හිටපු ඇමතිවරයකු වන රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ රාජ්ය මුදල් අවභාවිතාව චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි දැනුම් දී ඇත.
2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදාගෙන ඡන්ද දායකයන් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් වන විමර්ශණයකට අදාලව මෙම නියෝගය කර ඇත.
අධිකරණයක් මගින් වරෙන්තු ලබා ගනිමින් මන්ත්රීවරයා අත්අඩංගුවට ගන්නැයි දන්වා ඇතැයි නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
