බඳින එක තමයි ටීච

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
බඳින එක තමයි ටීච



දිනක් පාසල් ගුරුවරිය තම පන්තියේ සිසුන්ගෙන් තම අනාගත බලාපොරොත්තු පිළිබඳව විමසුවාය. එහිදී ගුරුවරිය සහ සිරිපාල අතර මෙසේ සංවාදයක් ඇති විය.


ගුරුවරිය - සිරිපාල. ඔයා ලොකුවෙලා මොකද කරන්නේ?

සිරිපාල - බඳිනවා ටීච

ගුරුවරිය - මම අහන්නේ ඔයා කවුරු වෙන්නද කැමති?

සිරිපාල - මනමාලයෙක් වෙන්න ටීච

ගුරුවරිය - නෑ නෑ ළමයෝ. මම අහන්නේ ඔය ළමයා මොනවද ලබාගන්න කැමති?

සිරිපාල - මනමාලියක් ටීච

ගුරුවරිය - මෝඩයෝ. තමුන්ගේ අම්මා, තාත්තා වෙනුවෙන් මොනවද කරන්නේ?

සිරිපාල - ලේලියක් ගේනවා ටීච

ගුරුවරිය - මෝඩයෝ. උඹේ අම්මයි, තාත්තයි උඹෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ?

සිරිපාල - මුණුපුරෙක් තමයි ටීච

ගුරුවරිය - යකෝ. උඹට උඹේ ජීවිතේ තියෙන අමාරුම දේ මොකක්ද?

සිරිපාල - බඳින එක තමයි ටීච

සිරිපාලට බැන වදිමින් ගුරුවරිය පන්තියෙන් පිටව ගියාය.


:eek::shocked::);):cool::sorry::confused::yes::D

Source From - http://jokesnoop.blogspot.com/