බබාට සනීප නැහැ

ආයුර්වේද වෛද්‍යාචාර්ය
කේ. ඒ. උපුල් පද්මසිරි
pic-16.jpg
වර්තමානසමාජයේ කුඩා දරුවන්ට ඇතිවන කරදරකාරී රෝග තත්ත්වයක් ලෙස සෙම රෝග හැඳීන්විය හැකියි. බොහෝ දරුවන්ට ඖෂධ ගැනීමේ දී මෙය පාලනය වන තත්ත්වයක් වුවත්, ඉන් පසු නිතර නිතර මතුවන රෝගයක් බවට පත්ව තිබේ.
ආයුර්වේදයේ සඳහන් පරිදි බාල කාලය වා, පිත්, සෙම් තුනෙන් සෙම ප්‍රධානව ක්‍රියාත්මක වන කාලයයි. ප්‍රධාන වශයෙන් දරුවන්ගේ සෙම් රෝගවලට, ඔවුන්ගේ ශ්වසන පථය හෙවත් ශ්වසන මාර්ගය ගොදුරු වේ. මෙය නාසයෙන් පටන් ගෙන නාසා ග්‍රසනිකාව ඔස්සේ ශ්වාසනාලය හාරහා පෙනහලු දක්වා ඇති මාර්ගයයි. මේ ආශි‍්‍රතව හට ගන්නා, අපට නිතර දක්නට ලැබෙන සෙම් රෝග කීපයකි.
ප්‍රතිශ්‍යාව, පීනස, හතිය
කැස්ස යනු අපට නිතර දක්නට ලැබෙන සෙම් රෝග වේ. ශ්වසන පථය තුළ ඇතිවන සෙම් රෝග බොහෝ තිබුණද, ළමා කාලයේ හටගන්නා ප්‍රධාන රෝග ලෙස මේවා හඳුනා ගත හැකිය.
සෙම් රෝග ඇතිවීමට හේතු
බාලක සෙම් රෝගවලට හේතු ලෙස ප්‍රධාන වශයෙන් ආයුර්වේදයේ දැක්වෙන්නේ ශරීරයේ සෙම වැඩිකරන, සෙම කෝප කරන හේතූ®න් ය. සෙම කෝප කරන ආහාර පාන හා විහරණ හෙවත් හැසිරීම් මීට අයත් වේ.
සෙම් රෝග ඇති කරන ආහාර පාන
සීතල ආහාර පාන අධිකව ගැනීම මේ මගින් ඇතිවන ශීතල ගුණය නිසා දරුවන්ගේ සෙම වැඩි වී සෙම් රෝග හට ගනී. උදාහරණ ලෙස අයිස්ක්‍රීම්, ශීතකළ බීම වාර්ග, ශීතකළ කිරි ආහාර මීට අයත් වේ. කුකුල් මස් හා බිත්තර නිසා ද සෙම වැඩිවන බව බොහෝ රෝගීන්ගේ විස්තර විමසීමේ දී හඳුනාගත හැකිය.
පැණිරස ආහාර අධිකව ගැනීම ආයුර්වේදයට අනුව පැණිරස හෙවත් මධුර රස ආහාර සෙම වර්ධනය කරයි ශරීරයේ තරබාරුවද ඇති කරයි. එම නිසා සෙම් රෝගවලට ගොදුරුවීමේ ප්‍රමාණවත් වැඩි වේ.
තෙල් ආහාර අධිකව ගැනීම
මේ මගින්ද ශරීරයේ සෙම හා ස්ථුල බව වර්ධනය වී, සෙම රෝගය ඇතිවීමට අවදානමක් ඇති කරයි.
අසාත්මික ආහාර
බොහෝ දරුවන්ට කිරි, බිත්තර, මස්, අන්නාසි, ඉස්සන්, අයිස්ක්‍රීම්, මීකිරි ආදි ආහාර මඟින් අසාත්මිකතා ඇති කරයි. මෙහි දී පීනස, හතිය වැනි රෝග සමඟින් අසාත්මික ලක්ෂණ පෙන්නුම් කෙරේ.
රාත්‍රි නින්දේ දී විදුලි පංකා ක්‍රියාත්මක කිරීම, මෙමඟින් කාමර තුළ ඇති සියුම් දුහුවිලි සුළඟ නිසා ඇවිස්සී, අපගේ නාසය ඔස්සේ ශරීර ගත වේ.
