පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    [FONT=&quot]පොහොට්ටුව නෙලූමක් ද[/FONT]? [FONT=&quot]කිඩාරමක් ද[/FONT]?

    [FONT=&quot]මා කලින් ලිපියක කීවා සේ ශී‍්‍ර ලංකා දේශපාලනයේ විශාල රික්තකයක් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන්ම රනිල් - මෛතී‍්‍ර ආණ්ඩුව ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගැනීමත්[/FONT], [FONT=&quot]සිංහල බහුතරයකගේ අප‍්‍රසාදයට ලක්වීමත් මත මෙම රික්තකය වේගයෙන් පුලූල් වෙමින් පවතී. මම කීවා සේම හරියට කිරල මැනල ගේමක් දෙන්න පුලූවන් දේශපාලන පක්ෂයකට මෙම රික්තකය පහසුවෙන් පිරවිය හැකි වනු ඇත..... මෙම අනගි අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත හැකිව තිබුණේ ජේවිපියටය.... නමුදු රටේ අවාසනාවට හෝ ජේවිපියේ අවාසනාවට එකී රික්තකය පිරවීමට අනුරලාට බැරි බව පෙනෙන්නට තිබේ.... මන්ද යත් ජේවිපියත් හරියට ජෝතිපාල වගේ වන නිසාය.... බෝතලයක් කැඩුවත්[/FONT], [FONT=&quot]මියුසිකල් ෂෝ එකක් තිබුණත්[/FONT], [FONT=&quot]රියලැටියකදී වුණත් ජෝතිගේ ගීයක් දෙකක් ඇසේ.... ජෝතිගේ හඩට[/FONT], [FONT=&quot]ගීයට ආස කරන අය බොහෝ වෙති..... නමුදු ජෝති යනු සමාජ සම්මතය අනුව පීචං ගායකයෙකි... ජේවිපියත් ඒ වාගේය.... ඔවුන්ගේ කතා ඇසීමට පි‍්‍රයය.... ඔවුන් ගෙන එන තර්ක ද අසා සිටින විට නිවැරදි යැයි සිතේ.... ජේවිපි රට කළා නම් හරි යැයි කියති.... ඒ වුණත් ඔවුන්ට චන්දයක් දීමට ඉදිරිපත් වන්නේ ඉතා අල්ප වූ පිරිසකි.... ඒ අනුව ශී‍්‍ර ලංකා දේශපාලන ධාරාවේ ජේවිපියට හැමදාම ලැබෙනුයේ තර්ඞ් ක්ලාස් එකය...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    JVP.jpg
    [FONT=&quot]දිවංගත ඞී. ඒ. රාජපක්ෂ[/FONT], [FONT=&quot]රාජපක්ෂලාට දී ඇත්තේ අපූරු උපදේශයකි... ඒ රටම රාජපක්ෂලාට චෝදනා කරන විට දී රාජපක්ෂලා නිහඩව සිටිය යුතු බවයි.... කල් මැරිය යුතු බවයි.... අවස්ථාව ආ විට ඇට්ටි හැලෙන්නට දිය යුතු බවයි... මහින්ද හොරා[/FONT], [FONT=&quot]බැසිල් හොරා[/FONT], [FONT=&quot]නාමල් හොරා ආදි වශයෙන් දිගට හරහට රාජපක්ෂලාට ගසද්දී රාජපක්ෂලා යාන්තමට දෙයක් කියා නිහඩව සිටියේ ඒ නිසාය.... දැන් රාජපක්ෂලාට අවස්ථාව පැමිණ ඇත... දැන් ඔවුන් ඇට්ටි හැලෙන්නට නොව කරටි කැඩෙන්නට ගැසීමට ලහි ලහියේ සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ.... ඒ පොහොට්ටුව හරහාය.... රනිල් - මෛතී‍්‍ර ඇතුලූ නඩය එළිපිට නොපෙන්නුවාට පොහොට්ටුවට බය වී සසල වී සිටින බව නොරහසකි... බොහෝ විට ඉදිරි මැතිවරණයක දී යූඇන්පියේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වනුයේ මේ පොහොට්ටුව බව අමුතුවෙන් කිව යුතු නොවේ....[/FONT]

