පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    Yesterday, 03:26 PM- http://www.elakiri.com/forum/showpost.php?p=25234354&postcount=123

    කොරෝනා වසංගතය මැඩලීම සඳහා මීට පෙර මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බව ඖෂධ විද්‍යා මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙයි.

    මිලෙන් ඉතා අඩු මෙම ඖෂධ පෙති මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සතුව ඇතැයිද පළමු අදියරේදී රෝගීන් ලෙස හදුනා ගෙන ඇති අයට සහ ඔවුන් හා ගැටුණු අයට මෙම ඖෂධය ලබා දීම අප්‍රමාදීයව ඇරඹිය යුතු බව ද ඔහු පවසයි.

    රෝගය 100% සුව කල හැකි බවට හෝ රෝගය වැළදීම 100% වැළක්විය හැකි බවට සහතිකයක් ලබා දිය නොහැකි වුවත් දැනට යොදා ගත හැකි, මිල අධික නොවන, පහසුවෙන් ලබා ගත හැකි එකම බටහිර ඖෂධය කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් නිසා එය ලබා දීමේ වරදක් නොදකින බවද මහාචාර්යවරයා පැවසීය.

    කෙසේ නමුත් මහජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා නොකළ යුතු බවත් ඔක්කාරය, වමනය, අසාත්මිකතා මෙන්ම දෘෂ්ටි ආබාධ සංකුලතා ලෙස මතුවිය හැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

    වෛරසයෙන් ගැලවීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඖෂධය නිසා කිසිසේත් අඩාල නොවිය යුතු බව පෙන්වා දෙන මහාචාර්ය ජයසුමන මෙය “ බෙහෙතක් නැති නිසා බෙහෙතක්” ලෙස සැලකීම වඩා සුදුසු බව ද පැවසීය. මේ සම්බන්ධයෙන් මහාචාර්ය වරයා සිය මුහුණු පොත තබා තිබූ සටහනක් පහත දැක්වේ.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්- Hydroxychloroquine (HCQ) බලාපොරොත්තුව”



    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.

    මැලේරියා උණට අමතරව තවත් උණ රෝග කිහිපයකටත්, රූමටොයිඩ වර්ගයේ හන්දි අමාරු සඳහාත් “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” ඖෂධ ලෙස සාර්ථක විය. ඊට අමතරව වෛරස් දමනය සඳහා ද “ක්ලොරෝකුවීන්” සහ “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” සාර්ථක බව තහවුරු වූ කරුණකි. කොරෝනාවට පෙර ලෝකය බියපත් කළ SARS වෛරසය මර්නධයට එය සමත්කම් පෙන්වීය.

    “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනා වෛරසය මර්ධනයට යොදා ගත හැකි බව පසුගිය සති කිහිපයේ බටහිර විද්‍යාඥ කණ්ඩායම් කිහිපයක් පෙන්වා දී ඇත. “හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන්” කොරෝනාවෙන් වැළකීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ වනවිටත් රටවල් කිහිපයක් නොනිල ලෙස අරඹා ඇත. මෙය මිලෙන් ඉතා අඩු ඖෂධයකි; ලොව පුරා සුලභය.

    දැනට ඇති තත්වය අනුව ලෝකය කොරෝනාවෙන් ගැලවෙන මඟ පේරු වැසියන් සියවස් ගණනාවකට පෙර උණ රෝගවලින් මිදුණු මඟම බව පෙනේ. ඉදිරි සති 2 තුළ මෙහි සාර්ථක අසාර්ථක බව තහවුරු වනු ඇත.

    – චන්න ජයසුමන FB


    ඒකට අපහාස කරපු ගු කුක්කෝ



    -----------------------------------------------------------


    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….



    -----------------------------------------------

    මහතුනි අවසානයේදි කොරෝනා වසන්ගතයෙන් බේරිමේ මාර්ගය උදාවි ඇත.... ඇමරිකාවෙන් පවා අනුමත කර ඇමරිකාවේ රෝගින්ටද එම බෙහෙත ලබා දීමට පියවර ගෙන ඇත...

    ශ‍්‍රී ලංකාවේ සිටිට කොරෝනා ආසාදිත රෝගීන් සදහා මැලේරියා රෝගීන්ට ලබාදෙන ‘හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින්’ ඖෂධය නිර්දේශ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබේ.

    දැනටමත් අමෙරිකානු ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් කොරෝනා ආසාධිතයන් සදහා ඖෂධය ලබා දීමට අනුමත කර ඇත.

    සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට ලබාදෙන ලෙස නිර්දේශ කිරීමට තීන්දු කර තිබේ.

    මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ගේ සංකූලතාවල අඩුවන බව පර්යේෂණවලදී තහවුරු වී ඇත.


    ------------------------------------------------------------------------
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ අර නාථ දෙය්ය හීනෙන් ඇවිත් කිව්වා කියපු උට්ටිගේ පුටා නේද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකො මේ රන්න පොනිලගෙ කුක්කො ටික දගලන්නෙ, චන්දෙ ලගයි පරදින්ඩ බලාගෙන ඉදපියවු,.:lol::lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    LOL ඒක වෙන්නැති තාම ඉවරකරගන්න බැරි උනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LOL ඒක වෙන්නැති තාම ඉවරකරගන්න බැරි උනේ

    මොකද ඉවර නැත්තෙ ඔය ඉවර වෙලා තියෙන්නෙ, බලපියවුකො ඇමරිකාව බල්ලො බලල්ලු ගානට මිනිස්සු මැරෙනව මේ රටේ එහෙම නැ බොලවු..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකද ඉවර නැත්තෙ ඔය ඉවර වෙලා තියෙන්නෙ, බලපියවුකො ඇමරිකාව බල්ලො බලල්ලු ගානට මිනිස්සු මැරෙනව මේ රටේ එහෙම නැ බොලවු..

    අර පොහොට්ටුවේ බුද්ධිමතා කිව්ව බෙහෙතෙන්ද හොඳවෙලා තියෙන්නේ ?
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මට නම් හිතෙන්නේ මූ පොහොට්ටුවට රිංගපු ජෙප්පෙක් :dull: