බඩු ගහලා පෙට්ටි කඩපු හැටි...........!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බඩු ගහලා පෙට්ටි කඩපු හැටි...........!!!

    up-arrow.png

    ඔය දැන් වගේම තමා ඉස්සරත්… පාර පුරා බඩු. ස්කෝලේ යන දවස් වල පානදුරේ ඉඳන් ස්කෝලේ ගාවට යද්දී හෙන ගොඩක් පහු කරන් තමා යන්නේ. කොහොමත් අපි හතර පස් දෙනෙක් බස් ස්ටෑන්ඩ් එකෙන් සෙට් වෙලා කිලෝ මීටර් 2ක් විතර උදේට ඇවිදගෙන යන්නේ… මොකද මේ මගදී අහුවෙනි බඩු වලට වැඩේ දෙන්නම ඕනේ නිසා. හවසටනම් ඔය සෙල්ලලම දාන්න බැහැ.. මොකද අපි පුංචි ස්කෝලේ යන ළමයිනේ… ඒක නිසා ඉතිං කවුරු දැක්කොත් හොඳ නෑනේ…. ඉතිං උදේටම තමා වැඩේ කරන්නේ… වැස්ස දවස්නම් මරු…. කවුරුත් එන්නේත් නැහැනේ… පාඩුවේ වැඩේ කරගන්න පුළුවන්…
    ඉතිං ඒ දවස් වල දැන් වගේ අපිට එක බඩුවක් වත් නෑ. දැන් සමහරවුන්ට නම් ස්පෙයාර් වීල් හිටං තියෙනවා. ඒ කියන්නේ එක පාර දෙක තුනක් රන් කරන උදවියත් ඉන්නවා. ඒත් ඒ දවස් වල එහෙම නෑ… ගොඩක් වෙලාවට ගොඩ දෙනෙකුට එක බඩුවයි… ඒකට කොටන්නත් සමහර වෙලාවට පෝලිමේ ඉන්න ඕනේ… එපා වෙනවා ඉතිං… හදිස්සිය වැඩි වුනාම නම් අනාථයි. ළඟ ඉන්න එකෙකුට ගහලා හරි තමන්ගේ වාරේ ඉක්මනට උදාකරගන්න තමා හැමෝම බලන්නේ… ඒ වගේ පෝලිමක් ඇතිවෙන්නේ ඉතිං බොහොම කලාතුරකින් තමා.
    ඔය බඩු වලට ඉන්න නිශ්චිත තැන් තියෙනවා, ගොඩක් වෙලාවට කොහෙහරි යන කපුටෙක්ගේ ෂොට් එකකින් ඇරෙන්න උං ඇඳන් ඉන්නේ කහ පාට හෝ රතු පාට. මොකද ඉතිං හෙනම හොට් පාට දෙකක්නේ ඔය. දැන් නම් නිල් පාට ඇඳගත්ත අයත් ඉන්නවනේ…ට්‍රිපක් ගිහින් ඔය වගේ බඩුවක් දැක්කත් ඒකට දෙකක් අනිනකම්ම අපේ වුන්ට නින්ද යන්නේ නෑ… මොනා කරන්නද ඉතිං කරුමේ තමා… අන්සතු දේ කියලා දැන දැන අපේ වුනුත් හුරේ ගේම.
    ඉතිං අපි ස්කෝලේ යන දවස් වල ඔය බඩු පාරක් පාරක් ගානේ හිටියට වැඩියෙනම් හිටියේ පානදුර ටවුන් එකේ. උන්ට ඉතිං වෙලාවක් කලාවක් නැහැනේ… ඕනේ වෙලාවක රෙඩි පිට තමා ඉන්නේ… වැඩේ කියන්නේ කොච්චර ගැහුවත් පර්ෆෝමන්ස් බහින්නෙත් නැහැනේ… ඉතිං අපේ වුනුත් දෙතුන් පාර අයින වෙලාවලුත් තියෙනවා. කට්ටියට හදිස්සි වුනාමනම් අපෝ කියලා වැඩක් නෑ… ළඟින් පොලිස් ජීප් එකක් ගියත් අපි නෙමේ අතඅරින්නේ…
    ඉතිං අපිට උදේ පාන්දර ආතල් එකක් ආවම, කොහොමත ඉතිං උදේ පාන්දර හෙන ප්‍රබෝධයෙන්නේ දවස අරඹන්නේ.. ඒක නිසා ඉතිං ඕනෙ හැටියේ අතේ පයේ හයියත් තියෙනවා. ඉතිං හැමදාම උදේට ස්කෝලේ යන ගමන් බඩු හතර පහකට වැඩේ දීලා පෙට්ටි ටිකත් කඩලා හෙන ෆන් එකේ තමා අපි ස්කෝලේ යන්නේ… ඔය කොයිතරම් සෙල්ලම් දැම්මත් ‍ කියන්න බැහැනේ ස්කෝලේට හති දදා යන්න වෙයිද කියලා… ඒක නිසා මායි තව එකෙකුයි කලේ ඔත්තු බලන එක තමා. කවුරු හරි ළඟ පාත එනව නම් බඩු කාරයට අපි කියනවා. එතකොට ඌ වැඩේ නවත්තලා බඩුව එක්ක දන්න අඳුනන ගානට හෙන කයියක් දාගෙන ඉන්නවා. හික්… අර ආපු එකා අපිව පාස් කරලා ගියා විතරයි… අම්බෝ ආයෙමත් යුද්දේ… ගොඩක් වෙලාවට විනාඩි හතර පහකින් වැඩේ ගොඩ දාගන්න අපේ උං දක්සයි.
    ඇත්තම කියන්න ඒ දවස්වල පානදුරේ පැත්තේ අපෙවුන්ගෙන් ෂොට් එකක් කාපු නැති එක බඩුවක්වත් හිටියේ නෑ… හිටියා නම් හිටියේ පොලිසිය ඉස්සරහා හිටිය එක විතරයි. ඒක ඉතිං පොලිසියේ පාව්ච්චියටනේ… ඒක නිසා අපි ඒකට අත දාන්න ගියේ නෑ…
    ඉතිං ඔය බඩු ගැහිල්ල වෙනම කලාවක්. හෙනට ප්‍රගුන කරන්න ඕනේ… ඔහොම හොඳ ප්‍රැක්ටිස් එකකින් බඩුවට අත තිබ්බනම්, විනාඩි දෙක තුනකින් පෙට්ටය කඩා ගන්න පුළුවන්… ඊට පස්සේ ඉතිං අපේ වුන්ට සංතෝසේ බෑ… පෙට්ටියෙන් බේරෙනවා බේරිල්ලක්……. අපේ වුන්ගේ මහන්සියේ ප්‍රතිපල තමා ඉතිං…