මෙමඟින් සෙම රෝගයක් වන පීනස් රෝගය ඇතිවීමට මූලික අවස්ථාව උදා වෙයි. මෙහි දී කාමරවල ජනේල් හැර රාත්‍රියට පින්න සහිත සුළඟ කාමර තුළට ඒමට සැලැස්වීම මගින් ද සෙම රෝග ඇති කරයි. පාරිසරික සාධක ද ළමයින් සෙම් රෝගවලට ගොදුරු වීමට හේතු වී ඇත. පරිසරය දූෂණය කරමින්, වාහන හා කර්මාන්තශාලාවලින් පිටවන දුම්, වියළි පරිසරවල ඇතිවන දුහුවිලි මෙහි දී මුල් තැන ගනී. විවිධ සතුන්ගේ ලොම්, සමහර ශාකවල පරාග, ඇඳුම්වල පවතින දුහුවිලි වැනි සියුම් කොටස්වලට අසාත්මික ප්‍රතික්‍රියා දක්වන ළමයින්ට මේවා මඟින් පහසුවෙන් පීනස, කැස්ස, හතිය වැනි සෙම් රෝග ඇති කරයි.
සෙම් රෝගවල ලක්ෂණ
ළමයින් අතර බෙහෙවින් දක්නට ලැබෙන සෙම් රෝග කීපයක ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය.
ප්‍රතිශ්‍යාව
කුඩා ළමයින්ට නිතර දක්නට ලැබෙන කරදර කාරී අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි ය. නාසය හිරවීම, කටින් හුස්ම ගැනීම නාසයෙන් සෙම වැගිරීම, මඳ උණ, හිසරදය, කිවිසුම් යාම වැනි ලක්ෂණ මූලිකව ඇති වේ. පසුව කැස්ස ද මේ සමඟම ඇතිවිය හැකි ය.
දරුවන්ගේ ප්‍රතිශ්‍යාවට ද ප්‍රතිකාර කළත් නැවත නැවත ඇතිවන තත්ත්වයක් බවට පත්ව ඇත. මෙය දරුවාගේ ප්‍රතිශක්තිකරණ දුර්වලතා නිසා සිදුවිය හැකිය. ආයුර්වේද ප්‍රතිකාර යෙදීමේ දී ප්‍රතිශක්තියද වර්ධනය වන බැවින්, ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වය මඟහැරී යයි.
පීනස
බොහෝ විට කල්ගත වූ ප්‍රතිශ්‍යා තත්ත්වයන් නිසා ඇති වේ කිවිසුම්යාම, සොටු දියර ගැලීම, දුම් දූවිලි ඇල්වතුර, ශීතල ආහාර පාන ආදියෙන් රෝගය උත්සන්න වීම දක්නට ලැබෙන ලක්ෂණයි. මෙහි දී අසාත්මිකතා ප්‍රමුඛව ඇතිවන නිසා, ආයුර්වේදයේ දැක්වෙන ප්‍රතිකාර උපදේශ දීර්ඝ කාලීනව කිරීමෙන් හා පිළිපැදීමෙන් රෝගය සමනය වේ.
කැස්ස
කුඩා දරුවන් නිතර ගොදුරු වන රෝග තත්ත්වයක් වන මෙහි දී උගුර කැසීම, උගුරේ සෙම බැඳීම, හා කැස්ස ඇති වේ. බොහෝ විට ප්‍රතිශ්‍යා රෝග අවස්ථාවකට පසුව ඇතිවේ. වියළි කැස්ස හෝ සෙම කැඩී යන බුරුල් කැස්ස ආදී ආකාර දෙකෙන්ම කැස්ස ඇති වේ.
හතිය
