බටහිර ඩොක්කු ගoජාවලට එරෙහිවේ...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බටහිර ඩොක්කු ගoජාවලට එරෙහිවේ...

    86178664_112999876934553_5924078542043217920_o.jpg


    දුම්කොළ සමාගම්වලට කුලියට කහින නරි රැලට ලියමි...

    බටහිර විද්‍යාව අවුරුදු 5කින් ඉගෙන ගත්තේ යැ යි කියන, එසේ කළ පමණින් ලොව ඇති අනෙක් සියලු දැනුම් පද්ධතීන්ට පහර ගැසීමට ශුද්ධ වූ ලයිසන්ස් එකක් තමාට ලැබී ඇතැ යි සිතන Manuja Pereraට සහ කුලියට කහින්නන් වෙත මෙසේ පිළිතුරු සපයමි.

    (හැකි නම් ඔබගේ සටහනේ වරහන් තුළ ඔබ දක්වා ඇති ලක්ෂණ කංසා භාවිතය තුළින් සෑදෙන බවට නිශ්චිත ව කිව හැකි Anecdotal නොවන විද්‍යාත්මක පර්‍යේෂණ ඔස්සේ තහවුරු කරන්න. ඔබ නොදන්නවා වුව ද ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරයන්හි පාරම්පරික වෛද්‍ය ක්‍රමවල දී වණ, කුෂ්ඨ සුව කිරීමට කංසා යොදා ගැනෙ යි. එමෙන් ම ලෝකයේ මේ වන විට රුව අලංකරණය උදෙසා කංසා අඩංගු කොට බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන ද වෙළෙඳපොළට පැමිණ ඇත.)

    1. KG යන නාමයෙන් සත්‍ය වශයෙන් ම හැඳින්වෙන්නේ Kerala Gold (කේරළයේ රත්‍රං) ය. එනම් කේරළයේ වැවෙන ගංජා විශේෂයකි (𝑪𝒂𝒏𝒏𝒂𝒃𝒊𝒔 𝒊𝒏𝒅𝒊𝒄𝒂). KG යනු ද ගංජා විශේෂයක් බව සැබෑ ය. නමුත් පොදු ව්‍යවහාරයේ දී 'KG' සහ 'ගංජා' යන වදන් දෙක ව්‍යවහාර වනුයේ වෙනස් අර්ථ දෙකක් හැඟවීමට ය. එනම් 'KG' ඉන්දියාවෙන් එන 𝑪𝒂𝒏𝒏𝒂𝒃𝒊𝒔 𝒊𝒏𝒅𝒊𝒄𝒂 විශේෂය හැඳින්වීමටත් 'ගංජා' යන වදන ලංකාවේ මෙන් ම ලෝකයේ බොහෝ ප්‍රදේශවල සුලබ ව වැවෙන 𝑪𝒂𝒏𝒏𝒂𝒃𝒊𝒔 𝒔𝒂𝒕𝒊𝒗𝒂 විශේෂය හැඳින්වීමට ය. එයවත් නොදන්නාකමෙන් පෙනී යන්නෙ ඔබගේ සමාජ දැනුම අල්ප බව යි.

    2. මෙම වටිනා ශාකය හැඳින්වීමට ඔබ යෝජනා කරන නාමයන් අප පාවිච්චි කිරීමට අවශ්‍ය නැත. 'ගංජා' යනු එක නාමයක් පමණි. ඒ වෙනුවෙන් පුරාණ වෛද්‍ය ග්‍රන්ථවල මෙම ශාකය හැඳින්වූ ත්‍රෛලෝක්‍යවිජයා, උර්ජායා, හර්ෂණි, ඥානවර්ධනී ආදී වශයෙන් මනරම් වූ නාමයෝ රැසක් ඇත.

