බටහිර ඩොක්කු ගoජාවලට එරෙහිවේ...
දුම්කොළ සමාගම්වලට කුලියට කහින නරි රැලට ලියමි...
බටහිර විද්‍යාව අවුරුදු 5කින් ඉගෙන ගත්තේ යැ යි කියන, එසේ කළ පමණින් ලොව ඇති අනෙක් සියලු දැනුම් පද්ධතීන්ට පහර ගැසීමට ශුද්ධ වූ ලයිසන්ස් එකක් තමාට ලැබී ඇතැ යි සිතන Manuja Pereraට සහ කුලියට කහින්නන් වෙත මෙසේ පිළිතුරු සපයමි.
(හැකි නම් ඔබගේ සටහනේ වරහන් තුළ ඔබ දක්වා ඇති ලක්ෂණ කංසා භාවිතය තුළින් සෑදෙන බවට නිශ්චිත ව කිව හැකි Anecdotal නොවන විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ තහවුරු කරන්න. ඔබ නොදන්නවා වුව ද ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරයන්හි පාරම්පරික වෛද්‍ය ක්‍රමවල දී වණ, කුෂ්ඨ සුව කිරීමට කංසා යොදා ගැනෙ යි. එමෙන් ම ලෝකයේ මේ වන විට රුව අලංකරණය උදෙසා කංසා අඩංගු කොට බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන ද වෙළෙඳපොළට පැමිණ ඇත.)
1. KG යන නාමයෙන් සත්‍ය වශයෙන් ම හැඳින්වෙන්නේ Kerala Gold (කේරළයේ රත්‍රං) ය. එනම් කේරළයේ වැවෙන ගංජා විශේෂයකි (𝑪𝒂𝒏𝒏𝒂𝒃𝒊𝒔 𝒊𝒏𝒅𝒊𝒄𝒂). KG යනු ද ගංජා විශේෂයක් බව සැබෑ ය. නමුත් පොදු ව්‍යවහාරයේ දී 'KG' සහ 'ගංජා' යන වදන් දෙක ව්‍යවහාර වනුයේ වෙනස් අර්ථ දෙකක් හැඟවීමට ය. එනම් 'KG' ඉන්දියාවෙන් එන 𝑪𝒂𝒏𝒏𝒂𝒃𝒊𝒔 𝒊𝒏𝒅𝒊𝒄𝒂 විශේෂය හැඳින්වීමටත් 'ගංජා' යන වදන ලංකාවේ මෙන් ම ලෝකයේ බොහෝ ප්‍රදේශවල සුලබ ව වැවෙන 𝑪𝒂𝒏𝒏𝒂𝒃𝒊𝒔 𝒔𝒂𝒕𝒊𝒗𝒂 විශේෂය හැඳින්වීමට ය. එයවත් නොදන්නාකමෙන් පෙනී යන්නෙ ඔබගේ සමාජ දැනුම අල්ප බව යි.
2. මෙම වටිනා ශාකය හැඳින්වීමට ඔබ යෝජනා කරන නාමයන් අප පාවිච්චි කිරීමට අවශ්‍ය නැත. 'ගංජා' යනු එක නාමයක් පමණි. ඒ වෙනුවෙන් පුරාණ වෛද්‍ය ග්‍රන්ථවල මෙම ශාකය හැඳින්වූ ත්‍රෛලෝක්‍යවිජයා, උර්ජායා, හර්ෂණි, ඥානවර්ධනී ආදී වශයෙන් මනරම් වූ නාමයෝ රැසක් ඇත.