ශ්වාසය ලෙස ආයුර්වේදයේ හැඳින්වෙන මෙහි දී ශ්වසනය වේගවත් වන බැවින් එය හතිය ලෙස හැඳින් වේ. ශ්වසනය වේගවත් වීම ශ්වසනය දීර්ඝ වීම, ශ්වසන අපහසුව, හුස්ම ගැනීමේ දී පපුවේ ශබ්දය ඇතිවීම, මූලික ලක්ෂණ වේ. බොහෝ විට ප්‍රතිශ්‍යාව හා කාසය නොසලකා හැරීමෙන් මෙය ඇතිවිය හැකියි. විවිධ ද්‍රව්‍යවලට (දුම්, දුහුවිලි වැනි) දක්වන අසාත්මික ලක්ෂණයක් ලෙසද ඇති වේ.
සෙම් රෝගවලට ප්‍රතිකාර
සෙම් රෝගවලට ක්‍රමවත් ප්‍රතිකාරයක් නොකෙරේ නම්, පීනස, ඇදුම වැනි කල් පවතින රෝග ඇති වේ. පළමුව රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා, සෙම ඇතිවන ආහාර පාන. සෙම ඇතිවන විහරණ හෙවත් පුරුදු, බෝවන සෙම් රෝග සහිත ස්ථානවලට යාම ආදියෙන් වැළැකිය යුතුය. වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා තුරු, රෝග මැඩ පැවැත්වීමට පහත ප්‍රතිකාරවලට යොමු විය හැකිය.
උණුසුම් වතුර නිතර නිතර පානය, උණුසුම් ආහාර ගැනීම, උණුවතුර වාෂ්ප ඇල්ලීම, සෙමට හිතකර ඖෂධීය තැම්බුම් පානය කිරීම, උදාහරණ ලෙස කොත්තමල්ලි කබලේ බැද තම්බා ගත් වතුර,
කොත්තමල්ලි හා වියළි ඉඟුරු තැම්බූ වතුර, ඖෂධීය වාෂ්ප දුම් ඇල්ලීම,
උදාහරණයක් ලෙස නික කොළ, පාවට්ටා කොළ, බෙලි කොළ, දෙහි කොළ, මදුරුතලා කොළ එකක් හෝ කිහිපයක් තම්බා දුම් ඇල්ලීම, සහ ඉහත දැක්වෙන ප්‍රතිකාර සියලු සෙම් රෝගවලට ගුණදායි වේ.
කැස්ස හා ශ්වාස අවස්ථාවලදී
අමු ඉඟුරු ඉස්ම, ඇඹුල් දොඩම් ඉස්ම, මී පැණි සමව ගෙන අනා ටික ටික දිව ගෑම කළ හැකිය. නික කොළ පාවට්ටා කොළ සුදු ලූණු සමව ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා බෙල්ල හා පිට තැවීම ද මෙහි දී ගුණදායක වේ. බටු කෝලශ්ලේෂ්මා යන තෛල වර්ග බෙල්ලේ හා පිට පෙදෙසේ හා පපු පෙදෙසේ ආලේප කිරීම ද ගුණදායි වේ. පීනස හා ප්‍රතිශ්‍යා තත්ත්වයන් හිදී ඉහත දැක්වූ සියලුම වර්ගවල ඖෂධීය වාෂ්ප ඇල්ලීම ගුණදායක වේ. සියඹලාකොළ, රතුලූණු, හීං උඳුපියලිය, අමුකහ, සමව ගෙන කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මුහුණ තැවීමෙන් රෝග ලක්ෂණ අඩුකරගත හැකිය.
ඊට අමතරව රතු ලූණු තෙල්, නිෂාදි තෙල්, නිර්ගුණ්ඩ්‍යාදි තෙල් ආදී ඖෂධීය තෙල්වර්ග හිස ගැල්වීම රෝගියාට සහනයක් ඇති කරයි.
 
