේ 😶‍🌫️

    ලොවෙත් කෙලවෙනවා මෙහෙම ගියොත් කවද හරි :( :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    (1 of 4)


    පොදු දේපල පනත සහ ඊට ආනුශාංගික ඇප ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන සුවිශේෂී කරුණු. (Public Property Act and Exceptional Circumstances)


    පොදු දේපල පනත සහ එකී පනත යටතේ වන චෝදනා සම්බන්ධයෙන් සහ ඒ යටතේ වන ඇප ප්‍රතිපාදන සම්බන්ධයෙන් වර්තමානය වන විට අප රටේ නීති ක්ෂේත්‍රය තුල ප්‍රභල කතිකාවතක් ඇති වී ඇති පසුබිමක, ඒ සම්බන්ධයෙන් වන නෛතික තත්ත්වය විමසා බැලීමේ කාලෝචිත අරමුණ පෙරදැරිව ප්‍රථමයෙන් මාගේ අවධානය, සංශෝධිත පරිදි වු 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබද පනතේ 08 වන වගන්තිය වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

    8 (1) මේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට හෝ වරදක් සිදුකිරීමෙහිලා සම්බන්ධ වු බවට හෝ වරදක් සිදු කරන ලදැයි සැකකරනු ලබන බවට නැතහොත් වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වී යයි සැක කරනු ලබන බවට වූ චෝදනාවක් මත යම් තැනැත්තකු යම් අධිකරණයකට භාර වන්නා වු නැතහොත් සිර භාරයට ගනු ලැබ යම් අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලබන්නා වු අවස්ථාවක ඇප සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන අදාල විය යුතුය.

    එසේ වුවද, වරද සිදුකරන ලද්දේ යම් විෂය වස්තුවක් සම්බන්ධයෙන්ද, ඒ විෂය වස්තුවෙහි වටිනාකම රුපියල් විසිපන්දහසක් ඉක්මවන බවට සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිලයට පහත් නොවන නිලයකට අයත් රාජ්‍ය නිවේදිත නිලධාරියකු විසින් සහතික කරනු ලබන අවස්ථාවක, නඩු විභාගය අවසන් කරනු ලබන තෙක් ඒ තැනැත්තා රිමාන්ඩ් භාරයෙහි තබා ගනු ලැබිය යුතුය.

    එසේ වුව ද සුවිශේෂි අවස්ථානුගත තත්ත්වයන් පවතින අවස්ථාවලදී ඇප පිට මුදා හැරිමට හේතු සටහන් කිරීමෙන් පසුව ඒ තැනැත්තා ඇප පිට මුදා හැරිමට අධිකරණයට බලය තිබිය යුතුය.

    (2) අධිකරණය විසින් මේ පනත යටතේ වූ යම් වරදකට වරදකරු කරනු ලැබූ තැනැත්තකු විසින් ඔහු වරදකරු කරනු ලැබීමට විරුද්ධව හෝ ඔහුට නියම කරන ලද දණ්ඩන නියමයට විරුද්ධව හෝ අභියාචන පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ වූවද ඒ සෑම තැනැත්තකු ම අභියාචනය නිශ්චය කරනු ලබන තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගනු ලැබිය යුතුය.

    එසේ වුව ද සුවිශේෂි අවස්ථානුගත තත්ත්වයන් පවතින අවස්ථාවලදී ඇප පිට මුදා හැරිමට හේතු සටහන් කිරීමෙන් පසු ඒ තැනැත්තා ඇප පිට මුදා හැරීමට ඒ අධිකරණයට බලය තිබිය යුතු ය.

    ඒ යටතේ කරුණු සළකා බැලීමේදී ඉහත කී සංශෝධිත පරිදි වූ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිලිබද පනතේ 8 (1) වගන්තියට ඇති අතුරු විධානය ප්‍රකාරව, කිසියම් නඩුවක කිසිදු සැකකරුවෙකු [8 (1) වගන්තියෙහි අතුරු විධානය යටතට වැටෙන අවවස්ථානුගත තත්ත්වයකදී සුවිශේෂි අවස්ථානුගත තත්ත්වයන් පවතින බවට අධිකරණය සෑහිමට පත් කිරීමට අපොහොසත් වන්නේ නම් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයෙහි තබාගනු ලැබිය යුතු වන අතර, වරදකරු කරනු ලැබීමෙන් පසුව වුවද, වරදකරු කරනු ලැබීමට හෝ ඒ යටතේ නියම කරන ලද දණ්ඩන නියමයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ වුවද, ඉහත කී ප්‍රකාරව සුවිශේෂි අවස්ථානුගත තත්ත්වයන් පවතින බවට අධිකරණය සෑහිමට පත්කිරීම අපොහොසත් වන්නේ නම් ඉහත කී ප්‍රකාර වන අභියාචනය අසා නිමවන තෙක් රිමාන්ඩ් භාරයේ තබාගත යුතුවේ.

    තවද, ඒ අනුව කරුණු සලකා බැලීමේදී සංශෝධිත පරිදි වු 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් 1997 අංක 30 දරණ ඇප පනතේ විධි විධාන අදාල නොවන බව ඉහත විස්තර කර ඇති නෛතික තත්ත්වයන් සමග ඇප පනතේ 3(1) වගන්තිය හා එම වගන්තිය අර්ථ නිරූපනය කරමින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මැතිණිය විසින් ප්‍රකාශයට පත් කර ඇති Shiyam Vs. OIC Narcotics Bureau and another [2006(2) SLR 156] නඩු තීන්දුව එක්ව ගෙන සළකා බැලීමේදී පැහැදිලිව පෙනී යන බැවින් පෙර සදහන් කර ඇති පරිදි සුවිශේෂි අවස්ථානුගත තත්ත්වයන් ඇති බවට එක් එක් සැකකරු වෙනුවෙන් කරුණු සනාථ කරලීමක් සිදුකර නොමැත්තේ නම් (සැකකරුවන් කිහිපදෙනෙකු සිටින අවස්ථාවකදී) ඒ යටතේ එම සැකකරුවන් ඇප මත නිදහස් කරලීමේ අධිකරණ බලය කිසිදු අධිකරණයක් සතුව නොපවතී.

    එසේම මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු මැතිතුමන් විසින් “1998 අංක 4 දරණ නවකවධ පනත” සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය (Determination) ප්‍රකාශයට පත් කරමින් පහත සඳහන් පරිදි පැහැදිලි කරනු ලැබ තිබේ.

    “It is settled law that provisions in the Bail Act would have no application to special Acts containing provisions relating to bail, such as poisons, opium and Dangerous Drugs Act, offences against public property Act, Antiquities ordinance and offensive Weapons Act”

    ඒ යටතේ කරුණු සළකා බැලීමේදී සුවිශේෂි අවස්ථානුගත කරුණු ඒ ඒ නඩුවට අදාලව වෙනස්විය හැකි වුවද, අධිකරණය විසින් ඒ සෑම නඩුවකදීම අදාළ පනත පැනවීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වෙත යොමු වෙමින් ක්‍රියාකල යුතු වන අතර, මේ බව පංච පුද්ගල විනිශ්චාසනයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද AG Vs. Sumathipala (2006 (2) SLR 126) නඩු තීන්දුවට අදාලව පිටු අංක 143 යටතේ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මැතිණිය විසින් සඳහන් කර ඇති පහත කරුණු යටතේ මැනවින් පැහැදිලි වේ.

    “A judge cannot under a thin guise of interpretation usurp the function of the legislature to achieve a result that the judge thinks is desirable in the interests of justice. Therefore the role of the judge is to give effect to the expressed intention of parliament as it is the bounden duty of any Court and the function of every judge to do justice with in the stipulated parameters”

    තවද හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය A.R.B. අමරසිංහ මැතිතුමන් විසින්, එතුමන් විසින් රචිත “Judicial Conduct, Ethics and Responsibilities” නමැති ග්‍රන්ථයෙහි පිටු අංක 284 යටතේ ඉහත කී නෛතික තත්ත්වය තවදුරටත් පැහැදිලි කරලීමක් පහත සඳහන් පරිදි සිදුකර තිබේ.

    “The function of a judge is to give effect to the expressed intention of the parliament. If legislation needs amendment, because its results in injustice, the democratic process must be used to bring about the change. This has been the unchallenged view expressed by the supreme court of Sri Lanka for almost a hundred years “

    ඒ අනුව, සංශෝධිත පරිදි වු 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත පැනවීමෙහිලා ව්‍යවස්ථාදායකයේ අරමුණ සළකා බැලීම පිණිස මාගේ අවධානය එකී පනතෙහි වගන්තීන් වෙත පහත සදහන් පරිදි යොමු කර සිටිමි.

    ඒ යටතේ ප්‍රථමයෙන්ම මාගේ අවධානය “ පොදු දේපලක්” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් යොමු කළ යුතුව පවතින අතර, ඒ අනුව එකී පනතේ අර්ථ නිරූපනය ප්‍රකාරව පොදු දේපලක් යන්නෙන් ආණ්ඩුවේ දේපලද යම් දෙපාර්තමේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථාවක, බැංකුවක, සමුපකාර සමිතියක හෝ සමූපකාර සංගමයක දේපල අදහස් වන අතර තවදුරටත් එකී පනතට 1988 අංක 76 දරණ පනතින් කළ සංශෝධනය ප්‍රකාරව ඇතුලත් කරන ලද උපලේඛනයේ දැක්වෙන අක්ෂරයක්, ලකුණක් හෝ සටහනක් ඇති දේපලද පොදු දේපල වශයෙන් සැලකේ.

    ඒ අනුව කරුණු සළකා බැලීමේදී ඉහත කී පනතෙහි පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලැබිය හැකි වැරදි කිහිපයක් සඳහන් වන අතර, ඒවා වනුයේ,

    (අ) පොදු දේපල විෂයෙහිලා අනර්ථය සිදුකිරිම.
    (ආ) පොදු දේපල සොරකම් කිරිම.
    (ඇ) පොදු දේපල කොල්ලකෑම.
    (ඈ) පොදු දේපල වංක ලෙස ව්‍යවහරණය, චංචල පොදු දේපලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරිම, පොදු දේපල සම්බන්ධයෙන් වංචා කිරීම, ව්‍යාජ ලේඛන සෑදීම හා ගිණුම් වරදවා පෙන්වීම යනාදී වැරදි වේ.

    ඒ යටතේ, ඉහත කී ප්‍රකාරව පනතේ 8(1) වගන්තිය ප්‍රකාරව ඉහත කී ආකාරයේ වරදක්,

    I) සිදුකර ඇති බවට හෝ,
    II) වරදක් සිදුකිරිමෙහිලා සම්බන්ධ වු බවට හෝ,
    III) වරදක් සිදුකරන ලදැයි සැකකරනු ලබන බවට හෝ
    IV) වරදක් සිදුකිරීමෙහිලා සම්බන්ධ වී යැයි සැකකරනු ලබන බවට චෝදනාවක් මත යම් තැනැත්තෙකු යම් අධිකරණයකට භාරවන්නාවු හෝ සිරභාරයට ගනු ලැබ යම් අධිකරණයන් වෙත ඉදිරිපත් කරනු ලබන අවස්ථාවකදී එම වගන්තියේ අතුරු විධානය යටතේ පැමිණිල්ල විසින් පියවර ගෙන ඇති අවස්ථාවකදී සුවිශේෂි හේතුමත හැර එවන් තැනැත්තෙකු නඩු විභාගය අවසන් කරනු ලබන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතු වන අතර, පනතේ 8(2) වගන්තිය ප්‍රකාරව ඉහතින් මා විසින් සඳහන් කරන ලද පරිදි වරදකරු කිරීමක් හෝ ඒ සම්බන්ධයෙන් නියම කරන ලද දණ්ඩන නියමයට විරුද්ධව අභියාචනයක් කර ඇති අවස්ථාවකදී පවා ඉහත කී ප්‍රකාරව සුවිශේෂි කරුණු අධිකරණය සෑහීමට පත් වන පරිදි ඉදිරිපත්ව නොමැත්තේ නම් එවන් තැනැත්තන් අභියාචනය අසා නිමවන තෙක් රිමාන්ඩ් භාරයේ තැබිය යුතු වේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    (2 of 4)

    එසේම පනතේ 10 වන වගන්තිය අනුව ඉහත කී ප්‍රකාරව මෙම පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකිරිමට,

    (අ) තැත් කරන්නාවු හෝ
    (ආ) එවැනි වරදක් සිදුකිරීමට සලස්වන්නාවු හා ඒ තැත් කිරීමේ වරද සිදු කිරීම සඳහා යම් ක්‍රියාවක් කරන්නාවු තැනැත්තෙකුද වරද සඳහා විස්තර කර ඇති දඩුවමින්ම දඩුවම් ලැබිය යුතුවේ.

    තවද පනතේ 2,3,4 සහ 5 වන වගන්තිවල සඳහන් දඩුවම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලීමේදී ව්‍යවස්ථාදායකය විසින් මෙවැනි වැරදි සම්බන්ධයෙන් අවුරුද්දකට අඩු නොවන හා අවුරුදු විස්සකට වැඩි නොවන දෙයාකාරයෙන් එක් ආකාරයක වූ අනිවාර්ය සිර දඩුවමක් එවැනි වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වන තැනැත්තන්ට එරෙහිව පැනවීමටද ඊට අමතරව අවම වශයෙන් අදාළ පොදු දේපලෙහි වටිනාකම මෙන් තුන් ගුණයක මුදලක් දඩයක් වශයෙන් අයකර ගැනීමට ප්‍රතිපාදන සලස්වා ඇති අතර, එයිනිදු නොනැවතී පනතේ 6 වන වගන්තිය ප්‍රකාරව අදාළ වරදකරු විසින් එලෙස නියම කරන ලද දඩ මුදල නොගෙවා පැහැර හරින ලද අවස්ථාවකදී, එම පුද්ගලයා සතු එම දඩ මුදලේ ප්‍රමාණයට වටිනාකමින් සමානයැයි අධිකරණය විසින් සළකනු ලබන සියළු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක විය යුතු බවට ආඥා කිරීමටද, ඒ අනුව එම දේපල විකුණා එම මුදල අය කරගැනීමද, ව්‍යවස්ථාදායකයේ අරමුණ වී ඇති අතර, තවදුරටත් පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව ඒ ආකාරයෙන්ද දඩ මුදල අය කර ගත නොහැකි අවස්ථාවකදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 18 වන වගන්තිය ප්‍රකාරව එම තැනැත්තා විෂයෙහිලා ප්‍රජා සේවා ආඥාවක්ද අධිකරණය විසින් පැනවිය යුතුවේ.

    ඒ අනුව සංශෝධිත පරිදි වූ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත පැනවීමෙහිලා ව්‍යවස්ථාදායකය විසින් අන් කිසිදු පනතක සඳහන් නොවන ආකාරයේ ඇප ලබාදීමේ සීමා සහ දඩුවම් පනවනු ලැබ ඇති අතර, ඒ යටතේ ව්‍යවස්ථාදායකයේ අරමුණ වී ඇත්තේ පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි සම්බන්ධයෙන් අනෙකුත් පනත්වලට සාපේක්ෂව දැඩි ස්ථාවරයක සිට කටයුතු කිරිම වන බව පැහැදිලිව පෙනී යන අතර, එම තත්ත්වය තවදුරටත් තහවුරු වනුයේ ගරු මහාධිකරණයට හෝ වෙනත් ගරු ඉහළ අධිකරණයක් වෙත පවා කිසියම් කරුණක් සුවිශේෂි කරුණක් වශයෙන් තීරණය කරනු ලැබ මිස කිසිදු සැකකරුවෙකු සම්බන්ධයෙන් ඇප නියම කල නොහැකි වන බව පනත එක්ව ගෙන කියවීමේදී පැහැදිලිව පෙනී යන බැවිනි.

    ඒ යටතේ කරුණු සළකා බැලීමේදී මා විසින් ඉහතින් අවධානය යොමු කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිශ්චාසනයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවක් වන (Five Bench/Full Bench Judgement) AG Vs. Sumathipala (2006(2)SLR 126) දරණ නඩු තීන්දුව යටතේ ප්‍රකාශයට පත් කරන ලද නෛතික සිද්ධාන්තය හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය A.R.B. අමරසිංහ මැතිතුමන් විසින් රචිත “Judicial Conduct, Ethics and Responsibilities” නමැති ග්‍රන්ථයෙහි පිටු අංක 284 ට අදාළව දක්වා ඇති කරුණු එක්ව ගෙන සලකා බැලීමේදී, අධිකරණයේ කාර්යය වනුයේ ස්වකීය තීන්දු හා නියෝග ලබාදීමේදී ඒ ඒ පනතට අදාලව පවත්නා ප්‍රතිපාදන මත, එකී පනත පැනවීමේ ව්‍යවස්ථාදායකයේ ප්‍රකාශිත අරමුණ ඉටුවන පරිදි තම සීමා තුල සිට කටයුතු කිරිම වන බව පැහැදිලිව පෙනී යන බැවින්, ඊට අදාලව මාගේ අවධානය සුවිශේෂි කරුණු (exceptional circumstances) සම්බන්ධයෙන් Ramu Thamotharampillai Vs. A.G.(2004 (3) SLR 180) නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වයිත්‍යලිංගම් මැතිතුමන් විසින් ප්‍රකාශයට පත් කර ඇති පහත සඳහන් කරුණු වෙත යොමු කර සිටිමි.

