බන්දුල විතානගේ දිවියෙන් සමුගනී

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    බන්දුල විතානගේ දිවියෙන් සමුගනී

    බන්දුල විතානගේ දිවියෙන් සමුගනී
    :sorry::(:(:(


    44.jpg


    බන්දුල විතානගේ දිවිසැරිය නිම කරයි

    Bandula-vithanage ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ මහතා කෙළඹ ජාතික රෝහලේදී 01 දින දහවල්අභාවප‍්‍රාප්ත වී ඇත. ඒ මහතා කලක සිට රෝගීව සිට ඇති අතර මිය යන විට අවුරුදු 73කි. පෝල් ද සිල්වා විතානගේ හා පියසීලි කනහැරආරච්චි යුවලට දාව 1940 සැප්තැම්බර් 11 වනදා බන්දුල ද සිල්වා විතානගේ ගෝනගල දී උපත ලැබීය.සහෝදරයන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලයකොළඹ කේරි විද්‍යාලය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන විද්‍යාල වලින්අධ්‍යාපනය ලැබීය.
    1963 දී ලංකා විශ්ව විද්‍යාලයට(කොළඹ) ඇතුලත් වූ ඔහුට එහිදී නාට්‍ය කලාවසම්බන්ධයෙන් ලැබුණු පන්නරය ඔහුගේ ගමන් මග ශක්තිමක් කරන්නට විය.
    විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු සීමා සහිත හේලීස් සමාගමේ භාෂා පරිවර්තකයකු වූ ඔහු 1970-1981 දක්වා ගුවන් විදුලි සංස්ථාවේද 1982-1994 දක්වා රූපවාහිනී සංස්ථාවේද 1994 සිට රූපවාහිනී අභ්‍යාස ආයතනයෙහිද සේවය කළඅතර 2001 සිට ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයකු වශයෙන් කටයුතු කරන ලදී
    1972 දී ශ්‍රියා කංකානම්ගේ කමලා පීරිස් සමඟ අතිනත් ගත් එතුමා චානකල නාලකහා වජිරකුමාරි යන අයගේ පියාණෝය .ඕස්ට්‍රේලියාව 1979 ,මැලේසියාව ,1981 1988 1994 ඇමරිකා එක්සත් ජනපදය,1989 ප්‍රංශය,1994 පිලිපීනය ,1995 වැනි රටවලවෘත්තීය පුහුණු හා විවිධ වැඩසටහන් සඳහා සහභාගී වී ඇති ඔහු දේශීය කලාක්ෂේත්‍රයට දායාද කරන ලද නිර්මාණ රාශියකි.


    නාට්‍ය නිර්මාණ

    එළිය(පරිවර්තනය)-2002
    ඒ සොඳුරු මිනිසා 2003
    මේඝ ගර්ජනා 1969
    ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් 1971
    බේකට් 1974
    වැනීසියේ වෙළෙන්දා 1980
    මැක්මත් :පර්වර්තන 2001

    සම්මාන
    සෙනෙහෙබර ඩොලී - හොඳම පරිවර්තන හොඳම නිෂ්පාදනය(1987 රාජ්‍ය නාට්‍ය)
    හිරු දහස - හොඳම පරිවර්තන හොඳම නිෂ්පාදනය(1990 රාජ්‍ය නාට්‍ය)



    බන්දුල විතානගේ මහතාගේ අවමංගල්‍ය කටයුතු පසුව දැණුම් දෙනු ලැබෙ.


    bb.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිවන් සුව ලැබේවා.. :(

    හොඳ මිනිස්සු සේරම ගියාම පියර බබාල රජ කරයි.:sorry: