කොල්ලෙක් වශයෙන් ජීවිතේ කවදාහරි මං මේ කියන්න යන දේ හිතිලා ඇති.කෙල්ලන්ටත් එහෙම හිතෙනවා ඇති. 
කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඇත්තටම ආදරය කරනවා කියලා හිතමු.මම මේකෙ කතා කරන්නේ සිරාවටම ආදරය කරන අය ගැන විතරයි.ඔහොම ඔහොම කාලයක් ගිහින් අන්තිමට නතරවෙන්නේ "මෙච්චර කල් යාළු වෙලා හිටියා ඇති අනේ. අපි බඳිමුකෝ...ඕ..ඕ..ඕ..ඕ" කියලනේ.

සත්‍ය ප්‍රේමයේ භෘංග රාජයා විදියට පෙම්වතාගේ චරිතය කරපු කොල්ලට ඉහ මොළ රත් වෙන්නෙ දැන් තමා.සමහරවිට ඔය "බඳිමුකෝ..ඕ..ඕ..ඕ..ඕ" කෑල්ල කියන්න ඉස්සල්ලත් මෙහෙම හිතෙන්න පුළුවන්.බැඳපු අයටත් කවදාහරි හිතිලා ඇති "අහෝ මෙවන් දුකක්" කියලා.කොයි තරම් ආදරය කළත් කවදාවත් මෙහෙම හිතුනෙවත් නෑ කියලා කියන්න අමාරුයි.

මම මේ පාර හදාගෙන ආවේ අපූරු ගීතයක් ගැන කියන්නයි. (ඕන් දැන්ම කිවුවා.මම හොඳ විචාරකයෙක් නොවෙමි.
මේ ගැන මීට වෙනස් අදහස් තියන අය කියන්න 
)
අපේ ආදරණීය ගායන ශිල්පියෙක් වෙන වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයක් ගැන කතා කරන්න යන්නේ.ආදරය කර ගැහැණු ළමයා ගැන පිරිමි ළමයාගේ උඩු සිත සහ යටි හිත කරන සංවාදයක් විදියට තමා මේ ගීතය තියෙන්නේ.
පහළින් දාලා තියන පද පේළි වල තද අකුරින් තියන වචන කියන්නේ යටි සිත.අනිත් ඒවා කියන්නේ උඩු සිත.උඩු සිත හැමවෙලේම ගෑණු ළමයා ගැන ධනාත්මක දේවල් කියද්දි යටි හිත සෘණාත්මක පැත්ත ගැන කතා කරනවා.
හැමදෙයකම දෙපැත්තක් තියනවා කියලා මතක් කරලා දෙනවා.මේ ගීතයේ ගායනය අතින් බැලුවොත් යටි සිත ටිකක් ගොරහැඬි විදියට අවවාදාත්මක ව පහත් ස්වරයෙනුත් , උඩු සිත තමන්ගේ වර්ණනාව බොහොම සන්තෝසෙන්, ආදරයෙන් පිරුණු ස්වරයෙනුත් තමා ගායනා කරන්නේ.ඒකෙන් ගීතයේ අදහසත් ඉස්මතු වෙලා දැනෙනවා.
ගීතයට ලින්ක් එක ත්‍රෙඩ් එකේ අන්තිමට ඇති.
උඩු සිත ගැහැණු ළමයාව වර්ණනා කරද්දි යටි හිත අහනවා ඔය කියන ඒවා ඇත්තටම එහෙමද කියලා.ඔය පේන දේවල් වලට රැවටෙන්න එපා කියල අවවාද කරනවා.
සරලම උදාහරණයක් ගමු.අධ්‍යාපන වැඩ/ඔෆිස් එකේ වැඩ නැත්නම් ගෙදර වැඩ හොඳටම හිරවෙලා හුස්මක් කටක් ගන්න බැරුව ඉද්දි කෙල්ලත් එක්ක වලියක් ගියපු වෙලාවක් මතක් කරලා බලන්න.ඒ වෙලාවේ කෙල්ල ගැන "මා මනසේ-අන්ධකාරය" කියලා හිතිලා ඇති.
තවත් වෙලාවක මම මෙච්චර කට්ට කාගෙන ආදරය කළත් කෙල්ලත් මට ඒ වගේම ආදරේද කියලා හිතෙන්න ඇති.කොච්චර ආදරය කළත් මේ සිතුවිල්ල අපි කාටත් කවදාහරි දවසක හිතිලා ඇති.යටි හිත ඔය මොන කතා කිවුවත් උඩු හිත නෙමෙයි පිළිගන්නේ.

ඔන්න උඩු සිත දැන් ලෑස්ති වෙන්නේ අර කිවුව ගැණු ළමයව කසාද බඳින්න.
මඟුල් පෝරුවේ දි ගැහැණු ළමයාගේ අත ගන්න එක ගැන ආඩම්බරයෙන් ආසාවෙන් උඩු සිත කතා කරනවා.එතකොටම යටි හිත අහනවා සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද කියලා. 

බැඳපු/ බඳින්න ඉන්න අය ගෙන් අහන්නේ...මෙහෙම හිතුනා නේද ඔයාලටත්?බොරු කියන්නේ මොකටද මට නම් හිතිලා තියනවා.තනියම ඉන්න ආතල් ජීවිතේ අහවර කරලා සිපිරි ගෙයකට වැටෙන එක හෆෝයි...

ඊළඟට උඩු සිත කියනවා මේ බඳින්න ඉන්න ගෑණු ළමයා බොහොම පවිත්‍ර විදියට විවාහ ජීවිතය ගත කරයි කියලා.ඒකටත් යටි සිත බාල්දියක් දානවා."වරදේ නොබැඳෙන ළඳුන් ලොව නැත".

තමන්ගේ කෙල්ලට හදවතින්ම ආදරය කළත් මේ වගේ උඩු සිත සහ යටි සිත අතර සංවාද අපි කාටත් ඇති. (තාම වුනේ නැත්නම් බලාගෙන හිටු ඔහොම යනකොට ඉස්සරහට ඇති වෙයි
) එතනදි අන්තවාදි නොවී උඩු සිතයි යටි හිතයි දෙකම කිරලා මැනලා සමබරව හිතන කෙනා සතුටින් ජීවත් වෙයි.

ඇයි එහෙම කියන්නේ?
මේ සින්දුවේ උඩු සිතයි යටි සිතයි කියන දේවල් ම උදාහරණයට ගමුකෝ.බැඳපු කෙනෙක් ගේ යටි සිත කියන දේවල්ම විතරක් ඇහුවොත් හැමදාම සැකයෙන් ඉන්න වෙන්නේ.

ඒ වගේම උඩු සිත කියන දේවල් ම විතරක් ඇහුවොත් හීන ලෝකෙක ඉන්නේ.ආයේ පොළවේ පය ගැහිල්ලක් නෑ.කෙල්ලට මල් තියලා නොවඳින එක විතරයි. 

මට හිතෙන විදියට දැනට තනිකඩව ඉන්න අය ගොඩක් වෙලාවට යටි සිතේ කතා තමයි අහලා ඇත්තේ.ඒ අයගෙත් කවදාහරි උඩු සිතට ඉඩක් දෙන්න නැතුව ඇති. එහෙම වුනොත් කෙල්ලන්ගේ වැරදි ගැනම විතරක් හිතලා සදාකල් තනිකඩව ඉන්න වෙන්නේ.
උඩු සිතයි යටි සිතයි දෙකම සමබරව එක කෙල්ලෙක් ගැන කතා කලොත් පරක්කු නොවී වැඩේට බහින්න තියෙන්නේ.(දෙතුන් දෙනෙක් ගැන කිවුවොත් නම් 

)
මතක තියාගන්න වැදගත් වෙන්නේ අන්තවාදී නොවී සමබරව හිතන එක.

අපි ගියා එහෙනම් ජයවේවා!

කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඇත්තටම ආදරය කරනවා කියලා හිතමු.මම මේකෙ කතා කරන්නේ සිරාවටම ආදරය කරන අය ගැන විතරයි.ඔහොම ඔහොම කාලයක් ගිහින් අන්තිමට නතරවෙන්නේ "මෙච්චර කල් යාළු වෙලා හිටියා ඇති අනේ. අපි බඳිමුකෝ...ඕ..ඕ..ඕ..ඕ" කියලනේ.

සත්‍ය ප්‍රේමයේ භෘංග රාජයා විදියට පෙම්වතාගේ චරිතය කරපු කොල්ලට ඉහ මොළ රත් වෙන්නෙ දැන් තමා.සමහරවිට ඔය "බඳිමුකෝ..ඕ..ඕ..ඕ..ඕ" කෑල්ල කියන්න ඉස්සල්ලත් මෙහෙම හිතෙන්න පුළුවන්.බැඳපු අයටත් කවදාහරි හිතිලා ඇති "අහෝ මෙවන් දුකක්" කියලා.කොයි තරම් ආදරය කළත් කවදාවත් මෙහෙම හිතුනෙවත් නෑ කියලා කියන්න අමාරුයි.

මම මේ පාර හදාගෙන ආවේ අපූරු ගීතයක් ගැන කියන්නයි. (ඕන් දැන්ම කිවුවා.මම හොඳ විචාරකයෙක් නොවෙමි.
මේ ගැන මීට වෙනස් අදහස් තියන අය කියන්න 
)අපේ ආදරණීය ගායන ශිල්පියෙක් වෙන වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයක් ගැන කතා කරන්න යන්නේ.ආදරය කර ගැහැණු ළමයා ගැන පිරිමි ළමයාගේ උඩු සිත සහ යටි හිත කරන සංවාදයක් විදියට තමා මේ ගීතය තියෙන්නේ.

පහළින් දාලා තියන පද පේළි වල තද අකුරින් තියන වචන කියන්නේ යටි සිත.අනිත් ඒවා කියන්නේ උඩු සිත.උඩු සිත හැමවෙලේම ගෑණු ළමයා ගැන ධනාත්මක දේවල් කියද්දි යටි හිත සෘණාත්මක පැත්ත ගැන කතා කරනවා.
හැමදෙයකම දෙපැත්තක් තියනවා කියලා මතක් කරලා දෙනවා.මේ ගීතයේ ගායනය අතින් බැලුවොත් යටි සිත ටිකක් ගොරහැඬි විදියට අවවාදාත්මක ව පහත් ස්වරයෙනුත් , උඩු සිත තමන්ගේ වර්ණනාව බොහොම සන්තෝසෙන්, ආදරයෙන් පිරුණු ස්වරයෙනුත් තමා ගායනා කරන්නේ.ඒකෙන් ගීතයේ අදහසත් ඉස්මතු වෙලා දැනෙනවා.
ගීතයට ලින්ක් එක ත්‍රෙඩ් එකේ අන්තිමට ඇති.
මාලිනියේ - ඉන්ද්‍රජාලය
මා මනසේ - අන්ධකාරය
මා දෑස සොයනා - ඔබ දෑස නැත
රුව ඇඳුනා මාලිනියේ - නොරැවටෙනු
මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය
මම ඇය අත ගනිමි- සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද
පතිවත රකිනා කුළ කුමරී - අරුම පුදුමය
මම ඔබ රැකගනිමි - වරදේ නොබැඳෙන ළඳුන් ලොව නැත
මා මනසේ - අන්ධකාරය
මා දෑස සොයනා - ඔබ දෑස නැත
රුව ඇඳුනා මාලිනියේ - නොරැවටෙනු
මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය
මම ඇය අත ගනිමි- සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද
පතිවත රකිනා කුළ කුමරී - අරුම පුදුමය
මම ඔබ රැකගනිමි - වරදේ නොබැඳෙන ළඳුන් ලොව නැත
උඩු සිත ගැහැණු ළමයාව වර්ණනා කරද්දි යටි හිත අහනවා ඔය කියන ඒවා ඇත්තටම එහෙමද කියලා.ඔය පේන දේවල් වලට රැවටෙන්න එපා කියල අවවාද කරනවා.
සරලම උදාහරණයක් ගමු.අධ්‍යාපන වැඩ/ඔෆිස් එකේ වැඩ නැත්නම් ගෙදර වැඩ හොඳටම හිරවෙලා හුස්මක් කටක් ගන්න බැරුව ඉද්දි කෙල්ලත් එක්ක වලියක් ගියපු වෙලාවක් මතක් කරලා බලන්න.ඒ වෙලාවේ කෙල්ල ගැන "මා මනසේ-අන්ධකාරය" කියලා හිතිලා ඇති.
තවත් වෙලාවක මම මෙච්චර කට්ට කාගෙන ආදරය කළත් කෙල්ලත් මට ඒ වගේම ආදරේද කියලා හිතෙන්න ඇති.කොච්චර ආදරය කළත් මේ සිතුවිල්ල අපි කාටත් කවදාහරි දවසක හිතිලා ඇති.යටි හිත ඔය මොන කතා කිවුවත් උඩු හිත නෙමෙයි පිළිගන්නේ.

ඔන්න උඩු සිත දැන් ලෑස්ති වෙන්නේ අර කිවුව ගැණු ළමයව කසාද බඳින්න.
මඟුල් පෝරුවේ දි ගැහැණු ළමයාගේ අත ගන්න එක ගැන ආඩම්බරයෙන් ආසාවෙන් උඩු සිත කතා කරනවා.එතකොටම යටි හිත අහනවා සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද කියලා. 

බැඳපු/ බඳින්න ඉන්න අය ගෙන් අහන්නේ...මෙහෙම හිතුනා නේද ඔයාලටත්?බොරු කියන්නේ මොකටද මට නම් හිතිලා තියනවා.තනියම ඉන්න ආතල් ජීවිතේ අහවර කරලා සිපිරි ගෙයකට වැටෙන එක හෆෝයි...

ඊළඟට උඩු සිත කියනවා මේ බඳින්න ඉන්න ගෑණු ළමයා බොහොම පවිත්‍ර විදියට විවාහ ජීවිතය ගත කරයි කියලා.ඒකටත් යටි සිත බාල්දියක් දානවා."වරදේ නොබැඳෙන ළඳුන් ලොව නැත".

තමන්ගේ කෙල්ලට හදවතින්ම ආදරය කළත් මේ වගේ උඩු සිත සහ යටි සිත අතර සංවාද අපි කාටත් ඇති. (තාම වුනේ නැත්නම් බලාගෙන හිටු ඔහොම යනකොට ඉස්සරහට ඇති වෙයි
) එතනදි අන්තවාදි නොවී උඩු සිතයි යටි හිතයි දෙකම කිරලා මැනලා සමබරව හිතන කෙනා සතුටින් ජීවත් වෙයි.

ඇයි එහෙම කියන්නේ?
මේ සින්දුවේ උඩු සිතයි යටි සිතයි කියන දේවල් ම උදාහරණයට ගමුකෝ.බැඳපු කෙනෙක් ගේ යටි සිත කියන දේවල්ම විතරක් ඇහුවොත් හැමදාම සැකයෙන් ඉන්න වෙන්නේ.

ඒ වගේම උඩු සිත කියන දේවල් ම විතරක් ඇහුවොත් හීන ලෝකෙක ඉන්නේ.ආයේ පොළවේ පය ගැහිල්ලක් නෑ.කෙල්ලට මල් තියලා නොවඳින එක විතරයි. 

මට හිතෙන විදියට දැනට තනිකඩව ඉන්න අය ගොඩක් වෙලාවට යටි සිතේ කතා තමයි අහලා ඇත්තේ.ඒ අයගෙත් කවදාහරි උඩු සිතට ඉඩක් දෙන්න නැතුව ඇති. එහෙම වුනොත් කෙල්ලන්ගේ වැරදි ගැනම විතරක් හිතලා සදාකල් තනිකඩව ඉන්න වෙන්නේ.
උඩු සිතයි යටි සිතයි දෙකම සමබරව එක කෙල්ලෙක් ගැන කතා කලොත් පරක්කු නොවී වැඩේට බහින්න තියෙන්නේ.(දෙතුන් දෙනෙක් ගැන කිවුවොත් නම් 

)මතක තියාගන්න වැදගත් වෙන්නේ අන්තවාදී නොවී සමබරව හිතන එක.

අපි ගියා එහෙනම් ජයවේවා!

Last edited: