බණක් අහමුද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සංචරණ සීමා දාලා ගෙදරට වෙලා ඉන්න ගමන් හිත ඇවිලෙන දේවල්ම අහලා, බලලා ඉන්න වෙලාවෙ හිත නිවෙන බණක් අහමුද?
    .................................................................................................................................................
    පින්වතුනි, ඒ තමයි දැන් මේ කොරෝනා වසංගතය ඉදිරියේ අපට කතා කරන පින්වතුන්ගේ ප්‍රශ්න මං හිතනවා මේ කාටත් තියෙන ප්‍රශ්න. ඒ කියන්නෙ... ධර්මය අහමින් පින් කරමින් ඉන්නවා, හැබැයි එහෙම හිටියට.. මෙයාලා මොකද කරන්නෙ දැන් ඔන්න නොහිතු විදිහට තමන්ගේ පවුලේ කෙනෙකුට කොරෝනා (හෝ වෙනත් රෝගයක්) හැදෙනවා, හැදුනට පස්සෙ කලබල වෙනවා. එතනින් පස්සෙ සිහිය පිහිටන්නෑ, ධර්මය මතකෙට එන්නෑ. මහා අභාග්‍යකට පත් වෙනවා, හැඩූ කඳුලින් ඉන්නවා.

    ඉතින් මේ හොඳ මිනිස්සු, කරුණාවන්ත මිනිස්සු, ඒ වගේම ධර්මයටත් කැමති මිනිස්සු. ඒ වුණාට නොහිතූ විදිහට ව්‍යසනය තමා කරා පැමිණෙද්දි සිහි කල්පනාව අඩු වෙනවා. ඒ නිසා තමාට රෝගයක් හැදුණොත්, තමන්ගෙ ඥාතියෙකුට හෝ කොරෝනා හැදුණොත් ඒ ඉදිරියේ තමන් කටයුතු කරන්න ඕනෙ කොහොමද කියන එක ගැන මේ ධර්ම දේශනාවෙදි ඔබට.........

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    බොහොම පරිසමෙන්.
    මහමෙව්නාව කියන්නේ මෑත කාලයේ ධර්ම ව්කෘති ආයතනයක්.
    අභිධර්ම පිටකය මිසදුටුවක් කියනවා.
    අන්තර්ජායලයෙන් ගුද මාර්ගයෙන් භූතයෝ යනවා කියනවා.
    තාලයට සාදු.. සාදු... සාදු............ කියා තාලයට වන්දනාවක් හදා ගත්තු අය.
    නිර්මල දහමම ව්කෘති කරනවා.
    මෑත කාලයේ නිවන් දකින්න බැහැ කියනවා
    නිවන් දකින්නනම් තාවතිංසයේ යන්න ඕනේ කියනවා.
    එකී නොකී බොහෝ දෑ කියනවා.

    ධර්මය අසනවානම්
    *රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ *නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ
    *තල්ගමුවේ සුධීරාණන්ද ස්වාමීන්වහන්සේ
    *දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ
    *මකුලෑවේ සුදස්සන ස්වාමීන්වහන්සේ
    *බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
    *කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ

    මේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේල්ගේගේ ධර්ම දේශණා අසන්න නිවනටම යොමු වෙයි.
    ඔබ ඇසූ ධර්මය නිවනටම යොමු වේවා🙏🙏🙏
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බොහොම පරිසමෙන්.
    මහමෙව්නාව කියන්නේ මෑත කාලයේ ධර්ම ව්කෘති ආයතනයක්.
    අභිධර්ම පිටකය මිසදුටුවක් කියනවා.
    මමත් කලින් ඔය මතය දැරුවා එක එක්කෙනා කියන දේවල් අහලා. ඒත් දැන් දන්නවා ඒ මතය වැරදි බව.
    මහමෙව්නාවෙන් ධර්මය විකෘති කළා කියන කිසිම කෙනෙක් ළඟ ඒ ගැන ඉදිරපත් කරන්න සාධක නෑ.
    https://sutta.mahamevnawa.lk/
    සූත්‍ර පිටකය සරල සිංහලෙන් ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා මහමෙව්නාවෙන්.

    බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කළේ දෙවියන්ට.
    අභිධර්මය මතක තබා ගැනීමට භාර දුන්නේ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මහා ප්‍රඥාවන්ත භික්ෂු පිරිසට.
    ඒ හැරුණම අභිධර්මය අහලා, ප්‍රගුණ කරලා ධර්මාවබෝධය ලබපු මනුෂ්‍යයන් ගැන අහන්නවත් නැති තරම්.
    ඒ කෙසේ වෙතත් අභිධර්මය මිසදුටුවක් කියලා මහමෙව්නාවෙන් නම් කියන්නෙ නෑ.

    අන්තර්ජායලයෙන් ගුද මාර්ගයෙන් භූතයෝ යනවා කියනවා.
    තේරුණේ නෑ. මහමෙව්නාවෙන් සිදු කරපු ධර්ම දේශනා බොහෝ ප්‍රමාණයක් අහලා තියෙනවා. ඔහොම එකක් නම් අහලා නෑ.
    ඕවා පිටිදූවෙ හාමුදුරුවො කරන චෝදනා වෙන්න ඇති.

    මෑත කාලයේ නිවන් දකින්න බැහැ කියනවා
    නිවන් දකින්නනම් තාවතිංසයේ යන්න ඕනේ කියනවා.
    1.උග්ගටිතඤ්ඤු (වහා අවබෝධ වන)
    2.විපචිතඤ්ඤු (තරමක් පැහැදිළි කිරීමෙන් අනතුරුව අවබෝධවන)
    3.ඤෙය්‍ය (බොහෝ දුරට විස්තර කිරීමෙන් සහ දැඩි වීර්යයෙන් යුතුව අවබෝධ කළ යුතු)
    4. පදපරම (අවබෝධශක්තිය හීන )
    මේ කාලෙ වැඩිපුරම ඉන්නෙ "පදපරම" කියන කොටස. ධර්මය අහලා මතක තියාගෙන ඉන්න, අවබෝධයක් කරා යාම සඳහා පූරිත පින් නැති අය.
    නිකන් හිතලා බලන්නකො අපේ මියගිය ඥාතියො කවුරු හරි නිවන් දැක්කද කියලා. හැබැයි ඒ අයව දිව්‍යලෝකයක උපතක් කරා යන්න මඟ පෙන්වුවා නම්, ඒ අයට එහෙදි බුදුරජාණන් වහන්සේව දුටු, ධර්මය ඇසූ, මාර්ගඵලලාභී, සත්පුරුෂ දෙවිවරු ඇසුරු කිරීමටත්, ඒ දෙවිවරුන් සමඟ ධර්මය ප්‍රගුණ කිරීමටත් හැකියාව ලැබෙනවා.
    නමුත් මෑත කාලයේදී නිවන් දකින්න බෑ කියලා නම් මහමෙව්නාවෙන් කියන්නෑ. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන අවබෝධ කිරීමට තමයි ධර්මය දේශනා කරන්නෙ.

    නිවන පිණිස සත්තිස් බෝධි පාක්ෂික ධර්ම (සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන වීර්යය, පංච ඉන්ද්‍රිය-ධර්ම, පංච බල-ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වැඩිය යුතුයි.

    *රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්වහන්සේ *නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ
    *තල්ගමුවේ සුධීරාණන්ද ස්වාමීන්වහන්සේ
    *දිගන සුගතවංශ ස්වාමීන්වහන්සේ
    *මකුලෑවේ සුදස්සන ස්වාමීන්වහන්සේ
    *බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ
    *කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ

    මේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේල්ගේගේ ධර්ම දේශණා අසන්න නිවනටම යොමු වෙයි.
    ඔබ ඇසූ ධර්මය නිවනටම යොමු වේවා🙏🙏🙏
    🙏
     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,827
    4,180
    113
    මේ කාලෙ වැඩිපුරම ඉන්නෙ "පදපරම" කියන කොටස. ධර්මය අහලා මතක තියාගෙන ඉන්න, අවබෝධයක් කරා යාම සඳහා පූරිත පින් නැති අය.
    නිකන් හිතලා බලන්නකො අපේ මියගිය ඥාතියො කවුරු හරි නිවන් දැක්කද කියලා. හැබැයි ඒ අයව දිව්‍යලෝකයක උපතක් කරා යන්න මඟ පෙන්වුවා නම්, ඒ අයට එහෙදි බුදුරජාණන් වහන්සේව දුටු, ධර්මය ඇසූ, මාර්ගඵලලාභී, සත්පුරුෂ දෙවිවරු ඇසුරු කිරීමටත්, ඒ දෙවිවරුන් සමඟ ධර්මය ප්‍රගුණ කිරීමටත් හැකියාව ලැබෙනවා.
    නමුත් මෑත කාලයේදී නිවන් දකින්න බෑ කියලා නම් මහමෙව්නාවෙන් කියන්නෑ. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන අවබෝධ කිරීමට තමයි ධර්මය දේශනා කරන්නෙ.

    🙏
    නිවන් මාර්ගයේ යන්න තියෙන්න ඕනි කල්‍යාණ මිත්‍ර සේවනය, සත්පුරුෂ ආශ්‍රය.

    ඒක ලබන්න දිව්‍ය ලෝකෙ යන්න ඕනිද??

    කවුරු හරි එහෙම කියනවා නම් එතනින් අයින් වෙලා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් (තමුන්ගේ වැරදි දෘෂ්ටි පෙන්නලා දෙන කෙනෙක්) හොයාගන්න එක හොඳ නැද්ද?

    🙏
     
    • Like
    Reactions: Stimulus mind

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මමත් කලින් ඔය මතය දැරුවා එක එක්කෙනා කියන දේවල් අහලා. ඒත් දැන් දන්නවා ඒ මතය වැරදි බව.
    මහමෙව්නාවෙන් ධර්මය විකෘති කළා කියන කිසිම කෙනෙක් ළඟ ඒ ගැන ඉදිරපත් කරන්න සාධක නෑ.
    https://sutta.mahamevnawa.lk/
    සූත්‍ර පිටකය සරල සිංහලෙන් ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා මහමෙව්නාවෙන්.

    කවුරුවත් කියන නිසාවත් අහන නිසාවත් ධර්මය තෝරා ගන්න එපා.ඒ භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේ ඒ නිසාමයි මාගෙන් පසු මේ ශාසනයේ ශාස්තෲ විදියට ධර්මය විනය විදියට පවරලා පිරිණිවන් වැඩියේ.
    එම ධර්මය සහ විනය ලෙස හදුන්වන්නේ "ත්‍රිපිටකය සහ අට්ඨකතාව".
    අද කීයෙන් කී දෙනාද ත්‍රිපිටකය පරිශීලනය කරන්නේ.
    ඇසූ ධර්මය, ධර්මය විනයයට බහ බලන්නේ.
    අද බොහෝ පිරිසක් ආයත පුද්ගල සරණ ගිහින් නිසාම වෘවිත වූ විට බබලන ධර්මය සැගව ගිහින්.

    බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කළේ දෙවියන්ට.
    අභිධර්මය මතක තබා ගැනීමට භාර දුන්නේ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මහා ප්‍රඥාවන්ත භික්ෂු පිරිසට.
    ඒ හැරුණම අභිධර්මය අහලා, ප්‍රගුණ කරලා ධර්මාවබෝධය ලබපු මනුෂ්‍යයන් ගැන අහන්නවත් නැති තරම්.
    ඒ කෙසේ වෙතත් අභිධර්මය මිසදුටුවක් කියලා මහමෙව්නාවෙන් නම් කියන්නෙ නෑ.

