බල්ලෝ ගැන බලු කතා ටිකක්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    බල්ලෝ ගැන බලු කතා ටිකක්

    එලකිරි එකේ ගොඩක් වෙලාවට ටෙක්නිකල් කතා,පිස්සු කතා,කුණු කතා,මෝඩ කතා වගේම වල් කතා ,(ඇම්ඩගේ කතා) එහෙමත් යනවනේ.:)

    ඔන්න මම එහෙනම් පටන්ගන්නවා මුලින්ම බලු කතා ටිකක් දාන්න.මේ ත්‍රෙඩ් එක දාලා මට බලු බැනුම් එහෙමත් අහගන්න වෙයිද දන්නෑ.:shocked:

    හුරතලේට බල්ලෝ ඇතිකරන්න හුග දෙනෙක් ආසයිනේ.ගොඩක් වෙලාවට ගෙවල්වල ඇතිකරන්නේ බර ගානක් දීලා සල්ලිවලට අරන් ආපු බල්ලෝ.උන්ට තියෙන්නෙත් ඉන්ගිරීසි නම්.ඒත් ඔය පාරේ තොටේ යන උන්ට තියෙන්නේ නම් සින්හල නම්.උන් ඔය තියෙන දෙයක් කාලා,කොහේ හරි අගුපිලක නිදාගන්න ජාතියේ උන්.

    සමහර විට අපිට කේන්ති ගිය වෙලාවට මිනිස්සුන්ටත් බල්ලොන්ගේ නම් වලින් කතා කරන වෙලාවල් තියෙනවා.වල් බල්ලා.වේ* බල්ලා,පර බල්ලා,අවලම් බල්ලා,....බ්ලා......බ්ලා.....බ්ලා:growl:

    බලු කතා ඇති.දැන් දාන්නම් බල්ලෝ ගැන පොඩි විස්තරයක්:nerd:

    වර්තමානය වෙද්දි ශ්‍රී ලන්කාව තුලා ජීවත් වන බලුගහනය ලක්ශ 25 කට ආසන්නයි.(~මිලියන 2.5)

    ඒ කියන්නේ අපේ රටේ සෑම මිනිස්සු 8 දෙනෙකුට 1 බල්ලෙක් ඉන්නවා.:shocked:

    දිනකට අපේ රටේ මිනිසුන් 2000ක් -2500 ක් අතර ගනනක් බල්ලන්ගේ සපා කෑම් වලට ලක්වෙනවා.

    බල්ලන් වෙනුවෙන් දෙන එක එන්නතක් වෙනුවෙන් රජය ‍රැපියල් 3000 කට ආසන්න මුදලක් වැයකරනවා කිව්වොත් සමහරවිට ඔබ පුදුම වෙයි.ඒ කියන්නේ වාර්ශිකව ජලභීතිකා එන්නත් සදහා වසරකට ‍රැපියල් කෝටි ගනනක් රජයට වැයකරන්න සිදුවී තිබෙනවා.

    ඉස්සර තිබුණා වෙඩිතබා බල්ලන් මරා දැමීමේ සීන් එකක්.:(නමුත් 2005 සිට බල්ලන් මරා දැමීම තහනම් කර තිබෙනවා.

    නමුත් තවමත් සමහර ප්‍රදේශවල බලු වැන් ඇවිල්ලා බල්ලන්ව අරන් යන අවස්ථා අහන්න දකින්න තියෙනවා.

    බලුගහනය අඩු කිරීමේ එක පියවරක් ලෙස බල්ලන් වද කිරීමේ සැත්කම් රජය කරනවා.ඊටත් වාර්ශිකව විශාල මුදලක් රජය වැයකරනවා.

    කොහොම උනත් සමහර පවුල් වල බල්ලෙක් කියන්නේ පවුලේ සාමාජිකයෙක් තරමට පවුලට සමීප කෙනෙක්.බල්ලෝ ගැන චිත්‍රපටි එහෙමත් හැදිලා තියෙනවනේ.හැබැයි සමහර බල්ලෝ ලග මිනිස්සු ලග නැති හොද ගතිගුණ එහෙමත් තියෙනවා.එහෙම වෙලාවට බල්ලෝ කියලා මිනිස්සුන්ට කතාකරන්න කලින් දෙපාරක් හොදට හිතලා ඉන්න ඕනේ.

    හොදයි වගේනම් බලු වැඩ නොකර රෙප් + දෙන්න හොදේ. :P

    හැමෝටම සුභ දවසක් වේවා !
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සමහර රටවල බලු මස් කන්නත් තියෙනවලු .......:eek: >>>>නෙට් සර්ච් කරොත් මේ වගේ ගොඩක් හොයාගන්න පුළුවන් >>>>>>>>>>In many Asian countries (including Vietnam, China, Korea) people routinely eat dog meat just like we eat beef, pork or chicken. In those asian cultures, dog meat is a delicacy:no::no:

    picture removed...
     
    Last edited:
    • Like
    Reactions: Dubmood

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    සමහර රටවල බලු මස් කන්නත් තියෙනවලු .......:eek: >>>>නෙට් සර්ච් කරොත් මේ වගේ ගොඩක් හොයාගන්න පුළුවන් >>>>>>>>>>In many Asian countries (including Vietnam, China, Korea) people routinely eat dog meat just like we eat beef, pork or chicken. In those asian cultures, dog meat is a delicacy:no::no:

    ඕක මකපන් මචන්. :no:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    සමහර රටවල බලු මස් කන්නත් තියෙනවලු .......:eek: >>>>නෙට් සර්ච් කරොත් මේ වගේ ගොඩක් හොයාගන්න පුළුවන් >>>>>>>>>>In many Asian countries (including Vietnam, China, Korea) people routinely eat dog meat just like we eat beef, pork or chicken. In those asian cultures, dog meat is a delicacy:no::no:

    අපෝ ඔව් බන්.ඔය කොරියන්කාරයෝ වගයක් ඇවිල්ලා මොකක්ද ප්‍රොජෙක්ට් එකකට අපේ කොල්ලෙක්ගේ ගමට.උන් ආවත් හරි ගමේ බල්ලෝ ටික ඉවරයි ලු.
     
    Last edited:
    • Like
    Reactions: Dubmood