බඳිනවද නැද්ද???

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කොල්ලෙක් වශයෙන් ජීවිතේ කවදාහරි මං මේ කියන්න යන දේ හිතිලා ඇති.කෙල්ලන්ටත් එහෙම හිතෙනවා ඇති. :nerd:

කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඇත්තටම ආදරය කරනවා කියලා හිතමු.මම මේකෙ කතා කරන්නේ සිරාවටම ආදරය කරන අය ගැන විතරයි.ඔහොම ඔහොම කාලයක් ගිහින් අන්තිමට නතරවෙන්නේ "මෙච්චර කල් යාළු වෙලා හිටියා ඇති අනේ. අපි බඳිමුකෝ...ඕ..ඕ..ඕ..ඕ" කියලනේ.:dull::dull::dull: සත්‍ය ප්‍රේමයේ භෘංග රාජයා විදියට පෙම්වතාගේ චරිතය කරපු කොල්ලට ඉහ මොළ රත් වෙන්නෙ දැන් තමා.සමහරවිට ඔය "බඳිමුකෝ..ඕ..ඕ..ඕ..ඕ" කෑල්ල කියන්න ඉස්සල්ලත් මෙහෙම හිතෙන්න පුළුවන්.බැඳපු අයටත් කවදාහරි හිතිලා ඇති "අහෝ මෙවන් දුකක්" කියලා.කොයි තරම් ආදරය කළත් කවදාවත් මෙහෙම හිතුනෙවත් නෑ කියලා කියන්න අමාරුයි.:no::no::no:

මම මේ පාර හදාගෙන ආවේ අපූරු ගීතයක් ගැන කියන්නයි. (ඕන් දැන්ම කිවුවා.මම හොඳ විචාරකයෙක් නොවෙමි.:no: මේ ගැන මීට වෙනස් අදහස් තියන අය කියන්න :):))
අපේ ආදරණීය ගායන ශිල්පියෙක් වෙන වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයක් ගැන කතා කරන්න යන්නේ.ආදරය කර ගැහැණු ළමයා ගැන පිරිමි ළමයාගේ උඩු සිත සහ යටි හිත කරන සංවාදයක් විදියට තමා මේ ගීතය තියෙන්නේ. :)
පහළින් දාලා තියන පද පේළි වල තද අකුරින් තියන වචන කියන්නේ යටි සිත.අනිත් ඒවා කියන්නේ උඩු සිත.උඩු සිත හැමවෙලේම ගෑණු ළමයා ගැන ධනාත්මක දේවල් කියද්දි යටි හිත සෘණාත්මක පැත්ත ගැන කතා කරනවා. :sorry: හැමදෙයකම දෙපැත්තක් තියනවා කියලා මතක් කරලා දෙනවා.මේ ගීතයේ ගායනය අතින් බැලුවොත් යටි සිත ටිකක් ගොරහැඬි විදියට අවවාදාත්මක ව පහත් ස්වරයෙනුත් , උඩු සිත තමන්ගේ වර්ණනාව බොහොම සන්තෝසෙන්, ආදරයෙන් පිරුණු ස්වරයෙනුත් තමා ගායනා කරන්නේ.ඒකෙන් ගීතයේ අදහසත් ඉස්මතු වෙලා දැනෙනවා. :yes:
ගීතයට ලින්ක් එක ත්‍රෙඩ් එකේ අන්තිමට ඇති.

මාලිනියේ - ඉන්ද්‍රජාලය
මා මනසේ - අන්ධකාරය
මා දෑස සොයනා - ඔබ දෑස නැත
රුව ඇඳුනා මාලිනියේ - නොරැවටෙනු

මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය
මම ඇය අත ගනිමි- සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද

පතිවත රකිනා කුළ කුමරී - අරුම පුදුමය
මම ඔබ රැකගනිමි - වරදේ නොබැඳෙන ළඳුන් ලොව නැත

උඩු සිත ගැහැණු ළමයාව වර්ණනා කරද්දි යටි හිත අහනවා ඔය කියන ඒවා ඇත්තටම එහෙමද කියලා.ඔය පේන දේවල් වලට රැවටෙන්න එපා කියල අවවාද කරනවා.
සරලම උදාහරණයක් ගමු.අධ්‍යාපන වැඩ/ඔෆිස් එකේ වැඩ නැත්නම් ගෙදර වැඩ හොඳටම හිරවෙලා හුස්මක් කටක් ගන්න බැරුව ඉද්දි කෙල්ලත් එක්ක වලියක් ගියපු වෙලාවක් මතක් කරලා බලන්න.ඒ වෙලාවේ කෙල්ල ගැන "මා මනසේ-අන්ධකාරය" කියලා හිතිලා ඇති.
තවත් වෙලාවක මම මෙච්චර කට්ට කාගෙන ආදරය කළත් කෙල්ලත් මට ඒ වගේම ආදරේද කියලා හිතෙන්න ඇති.කොච්චර ආදරය කළත් මේ සිතුවිල්ල අපි කාටත් කවදාහරි දවසක හිතිලා ඇති.යටි හිත ඔය මොන කතා කිවුවත් උඩු හිත නෙමෙයි පිළිගන්නේ.:no::dull:

ඔන්න උඩු සිත දැන් ලෑස්ති වෙන්නේ අර කිවුව ගැණු ළමයව කසාද බඳින්න.:shocked: මඟුල් පෝරුවේ දි ගැහැණු ළමයාගේ අත ගන්න එක ගැන ආඩම්බරයෙන් ආසාවෙන් උඩු සිත කතා කරනවා.එතකොටම යටි හිත අහනවා සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද කියලා. :sorry::sorry::sorry:
බැඳපු/ බඳින්න ඉන්න අය ගෙන් අහන්නේ...මෙහෙම හිතුනා නේද ඔයාලටත්?බොරු කියන්නේ මොකටද මට නම් හිතිලා තියනවා.තනියම ඉන්න ආතල් ජීවිතේ අහවර කරලා සිපිරි ගෙයකට වැටෙන එක හෆෝයි...:(:(:(:(:(:(

ඊළඟට උඩු සිත කියනවා මේ බඳින්න ඉන්න ගෑණු ළමයා බොහොම පවිත්‍ර විදියට විවාහ ජීවිතය ගත කරයි කියලා.ඒකටත් යටි සිත බාල්දියක් දානවා."වරදේ නොබැඳෙන ළඳුන් ලොව නැත".:no::no::no:

තමන්ගේ කෙල්ලට හදවතින්ම ආදරය කළත් මේ වගේ උඩු සිත සහ යටි සිත අතර සංවාද අපි කාටත් ඇති. (තාම වුනේ නැත්නම් බලාගෙන හිටු ඔහොම යනකොට ඉස්සරහට ඇති වෙයි :yes:) එතනදි අන්තවාදි නොවී උඩු සිතයි යටි හිතයි දෙකම කිරලා මැනලා සමබරව හිතන කෙනා සතුටින් ජීවත් වෙයි.:):):)

ඇයි එහෙම කියන්නේ?
මේ සින්දුවේ උඩු සිතයි යටි සිතයි කියන දේවල් ම උදාහරණයට ගමුකෝ.බැඳපු කෙනෙක් ගේ යටි සිත කියන දේවල්ම විතරක් ඇහුවොත් හැමදාම සැකයෙන් ඉන්න වෙන්නේ.:no::no::no: ඒ වගේම උඩු සිත කියන දේවල් ම විතරක් ඇහුවොත් හීන ලෝකෙක ඉන්නේ.ආයේ පොළවේ පය ගැහිල්ලක් නෑ.කෙල්ලට මල් තියලා නොවඳින එක විතරයි. :baffled::baffled::baffled:

මට හිතෙන විදියට දැනට තනිකඩව ඉන්න අය ගොඩක් වෙලාවට යටි සිතේ කතා තමයි අහලා ඇත්තේ.ඒ අයගෙත් කවදාහරි උඩු සිතට ඉඩක් දෙන්න නැතුව ඇති. එහෙම වුනොත් කෙල්ලන්ගේ වැරදි ගැනම විතරක් හිතලා සදාකල් තනිකඩව ඉන්න වෙන්නේ.:no: උඩු සිතයි යටි සිතයි දෙකම සමබරව එක කෙල්ලෙක් ගැන කතා කලොත් පරක්කු නොවී වැඩේට බහින්න තියෙන්නේ.(දෙතුන් දෙනෙක් ගැන කිවුවොත් නම් :baffled::dull::baffled:)

මතක තියාගන්න වැදගත් වෙන්නේ අන්තවාදී නොවී සමබරව හිතන එක. :yes: :yes: :yes:



අපි ගියා එහෙනම් ජයවේවා! :)
 
Last edited:

HsrX_NsrX

Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    මතක තියාගන්න වැදගත් වෙන්නේ අන්තවාදී නොවී සමබරව හිතන එක :)
     
    • Like
    Reactions: IsuruP123

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar267406_108.gif
     
    • Like
    Reactions: IsuruP123

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    කොහි බදින්න බන්

    පළමු කෙල්ල පරණ කොල්ල ගැන සිතමින් ඇඩුවා එක අත්හැරිය:sorry:

    දෙවැනි කෙල්ල කේන්දර නොගැලපීම කෙල්ලගේ අම්මා විසින් දොස්තරවරු වගේ ලොකු ඒවා සෙවීම එකත් අත්හැරිය:sorry:

    තුන්වැනි කෙල්ල ටර්යි කලා කැමැතියි නමුත් තව අවුරැද්ද විතර බලන්න ඉන්න වෙනවා ඒ අතරේ කතා මුකුත් නැහැ වැඩක් තියෙනවද බන් එකත් අත්හැරිය:shocked:

    යකෝ ඉන්න තැනක් තියනවා කන්න දෙන්න පුළුවන් මොනද බන් මුන් ඉල්ලනේ ? මාව කන්නද?:growl:
     
    • Like
    Reactions: IsuruP123

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :cool:
    :eek:
    :P
    කොහි බදින්න බන්

    පළමු කෙල්ල පරණ කොල්ල ගැන සිතමින් ඇඩුවා එක අත්හැරිය:sorry:

    දෙවැනි කෙල්ල කේන්දර නොගැලපීම කෙල්ලගේ අම්මා විසින් දොස්තරවරු වගේ ලොකු ඒවා සෙවීම එකත් අත්හැරිය:sorry:

    තුන්වැනි කෙල්ල ටර්යි කලා කැමැතියි නමුත් තව අවුරැද්ද විතර බලන්න ඉන්න වෙනවා ඒ අතරේ කතා මුකුත් නැහැ වැඩක් තියෙනවද බන් එකත් අත්හැරිය:shocked:

    යකෝ ඉන්න තැනක් තියනවා කන්න දෙන්න පුළුවන් මොනද බන් මුන් ඉල්ලනේ ? මාව කන්නද?:growl:

    හිඳීවි කොතැනක හෝ...හිමිකාරී උපන් ඔබේ නමින් :yes::yes::yes:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මට බෑ බදින්න... ඇයි උබ මට මේ වගේ thread දාල මෙහෙම කලේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සින්දුවට පොඩ්ඩක් පිට කරුනක් විදියට ගත්තම ඇත්තටම ආදරේ කසාදෙකින් කෙලවර එක වෙන වැරදියි. විවාහය කියන කොල කෑල්ල ආදරේ බිඳෙන්න හේතුවක් වෙන වෙලාවල් තියෙනව.

    ඉස්සරහට තනිකඩයොන්ගෙ යුගය එන්නෙ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොනවා හිතුනත් කමක් නෑ...
    බදින්න කලින් ආදායම් මාර්ගයක් ස්තීර කරගෙන, ඉන්න තැනක් එහෙම හදාගෙන බැදපන්...