    [FONT=&quot]ප‍්‍රශ්නය එය නොවේ..... පොහොට්ටුව හරහා ඇති වන මෙම නව දේශපාලන ප‍්‍රවණතාවයෙන් රටට ලැබෙන්නේ මොනවාද යන්නය.... දැනට පොහොට්ටුව හරහා ඒකරාශි වෙමින් සිටින දේශපාලකයින් දිහා බලන විට ජනතාවට විචිකිච්චාවක් ඇති වීම ස්වභාවිකය.... මහින්ද ගෙදර යැවීමට හේතු වූ ප‍්‍රධාන චරිතය වූයේ බැසිල්ය.... බැසිල් නිසා තමන්ට ගෙදර යන්නට වූ බව මහින්ද පවා පිළිගත් සත්‍යයකි.... පොහොට්ටුව කරලියට ගෙන ඒමට මූලික වි ඇත්තේ මේ බැසිල්මය.... එලෙසම දුෂණ චෝදනා ලබා ඇති තවත් කිහිප දෙනෙක් ද දර දිය අදින්නේය.... ඒ අනුව පරණ චරිතම නැවතත් කරළියට ඒමේ ප‍්‍රවණතාවයක් පෙනෙන්නට තිබේ.... මෙය ජනතාව සූක්ෂමව ගැඹුරු ලෙස අවබෝධ කරගත යුතු කරුණකි....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    Ranil-maithri.jpg

    [FONT=&quot]රනිල්ට රට කරන්නට බැරි බව නැවතත් රනිල් අපූරුවට ඔප්පු කර පෙන්වා අවසානය... මෛතී‍්‍ර යනු ලංකා දේශපාලනයේ මුල් පුටුවට ගැලපෙන පෞරුෂයක් හිමි අයෙකු නොවන බව ද පැහැදිලිය.... ඒ අනුව ඔවුන්ට චන්දය දුන් බහුතරයකට සිදුව ඇත්තේ කැහි ගෑණි දී හොටු ගෑණි ගත්තා වගේ අපබ‍්‍රංසයකි.... අනෙක් අතට මිස්ට ක්ලීන්ලා යැයි කීවත් රනිල්ලා කි‍්‍රයාවෙන් ඒ සුජාත බව පෙන්වා නැත.... ඔවුන්ගේ සහචරයින් මහ දවල් ජනතාවගේ දේවල් හොරාකමින් සිටිතිි.... රාජ්‍ය දේපල විකුණා හෝ නොහැකියාව වසා ගැනීමට කැස කවමින් සිටිති... ඒ සියල්ලටම වඩා රටේ බහුතරය වූ සිංහලයාගේ හද ගැස්ම[/FONT], [FONT=&quot]අපේක්ෂාවන්[/FONT], [FONT=&quot]අරමුණු තඹයකට ගණන් නොගනිමින් ඔවුන්ගේ අප‍්‍රසාදයට ලක් වී ඇත... ඒ අතින් බැලූ කල රනිල්ලාට සාපේක්ෂව මහින්ද හොඳ යැයි කීම පක්ෂග‍්‍රාහි අදහසක් නොවන බව පැහැදිලිය....[/FONT]

    [FONT=&quot]ඒ අනුව මහින්ද ඇතුලූ නඩය ගෙදර යැවීමට වෙනසේ කණ්ඩායම ගෙන ආ තර්ක ඔවුන්ගේ නොහැකියාව මතම අද පුස්සක් වී ඇත... [/FONT]”[FONT=&quot]අපරාදේ මහින්ද ගෙදර යැව්වේ[/FONT]” [FONT=&quot]කියන අය දිනෙන් දින වැඩි වන්නේ ඒ නිසාය.... ඒ නිසා නැවතත් මහින්දගේ ප‍්‍රතිරූපය ගොඩනැගෙමින් ඇත.... මින් පෙර සේම ඒ ප‍්‍රතිරූපයට මුවහ වී එන දේශපාලන කසඩයින් නැවතත් දේශපාලනයට වැද්ද නොගැනීමට තරම් ජනතාව බුද්ධිමත් විය යුතුය.... බොහෝ විට මහින්ද ඊළග මහ මැතිවරණයක් දක්වා නඬේ ගුරා වී නඩයට පාර පෙන්නමින් කි‍්‍රයා කරනු ඇත.... ඉන්පසු සුක්කානම ගෝඨාට දීමට සැළසුම් කර ඇති බව ද නිසැකය....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    image_1463163264-2f5b736923.jpg

