පොල් ගෙඩිය මත හිදුවා කරකැවීම...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පොල් ගෙඩිය මත හිදුවා කරකැවීම...

    mail


    හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න...
    ඇඟිලිවලින් දෙහි කපන හැටි...

    පිටි අල්ලෙන් මිනී ඔළුවක් මවන හැටි...

    නටන තෙලට අත දමන හැටි...

    ගිරයක් හෝ පිහියක් නොමැතිව සුරතේ ඇඟිලි දෙකකින් දෙහි කැපීම, කපන ලද දෙහි ගෙඩි තුළින් රුධිරය වෑස්සීම, උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අල්‍ලේ මිනී ඔළුවක රුවක් මතු කිරීම, සුරය බල පෙන්වීම ආදිය මහා බලගතු හාස්කම් බව අප කාගේත් පිළිගැනීමය.

    කලින් මුඛ පරම්පරාගත කතා ලෙසින් ආ බලසම්පන්න යකැදුරන්ට කළ හැකියැයි අප විශ්වාස කළ මෙබඳු හාස්කම් සියැසින් දැක බලා ගැනීමේ හැකියාවද දැන් අපට ලැබි තිබේ. ඒ වර්තමාන රූපවාහිනී නාලිකාවන්ට පින් සිදුවන්නටය.

    ඒවායේ පෙනී සිටින මහා බලසම්පන්න යකැදුරන් හා මන්ත්‍රකරුවන් වශයෙන් පෙනී සිටින පිරිස් රූපවාහිනී වැඩසටහන් මගින් තමන්ගේ එම හාස්කම් සජීවී ලෙස පවා ඉදිරිපත් කරන අතර ඒවා දකින ප්‍රේක්ෂකයෝ විස්මයෙන් භ්‍රාන්තව යති.

    ඒ සමගම එම වැඩසටහන් අවසානයේ එම රූපවාහිනී චැනල් මගින්ම එම ගුප්ත විද්‍යා ධරයන්ගේ ජංගම දුරකථන අංක පවා ඉදිරි පත් කරනුයේ රූපවාහිනී නරඹන්නවුන්ට ඔවුන්ගේ එම ගුප්ත සේවාවන් ලබා ගැනීමේ සෘජු අවකාශය හිමි කර දෙමිනි.

    ඉන්පසුව එම යකැදුරන් තමන්ට දුරකථන ඇමතුම් ලබා දෙන්නන්ගේ ගුප්ත අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිති. එමෙන්ම ඒ සම්බන්ධ අතිශය අමිහිරි අතුරු කතා රැසක්ද තිබේ.

    එහෙත් ගුප්ත විද්‍යාව වෘත්තියක් හෝ අතිරේක ආදායම් මාර්ගයක් ලෙස යොදා නොගන්නා සුරූපී නිළියක් සහ මෝස්තර නිරූපිකාවක් තුළ ඉහත සඳහන් සියලු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් ඇතැයි කිවහොත් ඒකාන්ත වශයෙන්ම ඔබ පුදුමයට පත් වනු ඇත.

    එහෙත් මීට දෙසතියකට පමණ ඉහත අපට එවැනි සුරූපිනියක් පිළිබඳව ආරංචි විය. ඒ ඉතා අහඹු ලෙසිනි. ඒ රැජින පත්‍රයේ මුල් කවරය සඳහා ඡයාරූප ගැනීමක් අතරදීය. නව පරපුරේ රූපවාහිනී, සිනමා නිළියක සහ මෝස්තර නිරූපිකාවක වන නදී දර්ශනී එම අද්භූත බල සහිත සුරූපිනියයි.

    වැහි ලිහිණි, ආදරණීය චංචලා, සත්කුළු පව්ව, රිදී සිත්තම්, සිහින පියාපත් ආදී ටෙලි නාට්‍යවලත් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේත් විවිධ චරිත නිරූපණය කරන නදී ඉදිරියේ විකාශනය කෙරෙන ටෙලි නාට්‍ය කිහිපයකින් තිරගත කෙරෙන චිත්‍රපට කිහිපයකිනුත් ඔබ හමුවට එනු ඇත.

