පොලිස්පතිගේ කණට ගහලා ........

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පොලිස්පතිගේ කණට ගහලා ........

    [FONT=&quot]පොලිස්පතිගේ කණට[/FONT][FONT=&quot]ගහලා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot].....[/FONT][FONT=&quot].[/FONT]

    1930 - 1960[FONT=&quot] අතර කාලය ශී‍්‍ර ලංකාවේ වැදගත් සිදුවීම් විශාල ගණනක් සිදුවුණු කාල වකවානුවකි.... ඒ කාලය තුළ මහනුවර ආශි‍්‍රතව සිදු වුණු රසබර සත්‍ය සිදුවීම් කීපයක් පහත දැක්වේ...[/FONT]

    [FONT=&quot]දෙවෙනි ලෝක යුද්ධය හා නුවර අපි.....[/FONT]

    1939[FONT=&quot] පටන් ගත්ත දෙවන ලෝක යුද්ධය [/FONT]1945[FONT=&quot] අවුරුද්දේ අන්තිම වෙනකන් තිබුණු බව සඳහන් වෙනවා.... ඒ යුද්ධයේ උණුසුම ලංකාවටත් තදින්ම දැනුණ.... නුවරට ඒ උණුසුම ටිකක් තදින්ම දැනෙන්න හේතුව තමයි දෙවන ලෝක යුද්ධ සමයේ අග්නිදිග ආසියාවේ [/FONT][FONT=&quot]British Commander[/FONT][FONT=&quot] ගේ නිල කාර්යාලය පේරාදෙණිය [/FONT][FONT=&quot]Garden[/FONT][FONT=&quot] එකේ තිබීමයි.... ඔහුගේ නම ජෙෆ්රි ලේටන්.... ඊට අමතරව [/FONT][FONT=&quot]British Army Camp[/FONT][FONT=&quot] දෙකක් පොල්ගොල්ලේ හා කුණ්ඩසාලේ තිබිල.... ඉතිං ඒ දවස්වල[/FONT][FONT=&quot] Soldiers[/FONT][FONT=&quot] ලා වට පිටාවෙ ඉන්න අයට මහා කරදරයක් ඇණයක් වෙලා තියෙනවා.... ඒ මදිවට [/FONT][FONT=&quot]Queens Hotel[/FONT][FONT=&quot] එක ඉස්සරහ තියෙන මද්දුම බණ්ඩාර [/FONT][FONT=&quot]Park[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot]Pheonix Garden[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]Restaurant[/FONT][FONT=&quot] එකක් තිබිලා... ඒ කියන්නේ දළදා මාලිගාව ඉතා ආසන්නයේම..... ඒකෙ හැන්දෑවට සුද්දෝ පිස්සු කෙළිය කියල තමයි කියවෙන්නේ....

    1.jpg

    [/FONT]



    [FONT=&quot]ජපන්නු ලංකාවට බෝම්බ දාන කාලේ [/FONT][FONT=&quot]JSC[/FONT][FONT=&quot] විභාගේ තිබිලා... ඒ කියන්නේ මේ කාලේ හැටියට [/FONT][FONT=&quot]O/L [/FONT][FONT=&quot]වගේ.... ඉතිං [/FONT]1942[FONT=&quot] අපේ‍්‍රල් [/FONT]05[FONT=&quot] වෙනිදා ජපන්නු බෝම්බ දාන කොට [/FONT][FONT=&quot]JSC [/FONT][FONT=&quot]විභාගේ ලියන කොල්ලෝ කෙල්ලෝ ඉස්කෝලවල.... ඉතිං අනතුරු අගවන සයිරන් සද්දේ ඇහෙන කොට පැන්සල දත්වල හිරකරගෙන කන් දෙක වහගෙන ඩෙස්ක් යට දිගාවෙල ඉන්න උපදෙස් දීල තිබුණලූ.... දෙවෙනි සයිරන් සද්දෙ එනකම්ම එහෙම ඉන්න ඕනලූ.... දෙවෙනි සයිරන් සද්දේ දෙන්නේ අනතුරක් නෑ කියන්න.... යුද්දේ තිබ්බ කාලේ පුරාවටම ලංකාවේ ඇඳිරි නීතිය තිබුණ බවත්[/FONT][FONT=&quot]සදහන් වෙනවා...[/FONT]

    [FONT=&quot]මල්වතු - අස්ගිරි හාමුදුරුවන් හිර කිරීමට හෝ මැරීමට [/FONT][FONT=&quot]Plan[/FONT][FONT=&quot] එකක්..... [/FONT]