    “Where a statute vests discretion in a court it is if course unwise to confine its exercise within narrow limits by rigid and inflexible rules from which a court is never at liberty to depart, nor indeed can there be found any absolutes or formula which could invariably give an answer to different problems which may be posed in different cases on different facts………. but in order that like cases may be decided alike and that there will be ensured some uniformity of decisions it is necessary that some guidance shall be laid down for the exercise of that discretion,

    ඒ යටතේ ඉහත කී සුවිශේෂි තත්ත්වයන් (exceptional circumstances) ට අදාලව ප්‍රථමයෙන් මාගේ අවධානය සුවිශේෂි තත්ත්වයන් වශයෙන් සලකා බැලිය යුතු බවට බොහෝ නඩුවලදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් පොදුවේ සැලකරනු ලබන කරුණු තුනක් වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

    1) පැමිණිල්ලේ නඩුව දුර්වල වන බවත්, ඒ අනුව එම කරුණ සුවිශේෂි තත්ත්වයක් වශයෙන් සළකා සැකකරුවන් වෙත ඇප නියම කල යුතු වන බව,
    ඒ අනුව කරුණු සළකා බැලීමේදී, අභියාචනයට යටත්ව ඇප අයැද සිටිනු ලබන ඉල්ලීම්වලදී ද (Bail Pending Appeal) A.G. Vs. Ediriweera Arachchige Prabath Ediriweera [2006 BLR page 12] දරණ නඩු තීන්දුව යටතේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මැතිණිය විසින් ප්‍රකාශ කර ඇති නෛතික ස්ථාවරය ප්‍රකාරව අභියාචනයේදී අසා තීරණය කළ යුතු කරුණු, ඇප අයැදීම යටතේ වන ඉල්ලිමකදී සළකා බලා ඒ මත තීරණයකට පැමිණිම සුදුසු නොවන බවට, එනම් නඩුවේ හරයාත්මක කරුණු (Merits of the case) ඇප ලබාදිමට අදාළව සළකා බැලීම සුදුසු නොවන බවට පැහැදිලිව තීරණය කර ඇති බැවින් සහ එකී නීතිමය තත්ත්වය Sulaiman Lebbe Mohamad Uvais Vs. Director General, The Commissions to Investigate Allegations of Bribery and Corruption [CA (PHC) APN 86/2010, Decided on 03.02.2011] දරණ නඩු තීන්දුව යටතේ එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ සිසිර ද ආබෲ මැතිතුමන් විසින්ද සළකා බලා පිළිගෙන තිබීම යටතේ ඇප නියම කිරීමට අදාළව එකී කරුණු සුවිශේෂි කරුණු වශයෙන් සළකා බැලිය නොහැකි බව පැහැදිලිව පෙනී යයි.

    2) පැමිණිල්ල විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(2) වන වගන්තියෙහි සදහන් ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කර නොමැති බවත්, ඒ අනුව එම කරුණ සුවිශේෂි කරුණක් ලෙස සලකා සැකකරුවන් වෙත ඇප නියම කල යුතු වන බව.

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(2) වගන්තිය යටතේ සඳහන් ප්‍රතිපාදන සංශෝධිත පරිදි වූ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනතේ 2, 3, 4, 5 වගන්ති සහ එකී පනතේ 8(1) වගන්තියට ඇති අතුරු විධානය සමඟ එක්ව ගෙන කියවිය යුතුවන අතර, ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය Juzath Vs. O.I.C. Fraud Bureau Unit 3 and others (C.A. Appeal No. 267/1992 – Decided on 28th August 1992) නඩුවේදී මැනවින් විස්තර කර ඇති අතර, ඒ යටතේ එකී නඩු තීන්දුව ප්‍රකාරව අනවශ්‍ය ප්‍රමාදයක් පැමිණිල්ල වෙතින් සිදුව ඇති බව පැහැදිලි සාක්ෂි සහිතව ඉදිරිපත්ව ඇති අවස්තානුගත තත්ත්වයක් යටතේ, එකී කරුණ සුවිශේෂී කරුණක් වශෙයෙන් සලකා බැලීමේ හැකියාව පවතී.

    3) පැමිණිල්ල විසින් සැකකරුවන් වශයෙන් නම් කොට ඇති බොහෝ දෙනා යම් පිරිසක් විසින් පොදු දේපළ විෂයෙහිලා අනර්ථය සිදුකරන ලද අවස්ථාව වන විට වෙනත් ස්ථානවල සිට ඇති බව (අන්‍යස්ථානිකභාවය/ නොතැනියාව සම්බන්ධයෙන් වන විත්තිවාචකය/ Alibi)
    ඒ යටතේ කරුණු සළකා බැලීමේදී අන්‍යස්ථානිකභාවය නඩු විභාගයේදී සළකා බැලිය යුතු කරුණක් මිස ඇප ලබාදීම පිණිස මුල් අවස්ථාවේදී සළකා බැලිය හැකි සුවිශේෂි කරුණක් නොවන බව මේ වන විටත් මා විසින් පැහැදිලි කර ඇති නෛතික සිද්ධාන්ත ප්‍රකාරව පැහැදිලිව පෙනී යයි.