    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නේ නෑ කියලා කියනවා...
    ඒත් කොල්ලෝ හොදට මතක තියාගන්න අගහිගකම් ඉස්සරහා දොරෙන් එද්දි, ආදරය පැලදොරෙන් යනවා කියලා....

    බැදපු එකෙක් විදියට මට දෙන්න පුලුවන් අවවාදය දුන්නේ..... :yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොනවා හිතුනත් කමක් නෑ...
    බදින්න කලින් ආදායම් මාර්ගයක් ස්තීර කරගෙන, ඉන්න තැනක් එහෙම හදාගෙන බැදපන්...

    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නේ නෑ කියලා කියනවා...
    ඒත් කොල්ලෝ හොදට මතක තියාගන්න අගහිගකම් ඉස්සරහා දොරෙන් එද්දි, ආදරය පැලදොරෙන් යනවා කියලා....

    බැදපු එකෙක් විදියට මට දෙන්න පුලුවන් අවවාදය දුන්නේ..... :yes:
    පිලිගන්න අමාරුයි බන්.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෙල්ල හිතන්නෙ බදින දවස ගැන, මගුල් සාරිය ගැන, දෙවැනි මනමාලියට මල්කුමාරියන්ට අන්දවන ඇදුම් වල පාට ගැන. මම හිතන්නෙ බැන්දට පස්සෙ එන්න තියන ප්‍රශ්න ගැන(අම්මල තාත්තල එක්ක අලුත් ලේලිට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න), වෙඩින් එකේ වියදම ගැන. කෙල්ලයි මමයිත් හරියට උඩු සිතයි යටි සිතයි වගේ කියල හිතෙනව වෙලාවකට.:dull:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha



    ඔව් සහෝ එහෙම හිතලා දැන් ඉන්නේ :(

    :cool::cool::cool::cool:
    මට බෑ බදින්න... ඇයි උබ මට මේ වගේ thread දාල මෙහෙම කලේ.
    :lol::lol::lol:
    ada idan yati hitha palanaya krlama balamu
    ගොඩක්ම පාලනය කරන එකත් හොඳ මදි මචන්... :)
    සින්දුවට පොඩ්ඩක් පිට කරුනක් විදියට ගත්තම ඇත්තටම ආදරේ කසාදෙකින් කෙලවර එක වෙන වැරදියි. විවාහය කියන කොල කෑල්ල ආදරේ බිඳෙන්න හේතුවක් වෙන වෙලාවල් තියෙනව.

    ඉස්සරහට තනිකඩයොන්ගෙ යුගය එන්නෙ
    ඉස්සරහට තනිකඩයොන්ගෙ යුගය එන්නෙ :shocked::shocked::shocked: ඒ මොකෝ???
    මොනවා හිතුනත් කමක් නෑ...
    බදින්න කලින් ආදායම් මාර්ගයක් ස්තීර කරගෙන, ඉන්න තැනක් එහෙම හදාගෙන බැදපන්...

    ආදරයේ උනුසුම ලග දුක දැනෙන්නේ නෑ කියලා කියනවා...
    ඒත් කොල්ලෝ හොදට මතක තියාගන්න අගහිගකම් ඉස්සරහා දොරෙන් එද්දි, ආදරය පැලදොරෙන් යනවා කියලා....

    බැදපු එකෙක් විදියට මට දෙන්න පුලුවන් අවවාදය දුන්නේ..... :yes:
    බොහොම ස්තුතියි මචන්... :yes: :yes: :yes: :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පිලිගන්න අමාරුයි බන්.

    එහෙනම් හරියට රස්සවාක් කරන්නේ නැතුව, හරියට ඉන්න තැනක් නැතුව බැදලා බලපන්...

    එදාට තේරෙයි උබට මේ ලෝකේ බදින්න කලින් හිතුවා වගේ සුරන්ගනා ලෝකයක් නෙවෙයි කියලා... :(