පොල් වල ආදායම කොහොමද?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    1. අක්කරේකට වවන ක්‍රමේ අනුව ගස් ගාණ 64 හෝ 72 වෙනවා. මගෙ රෙකමන්ඩේෂන් එක 64යි. හේතුව 72ක් හැදුවොත් ගස් ලොකුවෙනකොට වදුල ඇවිත් ආදායම අඩුවෙනවා.
    2. ගහකින් කඩන පොල් ගාණ ගහේ වර්ගෙ, ගහට ලැබිල තියන පෝෂණය අනුව වෙනස් වෙනවා. පොල් ප්‍රබේද තියනවා TT, PP, TP, මොරොක්ටෝල්, කප් රුවන ආදී වශයෙන් . TT ගස්වල පලදාව අඩුයි. PP තමා හොඳ, ඔරොත්තුදෙන්නෙ. කප්රුවන, කප්සෙවන වගේ ඒවගෙ පලදාව වැඩි උනාට පලිබෝධකයන්ට තියන රෙසිස්ටන්ට් එක අඩුයි.
    3. පොල් මාස එකහමාරෙන් කඩන්න පුලුවන්. මාස දෙකෙන් කඩන්නත් පුලුවන්. මාසෙං කඩන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට ගහකින් වලු දොලහයි. හරියට පුහුණු කරපු ගහකින් අවුරුද්දට වලු 18ක් කඩන්න පුලුවන්.
    4. අවුරුද්ද පුරාවට පොල් පලදාව වෙනස් වෙනවා. ඒ එක්කම පොල් මිල වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ව යටතේ අඩුම පොල් මිල යන මැයි මාසෙ තමා වැඩිම පොල් පලදාව තියෙන්නෙ.
    5. හරියට නඩත්තු කරන පොල් අක්කරේකින් ගෙඩි 1000ක් දල වශයෙන් කඩන්න පුලුවන් පොල් උපරිමටම කැඩෙන මැයි මාසෙ. ඔය ගාණ 600 ~ 900 අතර යයි. එහෙම නැතිනම් 250 ~ 450 තමා. මෙතන හරියට නඩත්තු කියන එකෙන් අදහස් කරන්නෙ නිසි පලට වතුර සහ පෝර දාලා භූමිය මනාව මේන්ටේන් කරන වගාවන් ගැන. එහෙම නැත්තං ගස් බාල වෙලා ආදායම අඩුවෙනවා.
    6. පොල් වලට වතුර ඕනද - ඔව්. ගහකට දවසට ලීටර් 60ක් ඕන. පොලව මැටි ගතිය වැඩියි නම් පොලව ඉක්මණට වේලෙනවා. වැස්ස නැවතිලා සති දෙකකින් විතර සතියකට වතාවක් වතුර දාන්න ඕන
    7. අවුරුද්දකට දෙපාරක් හෝ වරක් පෝර දාන්න ඕන.
    8. තනකොල එද්දි තණකොල කපන්න ඕන
    9. වැටෙන පොල් අතු කපලා ගහවටේට දාන්න ඕන.
    ප්‍රශ්න තියනවා නං අහපං.
    elama...elama
    tfs
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    Bump

    @maxtalker මචං පොල් ඉති කඩා වැටෙන්නේ ඇයි? ලුණු දැම්මා කිලෝ 1ක්. රසායනික පොහොර දැම්මා ගිය අවුරුද්දේ නිර්දේශිත ගානම..
    ------ Post added on Nov 2, 2021 at 5:24 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Bump