    ඒ ටික ඇති අපිට දවල්ට ලැවරියා 2 ගානේ කාලා ප්ලේන්ටියක් බොන්න. දන්නවද අපේ වුනගේ මහන්සියෙන් බේරුනේ මොනාද කියලා… සල්ලි………. මාරු කාසි… රුපියලේ දෙකේ , රුපියල් පහේ වගේ කාසි තමා පෙට්ටිය ඇතුලෙන් බේරෙන්නේ… ඔය ලොකු ලොකු අයියලා සල්ලි දීලා බඩු ගැහුවට අපි බඩුවට ගහලා සල්ලි ගත්ත ඈයො හරිද… ඒ වගේම උදේට පෙට්ටි කඩලා ස්කෝලේ ගිය කොල්ලොත් වෙන නැතුව ඇති මං හිතන්නේ….
    ඉතිං අර කලින් කිව්වත් වගේ අපේ පහස නොලබපු එක නොලබපු පේ ෆෝන් කාඩි යූස් කරන්න පුළුවන්, කාසි දාලා කතාකරන එක දුරකථන කුටියක්වත් පානදුරේ නෑ… පොලිසිය ගාව එක ඇරෙන්න…
    අනේ මංදා ඉතිං වලත්ත විදියට හිතාගත්ත අයට දෙයියංගෙම පිහිටයි. ඒත් මං නම් මේ කිව්වේ අපි ස්කෝලේ යන ක‍ාලේ පාරදිගට තියෙන දුරකථන කුටි වලින් සල්ලි අරගෙන ස්කෝලේ කැන්ටිමෙන් කඩචෝරු කාපු හැටි ගැන…

    phonebox.gif


    ටියුබ් ලයිට් ඉන්නවනම් ඔය බඩුව, පෙට්ටිය කියන චවන යූස් කලේ දුරකථන හා දුරකථන කුටි හඳුන්වන්න. කහ, රතු, නිල් කිව්වේ ඒව්වෙයි ගාලා තියෙන පාට. බඩු ගහනවා කියන්නේ දුරකථන කුටියේ තියෙන දුරකථනය රඳවලා තියෙන පෙට්ටියට අතින් පයින් මිට මොලෝලා පහර දෙන එක… එතකොට පෙට්ටිය කැඩුවම බඩු යනවා කියන්නේ… සල්ලි එන තැනින් සල්ලි ගන්න එකට. :lol::lol:

    ATHE.jpeg



     
    • Like
    Reactions: Diego97