පෝට් සිටියේ ආයෝජකයන්ට සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වයි..
May 11, 2025 at 3:17 am | lanka C news
ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව චීනය විසින් ඉදිකරන ලද පෝට්සිටි ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරන ආයෝජකයන් දිරිගැන්වීම සඳහා දැනට පිරිනමා ඇති සියලු බදු සහන අහෝසි කරන ලෙස දන්වා තිබේ.
මේ ආකාරයට බදු සහන පිරිනැමීමෙන් රජය අපේක්ෂා කරන වාර්ෂික මූල්‍ය ඉලක්ක සපුරාගත නොහැකි බැවින් බදු සහන අහෝසි කළ යුතු බව මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශයේ සඳහන්ය.
