පෞරුෂත්වය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    මේ සමාජෙට බැස්සම අපිට විවිධාකාර මිනිස්සු හම්බවෙනව
    ගොරහැඩි මිනිස්සු, හිතේ තෙතමනයක් නැති මිනිස්සු, අනිත්කෙනා ගැන කිසිම වගක් නැති මින්ස්සු, තමන්ගෙ වාසිය වෙනුවෙන් ඕනම ජඩ වැඩක් කරන මිනිස්සු, ඔය දේශපාලනේට පස්සෙ පස්සෙ එකතු වෙච්ච කට්ටියකුත් ඉන්නෙ ඒ වගේ.. :P
    කිසිම නම්‍යශීලීත්වයක් නෑ.. හරිම මුකරි කටවල් ටිකක් තියෙන්නෙ.. කටින් කියල ඕනම දෙයක් දිනන්ඩ පුලුවං.. ඇත්ත බොරුව හරි කරල කතා කරනව, කොච්චර වැරදි කරත් ලැජ්ජාවක් නෑ.. මං හිතන්නෙ ලැජ්ජාව දැනෙන් නෑ..
    උදාහරණෙකට මට මැවෙනව මූණූ දෙකක්, මේ වගේ පෞරුෂයක් හිමි අය ගැන කතා කරද්දි, රෝහිත අබේගුණවර්ධන, තව එතකොට අර ජොන්ස්ටන් වගේ අය..
    මම මේ පැහැදිලි කරන්ඩ ගත්තෙ.. දැං ඕක අල්ලං වාද කරන්ඩ ඕනෙ නෑ..

    මීට හාත්පසින්ම විරුද්ධ පෞරුෂයක් තියෙන කොට්ඨාසයකුත් ඉන්නව
    මෙවැනි අයට අහිංසක චරිත හිමියි, ලැජ්ජාශීලීයි, නිතරම හරි වැරැද්ද ගැන හිතනව, අනිත් අයගෙ දුක තේරෙනව, නිතරම තමන්ගෙ අතින් වැරැද්දක් උනාද කියල හිතනව, එහෙම උනොත් සෑහෙන්ඩ පසු තැවෙනව.. ඉක්මනට අසනීප වෙන්ඩත් පුලුවං.. හරිම නම්‍යශීලීයි මේ වගේ අය.. ආශ්‍රය කරන්ඩ පුලුවං ප්‍රසන්න අය මෙයාල..
    ඒ වගේම මෙයාල මානසිකව වැටෙන්ඩත් ගොඩක් ඉඩ තියෙනව..
    ඒත් එහෙම වැටිල ගොඩ එන අය සුපිරියටම තමන්ගෙ ජීවිතේ ඉදිරියට ගෙනියනව.. :)

    ඉතිං අපි දන්න දේවල් මේ ගැන කතා කරමු..
    තව ඉස්සරහට මම මේකට කරුණු එකතු කරන්නං..

    ගොඩක් වෙලාවට සිද්ධ වෙන අපරාධ උනත් විශ්ලේෂණය කරන්ඩ පුලුවං මේ විවිධ පෞරුෂයන් සලකල බලල

    සමහරක් පුද්ගලයො අහිංසක මනුස්සයෙක් දැක්කම ගොඩක් අනුකම්පා කරනව. ඒ කෙනාට හොඳින් සලකන්ඩ බලනව. තව කට්ටියක් ඉන්නව අහිංසක පාට එකෙක් දැක්ක ගමං ඌව සුද්ද කරන්ඩ හදනව.
    අහිංසක පෞරුෂ හිමි අය කොච්චර අහිංසක උනත්, හිතේ තියෙන කේන්තිය නිසා දරුණු අපරාධ කාරයො වෙන්ඩ පුලුවං සමහරක් වෙලාවට.. පලිගැනීමේ චේතනාව මත

    url



    ප්‍රධාන වශයෙන් පෞරුෂයන් වර්ග කරන්ඩ පුලුවං මෙන්න මෙහෙම
    1. Extraverted
    2. Introverted


    Extraverted යටතේ
    ESTJ - The Executive
    ESTP - The Entrepreneur
    ESFJ - The Consul