    [FONT=&quot]ජපානය කියන්නේ බෞද්ධ රටක්.... ඉතිං හැම වෙලාවකම සුද්දට සැකයක් තිබුණලූ මල්වතු - අස්ගිරි හාමුදුරුවරු ජපනගේ පැත්ත අරගෙන මිනිස්සුව උසි ගන්වයි කියලා... ඉතිං [/FONT][FONT=&quot]Commander[/FONT][FONT=&quot] ලේටන් [/FONT][FONT=&quot]Plan[/FONT][FONT=&quot] කරල තියෙනවා මල්වතු - අස්ගිරි නායක හාමුදුරුවන් ඇතුලූ තවත් හාමුදුරුවරු කීප දෙනෙක් හිර අඩස්සියට ගැනීමට හෝ බැරිම වුණොත් මරා දැමීමට.... ඒක ආරංචි වුණු ඞී. බී. ජයතිලක හා ජොන් කොතලාවල නුවර ඇවිල්ල මල්වතු - අස්ගිරි නා හිමිවරුන්ගෙන් ලියුමක් අත්සන් කරගෙන තියෙනවා බි‍්‍රතාන්‍යයට විරුද්ධව කටයුතු කරන්නේ නෑ කියලා.... පස්සේ ඒ ලියුම ලේටන්ට දීල ජාම බේරගත්ත කියල තමයි සදහන් වෙන්නේ.....

    2.jpg

    [/FONT]



    [FONT=&quot]පොලිස්පතිගේ කණට ගැසූ දියවඩන නිලමේ....[/FONT]

    [FONT=&quot]වර්තමානයේ දියවඩන නිලමේ තනතුර සම්බන්ධව නොයෙකුත් විවේචන එල්ල වන අතර[/FONT], [FONT=&quot]ඇතැම් විට එය දේශපාලනීකරණය වෙච්චි ගතියකුත් පේනවා... ඒ වුණාට අතීතය ටිකක් අවුස්සල බලන කොට ඒ කාලයේ දියවඩන නිලමෙලා තමන්ගේ ගෞරවයත් මාළිගාවේ ගෞරවයත් රකින්න ගොඩක් මහන්සි වුණ බවක් පේනවා.... මේ එකට උදාහරණයක්...[/FONT]

    [FONT=&quot]ජෝන් කොතලාවල පාලන කාලයේ ඒ කියන්නේ [/FONT]1953 - 1956[FONT=&quot] කාලයේ දෙවන එළිසබෙත් රැජින ලංකාවට ඇවිල්ල තියෙනවා.... ඒ ගමනේදී එයා නුවර එන්නත් අමතක කරල නෑ... එයා වෙනුවෙන් රජ පෙරහැරක් තියන්න නුවර නායකයෝ තීරණය කරලා.... එතකොට මාලිගාවේ දියවඩන නිලමේ සී. බී. නුගවෙල මහතා.... එවකට ලංකාවේ පොලිස්පති රිචඞ් අලූවිහාරේ.... ඉතිං රැජිනගේ නුවර ගමනට රිචඞ් අලූවිහාරෙත් ඇවිල්ල... රැජිනට පෙරහැර බලන්න ලෑස්ති කරල තියෙන්නේ මාළිගාවේ පත්තිරිප්පුව... පත්තිරිප්පුව ලස්සනට සරසලා.... දැන් රැජින මාලිගාවට එනවා.... හැබැයි ගෑණි මාලිගාවට ඇතුල් වෙනකොට සපත්තු ගලවන්නේ නෑ.... දියවඩන නිලමේ සී. බී. නුගවෙල මහතා ඒකට විරුද්ධ වෙනවා.... රැජින මාලිගාවට ඇතුල් වෙනව නම් අනිවාර්යයෙන් ම සපත්තු ගැලවිය යුතු බව ඔහු පවසනවා.... හැබැයි පොලිස්පති රිචච් අලූවිහාරේ රැජිනට ඒක කියන්න ටිකක් අදි මදි කරනවා.... ඔහු [/FONT][FONT=&quot]try[/FONT][FONT=&quot] කරන්නේ දියවඩන නිලමේව [/FONT][FONT=&quot]shape[/FONT][FONT=&quot] කරගෙන සපත්තු පිටින් රැජිනව පත්තිරිප්පුවට රැුගෙන යාමටයි.... ඉතිං ඔහු හෙමිහිට දියවඩන නිලමේ ළගට කිට්ටුවෙලා මෙහෙම කියවනවලූ...[/FONT]

    [FONT=&quot]නිලමේ[/FONT], [FONT=&quot]දළදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ ඉහළ මහලනේ... රැජින පත්තිරිප්පුවට යන්නේ පහත මහලයෙන්... සපත්තු දාගෙන ගියාට වරදක් නෑ නේද[/FONT]?”

    [FONT=&quot]දියවඩන නිලමේ සී. බී. නුගවෙලගේ ප‍්‍රතිචාරය වුණේ අත දිග හැරල පොලිස්පතිගේ කණ රත්වෙන්න ගහපු එකයි... ගහල විතරක් හිටියේ නැතිලූ ඔහු මෙහෙමත් කියල තියෙනවා... [/FONT][FONT=&quot]රිචඞ් උඹ දැන ගනින්... උඹට පුඵවන් නම් මාව [/FONT][FONT=&quot]arrest[/FONT][FONT=&quot] කරපන්.... හැබැයි මාලිගාවේ දොරටුවෙන් එහා... මේ මාළිගාව ඇතුලෙ මට අණ දෙන්න උඹට තියා ආණ්ඩුකාරයටවත්[/FONT], [FONT=&quot]මහ රැජිනටවත් බෑ...[/FONT]