    [FONT=&quot]ගෝඨාට රටේ ඉල්ලූමක් ඇතිවෙමින් ඇත... විශේෂයෙන්ම අතිශය සිංහල බහුතරයක් ගෝඨා වටේ ඒකරාශි වන ප‍්‍රවණතාවයක් ද දක්නට ඇත.... එක අතකින් බැලූ කල ගෝඨාට අවස්ථාවක් දීමේ වරදක් ද පෙනෙන්නට නැත.... රාජපක්ෂලා අතුරින් චෝදනා නොලැබ බේරුණේ දෙදෙනෙකි.... එකෙක් චමල් ය... අනෙකා ගෝඨා ය.... එබැවින් ඉදිරි මැතිවරණයක දී රනිල්ලාට හැප්පෙන්නට සිදුවන්නේ බොහෝ විට ගෝඨා සමගය.... තත්වය එසේ වුවහොත් ආයෙත් යුඇන්පියට නොනගතය ලබන බව සිකුරුය....[/FONT]

    [FONT=&quot]රාජපක්ෂලා පෙර වැරදිවලින් පාඩම් උගත යුතුය.... හොරුන්ට[/FONT], [FONT=&quot]ජාවාරම්කාරයින්ට[/FONT], [FONT=&quot]ස්තී‍්‍ර දුෂකයින්ට[/FONT], [FONT=&quot]වාචලයින්ට තමන්ගේ සෙවනේ උඩු පිනුම්[/FONT], [FONT=&quot]යටි පිනුම් ගැසීමට ඉඩ නොදිය යුතුය... ඥාති සංග‍්‍රහය වහා නවතා දැමිය යුතුය.... නැවතත් රාජපක්ෂ කෙනෙක් කරළියට ගෙන්වා එමගින් තමන්ගේ පාදුරා අරමුණු ඉටු කර ගැනීමට මාන බලන දේශපාලන ගණිකාවන් හඳුනාගත යුතුය... ජනතාව ද ඒ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය... එවැනි සිල්ලර දේශපාලූවන් පාර්ලිමේන්තුවකට තියා ප‍්‍රාදේශිය සභාවකටවත් නොයැවීමට වග බලාගත යුතුය... ඒ යථාර්ථය අනුව කටයුතු කළහොත් නැවතත් රාජපක්ෂ කෙනෙක් රටේ මුල් පුටුවට පත්වනු ඇත.... රනිල් සදාකාලයටම දේශපාලනයෙන් සමුගනු ඇත.... මෛතී‍්‍ර ද දවසකට හෝ මුල් පුටුවේ වාඩි වීමට තමා පිං කර ඇති බව සිතා එපමණකින් සෑහීමකට පත් වී ගෙදර යනු ඇත...[/FONT]

    [FONT=&quot]පොහොට්ටුව ලංකාවේ ඉදිරි දේශපාලන දිශානතිය තීරණය කරන ප‍්‍රධාන සාධකයක් වන බව පැහැදිලිය... එය මඩෙන් ඉපදී මඩ නොගෑවූණු නෙඵමක් වී රටම සුවඳවත් කරනවා ද[/FONT], [FONT=&quot]නැත්නම් පුරුදු ලෙසම මුඵ ලංකාවම ගඳගස්වන කිඩාරම් මලක් වනවා ද යන්න අපගේ වාසනාව හෝ අවාසනාව මත තීරණය වනු ඇත.....

    [/FONT]
    [FONT=&quot]
    pathfinder_PNG_Face.png
    [FONT=&quot]
    pathfinder_a[FONT=&quot]2Z | Elakiri[FONT=&quot].com

    [/FONT][/FONT]
    [/FONT][/FONT]
     
    • Like
    Reactions: RottenCOLT

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ රටේ ජනතාව ගැන (අපි ඇතුලුව) ඇති වෙන්නෙ ගොඩක් දුකක්.

    අපි හැමදාම කැරට් පස්සෙ යන්නෙ.