3. ඔබ තර්ක කිරීමේ මූලික ආචාර ධර්මවත් නොදන්නා බව මෙයින් පෙනී යයි. ඔබ ඔබගේ ප්‍රතිවාදියා පහතට හෙළීම හරහා ඔබ ඉදිරිපත් කරන කරුණුවලට වලංගුතාවක් ලබාගැනීමේ අසරණ උත්සාහයක යෙදී සිටින්නෙහි. ඔබගේ තර්කවල දිගින් දිගට ම ඇත්තේ "මෙන්නෝ ගංජාකාරයෝ ඇවිස්සෙනවෝ" වැනි බාල ගණයේ වදන් පමණකි. එය ඔබේ පස් අවුරුදු උපාධි කඩදහියට ද නිගාවකි. වැලිඅංගගේ පොත විද්‍යාත්මක නොවේ නම් කළ යුත්තේ එය විද්‍යාත්මක නොවන්නේ ඇයි දැ යි කරුණු සහිත ව පැහැදිලි කිරීම විනා තුන්වන පන්තියේ මඩ ගැසීම නොවේ ය. අනෙක් අතට, ආචාර්ය Wasantha Weliange මහතා යනු ඔබ මෙන් බටහිර විද්‍යාවේ වහලෙක් නොවේ. ඔහු සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, පුරා විද්‍යාව, මානව විද්‍යාව යනාදී ක්ෂේත්රයන්හි මෙන් ම පෙරදිග ඥාන දර්ශනයන්හි ප්‍රාමාණික විද්වතෙකි. ඔහුගේ 'ත්‍රෛලෝක්‍යවිජයා' ග්‍රන්ථය ඔහේ ලියැවුණු හිතලුවක් නොව වසර 20කට අධික කාලයක් තිස්සේ මහත් කැපකිරීමකින් යුතු ව ලංකාවේ මෙන් ම ලෝකය පුරා රටවල කරන ලද පර්යේෂණ හා අධ්‍යයනවල ප්රතිඵලයකි.
4. හැකි නම්, ගංජා බීම සහ මානසික රෝග වැළඳීම අතර රේඛීය සම්බන්ධයක් ඇතැයි තහවුරු කෙරෙන (ප්‍රකාශිත) Anecdotal නොවන පර්යෙෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න. ඔබගෙන් විද්‍යාත්මක මූලාශ්‍ර විමසූ විට Wikipedia පිටු සහ වෙනත් වෙබ් පිටු අලව අලවා යෑම සිනහ ගෙන එන කරුණකි. Wikipedia සහ ආතක් පාතක් නැති වෙනත් වෙබ් අඩවි විද්‍යාත්මක හා විශ්වසනීය මූලාශ්‍ර යැයි නොසැලකෙන බව ඔබ නොදැන සිටීම ශෝකයට කරුණකි. ආයුර්වේදයේ මානසික රෝග සුව කිරීම සඳහා යොදාගන්නා ඖෂධවල කංසා ප්‍රධාන සංඝටකයක් වේ. එමෙන් ම කැනඩාවේ සහ ඇමරිකාවේ බටහිර වෛද්‍යවරු ද මානසික ආතතිය සමනය කරගැනීමට කංසා ශාකයෙන් නිස්සාරණය කරගන්නා CBD oil නිර්දේශ කරන බව ඔබ නොදැන සිටීම ද අරුමයකි. බටහිර ඖෂධ වැරදීමෙන් හෝ අධිමාත්‍රාවෙන් ශරීර ගත වීමෙන් මානසික ව්‍යාධීන් වැළඳුණු රෝගීහු ඕනෑ තරම් ඇත. ඔබ ඒවා ඉදිරියේ මුනිවත රකින්නෙහි. ලෝකයට ම මහත් ව්‍යසනයක් ව පවතින හෙරොයින් අදින් වසර සියයකට පමණ ඉහත දී බටහිර වෛද්‍යවරුන් විසින් කුඩා ළමුන්ගේ කැස්සට, හෙම්බිරිස්සාවට ඖෂධයක් යැයි සලකා නිර්දේශ කළ බව ඔබ දන්නවා ද? ඔබ වැනි අඳබාල පොතේගුරුන් එදවස හෙරොයින්වල ද ගුණ වයන්නට ඇත. එනයින් ඔබ පස් අවුරුද්දක් වනපොත් කළ විෂය කරුණු සදාකාලික ව වලංගු දේවවාක්‍ය නොවන බවත් ඒවා දිනෙන් දින උඩුයටිකුරු ලෙස වෙනස් වන බවත් සිහි තබා ගන්න.