    [FONT=&quot]ඉතිං පොලිස්පති කණේ පහර ඉවසා වදාරගෙන හිටිය කියල තමයි කියන්නේ... එතනින් එහාට ඒක ගෙනියන්න උත්සහා කරල නෑ... මිනිහට වරද තේරෙන්න ඇති.... වර්තමානයේ පොලිස්පතිලට[/FONT], [FONT=&quot]දියවඩන නිලමෙලට මේකෙන් පාඩමක් ගන්න තියනවද කියල මම නම් දන්නේ නෑ....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    3.jpg

    [FONT=&quot]ඉතිං මේ අපූරු දියවඩන නිලමේ ගැන තවත් කතාවක් තියෙනවා... ඒ තමයි [/FONT]1958[FONT=&quot] පෙරහැරේදී රාජා ඇතා කුලප්පු වූ වෙලාවේ ඇතාව මෙල්ල කරගන්න කාටත් බැරිවෙලා තියෙනවා... ඉතිං කුලප්පු වෙච්චි රාජා ඇතා ළගට නොබියව ගියපු දියවඩන නිලමේ උගේ දළ පිරිමදිමින් [/FONT][FONT=&quot]පුතා රාජා කලබල වෙන්න එපා[/FONT]'‘ [FONT=&quot]යැයි කිවූ බවත් රාජා ඇතා ඊට අවනත වූ බවත් සඳහන් වේ... එසේ නොවුයේ නම් ඇතා පිට වැඩ හිඳුවා තිබූ ධාතු කරඩුවටත්[/FONT], [FONT=&quot]පෙරහැර බලන්න ආ විශාල පිරිසකටත් සිදුවෙන්න තිබූ හානිය බලවත් වන්නට ඉඩ තිබිණ..... [/FONT]

    [FONT=&quot]ඉතිං ඒ කාලයේ මාලිගාවේ හයි කාරයෝ දෙන්නෙක් හිටිය කියල කියනවා... එක්කෙනෙක් දියවඩන නිලමේ සී. බී. නුගවෙල ලූ.... අනෙකා රාජා ඇතාලූ.....[/FONT]

    ([FONT=&quot]සිඵමිණ [/FONT]‘[FONT=&quot]යටගියාව[/FONT]’ [FONT=&quot]ඇසුරින් සකස් කරන ලද්දකි[/FONT][FONT=&quot])


    [/FONT]
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මරා ජනාදිපති කාලේ පොලිස්පතිලාව අරලිය ගහ මන්දිරේට එන්න කියලා හොදටම ගහනවලු.හමුදාපතිටත් ගහලා ගහලා එලවලා.ඒ කාලේ ජජ්ල්ත් ගෙනෙල්ල ගහනවා.නිලියො ගෙනෙල්ල පුක්ෂනය කරනවා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට..:baffled:
    මොනව නැතත් එක හුස්මටම කියවන් ගියා..:cool:
    සරදියෙල්ට රෙප් දුන්න නිසා මේකට රෙප් දෙන්න වෙන්නේ නෑ..:oo:


     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    අපි දන්නේ නැති කොච්චර දේවල් මේ මහා පොලවේ වෙන්න ඇතිද? තවත් කොච්චර දේවල් වෙනවා ඇතිද? තවත් කොච්චර දේවල් වෙයිද? මේ දේවල්ම කවදා හරි දවසක අපිම මේ වගේ කතාවකින් දැන ගනීවි. එතෙක්, බලා සිටිමු....
    :yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපි දන්නේ නැති කොච්චර දේවල් මේ මහා පොලවේ වෙන්න ඇතිද? තවත් කොච්චර දේවල් වෙනවා ඇතිද? තවත් කොච්චර දේවල් වෙයිද? මේ දේවල්ම කවදා හරි දවසක අපිම මේ වගේ කතාවකින් දැන ගනීවි. එතෙක්, බලා සිටිමු....
    :yes::yes::yes:
    :yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පාවහන් වලින් අගෞරවයක් සිද්ද වෙන්නේ කොහොමද. ? මම වෙනත් රටවල බෞද්ධ සිද්දස්ථාන වලට ගිහින් තියනවා. ඒවායේ නම් පාවහන් පැළදගෙන තමයි වන්දනාමාන කරන්න පැමිණෙන්නේ.

    දන්නේ නැති හින්දයි අහන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පාවහන් වලින් අගෞරවයක් සිද්ද වෙන්නේ කොහොමද. ? මම වෙනත් රටවල බෞද්ධ සිද්දස්ථාන වලට ගිහින් තියනවා. ඒවායේ නම් පාවහන් පැළදගෙන තමයි වන්දනාමාන කරන්න පැමිණෙන්නේ.

    දන්නේ නැති හින්දයි අහන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

    ගෞරවය අගෞරවය කෙසේ වෙතත් එක එක රටවල පවත්වාගෙන එන සම්ප‍්‍රදායනේ බං ඒ....