    තවද, පොදු දේපළ විෂයෙහිලා සිදුකොට ඇති වැරදි සම්බන්ධයෙන් ඇප සළකා බැලීමට අදාළව සළකා බැලිය හැකි සුවිශේෂි කරුණු වලට අදාළව ඉහළ අධිකරණය විසින් තීරණය කොට ඇති නඩු තීන්දුවල පවත්නා අල්ප ස්වභාවය මත සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් ඇප ලබාදීම සම්බන්ධයෙන් සළකා බැලිය යුතු සුවි‍ශේෂී අවස්ථානුගත තත්ත්වයන්ට අදාළව අභියාචනයට යටත්ව ඇප අයැදීම් (Bail Pending Appeal) සම්බන්ධයෙන් ඉහළ අධිකරණය විසින් සළකා බලන ලද සුවිශේෂී කරුණු සම්බන්ධයෙන් විශ්වාසය තබා ඒ අනුව කරුණු දක්වනු ලබන බැවින් මෙන්ම මා විසින් ඉහතින් අවධානය යොමු කරන ලද Ramu Thamotharmpillai Vs. A.G. [2004 (3) SLR 180] නඩු තීන්දුව යටතේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වයිත්‍යලිංගම් මැතිතුමන් විසින් ඇප ලබාදීමේදී සළකා බැලිය යුතු සුවිශේෂි කරුණු ඒ ඒ නඩුවේ සිද්ධිමය කරුණු අනුව වෙනස් විය හැකි වුවද සමාන අවස්ථානුගත තත්ත්වයන් ඒකකාරීව තීරණය වන පරිදි ස්වකීය අභිමතය විනිශ්චයකාරවරුන් විසින් භාවිතා කළයුතු වන බව (“like cases may be decided alike and that there will be ensured some uniformity shall be laid down for the exercise of that discretion”) පැහැදිලිව තීරණය කර ඇති බැවින්, ඒ යටතේ ඉහළ අධිකරණ විසින් නඩු තීන්දු නීතිය යටතේ සළකා බලා ඇති සුවිශේෂි කරුණු කවරේදැයි මා විසින් පහත සඳහන් පරිදි සළකා බලමි.

    (අ) නඩුව අසා නිම කිරිමට ගතවන කාලය යටතේ වන ප්‍රමාදය සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වේද ?

    ඒ යටතේ මාගේ අවධානය පහත සඳහන් නඩු තීන්දු වෙත යොමුකර සිටිමි.

    Queen Vs. Cornelis Silva (74 NLR 113)

    “Release on bail pending appeal will only be granted on exceptional circumstances. Where the Sentence is a long one the mere circumstance that the hearing of the appeal is not likely to take place for a fortnight or a month is of itself no ground for the grant of bail”

    Queen Vs. Rupasinghe Perere (62 N.L.R 238)

    “Delay to ensue in preparation of a brief owing to the production of a large number of exhibits in a case where over 100 witnesses were examined and more than 400 exhibits were produced, was not a reason for the grant of bail”

    A.G. Vs. Ediriweera Arachchige Prabath Ediriweera (2006 B L R page 12)

    “Delay in the preparation of the appeal brief and the delay in hearing and the disposal of the appeal in the circumstances of the case; do not come under the category of exceptional circumstances.”

    Ranatunge Arachchilage Peter Vs. A.G. (CA 450/95 decided on 2/8/95)

    “The fact that the appeal will take a long time was not considered as forming exceptional circumstances.”

    ඒ අනුව කරුණු සලකා බැලීමේදී, නඩුව අසා නිම කිරිමට ගතවන කාලය යටතේ වන ප්‍රමාදය සුවිශේෂි කරුණක් වශයෙන් සැලකිය නොහැකි වන නමුදු ඉහතීන් මා විසින් සඳහන් කර ඇති පරිදි Juzath Vs. OIC Fraud Bureau Unit 3 and Others නඩු තීන්දුව යටතේ විස්තර කර ඇති නෛතික ස්ථාවරය ප්‍රකාරව අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නඩු කටයුතු අවසන් කිරීමට පැමිණිල්ල ක්‍රියා නොකරන බව, කරුණු සහිතව අධිකරණය සෑහිමට පත් කල හැකි වන්නේ නම් එම කරුණ, සුවිශේෂී කරුණක් වශයෙන් සලකා බැලීමේ හැකියාවක් අධිකරණය සතුව පවතී.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    (3 of 4)

    (ආ) චුදිත පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ චුදිත නඩු විභාගය අවසාන වන තෙක් බන්ධනාගාර ගතවීම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමි විම සුවිශේෂී කරුණක් වශයෙන් සැළකිය හැකි වේද ?

    ඒ යටතේ මාගේ අවධානය පහත සඳහන් නඩු තීන්දු මඟින් විස්තර කර ඇති නෛතික තත්ත්වයන් වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

    Ranatunge Arachchilage Peter Vs. A.G. (CA 450/95 decided on 2/8/95)

    “The fact that the appeal will take a long time, the fact that accused is the sole bread winner, the fact that accused had been on remand for a long period of time, were not considered as forming exceptional circumstances.”

    Ramu Thamotharmpillai Vs. A.G. [2004 (3) SLR 180]

    “The facts that the accused was the father of six children, he is 55 years old, that he has no previous convictions, that the accused is suffering from an illness and is feeble, do not fall within the definition of exceptional as they are common to many accused persons”

    R. M. Chandralatha Rajapaksha Vs. A.G [CA (PHC) APN 79/2009 – decided on 17/12/2009]

    “The facts that the mother of the accused is 85 years of age and since the accused is incarcerated, there is no one to look after her and the accused has been denied of an opportunity of conceiving a child as the accused is incarcerated were not considered as forming exceptional circumstances”

    මෙම නඩුවේදී හිටපු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මැතිතුමන් විසින් පහත සඳහන් කරුණු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබ ඇත.