  • Like
Reactions: ElakiriPora1111

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් . Doctor Rohitha Abeygunawardhane ව බලන්න ටිකක් .

    Lanka Hospitals / Joseph Fraiser ... වගේ ඒවාට එනවා. ගොඩක් හොඳයි ඒ Doctor .
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oka hoda karaganna haki macho.. ape eha gedara aiyata thibbalu oya wagema passe beheth kala.. mn meka bookmark dala tianne ahala kiannam dr. name eka.. Castle eke innawa Dr. kenek ape akkage babawa pennapu.. eyath hugak hodailu Amith wage name eka.. aya innawa Dr. Trilishia Lanka Hospitals balanna
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන් මගේ ලොකු දුවට නිතරම අසනීප වෙනවා. දුවගේ වයස අවුරුදු 4 යි. පොඩි හෙම්බිරිස්සාවක් ආවත් ඒක අන්තිමේට ලොකු කැස්සකට ඇවිත් අන්තිමේට wheezing level එකට එනවා. මේක ලියන්න පටන් ගත්තෙත් දවස් තුනක් ඉස්පිරිතාලේ නතර කරගෙන ඉඳල ගෙදර ආපු ගමන්. ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් නැහැ. නුවර අනෝමා සිරිබද්දන කියල chest specialist කෙනෙක්ගෙන් ගත්තා. තව දොස්තරලා ගොඩක් ලඟට ගියා. අඩු නෑ.
    ලෙඩේ හැදුනම දුව ගොඩක් දුක් විදිනවා. බලන් ඉන්න අමාරුයි. මාර අමාරුවෙන් හුස්ම ගන්නේ. මට පොඩි උදව්වක් කරපල්ලා. මේ ලෙඩේට හොඳටම හොඳ වෙන්න බෙහෙත් ගන්න පුළුවන් doctor කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. පින් සිද්ද වෙයි. EK එකේ ඉන්න doctors ලා මට උදව් කරයි කියල හිතෙනවා. මට අද කෙනෙක් කිව්වා ninewells එකේ ඉන්න doctor පුංචිහේවා හොඳයි කියල. කවුරුත් ඒ ගැන දන්නවද?

    වැඩිකල් අරින්න එපා මචන්. හොඳ තැනක් බලල පුළුවන් ඉක්මනින් හරියට බේත් කරන්න ! සිංහල වෛද්‍ය කෙනෙක් ලඟින් කරනවානම් ගොඩක් හොඳයි. සේම අයින්ම කරන නිසා. හැබැයි බේත් කරන කාලෙට ටිකක් විඳවන්න වෙනවා,
    English වලින් වෙන්නේ වේලාවන එක විතරයි !! දවසක ආයේ එනවා

    ගෙදර හොඳට සුද්ද කරහන් මතක ඇතුව. පොඩි dust එකත් fan අවුල්. කොට්ට මෙට්ටත් බලහන් හොඳට. පරණ ඒවගේ නොපෙනෙන dust එකක් තියෙනවා. කොච්චර බේත් කරත් dust එක එනවනම් ආයේ වැඩිවෙනවා !!

    උඹේ දුවටත් ඉක්මනට සනීප වෙන්න ආශීර්වාද කරනවා මචං !
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මේක නිකන් මගේ කතාව වගේ මචන්, මටත් පොඩි කාලේ ඔහොමයි. හුස්ම ගන්න බැරුව නියපොතු නිල් පාට වෙනවා, ice cream එකක් කන්නේ බෙහෙත් ගන්න බලාගෙන. ඒහෙම හිටපු මට කපුවත්ත කියල doctor කෙනෙක් හම්බුනා. සැහෙන කල් මට බේත් කලත් හරිගියේ නෑ. අන්තිමට එය කිව්වේ නිකන් ඉන්න එපා, sports කරන්න කියලා. අම්මලත් පුදුම උනා කිව්වා දේට, මොකද මට පොඩ්ඩක් දුවිලි වැදුනොත් ඉවරයි. පින්න සෙට් උනොත් බඩුම තමා. රෑ තිස්සේ මව උස්සන් දුවනවා doctor ගාවට. කොහොමහරි මම badminton කරන්න පටන් ගත්තා. ටික කාලෙකින් උදේ 6 ට ground එකේ වට 10ක් පින්නේත් දුවලා, court එකේ practice කරලා හවස 2 ඉදන් 5 වෙනකන් ආයෙත් practice කරලා ගෙදර ගිහින් නාලත් කිසි ලෙඩක් නෑ කියහන්කෝ. මම උසත් ගියා
     