    1994දි චන්ද්‍රිකා ආවාම මිනිස්සු ලොකු බලාපොරොත්තුවකින් එයාට චන්දෙ දුන්න.

    ඊට පස්සෙ 2011දි සරත් ෆොන්සේකා ආවම එයා ගැන ලොකු බලාපොරොත්තු තියා ගත්ත.

    ඊට පස්සෙ 2015දි සිරා ආවම අපි හිතුවා මිනිහ මේ යන විදිය වෙනස් කරයි කියල.

    ඊට පස්සෙ දැන් ගෝටා ගැන ලොකු බලාපොරොත්තු ඇති වෙන්න පටන් අරන්.

    හැමදාම උනේ අපි රැවටිච්ච එක විතරයි.​
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    [FONT=&quot]රාජපක්ෂලා අතුරින් චෝදනා නොලැබ බේරුණේ දෙදෙනෙකි.... එකෙක් චමල් ය... අනෙකා ගෝඨා ය.... එබැවින් ඉදිරි මැතිවරණයක දී රනිල්ලාට හැප්පෙන්නට සිදුවන්නේ බොහෝ විට ගෝඨා සමගය.... තත්වය එසේ වුවහොත් ආයෙත් යුඇන්පියට නොනගතය ලබන බව සිකුරුය....[/FONT]

    :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    සිරිසේනටයි, වද පොනිලටයි උගේ හෙන්චයියන්ටයි කෙලවෙනවා නම් හොදා. බැසිලුත් පිලිගත්තලුනේ මහින්ද පැරදුනේ උ නිසා කියලා . හැබැයි ඉතින් ආයේ ඒ වගේ වැරදි නොකෙරෙන තැනට වැඩ කෙරෙනවනම් හොදා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ රටේ ජනතාව ගැන (අපි ඇතුලුව) ඇති වෙන්නෙ ගොඩක් දුකක්. අපි හැමදාම කැරට් පස්සෙ යන්නෙ.
    1994දි චන්ද්‍රිකා ආවාම මිනිස්සු ලොකු බලාපොරොත්තුවකින් එයාට චන්දෙ දුන්න.
    ඊට පස්සෙ 2011දි සරත් ෆොන්සේකා ආවම එයා ගැන ලොකු බලාපොරොත්තු තියා ගත්ත.
    ඊට පස්සෙ 2015දි සිරා ආවම අපි හිතුවා මිනිහ මේ යන විදිය වෙනස් කරයි කියල.
    ඊට පස්සෙ දැන් ගෝටා ගැන ලොකු බලාපොරොත්තු ඇති වෙන්න පටන් අරන්.
    හැමදාම උනේ අපි රැවටිච්ච එක විතරයි.​

    මේකට හේතුව ලංකාවට ජාතික ප‍්‍රතිපත්තියක් නැතිකමයි....
    අපිට තියෙන්නේ දේශපාලන ප‍්‍රතිපත්තියක්.. ඒ නිසා ආණ්ඩුව මාරු වෙන කොට ප‍්‍රතිපත්තියත් වෙනස් වෙනවා.... රට හැමදාම තල්ලු වෙන්නේ පස්සට....
    ඒකට විකල්පයක් පේන තෙක් මානයක නෑ.... අපිට තීරණ ගන්න වෙලා තියෙන්නේ සාපේක්ෂ න්‍යායයෙන්.... ඒ වෙලාවට තියෙන හොඳම දේ මිසක රටට හොඳ දේ නෙවෙයි....
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේකට හේතුව ලංකාවට ජාතික ප‍්‍රතිපත්තියක් නැතිකමයි....
    අපිට තියෙන්නේ දේශපාලන ප‍්‍රතිපත්තියක්.. ඒ නිසා ආණ්ඩුව මාරු වෙන කොට ප‍්‍රතිපත්තියත් වෙනස් වෙනවා.... රට හැමදාම තල්ලු වෙන්නේ පස්සට....
    ඒකට විකල්පයක් පේන තෙක් මානයක නෑ.... අපිට තීරණ ගන්න වෙලා තියෙන්නේ සාපේක්ෂ න්‍යායයෙන්.... ඒ වෙලාවට තියෙන හොඳම දේ මිසක රටට හොඳ දේ නෙවෙයි....

