පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    Law එකක්නම් තියෙනව
    ඒත් ඕව බොරු වැඩනෙ බං
    බුදුහාමුදුරුවො ඉන්න කාලේ ජේතවනාරාමෙ අල්ලපු වැටේ ඌරොත් මැරුවෙ ඩේලි

    tahike, me @tharakaf nemei ne. mama daapu reply eka delete kala.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ආ දැන් කරත්තේ බැඳලද ඉන්නේ උබ? තාරකF කරත්ත කාරයෙක් කියලා දැන ගත්තේ අද නේ. :rofl:
    අපෝ ඔයා ගොඩේනෙ ඒකවත් තේරෙන්නෙ නෑ
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    elakiriye wadi hariyakk inne thambi, palli kakkoi. me thread eke comment baluwama echchara thama pahadili
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    "පෝය දවස" කියන එක කොහෙන්ද ආවේ? scriptures වල කොහොමද සදහන් වෙන්නේ මේක ගැන? @MalSeven @ek_rosh @nuwan9999 @lankalk

    හැම පෝයටම බෞද්ධ ඉතිහාසේ මොකක් හරි විශේෂ දෙයක් වෙලා තියෙනවා නේද. ඒ වුනාට ඇත්තටම එදාටම නෙමෙයිලු නේද එහෙම වෙලා තියෙන්නේ? ඒ මාසේ සිද්ද වෙච්ච දේවල් ඒ මාසෙට අදාළ පෝය දවසට දාගෙන සමරන එක නේද කරන්නේ? 🤔

    In Sri Lanka, Poya days, which are every full moon day, are religious holidays where the sale of alcohol and meat is prohibited. These days are also public holidays, and employees are granted a holiday, with those who are required to work receiving at least one and a half times their daily salary. The Holidays Act (No. 29 of 1971) declares every Full Moon Poya Day and Sunday as public holidays.


    ශ්‍රී ලංකාවේ, සෑම පුර පසළොස්වක පොහොය දිනයක් වන පෝය දින, ආගමික නිවාඩු දින වන අතර එහිදී මත්පැන් සහ මස් විකිණීම තහනම්ය. මෙම දින ද රජයේ නිවාඩු දින වන අතර, සේවකයින්ට නිවාඩු දිනයක් ලබා දෙන අතර, වැඩ කිරීමට අවශ්‍ය අයට ඔවුන්ගේ දෛනික වැටුපෙන් අවම වශයෙන් එකහමාරක් ලැබේ. නිවාඩු දින පනත (1971 අංක 29) මගින් සෑම පුර පසළොස්වක පොහොය දිනයක් සහ ඉරිදා දිනයක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ.


    View attachment 249208

    ඒ කියන්නේ මෙහෙම නීතියක් තියෙනව නේද? 😱😱😱

    එහෙනම් ඉතින් හාමුදුරුවෝ වුනත් දැනගන්න ඕන ඕක හරිහමන් විදිහකට කියලා වහල දාන්න. එහෙම නැත්තන් පොලිසියට දැනුම් දෙන්න. දැන් ඔක්කොම හාමුදුරුවරු රාජාන්ගනේ ටයිප් එකට වැඩ කරන්නේ.
    ------ Post added on Apr 13, 2025 at 9:36 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    "පෝය දවස" කියන එක කොහෙන්ද ආවේ? scriptures වල කොහොමද සදහන් වෙන්නේ මේක ගැන? @MalSeven @ek_rosh @nuwan9999 @lankalk
    ඔය දවසට ගොඩක් උන්ගේ පිස්සු තද වෙනවා. ඒ නිසා ඒ කාලේ ඉඳලම ආගමික දේවල් වලට වෙන් කරලා ශේප් කරගෙන ඉන්න ඇති. ත්‍රිපිටක වල නන් කොහොම තියෙනවද නොදනී.
    @greenthunder ගෙන් අහලා බලමු
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔය දවසට ගොඩක් උන්ගේ පිස්සු තද වෙනවා. ඒ නිසා ඒ කාලේ ඉඳලම ආගමික දේවල් වලට වෙන් කරලා ශේප් කරගෙන ඉන්න ඇති. ත්‍රිපිටක වල නන් කොහොම තියෙනවද නොදනී.
    @greenthunder ගෙන් අහලා බලමු

    මානසික රෝගින්ට එහෙම ඒ රෝගී තත්තව වැඩි වෙනවා කියලා අහලා තියෙනවා, ඇත්තද බොරුද දන්නැහැ
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    අපේ පන්සලෙත් එහෙමයි. මට නම් පන්සල් යන්නත් අවංකවම එපා වුනා. ලොකු බිල්ඩින් කඩනවා . ආපහු හදනවා...බිල්ඩින් හදනවා...පිලිම අඹනවා..ඔච්චරයි අපේ පන්සලේ වෙන සේවය.
    ඒක තමා උන්ට තියෙන එකම විනෝදේ. මගෙන් සල්ලී ඉල්ලලා දුන්නේ නැති නිසා අපේ ගෙවල් ගාව පන්සලේ හාමුදුරුවෝ තරහ වෙලා ඉන්නේ. අම්මලා ගෙවල් ගාව පොර හැමදාම උදේ 4ට පිරිත් දානවා. එහේ ගිය දවසට නිදාගෙන ඉවරයි ඉතින්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මස් නම් හොඳ නෑ කියමුකො..ලංකාවෙ ගෙදරක මුහුදු මාළු නැතුව කිසිම දානයක් කරන්නෙ නෑනෙ (මේ හාමුදුරුවො මාළු කන්නෙ නැත්නම් කමක් නෑ)

    හාමුදුරුවරු අනිත් දවස් වල මාළු කාල පෝයට විතරක් බනින එක නම් ගැටලු සහගතයි. :unsure:
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    927
    707
    93
    "පෝය දවස" කියන එක කොහෙන්ද ආවේ? scriptures වල කොහොමද සදහන් වෙන්නේ මේක ගැන? @MalSeven @ek_rosh @nuwan9999 @lankalk
    හරියටම දන්නෙ නැහැ මචං, මමත් අහල තියෙන්නෙ පෝය දවස් කියන්නෙ ඔය හෙළය කිව්ව වගෙ මිනිස්සුන්ව පින් අතේ වැඩ/හිත නිවන වැඩ කරන්න යොදවන දවස් කියල. ඒකට හේතුව හැටියට පෙන්නන්නෙ ඔය දවස් වලට හඳේ බලපෑම නිසා හිත ව්‍යාකූල වීම (පිස්සු තද වීම)

    අංකල්ලගෙන් වැඩි විස්තර දැනගම්මු 😅
     
    • Like
    Reactions: Fiona Dabare

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    මානසික රෝගින්ට එහෙම ඒ රෝගී තත්තව වැඩි වෙනවා කියලා අහලා තියෙනවා, ඇත්තද බොරුද දන්නැහැ
    හරියටම දන්නෙ නැහැ මචං, මමත් අහල තියෙන්නෙ පෝය දවස් කියන්නෙ ඔය හෙළය කිව්ව වගෙ මිනිස්සුන්ව පින් අතේ වැඩ/හිත නිවන වැඩ කරන්න යොදවන දවස් කියල. ඒකට හේතුව හැටියට පෙන්නන්නෙ ඔය දවස් වලට හඳේ බලපෑම නිසා හිත ව්‍යාකූල වීම (පිස්සු තද වීම)

    අංකල්ලගෙන් වැඩි විස්තර දැනගම්මු 😅

    එහෙම සීන් එකක් තියෙනව

    https://health.clevelandclinic.org/moon-effects-on-humans