    “In other words, remand prisoners or convicted prisoners cannot claim certain fundamental rights such as the right not to be discriminated, the freedom of movement, freedom of speech, freedom of union, freedom of association etc. In similar vein a prisoner cannot complain that he is not allowed to live with his wife or that he is prevented from having sex with his wife or that he is unable to procreate children. These are privileges enjoyed by the ordinary citizens not extended to the inmates of remand prisoners or to convicted prisoners as long as they remain to be prisoners.”

    ඒ අනුව කරුණු සළකා බැලිමේදී ඉහත කී න‍ඩු තීන්දු යටතේ විස්තර කොට ඇති නෛතික තත්ත්වයන්ට අදාලව පොදු දේපළ විෂයෙහිලා සිදුකොට ඇති බවට චෝදනා නගනු ලබන වැරදි සම්බන්ධයෙන් සංශෝධිත පරිදි වු 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත පැනවීමේ ව්‍යවස්ථාදායකයේ අරමුණ කෙරෙහි මාගේ අවධානය යොමු කරලීමේදී චුදිත පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ චුදිත නඩු විභාගය අවසාන වනතෙක් බන්ධනාගාර ගතවිම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමිවීම මානුෂිය කරුණු (humanitarian facts) වුවද, ඒවා ඉහත කී ප්‍රකාරව වන පොදු දේපල විෂයෙහිලා වරදක් සිදුකර ඇති අවස්ථාවක සුවිශේෂි කරුණු වශයෙන් සැළකිය නොහැකි බව පැහැදිලිව පෙනී යයි.

    (ඇ) අධ්‍යාපන කටයුතු වලට බාධාවීම යන කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වේද?

    මේ යටතේ කරුණු සළකා බැලීමේදී Ediriweera Vs A.G. (2006 (1) SLR 25) නඩුවට අදාළව එවකට අභියාචනාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ මැතිතුමන් විසින් අධ්‍යාපන කටයුතු වලට බාධා වීම ( Disruption of studies) සම්බන්ධයෙන් කරුණු සළකා බලා ඇති අතර, ඒ යටතේ එකී නඩු තීන්දුවෙහි 30 වන පිටුව යටතේ පහත සදහන් කරුණු එතුමන් විසින් වාර්තා කරනු ලැබ තිබේ.

    “Learned counsel for the petitioner has submitted a diploma certificate marked P7. The petitioner completed his diploma in May 2000. The petitioner was convicted on 30.03.2004 There is no evidence to suggest that the petitioner has engaged in any studies after his diploma in May 2000. There for ground (b) above does not fall within the category of exceptional circumstances.”

    ඒ අනුව කරුණු සළකා බැලීමේදී කිසියම් නඩුවකට අදාළව වරද සිදුවන ලද කාලසීමාව තුළ කිසියම් සැකකරුවෙකු අධ්‍යාපනයෙහි යෙදෙන බව සහ රක්ෂිත බන්ධනාගාර ගතවීම එම අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පමුණුවනු ලබන බවට විධිමත්ව කරුණු සනාථ කළ හැකි වන්නේ නම් එවන් සැකකරුවන් හට ඉහත කී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සළකා ඇප ලබා ගැනිම සදහා හිමිකම් පවතී.

    (ඈ) සැකකරු අසනීප තත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය යුතු වේද?

    මේ සම්බන්ධයෙන් මාගේ අවධානය පහත සඳහන් නඩු තීන්දු යටතේ විස්තර කර ඇති නෛතික තත්ත්වයන් වෙත යොමු කර සිටිමි.

    Ramu Thamotharampillai Vs. AG (2004(3) SLR 180)
    “The illness must be a present illness and that continued incarceration would endanger life or cause permanent impairment of health. Moreover there must be evidence of the nature of illness and its effect”.

    Queen Vs Liyange (65 NLR 289)
    “One of the grounds urged for the grant of bail was the ill health of the accused persons and affidavits were filed in regard to this. Bail was refused on the ground that there was no sufficient material before court to enable the court to say that their present health demands that they be released on bail.”
    Ediriweera Vs A.G. (2006 (1) SLR 25) – Sisira de Abrew, J
    “There is no evidence before court that the petitioner’s health condition cannot be treated either at the prison hospital or at any hospital in Sri Lanka. Therefore ground (a) above does not come under exceptional circumstances”

    ඒ අනුව කරුණු සළකා බැලීමේදී කිසියම් සැකකරුවෙකුගේ අයහපත් සෞඛ්‍ය තත්වය යන කරුණ මෙවැනි නඩුවකට අදාළව සුවිශේෂි කරුණක් වශයෙන් සැළකීමට නම්,

    I). එය වර්තමානයේ පවතින රෝගී තත්වයක් විය යුතුය.

    II). එය සනාථ කරනු වස් සාක්ෂි පැවතිය යුතුය.

    III). බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාර රෝහලේදී හෝ වෙනත් රෝහලකදී ප්‍රතිකාර ලබාගත නොහැකි බවට කරුණු සනාථ කර තිබිය යුතුය.

    IV). අදාළ රෝගයට පිළියම් නොයෙදුවහොත් ඒ යටතේ සැකකරුගේ ජීවිතයට අවදානමක් පවතින බවට කරුණු සහිතව සනාථ කළ හැකි විය යුතුය.
    ඒ යටතේ කරුණු සළකා බැලීමේදී ඉහත කී අවස්ථානුගත තත්ත්වයන් ඔප්පු කරලීමට සැකකරු අපොහොසත් වන්නේ නම්, මෙවැනි නඩුවකට අදාළව සැකකරුගේ රෝගී තත්ත්වය යන කරුණ සුවිශේෂි කරුණක් ලෙස සළකා ඇප සළකා බැලීමේ හැකියාවක් අධිකරණය වෙත නොපවතී.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    (4 of 4)

    (ඉ) සැකකරුගේ මව හෝ පියා රෝගී තත්ත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වේද ?

    ඒ යටතේ කරුණු සළකා බැලීමට අදාළව බොහෝ නඩුවලදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් පහත සදහන් නඩු තීන්දුව මත පිහිටා කරුණු සැලකරනු ලබන බැවින් ඊට අදාලව එකී නඩු තීන්දුව වෙත මාගේ අවධානය පහත සදහන් පරිදි යොමු කර සිටිමි.

    Ediriweera Vs. AG [2006 (1) SLR 25] – [ CA (PHC) 25/2005]

    ඒ අනුව කරුණු සලකා බැලීමේදී ඉහත තීන්දුව බෙදුනු නඩු තීන්දුවක් වශයෙන් අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති අතර, ඒ යටතේ එවකට අභියාචනාධිකරණ විනිසුරු සිසිරද ආබෲ මැතිතුමන් විසින් මෙම නඩුවට අදාළව ඉදිරිපත් වන ලද කිසිදු කරුණක් සුවිශේෂි කරුණු නොවන බවට තීරණය කර තිබේ. කෙසේ නමුදු හිටපු අභියාචනාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදි මැතිතුමන් විසින් එම නඩුවට අදාලව පහත සඳහන් කරුණු සුවිශේෂි කරුණු වන බවට කරන ලද පිළිගැනීම විජේරත්න මැතිතුමන් විසින් පිළිගැනීම මත බහුතර එකගත්වයෙන් පහත කරුණු සුවිශේෂි කරුණු වශයෙන් සළකා බැලිය හැකි බවට අභියාචනාධිකරණය විසින් තීරණය කර ඇති අතර එම කරුණු පහත සඳහන් පරිදි වේ.

    “i. It is to be noted that the respondent has not denied the fact that the accused appellant need Specialized treatment as stated in the Medical Certificate and such treatment could not be given by the prisons Authorities in the prisons Hospital or in a hospital.
    ii. In the Court of Appeal it will take at least more than One year for this appeal to be taken up-so that the final determination of the appeal may take many years and it could be considered as a long delay to determine the appeal.
    iii. Important points of law namely - Common intention and actus reus not been applied in evaluating the evidence by the High Court, the position taken up in the judgment that the 2nd accused appellant was caught red handed is questionable.
    iv. The father of the accused appellant had been a cancer patient when this application was filed and had been recommend by professor Silva, to allow the accused appellant to see his father on humanitarian grounds.

    The matters above could be considered as exceptional circumstances.

    කරුණු එසේ වුවද ඉහත කී අභියාචනාධිකරණ තීන්දුව (එවකට හිටපු අභියාචනාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදි මැතිතුමන් විසින් ලියනු ලැබ හිටපු අභියාචනාධිකරණ විනිසුරු විජේරත්න මැතිතුමන් විසින් එකග බව සදහන් කර ඇති බහුතර කැමැත්ත / majority decision මත තීරණය වන ලද තීන්දුව ) ගරු නීතිපතිතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද අභියාචනයක් යටතේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මැතිණිය විසින් පහත සඳහන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යටතේ ප්‍රකාශිතවම අවලංගු කර ඇති ( Sets aside) තීන්දුවක් වන බැවිනි. එකී තීන්දුව පහත සදහන් පරිදි වේ .

    AG Vs. Ediriweera Arachchige Prabath Ediriweera [ SC Appeal no 100/2005 – decided on 4/8/2006 – And also reported on 2006 BLR page 12]
    “This Court therefore finds no exceptional Circumstances to grant bail to the Accused Respondent, sets aside the majority judgment of the Court of Appeal in Court of Appeal Application No .CA (PHC) APN No 25/2005 and make order remanding the Accused – Respondent. The Appeal is allowed. No Costs. “

    ඒ අනුව කරුණු සළකා බැලීමේදී මෙවැනි බරපතල ගනයේ ලා සැළකිය හැකි නඩුකර වලට අදාළව දෙමාපියන් වෙත පවත්නා රෝගි තත්ත්වයන් සුවිශේෂි කරුණු වශයෙන් සැළකිය නොහැකි බව පැහැදිලිව පෙනී යන බැවින් එවැනි කරුණු සුවිශේෂි කරුණු වශයෙන් සළකා ඇප නියම කිරීමේ අධිකරණ බලයක් අධිකරණය වෙත නොපවතින බව පැහැදිලිව පෙනී යයි.

    ඒ යටතේ ඉහත කී සියළු කරුණු සම්පින්ඩනය කර බැලීමේ දී,

    01. පැමිණිල්ලේ නඩුව දුර්වල වීම යන කරුණ සුවිශේෂි කරුණක් (Exceptional Circumstances) වශයෙන් සළකා සැකකරුවන් වෙත ඇප නියම කළ නොහැකි වන බව.

    02. නඩුව අසා නිම කිරීමට ගත වන කාලය යටතේ වන ප්‍රමාදය හෝ සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි නොමැති බවට වන කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය නොහැකි වන බව.

    03. සැකකරු පවුලේ එකම ආදායම් උපයන්නා වන බව සහ සැකකරු නඩු විභාගය අවසාන වන තෙක් බන්ධනාගාරගත වීම යටතේ පවුලේ සාමාජිකයින් වෙත ආදරය, රැකවරණය සහ සෙනෙහස අහිමිවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය නොහැකි වන බව.

    04. සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වුවද, ඒ යටතේ එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකීමට නම්,

    I) එය වර්ථමානයේ පවතින රෝගි තත්ත්වයක් විය යුතු වන බව,

    II) එය සනාථ කරනු වස් සාක්ෂි පැවතිය යුතු වන බව,

    III) බන්ධනාගාර ගතව සිටියදී, බන්ධනාගාර රෝහලේදී හෝ වෙනත් රෝහලකදී ප්‍රතිකාර ලබාගත නොහැකි බවට කරුණු සනාථ කර තිබිය යුතු වන බව, සහ

    IV) අදාළ රෝගයට පිළියම් නොයෙදුවහොත් ඒ යටතේ සැකකරුගේ ජීවිතය අවදානම් සහගත තත්ත්වයකට පත්වන බවට කරුණු සහිතව සනාථ කර තිබිය යුතු වන බව.

    05. සැකකරුගේ මව හෝ පියා රෝගි තත්ත්වයෙන් පසුවීම සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය නොහැකි වන බව, පැහැදිලිව පෙනී යයි.
    කෙසේ නමුදු පහත අවස්ථානුගත තත්ත්වයන් පවතින්නේ නම් සහ එම අවස්ථානුගත තත්ත්වයන් කරුණු සහිතව සනාථ කරන්නේ වී නම්, ඒවා සුවිශේෂි කරුණු වශයෙන් සැළකිය හැකි වන බව තවදුරටත් මෙම කරුණු සාකච්ඡාවට බදුන් කිරීමේ අරමුණින් යුතුව මෙහිලා සඳහන් කරමි. ඒ යටතේ එකී කරුණු වනුයේ,

    01. සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත වීම මගින් සැකකරුගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවන බව සනාථ කළහැකි වන්නේ නම් එම කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකි වන බව.

    02. ජීවිතයේ එක් වරක් පමණක් පුද්ගලයෙකු වෙත සහභාගිවීමට අවස්ථාව හිමිවන සැකකරුගේ හෝ සැකකරුගේ සහෝදරයෙකුගේ හෝ සැකකරුගේ සහෝදරියකගේ හෝ සැකකරුගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යයක් වැනි සුවිශේෂි අවස්ථාවක් පවතින බවට කරුණු සහිතව සනාථ කළ හැකි වන්නේ නම් එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකිය හැකිවන බව.

    ඒ යටතේ එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සැළකීමට නම්,

    (අ) අදාළ විවාහය වැනි ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි අවස්ථාව ඉහතකී පරිදි සැකකරුට හෝ සැකකරුගේ සහෝදරයෙකුට හෝ සැකකරුගේ සහෝදරියකට හෝ දරුවෙකුට අදාළ සුවිශේෂි අවස්ථාවක් විය යුතුය.( විවාහය හේතුකොට ගෙන ඇති වන ලද ඥාතියෙකුගේ හෝ අන්කිසි ඥාතියෙකු සම්බන්ධයෙන් වන සුවිශේෂි අවස්ථාවක් නොවිය යුතුය.)

    (ආ) සාක්ෂි වශයෙන් සළකා බැලිය හැකිවන පරිදි ඥාතිත්වය හා විවාහ මංගල්‍ය උත්සවය හෝ එවැනි ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි අවස්ථාවකට අදාළ කරුණු පිළිගත හැකි ලේඛණ මගින් තහවුරු කර තිබිය යුතුය.

    ඇ) අදාළ විවාහ මංගල්‍ය උත්සවය හෝ එවැනි ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සුවිශේෂි අවස්ථාව සැකකරු අත් අඩංගුවට ගැනීමට ප්‍රථම සැළසුම් කර තිබූ බවට සාක්ෂි සහිතව කරුණු සනාථ කර තිබිය යුතුය.

    03. සැකකරුවෙකුගේ බිරිද දරු ප්‍රසූතියට සූදානම්ව සිටින බවට කරුණු සහිතව සනාථ කළහැකි වන්නේ නම්

    ඒ යටතේ කරුණු සලකා බැලීමේදී දරුවෙකු ලැබීමට සිටින අවස්ථාවකදී මවකට සිදුවිය හැකි මානසික පීඩාවන් දරුගැබ විනාශ වීමට සහ ඉපදීමට සිටින දරුවා සම්බන්ධයෙන් අසංකූලතා ඇති වීමට හේතුපාදක වන බවට වන වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් සක්‍යතාවය මත අධිකරණය සෑහීමට පත්වන පරිදි වෛද්‍ය සහතික සමග නිසි ක්‍රමවේදය ප්‍රකාරව කරුණු සනාථ කර ඇත්තේ වීනම් එම කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සළකා බැලිය හැකි වේ.

    04. පැමිණිල්ල විසින් අනිසි ප්‍රමාදයකින් යුතුව පරීක්ෂණ පවත්වනු ලබන බව හේතු සහිතව සනාථ කල හැකි වන්නේ නම්, Juzath Vs OIC, Fraud Bureau unit, 03 and others [BASL Law Journals (unreported) 1991-1998 Vol. II] දරණ නඩු තීන්දුව යටතේ හිටපු අභියාචනාධිකරණ විනිසුරු එච්.ඩබ්. සේනානායක මැතිතුමන් විසින් ප්‍රකාශ කර ඇති නෛතික තත්ත්වය අනුව යමින් එකී කරුණ සුවිශේෂි කරුණක් වශයෙන් සලකා බැලිය හැකි වේ.


    Source
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඉතින් උබ මොකටද බය වෙන්නෙ? දොස්තර කෙනෙක් විදියට උබ මොනවද අවභාවිතා කරෙ?