අපේ ගෙදර ඉස්සර කළා,
තාත්තා මාසෙම බඩු ලිස්ට් එක හදලා පඩි ගත්ත ගමන්ම ඔය ලිස්ට් එක දෙනවා , හාල් සිනි පිටි , කිරිපිටි ගිනිපෙට්ටි සොයාමිටි, නුඩල්ස් පැකට් ,සබන්, පොල්තෙල්, හදුන්කුරු ඔය ඔක්කොම ජාති ඒ ලිස්ට් එකේ තියෙනවා, සාමාන්යෙන් ඒ ලිස්ට් එක මාසෙට හරියටම හරි වගේ .(එක නම් මන් හිතන්නේ experience වෙන්න ඕනේ . මොකද ගානට මාසේ අග වෙද්දී කිරිපිටි, සිනි වගේ දේවල් ඉවර වෙනවා )
එළවලු පලතුරු නම් ඉරිදා පොලෙන් තමා ගෙනාවේ ..
සාමන්යෙන් ලිස්ට් එකක් හදන් මාසෙම බඩු ගන්න්න යනවා නම් foodcity වගේ යන්නේ නැතුව තොග සිල්ලර කඩේකට දීපන් ලිස්ට් එක ,සාමාන්‍ය ගානට වඩා අඩුවට ගන්නත් පුළුවන්, පස්සේ පස්සේ අදුරගත්තම ලොකු ලොකු ඩිස්කවුන්ට් එහමත් හම්බෙනවා. අනිත් එක මන් දන්නා විදියට වැඩේ හැමදාම කඩේ යන එකට වඩා පට්ට ලාබයි ...
දැන් නම් අපේ ගෙදර අම්මි තාත්තයි විතරනේ ගොඩක් වෙලාවට ඉන්නේ, ඔහොම වෙන්නේ නෑ , අපි ගෙදර යද්දී හාල් පොල් වලින් පුරවනවා ගිහින්