    ESFP - The Entertainer
    ENTJ - The Commander
    ENTP - The Debater
    ENFJ - The Protagonist
    ENFP - The Campaigner

    අනු කාන්ඩ ගන්ඩ පුලුවං.. මෙයාල තමා මම අර කලිං කියපු කාණ්ඩෙට වැටෙන්නෙ

    Introverted ගොඩට
    ISTJ, ISTP, ISFJ, ISFP, INTJ, INTP, INFJ, INFP අනු කාණ්ඩ අයිතියි


    දැං උඹල බලනව ඇති අනිත් අකුරු මොනාද කියල.. ඒව තමා
    Sensing (S) vs. Intuition (N)
    Feeling (F) vs. Thinking (T)
    Perceiving (P) vs. Judging (J)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,604
    113
    "කටින් කියල ඕනම දෙයක් දිනන්ඩ පුලුවං.. ඇත්ත බොරුව හරි කරල කතා කරනව"
    ඒක ඉතිං දක්ෂතාවය තමයි. දක්ෂතාවය යහපත් දේකට යොමු කරනවා නම් වටිනවා.

    "අහිංසක චරිත හිමියි, ලැජ්ජාශීලීයි, නිතරම හරි වැරැද්ද ගැන හිතනව, අනිත් අයගෙ දුක තේරෙනව, නිතරම තමන්ගෙ අතින් වැරැද්දක් උනාද කියල හිතනව, එහෙම උනොත් සෑහෙන්ඩ පසු තැවෙනව"

    මට නම් සමාජයේ ජීවත් වීමයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වීමයි කියලා දෙකක් තියෙනවා. ඔය දෙකම තියෙන්න ඔනේ බන්. නැත්නම් කරදර වැඩියි. එක එකාගෙන් කතන්දර අහ ගන්න වෙනවා. නයා පෙනේ පිප්පුවේ නැති උනොත් දරමිටියේ බඳිනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    "කටින් කියල ඕනම දෙයක් දිනන්ඩ පුලුවං.. ඇත්ත බොරුව හරි කරල කතා කරනව"
    ඒක ඉතිං දක්ෂතාවය තමයි. දක්ෂතාවය යහපත් දේකට යොමු කරනවා නම් වටිනවා.

    "අහිංසක චරිත හිමියි, ලැජ්ජාශීලීයි, නිතරම හරි වැරැද්ද ගැන හිතනව, අනිත් අයගෙ දුක තේරෙනව, නිතරම තමන්ගෙ අතින් වැරැද්දක් උනාද කියල හිතනව, එහෙම උනොත් සෑහෙන්ඩ පසු තැවෙනව"

    මට නම් සමාජයේ ජීවත් වීමයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් වීමයි කියලා දෙකක් තියෙනවා. ඔය දෙකම තියෙන්න ඔනේ බන්. නැත්නම් කරදර වැඩියි. එක එකාගෙන් කතන්දර අහ ගන්න වෙනවා. නයා පෙනේ පිප්පුවේ නැති උනොත් දරමිටියේ බඳිනවා.

    ඔව් මචං.. නැතුව බෑ.. දෙකම බැලන්ස් කරගන්ඩ උත්සාහ ගන්ඩ ඕන..
    උපතින් අහිංසක චරිත තියෙන අය, සමාජෙ නපුර දිහා බලල ඉගෙන ගන්නව ඊට හැඩගැහෙන්ඩ
    උපතින්ම වචාල පෞරුෂ තියෙන අය ගැන මොකද හිතෙන්නෙ ? :P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිග්මන් ප්‍රොයිඩ් ගේත් විශ්ලේෂනයක් තිනවා එක උබ මන් හිතන්නේ දාලා තියෙන්නේ ,මට විස්තර මතක නැ බන් හරියට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    රෝහිත අබේගුණවර්ධනගෙ පෞරුෂය මෙයින් මොකක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    Extraversion tends to be manifested in outgoing, talkative, energetic behavior, whereas introversion is manifested in more reserved and solitary behavior.

    මේකෙ තේරුම සිංහලෙන් කියපල්ලකො
    ටිකයි තේරෙන්නෙ.. :)