    භාග්‍යවත් වූ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන්ම යම් ධර්මයක් දේශණා වුණාද ඒ දෙව් මිනිසුන් යන තුන් ලෝකයටමයි.
    ඔබ තුන් සූත්‍රය සජ්ජායණා කරන විට මහ මංගල සූත්‍රය සජ්ජායනා කරනවා නේද ඔබ දන්නවාද එම සූත්‍ර්‍ය බුදුරජාණන්වහන්සේ වදාලේ දේව පුත්‍රයෙක්ට බව,ඒ වගේම ආටානාටිය සූත්‍ර දේශණාව, විශුද්ධි මාර්ගය තව බොහෝ තිබේ.
    දෙවියන්ට දේශණා කලා කියලා එම ධර්මයන් මිනිසුන්ට අතහරින්ද කියන්නේ.
    බලන්න මේ ආයතන හදාගත්තු ස්වාමීන්වහන්සේලා නිසා අනුගාමිකයන් අන්ධ වෙන විදිය.
    තමන්ට නොතේරෙනවානම් එය සුදුසු කල්‍යාණ මිත්‍ර ඇසුරක් ලබා දුන්නානම් වටිනවා නේද.
    රේරුකානේ ස්වාමීන්වහන්සේටත් වැරදිලා නා උයනේ අරියධම්ම ස්වමීන්වහන්සේටත් වැරදිලා පින්වත් ලොකු ස්වාමින්වහන්සේ කියන විදියට.
    තේරුණේ නෑ. මහමෙව්නාවෙන් සිදු කරපු ධර්ම දේශනා බොහෝ ප්‍රමාණයක් අහලා තියෙනවා. ඔහොම එකක් නම් අහලා නෑ.
    ඕවා පිටිදූවෙ හාමුදුරුවො කරන චෝදනා වෙන්න ඇති.

    සිංහාවවලෝකනය කියන වැඩසටහනක් කලා නේද script එකකට ලොකු ස්වාමින්න්වහන්සේ අන්න ඒකත් අහලම බලන්නකෝ.
    1.උග්ගටිතඤ්ඤු (වහා අවබෝධ වන)
    2.විපචිතඤ්ඤු (තරමක් පැහැදිළි කිරීමෙන් අනතුරුව අවබෝධවන)
    3.ඤෙය්‍ය (බොහෝ දුරට විස්තර කිරීමෙන් සහ දැඩි වීර්යයෙන් යුතුව අවබෝධ කළ යුතු)
    4. පදපරම (අවබෝධශක්තිය හීන )
    මේ කාලෙ වැඩිපුරම ඉන්නෙ "පදපරම" කියන කොටස. ධර්මය අහලා මතක තියාගෙන ඉන්න, අවබෝධයක් කරා යාම සඳහා පූරිත පින් නැති අය.
    නිකන් හිතලා බලන්නකො අපේ මියගිය ඥාතියො කවුරු හරි නිවන් දැක්කද කියලා. හැබැයි ඒ අයව දිව්‍යලෝකයක උපතක් කරා යන්න මඟ පෙන්වුවා නම්, ඒ අයට එහෙදි බුදුරජාණන් වහන්සේව දුටු, ධර්මය ඇසූ, මාර්ගඵලලාභී, සත්පුරුෂ දෙවිවරු ඇසුරු කිරීමටත්, ඒ දෙවිවරුන් සමඟ ධර්මය ප්‍රගුණ කිරීමටත් හැකියාව ලැබෙනවා.
    නමුත් මෑත කාලයේදී නිවන් දකින්න බෑ කියලා නම් මහමෙව්නාවෙන් කියන්නෑ. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන අවබෝධ කිරීමට තමයි ධර්මය දේශනා කරන්නෙ.

    නිවන පිණිස සත්තිස් බෝධි පාක්ෂික ධර්ම (සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන වීර්යය, පංච ඉන්ද්‍රිය-ධර්ම, පංච බල-ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වැඩිය යුතුයි.

    🙏
    පින්වත් ලොකු ස්වාමින්වහන්සේම තමා ත්‍රාවතිංස යාත්‍රා කියලා එකක් ආරම්භ කලේ.
    අනිත් එක කුමන ඥානයකින්ද කියන්නේ මේ කාලයේදී පදපරමයින් වැඩි වශන්‍යෙන් ඉන්නා බව.ධර්මාවබෝධය කියන්නේ රහත්ම පමණක් නෙව්‍යි.
    සතර මග ඵල ගැන බුද්ධ දේසණාවේදී තිබෙනවා.
    භාග්‍යවතුන්වහන්සේ සතර සතිපඨාන සූත්‍රයේදී දේශණා කරනවා "ඒකායනෝ භික්කවේ මග්ගෝ" ලෙස.
    ඉතාම වීර්‍යකින් ඒ මාර්ගය වඩන්නේ නම් බුදුරජාණන්වහන්සේ සහතිකයක් දෙනවා අවම සතියයි උපරිම අවුරුදු සතක් ලෙස.
    එසේ කියූ භාග්‍යවතුන්වහන්සේගේ සර්වඥතා ඥාණයට නේද මේ අභියෝග කරන්නේ.
    සෝවන් සකෘද්ධාගාමී,අනාගාමී,අරහත්.
    අනිත් එක මාර්ග ඵ්ලයක් ලැබූ උත්තමයා හැමෝටම ඒ ගැන පවසන්නේ නැහැ.ඒ වගේම මේභවයේදී සතර මග ඵල නොලැබූ අය අතර සිටින්න පුළුවන් බුදු,පසේ බුදු,මහරහත් යන තුන්තරා බෝධිය ප්‍රාර්තනා කරන උත්තමයෝ.
    එම අයට කෙසේවත් මේ භවයේදී ධර්මාවබෝධය කරන්න බැහැ.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිවන් මාර්ගයේ යන්න තියෙන්න ඕනි කල්‍යාණ මිත්‍ර සේවනය, සත්පුරුෂ ආශ්‍රය.
    ඒක ලබන්න දිව්‍ය ලෝකෙ යන්න ඕනිද??
    කවුරු හරි එහෙම කියනවා නම් එතනින් අයින් වෙලා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් (තමුන්ගේ වැරදි දෘෂ්ටි පෙන්නලා දෙන කෙනෙක්) හොයාගන්න එක හොඳ නැද්ද?
    කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව.
    ඒ දේවල් අනුගමනය කරන්න දිව්‍ය ලෝකෙ යන්න ඕනෙ කියලා නෙවේ මම කිව්වෙ.
    මේ ජීවිතයේදී නිවන අවබෝධ නොකෙරෙයි නම් දෙව්ලොව උපත තමයි හොඳම රැකවරණය කියන එකයි කිව්වෙ.

    ඔබ තුන් සූත්‍රය සජ්ජායණා කරන විට මහ මංගල සූත්‍රය සජ්ජායනා කරනවා නේද ඔබ දන්නවාද එම සූත්‍ර්‍ය බුදුරජාණන්වහන්සේ වදාලේ දේව පුත්‍රයෙක්ට බව,ඒ වගේම ආටානාටිය සූත්‍ර දේශණාව, විශුද්ධි මාර්ගය තව බොහෝ තිබේ.
    දෙවියන්ට දේශණා කලා කියලා එම ධර්මයන් මිනිසුන්ට අතහරින්ද කියන්නේ.
    නෑ. නමුත් අභිධර්මය හොඳින් ප්‍රගුණ වෙන්නෙ දෙවියන්ට.

    අනිත් එක කුමන ඥානයකින්ද කියන්නේ මේ කාලයේදී පදපරමයින් වැඩි වශන්‍යෙන් ඉන්නා බව.
    උග්ගටිතඤ්ඤු, විපචිතඤ්ඤු, ඤෙය්‍ය කියන පිරිස හිටපු ඒ පින්වන්ත කාලය පහු වුණා. එහෙම අය දැන් සුලභ නෑ.
    අපි හිතලා බලන්න ඕනෙ තමන් අයිති වෙන්නෙ මොන කොටසටද කියලා.