    3. ඔබ තර්ක කිරීමේ මූලික ආචාර ධර්මවත් නොදන්නා බව මෙයින් පෙනී යයි. ඔබ ඔබගේ ප්‍රතිවාදියා පහතට හෙළීම හරහා ඔබ ඉදිරිපත් කරන කරුණුවලට වලංගුතාවක් ලබාගැනීමේ අසරණ උත්සාහයක යෙදී සිටින්නෙහි. ඔබගේ තර්කවල දිගින් දිගට ම ඇත්තේ "මෙන්නෝ ගංජාකාරයෝ ඇවිස්සෙනවෝ" වැනි බාල ගණයේ වදන් පමණකි. එය ඔබේ පස් අවුරුදු උපාධි කඩදහියට ද නිගාවකි. වැලිඅංගගේ පොත විද්‍යාත්මක නොවේ නම් කළ යුත්තේ එය විද්‍යාත්මක නොවන්නේ ඇයි දැ යි කරුණු සහිත ව පැහැදිලි කිරීම විනා තුන්වන පන්තියේ මඩ ගැසීම නොවේ ය. අනෙක් අතට, ආචාර්‍ය Wasantha Weliange මහතා යනු ඔබ මෙන් බටහිර විද්‍යාවේ වහලෙක් නොවේ. ඔහු සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, පුරා විද්‍යාව, මානව විද්‍යාව යනාදී ක්ෂේත්‍රයන්හි මෙන් ම පෙරදිග ඥාන දර්ශනයන්හි ප්‍රාමාණික විද්වතෙකි. ඔහුගේ 'ත්‍රෛලෝක්‍යවිජයා' ග්‍රන්ථය ඔහේ ලියැවුණු හිතලුවක් නොව වසර 20කට අධික කාලයක් තිස්සේ මහත් කැපකිරීමකින් යුතු ව ලංකාවේ මෙන් ම ලෝකය පුරා රටවල කරන ලද පර්‍යේෂණ හා අධ්‍යයනවල ප්‍රතිඵලයකි.

    4. හැකි නම්, ගංජා බීම සහ මානසික රෝග වැළඳීම අතර රේඛීය සම්බන්ධයක් ඇතැයි තහවුරු කෙරෙන (ප්‍රකාශිත) Anecdotal නොවන පර්‍යෙෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න. ඔබගෙන් විද්‍යාත්මක මූලාශ්‍ර විමසූ විට Wikipedia පිටු සහ වෙනත් වෙබ් පිටු අලව අලවා යෑම සිනහ ගෙන එන කරුණකි. Wikipedia සහ ආතක් පාතක් නැති වෙනත් වෙබ් අඩවි විද්‍යාත්මක හා විශ්වසනීය මූලාශ්‍ර යැයි නොසැලකෙන බව ඔබ නොදැන සිටීම ශෝකයට කරුණකි. ආයුර්වේදයේ මානසික රෝග සුව කිරීම සඳහා යොදාගන්නා ඖෂධවල කංසා ප්‍රධාන සංඝටකයක් වේ. එමෙන් ම කැනඩාවේ සහ ඇමරිකාවේ බටහිර වෛද්‍යවරු ද මානසික ආතතිය සමනය කරගැනීමට කංසා ශාකයෙන් නිස්සාරණය කරගන්නා CBD oil නිර්දේශ කරන බව ඔබ නොදැන සිටීම ද අරුමයකි. බටහිර ඖෂධ වැරදීමෙන් හෝ අධිමාත්‍රාවෙන් ශරීර ගත වීමෙන් මානසික ව්‍යාධීන් වැළඳුණු රෝගීහු ඕනෑ තරම් ඇත. ඔබ ඒවා ඉදිරියේ මුනිවත රකින්නෙහි. ලෝකයට ම මහත් ව්‍යසනයක් ව පවතින හෙරොයින් අදින් වසර සියයකට පමණ ඉහත දී බටහිර වෛද්‍යවරුන් විසින් කුඩා ළමුන්ගේ කැස්සට, හෙම්බිරිස්සාවට ඖෂධයක් යැයි සලකා නිර්දේශ කළ බව ඔබ දන්නවා ද? ඔබ වැනි අඳබාල පොතේගුරුන් එදවස හෙරොයින්වල ද ගුණ වයන්නට ඇත. එනයින් ඔබ පස් අවුරුද්දක් වනපොත් කළ විෂය කරුණු සදාකාලික ව වලංගු දේවවාක්‍ය නොවන බවත් ඒවා දිනෙන් දින උඩුයටිකුරු ලෙස වෙනස් වන බවත් සිහි තබා ගන්න.

    5. ගංජා කැම්පේන් වලට ස්පොන්සර් කරන්නේ ටොබැකෝ කොම්පැණිවලින් යැ යි ඔබ පවසන්නේ Wikipedia පිටු පෙරළා කියවීමෙන් පසු බව අපි දනිමු. ඔබ ශාස්ත්‍රීය දැනුම උකහා ගන්නා ප්‍රධාන මාධ්‍යය Wikipedia බව පෙනී යයි. ඔබ ලෙඩුන්ට බෙහෙත් නියම කරන්නේ ද Wikipedia බලා දැ යි විටෙක මට සිතෙයි. Wikipediaහි ඇති දෑ ඔබට හෝ මට ද ඕනෑ ම වේලාවක edit කළ හැකි බව ඔබ නොදන්නේ දැ යි අපි නොදනිමු. කංසා නිෂ්පාදන පරිභෝජනය ඉහළ යෑමෙන් සත්‍ය වශයෙන් ම සිදුවන්නේ දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය පහළ යෑම යි. එය ඔබේ අල්ප සමාජ දැනුමට නොතේරුණ ද සාමාන්‍ය පුද්ගලයෙකුට පවා වැටහෙන කරුණකි. බ්‍රිතාන්‍ය ජාතිකයින් දේශීය වශයෙන් පැවතුණු කංසා තහනම් කළේ ද ඔවුන්ගේ මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදන යටත්විජිත තුළ අලෙවි කරගැනීමේ යටි අරමුණෙනි. Wikipediaහි ඇත්තේ සත්‍ය යැයි මදකට සලකමු. එහි ම සඳහන් වන පරිදි එසේ සමහර රටවල දුම්කොළ සමාගමක් හෝ දෙකක් කංසා නීතිගත කිරීමට සහයෝගය ලබා දෙන්නේ එම සමාගම් ද කංසා ආශ්‍රිත නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙනි. එක අතකට දුම්කොළ නොව කසිප්පු නිෂ්පාදකයෙකු වුව ද කංසා ආශ්‍රිත නිෂ්පාදනයන්ට යොමු වේ නම් එය යහපත් ප්‍රවණතාවකි.

    6. ඔබගේ ඊනියා (so-called) විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීම අපි දුටිමු. ඔබගේ තකතීරු වදන් ඉදිරියේ කුණුහරුප පමණක් අසා එතෙකින් අවසන් වන්නට සිදුවීම ගැන සතුටු වන්න. විද්‍යාඥයන් විසින් පෞද්ගලික මඩ සහ Wikipedia පිටු 'විද්‍යාත්මක කරුණු' ලෙස සලකන්නට පටන් ගත්තේ කවදා සිට දැ යි අප ද දැනුම්වත් කරන්නේ නම් යෙහෙකි.

    කංසා නීතිගත කිරීමේ ප්‍රයත්නයට එරෙහි වන්නට ඔබට ඇති රුජාව කුමක් දැ යි ද අපි හොඳින් දනිමු. ඒ කංසා ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය නිසා කායික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික වශයෙන් නිරෝගී ජාතියක් බිහි වූ කල ඔබ ඇතුළු නඩයේ ප්‍රයිවට් චැනලින් අඩු වී බඩේ පාර වදින නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. කංසා අධිමාත්‍රා වී මියගිය කිසිවෙක් නැත. එහෙත් අරක්කු, සිගරට් නිසා දහස් ගණනක් පෙනි පෙනී ම මිය යති. කංසාවලට එරෙහි ව ඇරෙන ඔබේ කට අරක්කු, සිගරට්වලට එරෙහි ව නම් කිසිදා නොඇරෙන බව ද අපි සහසුද්ද ලෙස ම දනිමු. එසේ ම කංසා නීතිගත කිරීමට පක්ෂ වූ රැල්ල දුම්කොළ සමාගම් විසින් ඇති කළ එකක් නොව බුද්ධිමත් මහජනතාව අතරින් ආ රැල්ලක් බව ඔබේ හය හතර නොදත් කුලියට කහින නරි රැලට කියා දෙන්න.

    Copied
    - Ravindu Rathnayaka -
     
    • Like
    Reactions: barath dpriye

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    කංසා නීතිගත කිරීමේ ප්‍රයත්නයට එරෙහි වන්නට ඔබට ඇති රුජාව කුමක් දැ යි ද අපි හොඳින් දනිමු. ඒ කංසා ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය නිසා කායික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික වශයෙන් නිරෝගී ජාතියක් බිහි වූ කල ඔබ ඇතුළු නඩයේ ප්‍රයිවට් චැනලින් අඩු වී බඩේ පාර වදින නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.
    මේකට ටිකක් හිනත් ගියා.

    ගංජා ගහන උන්ට ඕන නම් ගහන්න කියන්න.නිකම් බොරුවට අහක යන උනුත් අදින එක වැරදි.

    ප.ලි.:-දැන් ඔය නීරෝගීකම අතින් ඉස්සරහින් ඉන්න රටවල් ඒ තත්වය ලං කර ගත්තේ ගංජා ගහලද?
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේකට ටිකක් හිනත් ගියා.

    ගංජා ගහන උන්ට ඕන නම් ගහන්න කියන්න.නිකම් බොරුවට අහක යන උනුත් අදින එක වැරදි.

    ප.ලි.:-දැන් ඔය නීරෝගීකම අතින් ඉස්සරහින් ඉන්න රටවල් ඒ තත්වය ලං කර ගත්තේ ගංජා ගහලද?

    මිනිසුන් ගංජා බොන්නේ අවුරුදු දෙදාස් පන්සීයකටත් පෙර පටන්

    _107397165_a600b538-63a3-4700-87db-2ed75a293545.jpg


    අඩු තරමින් මෙයින් අවුරුදු 2500 කට පෙර මිනිසුන් ගංජා (කංසා) දුම පානය කරන ලද බව තහවුරු කෙරෙන සාක්‍ෂි බටහිර චීනයේ සොහොන් ගැබකින් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.

    එම පැරැන්නන් ගංජා දුම් පානය කරන්නට ඇත්තේ චාරිත්‍රයක් හෝ එසේත් නැත්නම් ආගමික වතාවක් වශයෙන් විය හැකි බවත් පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ අදහස් කරති.

    විද්‍යාඥයන් මතට යොදාගත හැකි ගංජා ශාකය සොයාගනු ලැබ තිබෙන්නේ බටහිර චීනයේ සොහොන් ගැබක අඟුරු කබල්වල දැවුණ දර අතරිනි.

    ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයකි.

    ගංජා ශාකයේ අන්තර්ගත එම උත්තේජනකාරී ගුණය පිළිබඳව එකල මිනිසුන් හොඳින් දැන සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඔය එක එක රිපොට් කලු සුද්දන්ට ලොකු උනාට මටනම් ලොකු නෑ . මොකද අපි දන්නවා ලෝකයේ ලෙඩ අඩු උනොත් බටහිර ඖෂධ සමාගම් වලට කෙල වෙනවයි කියලා . ඒ හින්දා පැනඩෝල් බීලා තොපිලා මැරියල්ලා..

    ගංජා .
    නම ඇසුනත් සමාජය බියට පත් වන වචනයක්
    කැනබීස්‌ සෙටිවා (Cannabis setiva) යන විද්‍යාත්මක නමින් හදුන්වන මෙම පැළෑටියට සමාන්‍ය ව්‍යවහා‍රයෙදී භාවිතා වන්නේ කංසා හෝ ගංජා යන නම්ය . ගංජා පැළෑටිය ආයුර්වේදයේ ගංජා හැඳින්වෙන්නේ තෛලෝක විජය පත්‍රම් ලෙසිනි
    ගංජා පැළෑටිය සමාජයේ අප සිතනා තරම් නරක බලපෑමක් ඇති නොකරන සහ එහි ඇති යහපත් ගුණ මතුකර ග්‍රන්ථයක් එලි දක්වා ඇත.
    ග්‍රන්ථයේ නම නම “තෛලෝක විජය පත්‍රම්” මය.
    ග්‍රන්ථයේ කතුවරයා ආචාර්ය වසන්ත සේන වැලිඅංගය.

    ආචාර්ය වසන්ත සේන වැලිඅංග ඉරිදා පුවත්පතක් සමග එක් වෙමින් මෙම ග්‍රන්ථය හා ගංජා පැළෑටිය පිළිබදව අදහස් දක්වා තිබුනා.
    එම සටහන පහතින්

    මම කැමතියි ඔබේ ගමත් අධ්‍යාපන පසුබිමත් දැනගන්න.

    අපේ මහගෙදර නුවර – කොළඹ නුවර පාරෙ පිළිමතලාවට කිට්‌ටුව අරඹේගමේ. මම පාසල් අධ්‍යාපනය ඇරඹුවෙ ගිරාගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මහනුවර කිංග්ස්‌වුඩ් විද්‍යාලයෙන් උසස්‌ පෙළ ජීව විද්‍යාව හදාරල කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වුණා. එහිදී දර්ශනවේදී උපාධිය ලබාගත්ත. ආචාර්ය උපාධියත් ලබාගත්ත.

    ලංකාව වගේ රටක කංසා කියන්නෙ තරමක්‌ විවාදාත්මක මාතෘකාවක්‌. කංසා ගැන මේ තරම් දීර්ඝ පොතක්‌ රචනා කරන්න හිතුවෙ ඇයි?

    කංසා ගැන අපේ දැනුම අඩුයි. අඩුයි කියනවාට වඩා නෑයි කිව්වොත් හරි. කංසා ගැන හුඟ දෙනෙක්‌ කතා කරන්නත් බයයි. මේ බය ඇති කළේ ඇමරිකාව. මට ඕන වුණේ කංසාවලට ඇමරිකාව නැති කරපු ලැබිය යුතු තැන ලබා දෙන්න.

    කංසා ශාකය හඳුනා ගන්නෙ කොහොමද?

    කංසා කියන්නේ මීටර් 2 ක්‌ පමණ උසට වැඩෙන තනි කඳක්‌ තියෙන, කඳේ පහළ සිට අතු බෙදෙන කේතු ආකාර පඳුරක ස්‌වභාවය ලබා දෙන ශාකයක්‌. කංසා ගස්‌ වල මල් පිපෙන්නෙ කරටි වල පොකුරු විදියට. හැම මල් පොකුරක්‌ ළඟම හීනි දිග තනි කොළයක්‌ මතු වෙනව. කංසා මැලියම් වල වෙනත් කිසිම ශාකයක දකින්නට නැති විවිධ රසායන වර්ග 80 ක්‌ තියෙනව. ඒ හැරුණාම වෙනත් කොටස්‌වල විවිධ රසායන වර්ග 365 ක්‌ විතර තියෙනව.

    කංසා ශාකය මුලින්ම සොයා ගත්තෙ කොහෙන්ද කොයි කාලෙදි ද?

    කංසා මිනිස්‌සුන්ට හම්බ වුණේ මීට අවුරුදු 12,000 කට පමණ කලින් චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නවලදී. කංසා මිනිසුන්ට හම්බ වුණාට පස්‌සේ ඒක මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුණා. ඉන්දියාවෙ, පර්සියාවේ, අරාබියේ, රෝමයේ, ගී්‍රසියේ ආදී විවිධ ප්‍රදේශ වලත් අපිට කංසා පිළිබඳ තොරතුරු හම්බවෙනව. ඇත්තෙන්ම ලෝකයේ කෘෂිකර්මය ආරම්භ වෙන්නෙ කංසා වලින්. කංසා කියන්නෙ චීනෙ තිබ්බ ප්‍රධාන බෝග 5 න් එකක්‌. ඉන්දියාවෙ තිබ්බ ප්‍රධාන බෝග 3 න් එකක්‌.

    මොනවාද කංසා ශාකයෙන් අපට ලැබෙන ප්‍රයෝජන?

    හුඟ දෙනෙක්‌ හිතන්නෙ කංසා කියන්නෙ භයානක මත් ද්‍රව්‍යයක්‌ පමණක්‌ බවයි. කංසා ඇට වලින් තෙල් හා පිටි හදන්න පුළුවන්. කඳේ පොත්තෙන් නූල්, ලණු, කඹ, රෙදි, කැන්වස්‌, හෙම්ප්, ප්ලාස්‌ටික්‌ හදන්න පුළුවන්. අරටුවෙන් කඩදාසි, චීප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්‌ට්‌ පොහොර, ගොඩනැඟිලි කර්මාන්තයේ වැලිවලට ආදේශකයක්‌ හැටියට ගන්න පුළුවන්. කංසා මුල් හොඳ ඖෂධයක්‌. මල් පිපුණු කරටි වල ඇති මැලියම් වලින් ඖෂධ, හෂීස්‌, චරස්‌, මල් හා පත්‍ර වලින්, මරිජුවානා, ගංජා ජොයින්ට්‌, බීම වර්ග හා ආහාර ලෙස ගන්න පුළුවන්. ඒ වගේම ගංජාවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්‌ තියෙනවා. කංසා ශාකයෙන් අද ලෝකය මුහුණ දෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනව.

