උබලට කියන්න මම දැන් ඩීලර් තැන් තුනකින් ඇහුවා bore එක කීයද කියල. මහලොකුවට discount දාල දෙන්නම් කියනවා හෙන හෙන ලොකු ගණන්. ඒත් උන් ගන්න ගාන ගන්නවා. රුපියල් 9800/=LKR ගහල තියෙන එක කාබන් පෑනෙන් කපලා 13,800ක් ගහල. ආයෙ ඒකට 15% ඩිස්කවුන්ට් දීලා 11,500/= ට දෙන්නම්ලු. තව තැනකින් 10,800/= ට දෙන්නම්ලු. තනිකර හූරන් කෑමක් බන් මුන් කරන්නෙ. එපා වෙනවා ඇවිදලම. සල්ලි නෑ බන් ඒකයි හතර වටේ ඇවිදල හරි කීයක් හරි අඩුවට කර ගන්න බලන්නෙ. තව තැනකින් local bore එක දනේනම් කිව්වා 5,100/=යි. අර packing set එක කඩලා වෙන වෙනම විකුණන්නෙ මේ කැරි බල්ලො. head gasket එක රුපියල් 800ක්. කාට කියන්නද බන්. සල්ලි තිබ්බා නම් කීය හරි දීල ගන්නවා මෙච්චර දුක් විඳන්නෙ නැතුව. ඒත් මේ කැරියොන්ගෙ කළුකඩ වෙළඳාම නිසා අප්පිරියයි. උබලත් කවදාවත් හදිස්සි වෙලා මේ වගේ දේවල් ගන්න එපා.