බදුලු යමු. මෙන්න තැන්

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    බදුලු යමු. මෙන්න තැන්

    පහුගිය පෙබරවාරියේ (2015) බදුල්ලේ සහ නුවරඑළියේ ගිහිපු ගමනේදි ගත්ත ෆොටෝ සහ ඒ වෙනුවෙන් හොයාගත්ත විස්තර එකතුකරේ යන කෙනෙක්ට උදව්වක් වෙයි කියලා හිතලයි. අඩුපාඩු ඇති. ඒවා පෙන්නලා දෙන්නකෝ. මේ හැම තැනකටම යන්න බැරි වුනා. ඒත් ගිහිපු තැන්වල ෆොටෝවක් ගානේ දාන්නම් පොඩියට. වැඩි විස්තර බ්ලොග් එකේ තියෙන නිසායි ෆොටෝ ගොඩක් දාලා ඩේට නාස්ති කරන්න ඕන නැති නිසයි.

    බදුල්ල ගැන පොඩි විස්තරයක්
    ඌව පළාතට අයත් දිස්ත්රික්කයන් දෙකෙන් එකක් වන බදුල්ල දිස්ත්රික්කය වර්ග කිලෝමීටර් 2861ක බිම් ප්රමාණයක පුරා පිහිටා ඇත. තවත් දිස්ත්රික්කයන් හයකට මැදිව බදුල්ල පිහිටා ඇත. මොණරාගල, රත්නපුර, අම්පාර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ එම දිස්ත්රික්කයන් වේ. 837000 ක ජනගහනයක් බදුල්ල දිස්ත්රික්කයේ ජීවත්වන අතර ගොවිතැන සහ සත්ව පාලනය ප්රධාන ආර්ථික කටයුතු වේ. බුද්ධාගම ප්රධාන ආගම වන අතර සිංහල හා දෙමළ ප්රධාන භාෂාව වේ. බදුල්ල දිස්ත්රික්කය ප්රාදේශිය ලේකම් කොට්ඨාස 9ක එකතුවකින් සැදුම් ලද්දකි. බදුල්ල දිස්ත්රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.

    බදුල්ල දිස්ත්රික්කයේ නැරඹිය හැකි ස්ථාන

    1. මුතියංගනය රජමහා විහාරය
    10869796_785664601523016_8135965542955804593_o_thumb%25255B2%25255D.jpg


    2. දෙමෝදර ආරුක්කු පාලම
    10904453_785663524856457_4100417419480173382_o_thumb%25255B3%25255D.jpg


    3. දෙමෝදර දුම්රිය ස්ථානය
    10845722_785662788189864_3013025369927258492_o_thumb%25255B4%25255D.jpg


    4. දුන්හිඳ දිය ඇල්ල
    10847297_787054554717354_4899212564656173658_o_thumb%25255B2%25255D.jpg


    5. රාවනා ඇල්ල
    10257423_785662264856583_2719441511810212163_o_thumb%25255B2%25255D.jpg


    6. බෝගොඩ පාලම
    10985555_785663901523086_6434283276789243163_o_thumb%25255B3%25255D.jpg


    7. දෝව රජ මහා විහාරය
    10974607_787055034717306_1553242357472381692_o_thumb%25255B2%25255D.jpg


    8. මහියංගනය රජමහා විහාරය

    9. දියතලාව යුධහමුදා පුහුණු කඳවුර

    10. නමුණුකුළ කදු පන්තිය

    11. ලිප්ටන් වතුයාය

    12. ඹබරකන්ද දිය ඇල්ල

    13. දියලුම දිය ඇල්ල

    14. දඹාන වැදිගම්මානය


    වැඩි විස්තර ඕන වෙන වෙලාවට ඇවිත් යන්න
    ♠♣♦♥ පාඩමක් කෙටියෙන් ♥♦♣♠

    මූනු පොතේ ගත්ත ෆොටෝ ටික දැම්මා හැමෝටම බලන්න.
    (නුවරඑළියේ ෆොටෝත් ඇති මේවයේ. නුවරඑළිය ගැනත් විස්තරයක් ගේන්නම් ළඟදිම)
    Part I
    Part II
    Part III
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    ඒකනම් ඇත්ත

    10847297_787054554717354_4899212564656173658_o_thumb%25255B2%25255D.jpg

    අමතක වෙන්නේම නැති පොට් එක බන් :love:

    උදේ පාන්දරම ගියේ. රෑ එළි වෙනකන් වැස්ස. උදේ ගියෙත් පොද වැස්සේ. :love:;):cool::yes::D