elama...elamaප්‍රශ්න තියනවා නං අහපං.
- අක්කරේකට වවන ක්‍රමේ අනුව ගස් ගාණ 64 හෝ 72 වෙනවා. මගෙ රෙකමන්ඩේෂන් එක 64යි. හේතුව 72ක් හැදුවොත් ගස් ලොකුවෙනකොට වදුල ඇවිත් ආදායම අඩුවෙනවා.
- ගහකින් කඩන පොල් ගාණ ගහේ වර්ගෙ, ගහට ලැබිල තියන පෝෂණය අනුව වෙනස් වෙනවා. පොල් ප්‍රබේද තියනවා TT, PP, TP, මොරොක්ටෝල්, කප් රුවන ආදී වශයෙන් . TT ගස්වල පලදාව අඩුයි. PP තමා හොඳ, ඔරොත්තුදෙන්නෙ. කප්රුවන, කප්සෙවන වගේ ඒවගෙ පලදාව වැඩි උනාට පලිබෝධකයන්ට තියන රෙසිස්ටන්ට් එක අඩුයි.
- පොල් මාස එකහමාරෙන් කඩන්න පුලුවන්. මාස දෙකෙන් කඩන්නත් පුලුවන්. මාසෙං කඩන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට ගහකින් වලු දොලහයි. හරියට පුහුණු කරපු ගහකින් අවුරුද්දට වලු 18ක් කඩන්න පුලුවන්.
- අවුරුද්ද පුරාවට පොල් පලදාව වෙනස් වෙනවා. ඒ එක්කම පොල් මිල වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ව යටතේ අඩුම පොල් මිල යන මැයි මාසෙ තමා වැඩිම පොල් පලදාව තියෙන්නෙ.
- හරියට නඩත්තු කරන පොල් අක්කරේකින් ගෙඩි 1000ක් දල වශයෙන් කඩන්න පුලුවන් පොල් උපරිමටම කැඩෙන මැයි මාසෙ. ඔය ගාණ 600 ~ 900 අතර යයි. එහෙම නැතිනම් 250 ~ 450 තමා. මෙතන හරියට නඩත්තු කියන එකෙන් අදහස් කරන්නෙ නිසි පලට වතුර සහ පෝර දාලා භූමිය මනාව මේන්ටේන් කරන වගාවන් ගැන. එහෙම නැත්තං ගස් බාල වෙලා ආදායම අඩුවෙනවා.
- පොල් වලට වතුර ඕනද - ඔව්. ගහකට දවසට ලීටර් 60ක් ඕන. පොලව මැටි ගතිය වැඩියි නම් පොලව ඉක්මණට වේලෙනවා. වැස්ස නැවතිලා සති දෙකකින් විතර සතියකට වතාවක් වතුර දාන්න ඕන
- අවුරුද්දකට දෙපාරක් හෝ වරක් පෝර දාන්න ඕන.
- තනකොල එද්දි තණකොල කපන්න ඕන
- වැටෙන පොල් අතු කපලා ගහවටේට දාන්න ඕන.
tfs
