උසස් පෙළට අලුතින් එක්වන විෂයයන් මෙන්න - අනිවාර්ය විෂයන් 09ක්
සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත උසස් පෙළට හඳුන්වා දී ඇති අලුත් විෂයයන් මේ වන විට නම් කර ඇතුළත් කර තිබෙනවා.
එළඹෙන ඔක්තෝබරයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්, 2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදිත් මෙය ක්‍රියාත්මක වෙනු ඇති.
13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනවා.
මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වනු ලබන අතර, එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි.
ඒ පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව වශයෙනුයි. පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 09ක් ආවරණය කෙරෙනවා.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය ක්ෂේත්රයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි.
සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ.
1. පළමු බස (සිංහල හෝ දෙමළ)
2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය
3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා
4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා
5. පුරවැසිභාවයට අදාළ කුසලතා
6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා
7. ව්‍යවසායකත්ව කුසලතා
8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්
9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්
මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞර්ෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි.
ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්ට අවකාශ හිමි වනවා.
ව්‍යවහාර විෂයයන් (26)
1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care)
2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)
3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports)
4. ප්‍රාසාංගික කලාව (Performing Arts)
5. කාර්යසිද්ධි කළමණාකරණය (Event Management)
6. ශිල්ප කලා (Arts and Crafts)
7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)
8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)
9. ග්‍රැෆික් නිර්මාණකරණය (Graphic Designing)
10. කලාව හා පිරිසැලසුම්කරණය (Art and Designing)
11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)
12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)
13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)
14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Food Processing Studies)
15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය (Aquatic Resource Studies)
16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)
17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)
18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය (Automobile Studies)
19. විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)
20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies)
21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)
22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)
23. මෘදුකාංග සංවර්ධනය (Software Development)
24. වෙබ් නිර්මාණකරණය (Web Development)
25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)
26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies)
රැකියා වෙළඳපොළ ජයගත හැකි, වෘත්තීය සංවර්ධන කුසලතා ප්‍රායෝගිකව අත්පත් කරගත හැකි විෂයයන් හැදෑරීමට ඒ අනුව මේ හරහා සිසුන්ට සෘජුවම අවස්ථාව සැලසෙන අතර, අනාගත වැඩ ලෝකය තුළ ස්වාධීනව ස්වකීය වෘත්තීය කටයුතු කිරීමේ සුදුසුකම ඔවුන්ට හිමි වන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ.

http://nethnews.lk/article/45991
ආණ්ඩුව මිනිස්සුන්ට කොච්චර එපා වෙලා තිබුණත් අධ්‍යාපනය අතින් රට ඉස්සරහට යන්න නම් රනිල් තමා
ඉස්කෝලෙ ඇරිල පන්ති දක්කල ගෙදට්ට ගෙනත් ගාල් කරන ලමයින්ට වැඩක් කරගන්න දෙන්නැතුව මෙගා නාට්ටි ටික දාගෙන මෙන්න පටං ගන්නෝ බලන්ඩ එන්නෝ කියල කෑගහන කාලකන්නි බහුතරයක් ලමයි හදන රටේ මේව කරන ආණ්ඩුවට වෙන්නෙ උඩින්ම පැරදිලා ගෙදර යන්න තමා
ලමයි මොනා කලාම මොකද අකුරු පොඩ්ඩක් කියවන්න පුලුවන්නං ඇති ඒ වගේද උඩුරැවුලයි බඩයි මතක් වෙද්දි දැනෙන දුක. ඇති යංතං ඒකවත් 2020ට කලිං ක්‍රියාත්මක කරන්න සැලසුම් කල්ල තියෙනව මේක කරන්න කලිං ඡන්දයක් නොඒවයි ප්‍රාර්ථනා කරමු

මහින්ද බලු කෑම වලට ගහන බදු අඩු කලා

රනිල් පොත් වලට ගහන බදු අඩු කලා

පොත් කන්නද බලු කෑමයි වටින්නෙ

ලමයි ඉන්න ලමයි හම්බවෙන්න ඉන්න, අනාගතේ ලමයි හදන්න ඉන්න, උන්ට මොනා වුනත් අවුලක් නැති අයට මෙතනිං ගිහිං රෙප් කපන්න පුලුවන්

Last edited: