එහෙනන් GN125 එක ගන්න. ඕන තැනක පාට්ස් තියනව . සිම්පල් බයික් එකක්.
ඕන තැනක දාල හදාගන්නත් පුලුවන්.
Gn250 ත් හොදයි, එකෙ පොඩි කොමන් ලෙඩ 2,3ක් තියනවා. අවදානෙන් ඉන්ඩ ඕන.
GN125 එකෙ ඒ ලෙඩ නෑ. ඒ නිසා එක ගන්න. වැඩි පිකප් නැති නිසා, ගැම්මට පදින්න යැවෙන්නෙත් නෑ.
ඔයාට හරියන්නෙ GN125. පාඩුවෙ පදින්න, තෙලුත් කරනව 40-45 වගෙ.
GN250 / Volty අවාසි
Starter Clutch එක බුරුල් වෙනව ( මෙකෙදි පියාජියො තීවීල් එක වගෙ ඩක ඩක සද්දෙ එනව වම් පැත්තෙන් )
Clutch Hub එකෙ බුශ් ඉක්මනට ගෙවෙනව (මෙකෙදි පියාජියො තීවීල් එක වගෙ ඩක ඩක සද්දෙ එනව දකුනු පැත්තෙන්, at idle speed )
Oil හරියටම ඕන, හොද oil එකක් දාලා වගෙ ~2000km මාරු කරන්න ඕන, නැත්නන් engine head/ rocker arm / cam shaft සවුත්තු වෙනවා.
තෙල් කරන්නෙ උපරිම 30ක් වගේ ( තෙල් වහන්නෙ නැතුව )
torque එක වැඩි නිසා, ඩැම්පර් සවුත්තු වෙනව, ලග පදිනව නන්
හීට් වෙනව සෑහෙන්න, ශෝටක් ඇදන් ටැෆික් එකෙ වගේ යන්න බෑ, ගල රත් වෙනව