ප‍්‍රභාකරන් එළාරට සමානකරන කරන එවුන්

ayako mori

Member
May 2, 2010
7
0
0
ප‍්‍රභාකරන් එළාරට සමානකරන කරන එවුන්

arantala.jpg

Top Lanka News මැයි 01
එළාර සෙනවියා පිළිබදව ඉතිහාසඥයින් අතර මතභේද පවතී. මොහු කවුද? ලංකාව ආක‍්‍රමණය කරමින් රට අල්ලාගත් බවත් දුටුගැමුණු රජතුමා අති දුෂ්කර යුද්ධයකින් පසුව එළාර පරදවා රට ජාතිය හා ආගම රැකගත් වගත් වංශකතාවල විස්තර වේ.
එළාර හෝ ඔහුගේ ආක‍්‍රමණය පිළිබදව කිසිම තොරතුරක් තමිල්නාඩුවට අයත් චෝල පාණ්ඩ්‍ය හා කේරල රටක කිසිම ඉතිහාස මුලාශ‍්‍රයක නැත. එමනිසා එළාර දකුණු ඉන්දියානු ආක‍්‍රමණිකයෙක් දැ යි ඇතැම් ඉතිහාසඥයින්ට සැකයක් ඇත. වංශකතාවන්හි ලංකාව ආක‍්‍රමණය කළ ආක‍්‍රමණිකයින් දෙමළ නමින් සදහන් වුවාට පුරානයේ දෙමළ වර්ගයා අද දෙමළ වර්ගයාම ද යන්නත් මතභේදයට කාරණාවකි.
දුටුගැමුණු රජතුමා මියගිය එළාර වෙනුවෙන් ගෞරවය දැක්වු බවත් ඔහු වෙනුවෙන් සොහෙනක් ඉදිකර ඒ අසල යනවිට නිහඩව ගමන්කරන ලෙසත් දැන්වු බවත් වංශකතාවේ සදහන් වේ. ඒ මන්ද? වංශකතාවේ සදහන් වෙන එළාර උසස් ගතිගුණ හෙබි ක්ෂත‍්‍රීය සෙනවියෙක් බැවිනි. මේ වග පැහැදිලි කෙරෙන සාක්ෂියක් මහාවංශය දක්වයි. ඒ එළාර සෙනවියා ගැමුණු රජතුමා සමග ද්වන්ද සටනකට ඉදිරිපත්වීමයි. ද්වන්ද සටනක් සිදුවන්නේ ක්ෂත‍්‍රීය නායකයින් දෙදෙනෙක් අතර පමණි. ද්වන්ද සටනකින් පරාජයට පත්වෙන්නාට විරයෙක් වශයෙන් ගෞරව දැක්වීම ක්ෂත‍්‍රීය යුද්ධ චාරිත‍්‍රයකි. පුරානයේ යුද්ධයේ පවා චාරිත‍්‍ර තිබුණි.
ප‍්‍රභාකරන් යනු මොනම චාරිත‍්‍රයක්වත් නොරැක්ක බිහිසුණු මිනීමරුවෙකි. එවැනි මිනීමරුවෙක් එළාර වැනි සෙනවියෙක් සමග සමාන කරන්ඩ ඉතිහාසය ගැන අබමල් රේනුවක හෝ දැනුමක් නැති මෝලෙකුට පුඵවන. ඒ වාගේම ආයෙත් කොටි නැගිටිනවා දකින්ඩ කැමති දුෂ්ටයන්ට ද පුඵවන. මෙබදු මොල්ලු හා දුෂ්ටයෝ ප‍්‍රභාකරන්ගේ නිවස කඩා ඉවත්කළා යයි හමුදාව ට චෝදනා කරති. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තයන් වෙනුවෙන් ඓතිහාසික ස්ථාන උගුලූවා තනවා තිබු පිළි රූ ඉවත්කරනවා යි හමුදාවට චෝදනාකරති. ඔවුන් අතර ජේවීපී කාරයෝ ප‍්‍රධාන වෙති.
ජේවිපී කාරයා යනු පුදුමාකාර පුද්ගලයෙකි. නිදසුනක් දක්වතොත් විජිත හේරත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරවයා වශයෙන් කටයුතු කළේ ය. ඒ කාලයේ මියගිය ජවිපෙ තරුණ තරුණයින් වෙනුවෙන් සිහිවටනයක් ඉදි කිරිමට අඩුම තරමින් යෝජනාවක් ගෙනඒමට ඔහුට අවස්ථාව තිබුණි. විජේවීරට වෙඩි තැබූ ස්ථානයේ ස්මාරකයක් තැනවීමට යෝජනා කිරිමට ඔහුට අවස්ථාව තිබුණි. එජාප ආණ්ඩුව විසින් මරාදැමු ජවිපෙ සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ වාර්තා හා විස්තර එක්වෙන කිසියම් කෞතුකාගාරයක් තැනීමට යෝජනා කිරිමට ඔහුට අවස්ථාව තිබුණි .නමුත් ඇමතිකම දරද්දී ඔහුට ඒ කිසිවක් මතක් වුනාද?
ප‍්‍රභාකරන් හා කොටි ත‍්‍රස්තවාදය පිළිබදව හැගීමක් හෝ ඉදිරි පරපුරට ඇති නොවීමට කටයුතු කිරීම වගකිව යුතු රජයක යුතුකමයි. ප‍්‍රභාකරන්ගේ නිවස ආරක්ෂා කරන්ට උත්සාහ දැරුවන් හා ඒ වෙනුවෙන් හඩන්නන් ආයෙත් කොටි ත‍්‍රස්තවාදය පිහිටුවිමට කැමැත්තන් මිස දේශපේ‍්‍රමින් නොවෙති.
ජේවිපී කාරයින් විජේවීර කෙරේ නොදක්වන කැක්කුමකින් ප‍්‍රභාකරන් වෙනුවෙන් හඩති. විජේවීරගේ නිවස විනාශ කළ ඔහුගේ සොහොයුරා මැරූ යුඇන්පී කාරයින් සමග අත්වැල් බැදගෙන සිටිති.