    ප්‍රධාන හේතුවක් තමයි තවම අපේ රට දියුණු වෙමින් පවතින රටක් වීම.
    තාම රටේ බහුතරයකගේ අධ්‍යාපන මට්ටම තියන්නේ අඩු මට්ටමක. ඒ නිසා ජනතාවගේ හෙට්ටු කිරීමේ බලය අඩුයි.
    උදාහරණයක් විදියට අපි fb එකේ කොච්චර කෑ ගැහුවත් ඇමතිලට අවශ්‍ය සැප වාහන උන් හොරෙන් ගෙන්න ගත්තා.
    නමුත් සාපේක්ෂව ඉස්සරට වඩා විනිවිදභාවයක් සහ මහජනයාගේ හඬට ඇහුම්කන් දේන ගතියක් දැන් ඇති වෙලා තියනවා. ඒක වැඩි දියුණු කර ගැනීම තමයි කරන්න තියන්නේ
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    මේ රටේ ජනතාව ගැන (අපි ඇතුලුව) ඇති වෙන්නෙ ගොඩක් දුකක්.

    අපි හැමදාම කැරට් පස්සෙ යන්නෙ.

    1994දි චන්ද්‍රිකා ආවාම මිනිස්සු ලොකු බලාපොරොත්තුවකින් එයාට චන්දෙ දුන්න.

    ඊට පස්සෙ 2011දි සරත් ෆොන්සේකා ආවම එයා ගැන ලොකු බලාපොරොත්තු තියා ගත්ත.

    ඊට පස්සෙ 2015දි සිරා ආවම අපි හිතුවා මිනිහ මේ යන විදිය වෙනස් කරයි කියල.

    ඊට පස්සෙ දැන් ගෝටා ගැන ලොකු බලාපොරොත්තු ඇති වෙන්න පටන් අරන්.

    හැමදාම උනේ අපි රැවටිච්ච එක විතරයි.​

    කෝ මෙතන මහින්ද? මහින්දව හැලුවේ උබලට විකුණගෙන කන්න තිබුන යුද්දේ ඉවරකරන්න දේශපාලන නායකත්වය දුන්න නිසාද? උබලට හිටපු ජනාධිපති සැටලයිට් වේසාවී විතරද? ඇයි ගොටාභය හරියන්නේ නැද්ද ජනාධිපති කමට? දැන් ඉන්නවා වගේ පොන්නයෝ, පබයෝ විතරද හරියන්නේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    1994 chandrika awa loku scene ekak kale naha
    2005 mahindaya genawa yantham pora yudde dinna
    2010 ayeth mahinda genawa e pora nagaththa, 2015 palaweni para paradunu janapathi wennama
    2015 my3 genawa porath ude pandarama nagatta

    2020 gota genna hadanawa :P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කෝ මෙතන මහින්ද? මහින්දව හැලුවේ උබලට විකුණගෙන කන්න තිබුන යුද්දේ ඉවරකරන්න දේශපාලන නායකත්වය දුන්න නිසාද? උබලට හිටපු ජනාධිපති සැටලයිට් වේසාවී විතරද? ඇයි ගොටාභය හරියන්නේ නැද්ද ජනාධිපති කමට? දැන් ඉන්නවා වගේ පොන්නයෝ, පබයෝ විතරද හරියන්නේ?

    සහෝ මෙතන යන්නෙ බුද්ධිමය සංවාදයක්

    වැදගත් විදියට කතා කරමු

    උඹට මම කියපු දේ තේරුනේ නෑ, ඒකයි බුරන්න ගත්තේ

    සුබ පැතුම් !!​
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    1994 chandrika awa loku scene ekak kale naha
    2005 mahindaya genawa yantham pora yudde dinna
    2010 ayeth mahinda genawa e pora nagaththa, 2015 palaweni para paradunu janapathi wennama
    2015 my3 genawa porath ude pandarama nagatta

    2020 gota genna hadanawa :P

    hmm

    api asarana wela wage hithata danenawa
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    බජට් එක දැක්කට පස්සේ මුසෝලිනී ඉල්ලුවත් දෙන්න හිතෙනවා. රට තිත්ත වෙලා තියෙන්නේ දැන් නම්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    hmm

    api asarana wela wage hithata danenawa

    api wihin karagaththuwa ban apita wela tiyenne paksha dekema inne cha ewun, eka nisa api karanne aduwen cha ekawa thoranawa :P

    2000 di ranil chandrika eddi dennama cha , eth aduwen chandrika cha kiyala ekiwa damma

    2015 My3 Mahinda dennama cha, my3 aduwen cha nisa porawa damma ;)

    api pradana paksha dekata chanda danakan oka tamai wenne ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිසේනටයි, වද පොනිලටයි උගේ හෙන්චයියන්ටයි කෙලවෙනවා නම් හොදා. බැසිලුත් පිලිගත්තලුනේ මහින්ද පැරදුනේ උ නිසා කියලා . හැබැයි ඉතින් ආයේ ඒ වගේ වැරදි නොකෙරෙන තැනට වැඩ කෙරෙනවනම් හොදා.
    බැසිල් එක පිළිඅරගෙන සංවිධාන කටයුතු විතරක් කරනව නං හොදයි, ඡන්දෙ ඉල්ලන්නේ නැතුව. නැත්තං හොදම දේ තමා දේශපාලනයෙන් අයින් වෙන එක.
    බජට් එක දැක්කට පස්සේ මුසෝලිනී ඉල්ලුවත් දෙන්න හිතෙනවා. රට තිත්ත වෙලා තියෙන්නේ දැන් නම්.
    හිතුන වගේ නෙවෙයි, මුසෝලිනීට දෙන්න එපා....
    හැබැයි කෙළින් නායකයෙක් එනව නං, මම දන්නව නමුත් ආනුඩුව පෙරලෙන නිසා කියන්නේ නෑ කියන වර්ගයේ එකෙක් එනවට වඩා නං ඒක හොදයි.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    api wihin karagaththuwa ban apita wela tiyenne paksha dekema inne cha ewun, eka nisa api karanne aduwen cha ekawa thoranawa :P

    2000 di ranil chandrika eddi dennama cha , eth aduwen chandrika cha kiyala ekiwa damma

    2015 My3 Mahinda dennama cha, my3 aduwen cha nisa porawa damma ;)

    api pradana paksha dekata chanda danakan oka tamai wenne ;)

    ආසියාවේ රටවල මිනිස්සු තමන්ගේ චන්දයේ වටිනාකම දන්නේ නෑ.... ගොඩක් වෙලාවට ඒක බුද්ධිමත්ව පාවිච්චි කරනවා අඩුයි.... හැගීමටයි, කෙටිකාලීන වාසියි බලාගෙන තමයි චන්දේ පාවිච්චි කරන්නේ.... අනෙක් ප‍්‍රධාන කරුණ තමයි පක්ෂවල එල්ලිලා පක්ෂය මත්තේම ඉඳලා ඒ පක්ෂයෙන් පිස්සෙක් ඉල්ලුවත් ඌට චන්දෙ දෙන බහුතරයක් ඉන්න එක.... ඒක දේශපාලුවන් හොඳට දන්නවා.... ඒ හින්ද බොරු පොරොන්දු ටිකක් දීලා කොහොම හරි බලයට එනවා... ඊට පස්සේ රටේ සාරය උරා බොනවා....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් නැවත නැවතත් නොහැකියාව ප්‍රදර්ශණය කරනවා...
    සිරාගෙ නොන්න්ජල්කම හා නොහැකියාව රටම විනාශ කරනවා...
    ගෝඨා නොවුනත් ඒ වගේ කොන්ද තියෙන මිනිහෙක් පොහොට්ටුවෙන් ආවොත් රටට හොදයි....
     
    • Haha
    Reactions: hasithayad

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    රනිල් නැවත නැවතත් නොහැකියාව ප්‍රදර්ශණය කරනවා...
    සිරාගෙ නොන්න්ජල්කම හා නොහැකියාව රටම විනාශ කරනවා...
    ගෝඨා නොවුනත් ඒ වගේ කොන්ද තියෙන මිනිහෙක් පොහොට්ටුවෙන් ආවොත් රටට හොදයි....

    :yes::yes::yes::yes::yes:
     
    Similar threads