2016 වසර වන විට ද්විතීයික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කෙරෙන හෙයින් තවදුරටත් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ තරගය අදාළ නොවන බවත් සියලු පහසුකම් සහිතව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට පාසල් තුන බැගින් සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහසට ඇතුළත් වීම සඳහා දරුවන්ට ඉඩකඩ ලැබෙන බවත් ගුණවර්ධන මහතා කීවේය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට හා තමාට භාරදෙනු ලැබ ඇති නිර්දේශ වාර්තා අනුව ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය ලිහිල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇතැයි ද එම නිර්දේශ අනුව දරුවන්ට පීඩනයක් ඇති නොවන පරිදි පැය එකයි කාලක ප්‍රශ්න පත්‍රයක් ලබාදීමට නියමිත යෑයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ලිහිල් කිරීමේ ක්‍රියාවලිය අතරතුර පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කරන බවද ඒ මහතා කීවේය.