    භාග්‍යවතුන්වහන්සේ සතර සතිපඨාන සූත්‍රයේදී දේශණා කරනවා "ඒකායනෝ භික්කවේ මග්ගෝ" ලෙස.
    ඉතාම වීර්‍යකින් ඒ මාර්ගය වඩන්නේ නම් බුදුරජාණන්වහන්සේ සහතිකයක් දෙනවා අවම සතියයි උපරිම අවුරුදු සතක් ලෙස.
    එසේ කියූ භාග්‍යවතුන්වහන්සේගේ සර්වඥතා ඥාණයට නේද මේ අභියෝග කරන්නේ.
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි.
    ඒ ධර්මය ගැඹුරුයි. ඒ විදිහට මාර්ගය වඩපු අය සසරෙන් එතෙර වුණා. අනිත් අය තවමත් සසරේ. අනාගතයේදී මිනිස් ලොව ධර්මයේ හැසිරීම ඉතාම දුෂ්කරයි. ධර්මය යටපත් කරගෙන අධර්මය ඉස්මතු වෙන කාලෙ. දෙව්ලොව උපත රැකවරණයක්.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ යකාට සයිකෝ. කොටුවේ සාදු තව හොදයි.
    Capture.PNG

    Sorry. ඔයාට මේ පැත්තට එන්න අමාරුයි.
     
    • Haha
    Reactions: shadow134

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    නෑ. නමුත් අභිධර්මය හොඳින් ප්‍රගුණ වෙන්නෙ දෙවියන්ට.
    හරි ඔබ කියන විදියට අපි හිතමුකෝ දෙවියන්ට අවබෝධ වෙන්නේ කියලා.
    ඔබට විශ්වාසද ලොකු ස්වාමීන්වහන්සේ කියන විදියට ඊලග උපත උන්වහන්සේගේ සහ ඔබගේ එසේ වෙයි කියලා.
    අනිත් එක දෙවියන්ට අවබෝධ වෙන්නේ වෙන්නේ කියා බලන්නේ නැතුව ඉගෙන ගෙන අසා බලන්න ඔබට තේරෙනවද නැද්ද.

    උග්ගටිතඤ්ඤු, විපචිතඤ්ඤු, ඤෙය්‍ය කියන පිරිස හිටපු ඒ පින්වන්ත කාලය පහු වුණා. එහෙම අය දැන් සුලභ නෑ.
    අපි හිතලා බලන්න ඕනෙ තමන් අයිති වෙන්නෙ මොන කොටසටද කියලා.

    භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම සත්‍යයි.
    ඒ ධර්මය ගැඹුරුයි. ඒ විදිහට මාර්ගය වඩපු අය සසරෙන් එතෙර වුණා. අනිත් අය තවමත් සසරේ. අනාගතයේදී මිනිස් ලොව ධර්මයේ හැසිරීම ඉතාම දුෂ්කරයි. ධර්මය යටපත් කරගෙන අධර්මය ඉස්මතු වෙන කාලෙ. දෙව්ලොව උපත රැකවරණයක්.
    හරියට නිකන් ගගට බහින්න කලියෙන් ගඟ ගැන අධ්‍යනය කරනවා වගේ.
    ගැඹුරුයි ගැඹුරියි කිය කිය ඉන්නවානම් කවද්ද මේ ධර්මය අවබෝධ කර ගන්නේ.
    ටිකක් හිතලා බලන්න බුදුරජාණන්වහන්සේලා කී නමක් අපි පසු කරගෙන ඇවිල්ලාද කියලා.
    මේ භවයේ වරද්දවා ගත්තොත් අපිට කවදා මේකෙන් ගොඩ එන්න වෙයිද දන්නේ නැහැ.අතිභිහිසුන සසරක් මේක.මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පහල වෙන්නත් තව අවුරුදු ප්‍රකෝටි ගානක් තියෙනවා.
    ඒ භවයේදී අපි කොහේ ඉදීද දැන් ඉදන්ම සත් තිස්බෝධි පාර්ශික ධර්මයන් වැඩුවේ නැත්නම්.
    නොපමාව කුසල් ධම්හීම යෙදෙන්න.
    සියළුම සත්වයෝ සම්මා දිට්ඨික වේවා!
    නිර්මල පර්‍යාප්තියම අසන්නට ධරන්නටම වාසනාව භාග්‍ය ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    ඔබට තෙරුවන් සරණයි මා මිතුර.