බණක් අහමුද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හරි ඔබ කියන විදියට අපි හිතමුකෝ දෙවියන්ට අවබෝධ වෙන්නේ කියලා.
    ඔබට විශ්වාසද ලොකු ස්වාමීන්වහන්සේ කියන විදියට ඊලග උපත උන්වහන්සේගේ සහ ඔබගේ එසේ වෙයි කියලා.
    අනිත් එක දෙවියන්ට අවබෝධ වෙන්නේ වෙන්නේ කියා බලන්නේ නැතුව ඉගෙන ගෙන අසා බලන්න ඔබට තේරෙනවද නැද්ද
    මේ ගෞතම බුද්ධ ශාසනයේදි බැරි වුණොත් තව කල්ප ගාණක් ඉන්න වෙනවා. ඒ හින්දා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මය අවබෝධ කිරීම සඳහා අප්‍රමාදී විය යුතුයි. ඊළඟ උපතකට යන්න වුණොත්... ධර්මාවබෝධයට අවකාශය තියෙන, මනුෂ්‍ය ලෝකයට වඩා ඉහළ තැනකට යන්න කරුණු සලසා ගත යුතුයි.
    ගැඹුරුයි ගැඹුරියි කිය කිය ඉන්නවානම් කවද්ද මේ ධර්මය අවබෝධ කර ගන්නේ.
    ටිකක් හිතලා බලන්න බුදුරජාණන්වහන්සේලා කී නමක් අපි පසු කරගෙන ඇවිල්ලාද කියලා.
    මේ භවයේ වරද්දවා ගත්තොත් අපිට කවදා මේකෙන් ගොඩ එන්න වෙයිද දන්නේ නැහැ.අතිභිහිසුන සසරක් මේක.මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පහල වෙන්නත් තව අවුරුදු ප්‍රකෝටි ගානක් තියෙනවා.
    ඒ භවයේදී අපි කොහේ ඉදීද දැන් ඉදන්ම සත් තිස්බෝධි පාර්ශික ධර්මයන් වැඩුවේ නැත්නම්.
    නොපමාව කුසල් ධම්හීම යෙදෙන්න.
    සියළුම සත්වයෝ සම්මා දිට්ඨික වේවා!
    නිර්මල පර්‍යාප්තියම අසන්නට ධරන්නටම වාසනාව භාග්‍ය ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    ඔබට තෙරුවන් සරණයි මා මිතුර.
    මම ඉන්නෙත් ඒ මතයේම තමයි.
    මම ඉගෙන ගන්නෙත් ඔයා ඉගෙන ගන්නෙත් අති දුර්ලභ, නිවන පිණිස පවතින ඒ ශ්‍රී සද්ධර්මයම තමයි.