5. ගංජා කැම්පේන් වලට ස්පොන්සර් කරන්නේ ටොබැකෝ කොම්පැණිවලින් යැ යි ඔබ පවසන්නේ Wikipedia පිටු පෙරළා කියවීමෙන් පසු බව අපි දනිමු. ඔබ ශාස්ත්‍රීය දැනුම උකහා ගන්නා ප්‍රධාන මාධ්‍යය Wikipedia බව පෙනී යයි. ඔබ ලෙඩුන්ට බෙහෙත් නියම කරන්නේ ද Wikipedia බලා දැ යි විටෙක මට සිතෙයි. Wikipediaහි ඇති දෑ ඔබට හෝ මට ද ඕනෑ ම වේලාවක edit කළ හැකි බව ඔබ නොදන්නේ දැ යි අපි නොදනිමු. කංසා නිෂ්පාදන පරිභෝජනය ඉහළ යෑමෙන් සත්‍ය වශයෙන් ම සිදුවන්නේ දුම්කොළ නිෂ්පාදන පරිභෝජනය පහළ යෑම යි. එය ඔබේ අල්ප සමාජ දැනුමට නොතේරුණ ද සාමාන්‍ය පුද්ගලයෙකුට පවා වැටහෙන කරුණකි. බ්‍රිතාන්‍ය ජාතිකයින් දේශීය වශයෙන් පැවතුණු කංසා තහනම් කළේ ද ඔවුන්ගේ මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදන යටත්විජිත තුළ අලෙවි කරගැනීමේ යටි අරමුණෙනි. Wikipediaහි ඇත්තේ සත්‍ය යැයි මදකට සලකමු. එහි ම සඳහන් වන පරිදි එසේ සමහර රටවල දුම්කොළ සමාගමක් හෝ දෙකක් කංසා නීතිගත කිරීමට සහයෝගය ලබා දෙන්නේ එම සමාගම් ද කංසා ආශ්රිත නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙනි. එක අතකට දුම්කොළ නොව කසිප්පු නිෂ්පාදකයෙකු වුව ද කංසා ආශ්රිත නිෂ්පාදනයන්ට යොමු වේ නම් එය යහපත් ප්රවණතාවකි.
6. ඔබගේ ඊනියා (so-called) විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීම අපි දුටිමු. ඔබගේ තකතීරු වදන් ඉදිරියේ කුණුහරුප පමණක් අසා එතෙකින් අවසන් වන්නට සිදුවීම ගැන සතුටු වන්න. විද්‍යාඥයන් විසින් පෞද්ගලික මඩ සහ Wikipedia පිටු 'විද්‍යාත්මක කරුණු' ලෙස සලකන්නට පටන් ගත්තේ කවදා සිට දැ යි අප ද දැනුම්වත් කරන්නේ නම් යෙහෙකි.
කංසා නීතිගත කිරීමේ ප්රයත්නයට එරෙහි වන්නට ඔබට ඇති රුජාව කුමක් දැ යි ද අපි හොඳින් දනිමු. ඒ කංසා ආශ්රිත නිෂ්පාදන පරිභෝජනය නිසා කායික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික වශයෙන් නිරෝගී ජාතියක් බිහි වූ කල ඔබ ඇතුළු නඩයේ ප්‍රයිවට් චැනලින් අඩු වී බඩේ පාර වදින නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. කංසා අධිමාත්‍රා වී මියගිය කිසිවෙක් නැත. එහෙත් අරක්කු, සිගරට් නිසා දහස් ගණනක් පෙනි පෙනී ම මිය යති. කංසාවලට එරෙහි ව ඇරෙන ඔබේ කට අරක්කු, සිගරට්වලට එරෙහි ව නම් කිසිදා නොඇරෙන බව ද අපි සහසුද්ද ලෙස ම දනිමු. එසේ ම කංසා නීතිගත කිරීමට පක්ෂ වූ රැල්ල දුම්කොළ සමාගම් විසින් ඇති කළ එකක් නොව බුද්ධිමත් මහජනතාව අතරින් ආ රැල්ලක් බව ඔබේ හය හතර නොදත් කුලියට කහින නරි රැලට කියා දෙන්න.
Copied
- Ravindu Rathnayaka -