    කංසා වලින් විවිධ නිෂ්පාදන කරන රටවල් මොනවද?

    ප්‍රංශෙ කංසා ඇට වලින් තෙල් හදනවා. යුරෝපීය රටවල් පිටි හදනව. චීප් බෝඩ් හදනවා, තෙල් සායම්, වාෂ්පශීලී දියර, වාර්නිෂ් විතරක්‌ නොවෙයි එතනෝල් එක්‌ක මිශ්‍ර කරවලා ඉන්ධනයක්‌ විදියට ගන්නව. සබන්, ශැම්පු හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ස්‌නේහක, මුද්‍රණ තීන්ත හා ඉන්ධන නිපදවනව. සමහර රටවල්වල කංසා ඇට රජය විසින් ලබා දෙනව. ඇමරිකාවෙ කංසා නීතිගත කරනවා කියල මැතිවරණ පොරොන්දු විදියට දීල දිනපු අයත් ඉන්නව. කොලොම්බියාව, කැනඩාව, උරුගුවේ, ස්‌පාඤ්ඤය, ඇමරිකාව, පෘතුගාලය, රුමේනියාව වගේ රටවල් කොන්දේසි සහිතව නීතිගත කරල තියෙනවා. ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියාව, කොරියාව වැනි රටවල් කංසා පිළිබඳ අදත් පර්යේෂණ කරනවා.

    බොහෝ දෙනෙක්‌ කංසා හඳුන්වන්නේ මත්ද්‍රව්‍යයක්‌ විදිහටයි. කංසා භාවිත කිරීම ශරීරයට අගුණද?

    කංසා භාවිත කළාම සිතේ ඒකාග්‍රතාවක්‌ ඇතිවෙනවා. ඒ කියන්නෙ සිත එක අරමුණක පිහිටුවා ගන්න පුළුවන්. කංසා භාවිත කළාට මනුෂ්‍යයෙක්‌ මිය යන්නෙ නෑ. ඒ වගේම ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්නෙත් නෑ. 1882 දී සැමුවෙල් බිල් නමැති ලේඛකයා චීන භාෂාවෙන් ලියවුණ FO SHO HING TSAN KING නමැති පොත LIFE OF BUDDHA නමින් ඉංගී්‍රසියට පරිවර්තනය කරනවා. එහි ඔහු සඳහන් කරනවා බුදුන් වහන්සේ එක දිනකට කංසා ඇටය බැගින් වැළදූ බව.

    කංසා පිළිබඳ ආයුර්වේදයේ හැඳින්වීම කුමක්‌ද?

    ආයුර්වේදයට අනුව කංසා අර්ශස්‌, ක්‍රිව, ශ්වාස, කාස රෝග සමනය කරන ඖෂධයක්‌. අතීසාරයට ප්‍රතිකාර කිරීමේදීත් කංසා යොදා ගන්නවා. මාස්‌ ශුද්ධි වේදනාව සමනය කරන්නටත් ලිංගික ශක්‌තිය වැඩි කරන්නටත් කංසාවලට හැකි බවත් ආයුර්වේදයේ දැක්‌වෙනවා.

    මුලින්ම කඩදාසිය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නෙ කංසා ශාකයට නේද?

    ඔව්. ක්‍රිස්‌තු වර්ෂ 70 වන තුරුත් චීන මිනිස්‌සු ලේඛනයට යොදා ගත්තෙ උණබම්බු පතුරු පැලලි මේ කාලෙ චීන උසාවියක කාර්යාල කාර්ය සේවකයකු ලෙස සේවය කළ මාර්ක්‌ස්‌ ගයි ලූන්ට බරින් වැඩි උණ බම්බු පතුරු වෙනුවට බරින් අඩු මාධ්‍යයක්‌ අවශ්‍ය වුණා. දිනක්‌ කංසා පඳුරු වලින් නව නිර්මාණයක්‌ කරන්නට හිතුව ඔහු කංසා හා මල්බෙරි පොතු එකට දමා හැදූ තලපයක්‌ දින ගණනාවක්‌ භාජනයක පල් වෙන්න තැබුවා. ඉන් පස්‌සෙ ඒකෙ හැදිල තිබ්බ දැල් පාසිය හතරැස්‌ අච්චුවක තියල වේළෙන්නට හැරිය. වතුර ඔක්‌කොම වාෂ්ප වුණාට පස්‌සෙ තන්තු ඔක්‌කොම එකට ඇලී නම්‍යශීලී තට්‌ටුවක්‌ වුණා. ඒවට තමයි SHI ෂී නැත්නම් කඩදාසි කිව්වෙ.

    නීති විරෝධී වෙන්නෙ කොහොමද?

    කංසා නීති විරෝධී කරන්නෙ 1930 දී විතර. ඒක වුණේ ඇමරිකාවෙ වුවමනාවට. මේ කාලෙ වෙනකොට ලෝකෙ අලුත් වෙලා කාර්මික විප්ලවයෙන් පස්‌සෙ විවිධ නව නිර්මාණ බිහි වුණා. විශේෂයෙන්ම ලී කුඩු යොදා තැනූ කඩදාසි, රසායනික ඖෂධ වර්ග, පෙට්‍රොලියම් තෙල් නව වර්ගයේ රෙදි වර්ග ආදී බොහෝ දේ මේ අතර තිබුණා. ඒත් කංසා ශාකය මිනිස්‌සු ප්‍රයෝජනයට ගන්නකම් මේවාට වෙළෙඳපොළක්‌ ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඔවුන් තමන් සතු සියලුම ප්‍රචාරණ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් කංසාවල ප්‍රතිරූපය භයානක මත්ද්‍රව්‍යයක්‌ පමණයි යන මතයට එනතෙක්‌ම බිඳවැට්‌ටුවා. ඉන් පසු ඇමරිකාව එය තහනම් කළා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව සුපිරි බලවතා වුණා. ඔවුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදාගෙන කංසා භාවිතය ලොව පුරාම තහනම් කළා.

    ඔබ මේ කෘතියෙන් කියන්නෙ ඒ කංසා තහනම වැරදියි කියල?

    කංසා තහනම් කළ එක්‌සත් ජාතීන්ම නුදුරු අනාගතේ දවසක කංසාවල ගුණ වයාවි. ඊට පස්‌සෙ බටහිර රටවල කංසා ආශ්‍රිත නිෂ්පාදන අපේ රටවල අලෙවි කරාවි. ඊට කලින් අපි තීරණය කරන්න ඕන කොන්ද පණ ඇති තීරණයක්‌ අරගෙන බටහිරින් එම නිෂ්පාදන එනතුරු බලා සිටිනවාද නැති නම් අපිම ඒ නිෂ්පාදන පටන් ගන්නවාද කියල.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    කලුසුද්දන්ටදාව ඉපදුන නාමික බෞද්ධයන් සහ බටහිර ඩොකුන් කැලඹේ...

    විවෘතව කතා කල යුතු ගංජා නම් විශ්මය ජනක ඖෂධය...
    බුදු රජානන් වහන්සේත් බෙහෙතක් ලෙස බෙසජ්ජක් ඛන්දක්යේ සඳහන් කරන ලද...
    ශ්‍රී ලංකාව ධන උල්පතක් කල හැකි මහා කප්රුක....
    කියවා බලන්න...
    හෙට දින රට දිනවන්න දායක වෙමු...

    වීඩියෝවෙහි දැක්වෙන්නේ ගංජා මගින් පිළිකා නාශක අව්ෂධයක් නිපදවන අයුරුය.



    ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත‍්‍රයානික භාවනා ක‍්‍රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ ගංජා නම් අපූරු ඔසුව භාවිතයෙන් මිනිසුන්ව ඈත් කර සීල් අරක්කු සඳහා ඇබ්බැහි කරවීම සඳහාය.

    එහෙත් අදත් බොහෝ දෙනා සිතා සිටින්නේ ගංජා යනු හෙරොයින්, කොකේන් වැනි අහිතකර මත් ද්‍රව්‍යයක් බවය. එය කෘතීමව ඇති කර තිඛෙන ව්‍යාජ මතයක්.

    අද වනවිට ලංකාවේ ගංජා ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ බලවත් මැත් ඇමති වරුන් විසිනි. ඔවුන් මේ බොරු මත පතුරවා ගංජා වලට නීතියේ පිළිගැනීමක් ලබා නොදෙන්නේ එවිට වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති වන විට අද මෙන් කුට්ටි ගණන් කළු සල්ලි එකතු කර ගැනීමට නොහැකි නිසාය.

    එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්‍යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්‍යයනයකින් පසුව නීත්‍යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය

    ගංජා පිළිබද වැරදි මත පහක්

    පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පම‚. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්‍යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.
    ගංජා ඇබ්බැහිවන සුලූ‍ මත්ද්‍ර‍ව්‍යයකි.

    මෙය වැරදි අදහසකි. වෛද්‍ය අධ්‍යයනයන්ට අනුව මධ්‍යසාර, නිකටින් සහ කැෆෙන් පවා ගංජා වලට වඩා ඇබ්බැහිවන සුලූ‍ය. අධික වේදනාවන්ට ලබාදෙන ඔක්සිකොටින් ඖෂධය සමඟ සන්සන්දනය කිරීමේදී ගංජා වඩා ආරක්ෂාකාරී විකල්පයකි.
    ගංජා සෞඛ්‍යයට අහිතකරය.

    ලොව අනුමත කරන ලද විවිධ ඖෂධ වර්ග භාවිතයෙන් සෑම වසරකම මරණ දහස් ගණනක් සිදුවේ. නමුත් ගංජා භාවිතා කිරීමෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. බොහෝදෙනා දුම්වැටි මඟින් පිළිකාවන් බවට පැතිර ඇති මතය නිසා ගංජා දුම පානයට බියවෙති. නමුත් දිනපතා ගංජා දුම්වැටි විස්සක් භාවිතා කළද ගංජා සෞඛ්‍යයට හානිකර නැත.
    ගංජා ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට හානිකරය.

    මෙම අදහසට පදනම්ව ඇත්තේ සුදු රුධිරාණු ටීඑච්සී නම් රසායනික සංයුතියට අනාවරණය වු පසුව ප්‍ර‍තිශක්තිකරණ පද්ධතිය රෝගයන්ට ප්‍ර‍තිචාර දැක්වීම මන්දගාමී කරන්නේය යන මතයයි. නමුත් වර්ථමානය වනවිට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඒඩ්ස් රෝගය වැනි ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයන්ට ගංජා ප්‍ර‍තිකාරයක් ලෙස අනුමත කර තිබේ.
    ගංජා ඖෂධයක් නොවේ.

    මෙම අදහස මුළුමනින්ම වැරදිය. පුරාතන ආසියවේ මෙන්ම වර්ථමාන කැලිෆෝනියාවේ පවා ගංජා යොදාගෙන පිළිකා, ඒඩ්ස්, සන්ධිප්‍ර‍දාහය (ආතරයිටිස්), ඉරුවාරදය (මිග්‍රේන්) වැනි විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍ර‍තිකාර කරනු ලබයි. එමෙන්ම අධ්‍යයනයන් මඟින් තහවුරු තර ඇති පරිදි විශාදය, සාංකාව සහ නින්ද නොයාම වැනි තත්තවයන් සඳහාද ගංජා යොදාගත හැකිය. කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාමෙන් සිදුවන ඇල්ෂයිමිර් රෝගයට ප්‍ර‍තිකාර කිරීම සදහා කංසා යොදාගත හැකිද යන්න පිළිබදව සොයාබැලීම මේ දිනවල සිදුවෙමින් පවතී.
    ගංජා අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය භාවිතයට යොමු කරයි.

    ගංජා භාවිතා කරන කිහිපදෙනෙකු අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය වලට වලට යොමුවීම පාදක කරගෙන ඖෂධයක් තහනම් කිරීම මුග්ධ ක්‍රියාවකි. සමරහක් පුද්ගලයින් නිදිපෙති සහ වේදනානාශක ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස අවභාවිතා කරති. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව මත්කුඩු සහ මත්පෙති භාවිතය අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.


    ඔබ තවත් ලෝකයට කොරොනා බෝ කර ලෝකය ලෙඩ කල බටහිර ඖෂධ සමාගම් පසුපස යන බටහිර ඩොකුන්ට රැවටෙනවාද ?

    සත්යයයේ සටහන බුද්දි‍යේ විමසුමට ...:)