    “ඇත්තෙන්ම මටත් ඔය වගේ හාස්කම් කියන දේවල් කරන්න පුළුවන්. නමුත් මෙච්චර කාලෙකට මේවා ගැන කියන්නවත්; ප්‍රසිද්ධියේ මේවා කරන්න ඉදිරිපත් වුණේ නෑ.” නදී අප සමග කීවාය.

    අප විශ්වාස කරන අන්දමට දැනට අපගේ කලා ක්ෂේත්‍රයේ හිඳින නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් අතරින් මෙවන් අද්භූත ක්‍රියා කිරීමේ හැකියාව ඇති එකම කලාකාරිය වන්නේද නදීය.

    එහෙම දේවල් වෙන්න පුළුවන්ද. මේ ගැන හරියටම දන්නේ නදීය. ඒ පිළිබඳව නදී ලක්බිම පුවත් පත සමඟ කළ කතාබහක් පහතින්.

    “මගේ ගම රත්නපුරේ ගල්ලෑල්ල කියන ප්‍රදේශය; ඒක එක පැත්තකින් ශ්‍රී පාදයට මායිම් වුණු ශ්‍රී පලාබද්දල ගමටත් අනික් පැත්තෙන් පුංචි දඹදිව කියලා ප්‍රසිද්ධ රත් ගඟටත් මැදි වුණු ගමක්. මගේ තාත්තා රූපසිංහ විතානආරච්චි; තාත්තා වෘත්තියෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්.

    මට අයියා කෙනෙකුයි, අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. අපේ තාත්තා තමන්ගේ වෘත්තියට අමතරව ගුප්ත විද්‍යා කටයුතුත් කරනවා. තාත්තා දැන් කාලෙක ඉඳලා මේවා ප්‍රගුණ කරලා තියනවා ඒ කිසිම ගුරුවරයෙක් නැතුව, ස්වොත්සාහයෙන්.

    නමුත් දීර්ඝ කාලයක් තිස්සේ තාත්තා කරපු හැදෑරීම්වලින් උකහා ගත් ‍ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත විද්‍යාවන් රැසක් ගැන හොඳ අවබෝධයක් අද වෙනකොට තාත්තාට තියනවා. මම මේ කාරණා ගැන මූලික පුහුණුවක් දැනුමක් ලැබුවේ තාත්තාගෙන්.

    නමුත් තාත්තා කිසිම දවසක තමන් ඉගෙන ගත්තු ශාස්ත්‍රයක් වැරදි විදිහට ප්‍රයෝජනයට අරගෙන නැහැ” නදී කීවාය. “නදීට තියනවය කියන ගුප්ත හාස්කම් බලය අපේ ඇස් ඉදිරිපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ?” මම ඇසීමි.

    “කිසිම ප්‍රශ්නයක් නැහැ පුළුවන්” ඇය කීවාය. ඒ අනුව මම කලින් යොදා ගත් පරිදි පසුගිය සැප්තැම්බර් 03 අඟහරුවාදා පෙරවරුවේ මහරගම,
    පිළියන්දල පාරේ පිහිටි ඇගේ වත්මන් නිවහනට පිවිසුණෙමි.

    නදී විවාහක එක් දරු මවකි. ඇගේ ආදරණීය සැමියා වන සඳුන් චතුරංග ජයවික්‍රම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක සේවය කරයි. නදී - සඳුන් යුවළට එකම පුතෙක් සිටියි.
    තවමත් පස් හැවිරිදි වියෙහි පසුවන ඔහු සඳුරු සත්සරය. සඳුරු ද ළමා නළුවෙකි. ඔහු මේ වනවිටත් ටෙලි නාට්‍ය කිහිපයක සහ වෙළඳ දැන්වීම් කිහිපයක රඟපා තිබේ.

    “අපි ඉස්සර වෙලාම ඇඟිලිවලින් දෙහි කපමු. මෙන්න මේ දෙහි ගෙඩිය තමයි මම කපන්නේ. ඊට ඉස්සර වෙලා මේ දෙහි ගෙඩිය පරීක්ෂා කරලා බලන්න.” නදී දෙහි ගෙඩියක් මවෙත පෑවාය. එය කිසිදු කැපුම් ලකුණක් නැති සාමාන්‍ය දෙහි ගෙඩියකි.

    “දෙහි කැපීම කියන්නේ අපේ සමාජයේ ප්‍රසිද්ධව තියන වස් දොස් දුරලීමේ සරල ශාන්ති කර්මයක්. සාමාන්‍යයෙන් දෙහි කැපීමට ගිරයක් යොදා ගත්තත් තමන්ට විශේෂිත හැකියාවක් තියන බව කියන ඇදුරන් හාස්කමක් හැටියට ඒ ක්‍රියාව අතින් කරනවා; ඒ මෙන්න මෙහෙම”

    එසේ කී නදී දෙහි ගෙඩියක් සිය දකුණතේ දබරැඟිල්ලට සහ මැදැඟිල්ලට මැදි කොට එය ගිරයකින් කපන්නාක් මෙන් හරියටම දෙකට මැදින් වෙන්වන සේ කපා වෙන් කළේ මා පුදුමයට පත් කරමිනි.
    ඇය එය සිදු කළ ආකාරයට ඒ මොහොතේ ඇගේ අතැඟිලි අතරේ සඟවා ගත් කැපුම් තලයක් තිබේදැයි මම ද විමසා බැලීමි. එහෙත් එවැනි කිසිවක් දක්නටද නොලැබුණි.

    ඊළඟට අපි දෙහි ගෙඩියෙන් ‍ලේ ගන්න හැටි බලමු. මට මෙතැනින් ඕනේම දෙහි ගෙඩියක් අරගෙන දෙන්න” අනතුරුව තමන් අබියස වූ දෙහි ගෙඩි කිහිපයක් දක්වමින් නදී කීවාය. එවිට මම ද ඉන් එක් දෙහි ගෙඩියක් ගෙන ඇගේ සුරතේ තැබිමි. එවිට ඇය තමන් සමීපයේ වූ ගිරයක් රැගෙන එම දෙහි ගෙඩිය සෙමින් කපන්නට වූවාය.
    පුදුමයෙනුත් පුදුමයකි. එහි ඇතුළත මඳක් රත් පැහැ ගැන්වී ඇත. එසේම එම දෙහි ගෙඩිය කැපී නිමවෙනවාත් සමගම එම රත් පැහැය ටිකෙන් ටික වැඩිවී ඉන් ගලා ආ රුධිරය බිඳක් නදීගේ අතැඟිලිවල තැවරෙනුද මට දැක ගත හැකිවිය.

    “ඊළඟට තියෙන්නෙ උතුරන තෙල් තාච්චියට දාන මේ දෙහි ගෙඩි ටික තෙල් ටික නටද්දීම අතින් ගන්න එක. නමුත් ඒක මේ වගේ ගෑස් ළිපකින් සියයට සීයක් සාර්ථකව කරන්න බැහැ. ඒකට දර ළිපක් ඕනේ. ඒ වගේම ඒ තෙල් උතුරවන ළිප දල්වන්න දැමිය යුතු විශේෂිත දර වර්ගත් තියනවා.”

    එසේ කියන අතරේ තම නිවසේ වූ ගෑස් ළිප දැල්වූ නදී ඒ මත තැබූ තාච්චියකට ‍පොල් තෙල් දමා එය හොඳින් නටන තෙක් රත් කළාය. ඉන්පසුව එය තුළට දෙහි ගෙඩි කිහිපයක් දැමූ ඇය තම සියුමැලි සුරත නටන තෙල් තාච්චියට බහා ඉන් එක් දෙහි ගෙඩියක් පිටතට ගත්තේ මා විස්මයෙන් මුසපත් කරමිනි.
    එසේ අත දමන අතරේද ඇගේ මුහුණෙහි වූයේ ද සුපුරුදු සිනාමුසු බවමය. එමෙන්ම එම ක්‍රියාවෙන් පසු ඇගේ සුරතේ එක් දිය බුබුලක්වත් නැගී නොතිබුණි.

    “ඊළඟට තියෙන්නේ හූනියමක බලය මගේ ඇඟට ගන්න එක; එහෙම ඇඟට එනවා නම් මේ තියන මිනී ඔළුව මගේ මේ අතේ වළලු කරෙන් මතු වෙන්න ඕනේ” එසේ කී නදී මා බලා සිටියදීම කුඩා කරදාසි කැබැල්ලක මිනී ඔළුවක් සිත්තම් කරන්නට වූවාය.

    ඉන්පසු ඇය ඒ රූපසටහන සහිත කරදාසි කැබැල්ල ගිනි තබා අළු කරන ලද්දේ මා කෙසේවත් නොසිතූ ලෙසිනි. අනතුරුව ඇය එම පිළිස්සුණු කරදාසියේ අළු තම සුරතේ තවරා ගන්නට වූවාය.
    පුදුමයෙනුත් පුදුමයකි. මින් මොහොතකට පෙර නදී කරදාසියක සටහන් කළ මිනී ඔළුවේ රූප සටහනම ඇගේ සුරතේ මැණික් කටුවෙන් ටිකෙන් ටික මතුව විත් අවසානයේ එය ඉතා පැහැදිලි චිත්‍රයක් බවට පත්විය. ඊළඟට අපි සුරයේ බල පෙන්වීම කරමු.

    සුරයක් ජීවම් කළාට පස්සේ ඒ ජීවම හරියට ක්‍රියාත්මක වෙලා නම් මම නිකම් උඩට අල්ලාගෙන ඉන්නකොට ඔන්චිල්ලාවක් වගේ දෙපැත්තට පැද්දෙන්න ඕනේ” නදී කීයේ නූලක අමුනන ලද සුරයක් සිය’තට ගනිමිනි. අනතුරුව ඇය ඒ සුරය නූලෙන් එල්ලාගෙන මඳක් නිසසලව සිටියාය.
    මුලදී සෙමින් සෙමින් චලනය වූ එම සුරය ඇගේ අත මඳකුදු නොසෙල්වී තිබියදීම හරියට ඔන්චිල්ලාවක් මෙන් වේගයෙන් දෙපසට පැදවෙන්නට විය. “හොඳට බලන්න මම ඇඟිලි චුට්ටක්වත් හොල්ලනවද කියලා” ඒ අතරේ ඇය ඇසුවාය.

    “නැහැ; ඇඟිලි නම් ‍පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ තමයි” මමද අවංකවම කීවෙමි. නව පරපුරේ නිළි මෝස්තර නිරූපිකා නදී දර්ශනීට ඕනෑම කෙනකු මවිතයට පත් කළ හැකි අද්භූත ක්‍රියා කළ හැකි බවට මට කිව හැක්කේ මා ඒවා සියැසින්ම දැක බලාගත් බැවිනි. නදීගේ හාස්කම් වල රහස කුමක්ද ?

    සැ:යු.
    මෙම ක්ෂේත්‍රයේ මීට වඩා සමත්කම් පෑ හැකි වෙනත් කලාකාරියන් සිටිත් නම් හෝ ඔවුන් පිළිබඳ තොරතුරු පැවසිය හැක්ක වුන් වෙත්නම් 011-2441895, 011-2426065 යන අංක ඔස්සේ දුරකථනයෙන් රැජින කර්තෘ මණ්ඩලය අමතා ඒ බව දැන්වීමට පුළුවන. (කර්තෘ)

    මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ
     
    • Like
    Reactions: hichchi malli

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ඕවා විශ්වාස කරන්න එපා බං වීඩියෝවක් දකිනකන්.. එක සැරයක් අර චීවරයක් දාගත්තු පොඩි එකෙක් ප්‍රමෝට් කලේ මවුබිම පත්තරෙන් හිටු කියලා.. කාලෝ ෆොන්සේකා මහත්තයගෙනුත් ගේම ඉල්ලුවෙ.. කාලෝ ෆොන්සේකා මගේ පන්සලට ආවොත්: නැඟිටින්න බැරි වෙන්න පුටුවක වාඩි කරවනවා කිව්වෙ.. අන්තිමට එයාට කරන්න පුළුවන් මගුලක් නෑ.. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කාලා බඩු ගහනවා, අරක්කු බොනවා, කුඩු ගහනවා.. ඔන්න ඕවා තමා එයා කලේ.. අන්තිමට බැලුම්ගලින් රෙදි ගැලෙව්වා.. පොරගෙ වැඩ ඔක්කොම ඉවරයි.. ඕවත් ඒ වගේ දේවල් තමා බං.. වැඩිය විශ්වාස කරන්නෙපා..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අනේ ඕවා විශ්වාස කරන්න එපා බං වීඩියෝවක් දකිනකන්.. එක සැරයක් අර චීවරයක් දාගත්තු පොඩි එකෙක් ප්‍රමෝට් කලේ මවුබිම පත්තරෙන් හිටු කියලා.. කාලෝ ෆොන්සේකා මහත්තයගෙනුත් ගේම ඉල්ලුවෙ.. කාලෝ ෆොන්සේකා මගේ පන්සලට ආවොත්: නැඟිටින්න බැරි වෙන්න පුටුවක වාඩි කරවනවා කිව්වෙ.. අන්තිමට එයාට කරන්න පුළුවන් මගුලක් නෑ.. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරගෙන කාලා බඩු ගහනවා, අරක්කු බොනවා, කුඩු ගහනවා.. ඔන්න ඕවා තමා එයා කලේ.. අන්තිමට බැලුම්ගලින් රෙදි ගැලෙව්වා.. පොරගෙ වැඩ ඔක්කොම ඉවරයි.. ඕවත් ඒ වගේ දේවල් තමා බං.. වැඩිය විශ්වාස කරන්නෙපා..

    නෑ මචං මේකේ කරන්නේ මේවා මිත්‍යාවල් කියල පෙන්වන එක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    නදීකා අපේ ගෙදර එන්නේ නම් මටද හාස්කම් විශාල ප්‍රමාණයක් පෙන්වීමට පුළුවනි.

    ඇඟිල්ලෙන් හෝ වෙනත් දෙයකින් දෙහි විතරක් නොවේ ගල් පවා කප්පවා පෙන්වීමටත්,
    මින් පෙර රුධිරය අරගෙන පෙන්වා නොමැතිනම් රුධිරය අරගෙන පෙන්වීමටත් මට පුළුවනි

    ජීවම් කරන ලද සුර පද්දවා පෙන්වන්නත් පුළුවන්.
     

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    :lol:
    නදීකා අපේ ගෙදර එන්නේ නම් මටද හාස්කම් විශාල ප්‍රමාණයක් පෙන්වීමට පුළුවනි.

    ඇඟිල්ලෙන් හෝ වෙනත් දෙයකින් දෙහි විතරක් නොවේ ගල් පවා කප්පවා පෙන්වීමටත්,
    මින් පෙර රුධිරය අරගෙන පෙන්වා නොමැතිනම් රුධිරය අරගෙන පෙන්වීමටත් මට පුළුවනි

    ජීවම් කරන ලද සුර පද්දවා පෙන්වන්නත් පුළුවන්.

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::shocked::shocked::shocked:
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    නදීකා අපේ ගෙදර එන්නේ නම් මටද හාස්කම් විශාල ප්‍රමාණයක් පෙන්වීමට පුළුවනි.

    ඇඟිල්ලෙන් හෝ වෙනත් දෙයකින් දෙහි විතරක් නොවේ ගල් පවා කප්පවා පෙන්වීමටත්,
    මින් පෙර රුධිරය අරගෙන පෙන්වා නොමැතිනම් රුධිරය අරගෙන පෙන්වීමටත් මට පුළුවනි

    ජීවම් කරන ලද සුර පද්දවා පෙන්වන්නත් පුළුවන්.



    elama kiri