    @maxtalker මචං පොල් ඉති කඩා වැටෙන්නේ ඇයි? ලුණු දැම්මා කිලෝ 1ක්. රසායනික පොහොර දැම්මා ගිය අවුරුද්දේ නිර්දේශිත ගානම..
    ------ Post added on Nov 2, 2021 at 5:24 PM
    ඉති විතරද කඩා වැටෙන්නෙ වලුත් කඩා වැටෙනවද ? නැත්තං වලු පහලට ඇදිලා වගේ තියනවද ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අක්කයකට පොල් ගස් 64 ඉදල 72 වෙනකම් හිටවනව. අඩුව හිටෙව්වොත් පලදාව වැඩියි. අක්කර 5 ට පොල් 4000- 5000 ත් අතර තමා. වෙනස් වෙනව කාලෙන් කාලෙට . මිලත් එහෙමයි. දැන් තොග යන්නෙ 48- 55 . මාස එක හමාරකට සැරයක් ගහකින් ඉති දෙකක් කඩන්න පුලුවන්. (දවස් 50න් වගේ). ආදායම මේ දවස්වලනම් ඉතින් ලක්ශ 1.50 ඉදල 2ක් වගේ තමා.. තව ඕනෙ දෙයක් තියෙනවනම් අහන්න.
    අමතක උනා කියන්න.. පොල ගස්වලට එච්චර පස නම් වැදගත් නෑ පොහොර දාන නිසා.. හැබැයි මැටි වගේ නම් හරියන්නෙ නෑ.. පොල් මුල් විහිදෙන්නෙ නෑ
    e kiyanne pol akkarekin maseta 1.5 lakhs wage revenue eka enawada. costs monawada
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ඉති විතරද කඩා වැටෙන්නෙ වලුත් කඩා වැටෙනවද ? නැත්තං වලු පහලට ඇදිලා වගේ තියනවද ?
    වලු පිටින් බිම බං. ඉස්සෙල්ලාම පහළට එල්ලීගෙන තියෙනවා. ඊට පස්සේ බිමට කඩාගෙන වැටෙනවා.
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අතේ ලක්ස 30ක් විතර තියෙනවා
    වගාවක් කරන්න තමා ආස ඉඩමක් නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    what are the costs per acre
    Depends on how you attend to it.
    Cost of fertilizer + labour.
    Usually about 5kg of fertilizer per tree yearly.
    After the fertilizer ban now 2kg of fertilizer + 30kg of kukul beti :P

    Before Gota 50kg fertilizer = 1500:P

    Now fertilizer = 3000
    Kukul beti = 250 for 30kg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වලු පිටින් බිම බං. ඉස්සෙල්ලාම පහළට එල්ලීගෙන තියෙනවා. ඊට පස්සේ බිමට කඩාගෙන වැටෙනවා.
    වතුර තත්වෙ කොහොමද ? වතුර අඩු උනාමත් ඔය සීන් එක වෙනවා. ඩොලමයිට් දැම්මද කලින් වතාවෙ පෝර දාද්දි ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Depends on how you attend to it.
    Cost of fertilizer + labour.
    Usually about 5kg of fertilizer per tree yearly.
    After the fertilizer ban now 2kg of fertilizer + 30kg of kukul beti :P

    Before Gota 50kg fertilizer = 1500:P

    Now fertilizer = 3000
    Kukul beti = 250 for 30kg
    wathura walata yana cost eka kohomada. wathura kohenda enne. wathura nathi weeme risk ekak thiyanawada
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    වතුර තත්වෙ කොහොමද ? වතුර අඩු උනාමත් ඔය සීන් එක වෙනවා. ඩොලමයිට් දැම්මද කලින් වතාවෙ පෝර දාද්දි ?
    වතුර නම් මචං දාන්නේ නෑ. වැස්ස තමා එකම සෝස් එක. මේක අවුරුදු 20 කට කිට්ටු වගාවක්. අවුරුදු ගානකින් සාත්තු කරලා නෑ.මම දැන් අවුරුදු දෙකකට උඩදි වගේ තමා පොහොර දාන්න සුද්ද කරන්න පටන් ගත්තේ ආපහු. ඩොලමයිට් දැම්මා. ඒ පි එම් එක්ක.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    wathura walata yana cost eka kohomada. wathura kohenda enne. wathura nathi weeme risk ekak thiyanawada
    @maxtalker wathura dammata apinan jeewitheta daala na…ehema daana kattiya danneth na (Gampaha district)…maasa 3k withera eke digeta wasse naththan habai paledawa adu wenewa isserahata..wassahama ayeth hari yanewa….oyak ayine wagenan pump kerela gahanna puluwan..naththan practical naha…

    Kurunegala paththe drip irrigation dapu waththak dannewa echcherai….mama hithanne oya wathura danne puttalam line eke idan welata…