    මේක නිකන් මගේ කතාව වගේ මචන්, මටත් පොඩි කාලේ ඔහොමයි. හුස්ම ගන්න බැරුව නියපොතු නිල් පාට වෙනවා, ice cream එකක් කන්නේ බෙහෙත් ගන්න බලාගෙන. ඒහෙම හිටපු මට කපුවත්ත කියල doctor කෙනෙක් හම්බුනා. සැහෙන කල් මට බේත් කලත් හරිගියේ නෑ. අන්තිමට එය කිව්වේ නිකන් ඉන්න එපා, sports කරන්න කියලා. අම්මලත් පුදුම උනා කිව්වා දේට, මොකද මට පොඩ්ඩක් දුවිලි වැදුනොත් ඉවරයි. පින්න සෙට් උනොත් බඩුම තමා. රෑ තිස්සේ මව උස්සන් දුවනවා doctor ගාවට. කොහොමහරි මම badminton කරන්න පටන් ගත්තා. ටික කාලෙකින් උදේ 6 ට ground එකේ වට 10ක් පින්නේත් දුවලා, court එකේ practice කරලා හවස 2 ඉදන් 5 වෙනකන් ආයෙත් practice කරලා ගෙදර ගිහින් නාලත් කිසි ලෙඩක් නෑ කියහන්කෝ. මම උසත් ගියා
    එහෙම වෙන්නේ මහන්සි වෙන කොට දාඩිය හරහා බඩේ ඇසිඩ් පිට වෙන හිංදා. එතකොට ස්නායු උද්දීපන්නය වෙනවා. එහෙමත් කරල ගොඩ යන්න පුළුවනි. නැත්තම් බඩේ ඇසිඩ් වැඩි නොවෙන්න කෑම කාල බඩේ උෂ්ණෙ නග්ගගන්නෙ නැතුව ශේප් එකේ ඉඳල හොඳ කරගන්නත් පුළුවනි.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,502
    113
    මචං කෑගල්ලේ තියනවා බොලගම කියලා අතුරු පාරක්. A pare innawa Dr. Bandara kiyala ekkenek.Kegalle Teaching Hospital Work kranne. Ape Aunt kenekge Daughter gaththa e doctor gen beheth. Dan hondatama hondai. (Sethmini Medical Center). Eee Nangita Kandy, Kurunegala, Kegalle chest Clinic 1ken hitan beheth gaththa adu une naha. Bandara Dr.gen gaththa. 3parak Dan hondatama hondai. Kgalle Hospital 1keen number 1ka ganna puluwan wei
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,502
    113
    තව 1ක් පුතේ පොඩි 1කාට කිරිපිටි වර්ග ෙදනවද
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Puluwan tharam gedara dust free karala thiyaganna, specially parana andum, bed sheets, pillow cases wage eewa ayin karanna,
    puluwana kamak thiyanawnam wena ratakata(developed country ekakata) padinchiyata yanna, mage puthatath podi kaale oya wage thamay, hema daama saneepa wenne nethi hembrissaway, wheezing wagey thibba, api padinchiya maaru kara, den nam lamayata kisi ledak ne, maha reeth naanawa, monama awulak wath ne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුන්චිහේවා උඹේ දත් සෙට් එක ගලවයි. මගේ දත් දෙකක් විතර ගැලෙව්වා.

    දොස්තර දීපාල් පෙරේරාට පෙන්නන්න
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉදිරියේ රාළ;20415523 said:
    ඔය රෑට නෑමේ අවුල එන්නෙ පස්සෙ. දැමම් නෙවෙයි. අවුල ඇවිල්ලා කියල දැනගත්තු ගමන් තමා තරු පේන්නේ.

    99.99% ma naanne unu wathura, naapu gamanma konde dryer ekak use karala hondata dry karanawanam awulak wenne ne, reeta naana eka awulak wenawanam me ratawal wala minissunta koy tharam nam leda thiyenna onida,

    lankawe minissunta thiyana aduma, hembrissawa wage leda walata main reason eka dust eka.